Realtime website tracking softwareRealtime website tracking software

Friday, January 20, 2017

වැඩතහනම් වෙච්ච උන් පෙන්ෂනුත් ගන්න මාර රටක් ඕයි මේක!!!



අමමප මේක මාර රටකි. මේකට අම්මට සිරි ලංකාවයයි කියන්නෙත් නිකමට නෙවේය. මට ඉස්සර සමහර තැන් තේරුම් ගැනීමේ වාක්‍යමය ගැටලු අම්බානකට තිබිණි. මම ඉතිං ඒවා තේරුං ගත්තේ ගෙස් කිරීමෙනි. ඇත්තටම එහෙම හිතපු එවුවායෙන් සමහර එවුවා හරි ගියේය. සමහර එවුවා වැරදුණේය. ඉස්සර පත්තරේ ගිය ඇඩ් බලලා සනීපාරක්ෂක තුවා කියන්නේ සනීපෙට මූණ පිහිදාන ජාතියක් වෙන්ට ඇතැයි සිතීමි. නමුත් ඒකෙ සනීපය දැනුණේ පස්සෙං පහුය. මට අනෙක් ගැටලුව ආවේ මංගල යෝජනා කියෝන කොටය. පහේ පන්තියේ ඉදන්ම මම එවුවා කියවීමෙන් මාර මෙව්වා එකක් ලැබීමි. ටොයෝටා කොරොල්ලා එක ගැන වාක්‍ය දහයක් කියා අවසානයේ මනමාලයා ගැන එක වාක්‍යයකින් කියන මංගල යෝජනා මට කටපාඩමේ තිබිණ. මම ඉස්සර හිතුවේ ඒ වාහන සේල් කරන එක ක්‍රමයක් කියාය. ඒත් වාහනය විස්තර කර ඉන් පස්සේ වරදට සමාව දෙනවාය කියා සඳහන් කළාම මම හිතුවේ ඒ වාහනේ ගත්තට පසු සිදුවන එන්ජින් දෝස ආදී සේරම අපිම දරා ගන්න ඕන කියාය.ඒ පොඩි කාලේය. ලොකු වුණාට පස්සේ මට ඔවුවා ඔය තරමටවත් තේරුං ගන්න බැරි වී අඤ්ඤකොරොස්ම වී ගියේය.

කොහොම වුණත් ඔය මොක ගැන මක්කා හිතුවත් රජයේ නීති රෙගුලාසි ගැන උසාවිය වගේ එවුවා ගැන හීනියට බයක් නං තිබුණේය. ශිෂ්‍යත්වෙ පන්ති තීන දවස්වල හවස්වෙලා එන කොට උසාවියේ පේර ගස් වලින් ගෙඩියක් දෙකක් හොරාට කඩාපු එක ඇත්තය.කඩේකින් අරං කනවාට වඩා එහෙම කන එකේ ඇත්තටම රහක් තීනවාය. ඒත් අපි එවුවා කෑවෙ ගෙදර ගෙනත් හෝදලා කරලාය. කෝක වෙතත් ඒ වගේ දවසට පස්සෙන් පහුවෙනිදා අපි ආයෙ ඒ පැත්තෙ යන්නෙවත් නැත. ඒ තරමට බයය. බය වුණත් පුරුද්ද නවත්තාගන්නටත් බැරිය. අපි උසාවියේ පාර අයිනේ ගස් වලින් ගෙඩි කඩද්දී උසාවියේ ලොකු තැන තමන්ගෙ කාමරය ඇතුළේම අනුන්ගේ ගස්වලින් ගෙඩි කඩාගෙන නොසෝදාම කන පුවතක් පහු ගිය කාලයේ ඇහෙන්නට වුණේය. කොයි තරම් බඩජාරී වුණත් ඔය වගේ කෑම නම් අපි කන්න බයය. ඉතින් මේ උත්තමයා මාර පොරක්ය කියා හිතපු අපි ඒ උත්තමයා ගැන හෙවුවේ කුතුහලය නිසාමය. මක්නිසාද යත් මේ කාපු කෑමේ කැත දැනුණු හන්දාම ටිකක් හොම්බ පොවා බැලුවේ අමුතු සතෙක් හන්දාමය. හත්වලාමයකි. අමුත්ත ඇත්තේ සතාගේ පමණක් නොවේ. මේක මේ සමස්ත ක්‍රමය පිළිබද අවුලකි.

සාමාන්‍යයෙන් මගේ ඥාන පද්ධතියේ සංජානනේට අනුව වැඩ තහනම් වුණ එකෙක්ට ආයේ රස්සාවක් හොයා ගැනීම සිහිනයකි. සාමාන්‍යයෙන් සිකුරිටි රස්සාවක් වගේ පොඩි පහේ එකක්වත් මා දන්නා තරමින් දෙන්නේ නැත. නමුත් මේ බුවා රක්ෂණ සංස්ථාවේ මුදල් වංචාවක් කොට රටේ නීති පද්ධතියේ ඉහළම තනතුරක් වූ විනිසුරු පදවියක් ලැබුවේය. එකපාරටම දිව්‍ය ලෝකෙ ගියාම වෙන්නේ මොනව කන්නද මොනව නොකන්නද කියා හිතා ගන්නට බැරිවීමය. මෙයාට වුණේත් ඒකය .අන්තිමේ මුන්නාන්සේ අතින් ස්ත්‍රී දූෂණ දෙකක් සිද්ධ වුණේය. මෙයා බීල වැඩිවෙලා වමනෙ දාද්දි පිට අතගාන්න අර දියවන්නාවේ ජොකා පිටින් තැටි ගැහූ විනිසුරු අයියා හැම කලකදීම තනියට හිටියේය. ඉතින් ඒ සරණින් බඩුකාරනාන්සේ
 
පුරුදු සෙල්ලම එහෙමම් කරගෙන යද්දි සියලු දෙනා නිදා සිටියෝය. නමුත් රටේ වාසනාවට කොන්ද පණ ඇති පත්තර කාරයෙක් හිටියේය. ඒකා පිස්සු බල්ලා සේ මේකා පසුපස පැන්නුවේය. අවසානයේ බඩුකාර තැන ස්ත්‍රී දූෂණ චෝදනා දෙකට සහ වැඩ තහනම් වීම සගවා විනිසුරු පදවියට පත්වීම යන චෝදනා තුනටම වැරදි කරු විය. ඉන් ඔහුට ලැබුනේද මාර ඉන්ටරෙස්ටින් දඩුවම්ය.

01. පඩියෙන් අර්ධයක් ලැබෙන සේ වැඩ තහනම් කිරීම.
02. සේවා කාලයෙන් පසු සාමාන්‍ය සේවකයෙක් සේ විශ්‍රාම ගැන්වීම.

දැන් මේ මුළු සිද්ධියේම අතිශය මොංගල් ස්වභාවයක් ඔබට පේනවා ඇතිය. වසර පහළවකට පමණ හිරේ ඉන්න ඕන එකා වැඩත් තහනම් වී ඒ මදිවට සනීපෙට පෙන්සනුත් ගැනීම ඇත්තටම මාරය. ඒක මාස්ශුද්ධි දවසේ නාන්නේ නැති ගෑණියක් එක්ක ඉන්න එක වගේම අවුල්ය. අපට නම් හිතන්නවත් බැරි තරම්ය. ඒත් ඉතින් මෙව්වා මේ සිරි ලංකාවේ ඇත්තටම සිද්ධ වුණේය.හැබැයි ඉතින් කොට්ටෝරුවාට කෙළ වෙන්නේ කෙහෙල් ගහට කොටන්නට ගිය දාටය. කෙහෙල් ගහ තෙතමනේට කූල් පිට හැදෙන ගහක් වුණාට කොට්ටෝරුවන්ගේ හොටවල් ඒකෙ පැටලෙන්නේ හිතාගන්න බැරි විදිහටය. ස්වභාදහමේ නිර්මාණ අසිරිමත්ය කියන්නේ ඕන්න ඕකටය.

ඉතිං අවසානේ මේ බඩුකාර උන්නාන්සේගේ වැඩ කිඩ ටික රිදී තිරයටත් නැගුණේය. එය සිංහල සිනමාවේ දිශානතිය ද වෙනස් කළ චිත්‍රපටයක් වූ අතර දිට්ඨධම්මවේදනීය කර්මය පළිසන් දෙමින් තමාම වැලලූ කුණ අනුන් ලවා හාරවන්නට බල කරන්නට අර පොරට සිතෙන්නේය. ඉතින් එයා තමාගේ මෙව්ව එකට මෙව්ව වෙන බව පවසා වාරණ නියෝගයක් ඉල්ලා චිත්‍රපටය සති දෙකකට වාරණය කරනවාය. අවසානයේ මේ සෙල්ලම් වැරදී චිත්‍රපටය ප්‍රදර්ශනය වෙනවා විතරක් නොව ඊයේ පැවති (19) නඩු වාරයේ තත්වය අනුව සියළුම වාරණ නියෝගද අවසන් වී අදාල නිර්මාන කරුවන්ට සිදුකළ අපහාසය වෙනුවෙන් උන්දෑ යළි නඩුවක සිරගතව ඇත්තේය.දැන් බඩුකාරයාට එරෙහිව සිනමාකරුවා සහ වාරණ නියෝගයට මුහුණ පෑ සෙසු හත්දෙනාගෙන් නඩුවක් වැටී ඇත. ඒ ව්‍යාජ නඩුවක් මගින් ඇති කළ අලාභය සහ මානසික පීඩාව අරභයාය. මන්ද බඩුකාර උන්නාන්සේගේ නීතිඥවරයගේ තර්කය වූයේ ඔහු විනය පරීක්ෂණයෙන් නිර්දෝෂී වූවෙකු බවත්, මෙය කිසියම් රූපවාහිනී වැඩසටහනක් බලා සකස් කළ අපහාසාත්මක සිනමාපටයක් බවතය. නමුත් ඔහු විනය පරීක්ෂණයෙන් නිර්දෝෂී බවට කිසිදු ලියවිල්ලක් ඉදිරිපත් නොවූ අතර කටවචනයක් මත වාරණය සිදුවූයේ සිනමාපටය ප්‍රදර්ශනයට සියළු කටයුතු සූදානම් කර මුහුරත් උළෙලද පැවැත්වූ දිනට පසු දිනය.(එනම් 2016 ඔක්තෝබර් 06 වෙනිදාය). එපමණක් නොව උසාවියේ නඩුකාර උන්නාන්සේ තැබූ වගන්තිවලට උඩින් පහලින් ව්‍යාජව එවුවා මෙවුවා ඔබන්නටද බඩුකාර උන්නාන්සේ සමත් වෙනවාය.කෙසේ වෙතත් නාකි අශ්පයාට දුවන්න බැරි බවට මේ වන ඔප්පු වෙමින් පවතිද්දී ඔහුට නඩුව සංශෝධනය කරගන්නට ආසාවක් ඇති වී ඇත. කෝමත් වැරදි පේන කොට කොයි කොයි එවුවාත් සංශෝදනය වෙන එක නං හොදය.අපටත් ඕනෑ මේ කේස් එකේ මුල පටන්ම පැවත ආවැරදි ටික සංශෝදනය කරන්නටය. කෙසේ වෙතත් බඩුතුමාගේ නඩුවට උත්තරයක් දී ඉන් පසු චූදිතයන් විසින් බඩුතුමාට එරෙහිව හරස් නඩුවක් ගොණුකර තිබේ.ඒ ව්‍යාජ නඩුවක් මගින් තිරගතවීමට තිබූ සිනමාපටයක් වාරණය කිරීමෙන් තමන්ට සිදු කළ ආර්ථික සහ මානසිකපාඩු සලකා බැලීමෙනි. . ඒ අනුව ඔහු ඇමිටි ලයිට් සිනමාශාලාවට පමණක් රු.මි. 1001ක වන්දියක් ගෙවිය යුතුයි.ඒ වගේම චූදිතයන්ට 1 ට 500 ගුණයක නඩු ගාස්තු ගෙවීමටත් ඔහුට සිදු වෙනවා ඇති..................................වත් නැති අතිශය දුර්වල නඩුවක් වීමත්, විනිසුරුවරයන්ගේ වැරදි සදහා වෙනම අභියාචනාධිකරණයක් ලංකාවේ පැවතුනාද කියන එක ගැනත් ඉදිරියේදී හිතල බලන්න වෙනවා.කෙසේ වෙතත් මේ නඩුවේ සැබෑ අරමුණ වන්නේ මහ නඩුවේ පටන්ම තිබූ මොංගල් ස්වභාවය කාට කාටත් අවබෝධ කරවීමයි.

ඉස්සර කාලේ මට වාක්‍යමය ගැටලු ඇති වූ තැන් කිහිපයක් මුලින් කීමි. එයින් තව එකක් කියා අවසන් කරමි. ඉස්සර ඉල්ලං කනවාය කියන එක ගැන මං හිතුවේ දන්සල් දවසට පෝලිම්වල ගොස් කන එකට කියාය. ඒත් ඒකත් මහ අසමජ්ජාති මෙව්වා එකක් බව ඔප්පු කලේ බඩුකාර උත්තමයාමය. කෝම වුණත් මේකෙන් පස්සෙන් පහුං අනුන්ගේ ගහක ගෙඩියක් බිම වැටිලා දැක්කත් හෝදලාවත් නොකන්න ඕනැය කියන එක කවුරු කවුරුත් හිතට ගන්ට ඕනැමය.මොකද ඔය ගෙඩි කියන එවුවා කෑවොත් කෑවාමය. ආයේ දිරවීමක් අවසානයක් ඇත්තේම නැත.ඒත් ඉතිං ගෙදරින් කාලා බැරිම නම් කීයක් හරි වියදම් කර වේලක් දෙකක් කඩෙන් කෑවත් කමක් නැත. ඒත් තියෙන කුම්මැහි කමට දහපාලොස් දාහක් වියදම් කරන්න වෙන වැඩේ රුපියල් දෙසීයෙන් කරන්නට ගිය කළ අන්තිමේ සිද්ධ වුණේ ඔන්න ඕකය. අපේ අත්තම්මලා හැමදාම කියන කතාවක් තීනවාය. ඒ කන්න බොන්න නම් කවදාවත් ලෝබ වෙන්න එපා කියන එකය.

- උපේක්ෂා නුවන්ශ්‍රීනි -

10 comments:

  1. ඒකනෙ ඒකනෙ අක්කෙ මේක අම්මටසිරි ලංකාව කියන්නෙ.

    මාත් දන්න වැඩ තහනම් වෙච්ච ගොබිලෙක් ඉන්නව ඒ කාලෙ මග නැගුමෙන් හොරා කාල අහුවෙලා. මෙන්න ඌ දැන් ඒ රජයේම වැඩ. අර පර්සනල් ෆයිල් එකක් කියල තියෙන මලදානෙ කොහේ තිබුනද දන්නෑ.

    හෙහ් හෙහ් මදෑ බඩු මාමට වෙච්ච දේ.

    ReplyDelete
    Replies
    1. යකු පුදුම වැඩක්නෙ..අපෙත් වැඩ තහනම් කොරන්න කියන්නෝන ..පෙන්සොන් ගන්න හැකි වෙන්න

      Delete
  2. බඩුවක් ගසන්නට ගොඩ දාගත් නඩුවක්...

    ReplyDelete
    Replies
    1. ලාබෙට කොරගන්න ගිහින් ඒ අහිංසක ඝෑනි දූෂණය කරලා හතර පාරක් බස් ගාස්තුව විතරක් දෙනවා මගින් බස්සලා.. යකු ඔදච්චර අමාරුවක් ථීනම් වියදම් කරල සුදුසු තැනකට පලකෝ.. දැ් කාහම් කො පරිප්පුව

      Delete
  3. බඩුකාර උන්නැහේගේ ඉල්ලන් කෑම කියලා ෆිල්ම් එකක් කරානම් මරේ මරු.

    ReplyDelete
    Replies
    1. කොයි යමම් කලකදී වුනත් පාපයක් කළොත් පල දෙනවා..ඒකනේ ඉල්ලන්ම කාල ථීන්නේ

      Delete
  4. මම මේ පලවෙනි චේදය දෙපාරක් විතර කියවල බලල බ්ලොග් ඇඩ්‍රස් එකත් ආයෙ බැලුව මේක වැරදිල මාතලන් ලොක්ක ලියපු පොස්ට් එකක්ද කියල.

    හප්පේ කනේ වැලි ගෑවෙන්නම ලියල.

    ඇත්තටම මේ බඩුනාන්සෙට මේ කියන විදිහටම බඩු බනිස් වෙළද? අම්මෝ එහෙනම් අප්‍රමාණ සන්තෝසයි.

    ඇති යන්තම් බඩුනාන්සේට ඔහොම උනා. මම හිතුවෙ ඇමෙරිකාවේ හරි එංගලන්තෙ හරි තානාපතිකමක් හම්බවෙයි කියල 🤡

    තව එකෙක් ඉන්නව හිටපු "අග්‍රශුක්‍රානුකාර" ඇන් සිල්වා.

    මුන් දෙන්නම තපස්සු බල්-ලුක ල තමයි. ජාතියේ විජාතික පිනට පහලවූ..

    සා....දූ...!!

    ReplyDelete
    Replies
    1. ඔය ජොකා ද සිල්ව තමයි මුන්දැ බේර ග්තතෙ .ඕක යට ගහන්න ට්‍රයි කලෙත් ජොකා ද සිල්ව තමයි මොකද ෆිල්ම් එකෙන් වැඩිම හානිය වෙන්නෙ එයාට .. කළ කළ දේ පල පල දේ කියනවනේ

      Delete