ස්වර්ණා මල්ලවාරච්චි මගේ හදවතට සමීප වන්නේ සාගර ජලය මදි හැඩුවා ඔබ
හන්දා නමැති සිනමාපටයෙනි. එය නරඹන විට මා සිටියේ ඉතා කුඩා අවදියේය..
සිනමා පටයේ බොහෝ තැන් හරි හැටියටනොතේරුණද මගේ පැහිච්ච මොළයට හීන් කෙලී ගේ
වේදනාව හොදටම තේරුණේය. ඇගේ සුන්දර රූපය මම මෙලොව වඩාත් ප්‍රිය කරන කාන්තා
රූපයයි. මුඛරි කට මෛන්ම ඒ අපූර්ව රංගන ප්‍රතිභාවද සැබැවින්ම මා මවිතයට පත්
කළේය.මගේ අම්මාද තුරුණු වියේදී රූපයෙන් අතිශය සුන්දර වූත් චතුර කටක්
තිබූ ද කාන්තාවකි. ඇයද ගිරවියක මෙන් කියළුීමේ සමර්ථ කම් තිබූ නිසා
සිනමාපටය නැරඹීමෙන් ඉනික්බිති මම ඇයට හීන් කෙළී යයි නම තැබුවෙමි. ඒ උක්ත
චරිතය විසින් මගේ හදවත මුළුමණින්ම ආක්‍රමණය කළ නිසාය.
සැබැවින්ම
සිංහල සිනමා පට නැරඹීම කෙරෙහි මා තුළ ඇල්මක් ඇති කළේ ස්වර්ණායයි මට
සිතේ.ඉන් පසු මම ඇගේ බොහෝ සිනමාපට නැරඹීමි.හංසවිලක්, දඩයම, බවදුක, බවකර්ම,
සත්සමුදුර , අයෝමා,සුද්දිලාගේ කතාව ආදී නිර්මාණ සමුච්චය අතරින් මම
අයෝමාට වඩාත් ප්‍රිය කළෙමි. ඇය සෑම විටම පණ දුන්නේ පීඩිත පංතියේ
කාන්තාවන්ගේ චරිතවලටය. මුදල් පසුපස හඹා නොගිය ඇය වෙළද වස්තුවක් සේ
වෙළෙන්දන්ට නොපෙනීම මට නම් පෙනෙන්නේ ජාතියේ භාග්‍යයක් පරිදිය. විකිණීමට
පහසු දෑ වාණිජ භාණ්ඩ මිස කලාකෘති නොවේ. එසේ නම් ස්වර්ණා තවමත් කලාකෘතියක
වටිනාකම තම පෞර්ෂය තුළ රඳවාගැනීමට තරම් සමත්ව ඇත්තීය.
ලංකාවේ කවර
කලකවත් මනුෂ්‍ය වටිනාකම් වලට නිසි අගැයීම් ලැබුණේ නැත.කලාවට ව්‍යාපාරිකයා
ආගමනය වන්නේ කවර කාරණාවක් නිසාදැයි යන්න මාර්ටින් වික්‍රමසිංහ යුගාන්තයේ
සවිමන් කබලාන ගේ චරිතය හරහා මැනවින් නිරූපණය කළේය. කබලාන ශූර වෙළෙන්දෙකි.
උක්දඩු මෙන් මිනිසුන්ගේ ශ්‍රමය සූරා පෙරා එහි අග්‍ර ඵලය ගැනීමට ඔහු දත්තේය.
ඔහු කිසිසේත්ම කලාකරුවෙක් හෝ කලාකෘතියක ඇති ඥානය උකහා ගත හැකි ජීවන
පරිඥානයක් හෝ ශීක්ෂණයක් ඇත්තෙක් නොවේ. නමුත් පොදු මනුෂ්‍යයා කියවීමට ඇති
ශූර ව්‍යාපාරික ඥානය නිසාම චිත්‍ර ප්‍රදර්ශන, ජායා රූප ප්‍රදර්ශන ආදියට යන
කබලාන නිර්මාණ ශිල්පියාගේ සිත කියවීමේ සාමාර්ත්‍යයෙන් කලාකෘතිය අරබයා
විශ්මිත උපකල්පන සමාජගත කළේය. ඉන් පසු ඉහළ සමාජය ඔහුව පිළිගනු ගනු
ලැබුවේ අතිශූර රසවන්තයකු පරිද්දෙනි.
වර්තමානයේ සිනමා නිෂ්පාදනයට එළඹෙන බොහෝ ව්‍යාපාරිකයෝ සවිමන් කබලානලාය. මේ ඇතැම් අයගේ ව්‍යාපාර සම්මා කම්මන්ත ද නොවෙති. මුදලේ කළු පැහැය මකා ගන්නට ඔවුහු කලාව පොරෝණයක්
කොට භාවිත කරති. ව්‍යාපාරික ඉලක්ක මිස කලාවෙහි අගය නොදත් ප්‍රජාවකට
ස්වර්ණා වැනි රංගන ශිල්පියන්ගේ වටිනාකමක් නොදැනේ. ස්වර්ණා නිරූපණය කළ පීඩිත
සහ පුපුරා යන කාන්තාව යනු ඔවුන්ගේ ඇතුළාන්තය සහ ජීවිතයේ ආරම්භක අවධීන්හි
වැරදුණු තැන් සිහිපත් කරවන මාරක ප්‍රහාර වැන්න..ඉතින් ඔවුන් ඇයට ඉස්මතු
වීමට ඉඩක් දෙතැයි සිතන්නට නොහැක.
ස්වකීය මෑණියන්ගේ මෙහෙවරට තැකීමක්
නැති සමාජයක් ගැන නරේන්ද්‍රාගේ සටහනක් දුටු සැණින් මට මතක් වූයේ අයෝමා
චිත්‍රපටයේ අවසානයයි.සිනමාපටය ගලා යන්නේ අයෝමා විසින් පුවත්පත් කලාවේදියකුට
නිර්මාණ ආරම්මණයක් උදෙසා සිදු කෙරෙන ජීවිත පාපොච්චාරණයක් ලෙසිනි. ඇයගේ
කතාවෙන් නවකතාවක් පබදන පුවත්පත් කලාවේදියා තමන්ගේ නිර්මාණය අවසන් කරන්නේ
අයෝමා චරිතය මිය යෑමට සලස්වමිනි. ඒ පුවත ඇසූ ජීවමාන අයෝමා අසන්නේ
මෙබන්දකි..ඇයි මහත්තයො මාව මැරුවෙ? ඒ තනි වාක්‍ය තුළ සිනමාපටය විසින් සමස්ත
ධාවන කාලය තුළම නොකී සුවිශාල කතාවක් තිබේ.
ඉතිහාසය මෙන්ම සියළු
නිර්මාණ ද, කතන්දර ද කාගේ හෝ මානසික සමාජීය සහ සංස්කෘතික අවශ්‍යතාවක් මත
සංස්කරණය වූත් සත්‍යට පිටු පාන ලද්දාවූත් නිර්මාණාත්මක ප්‍රකාශන පමණක්වේ .
නමුත් සත්‍යය යනු කතන්දරයෙන් ,ගීතයෙන්, රාමුවෙන් සහ තිරයෙන් පිටත සැබෑ
ජීවිතයයි..ස්වර්ණා නම් රංගවේදිනියට වඩා වර්තමානයේ දකින ස්වර්ණා නම් ඒ
සුන්දර ගැහැණියට මම වඩාත් පෙම් කරමි.පළමුවර ඇය මට මුණ ගැසුණේ පසුගිය
ජනාධිපතිවරණයේ මැතිවරණ රාජකාරී අතරතුරදීය. බොරැල්ල සුසමයවර්ධන විද්‍යාලයේ
පැවති ජන්දමධ්‍යස්ථානයට පැමිණි ඇය ඒ කුඩා මොහොත තුළ අප සියලු දෙනාගේ හදවත්
තුළ පුදුමාකාර සුන්දරත්වයක් ඉතිරි කළාය. ඇගේ නිහතමානීත්වයෙන් මම අතිශය
පුදුම වීමි.
සුන්දර දිගු වරලස මේ වන විට අහිමි වී තිබුණද හීන් කෙළීගේ
නිවී ගිය දෑසත් දැල්වෙන දෙතොලත් තවමත් ඈ ළග ඉතිරි වී තිබිණ .මම ඈ දෙස බලා
සිටියේ මහත් ආදරයෙනි. ඇය පදික වේදිකාවේ රුපියල් දහයට විකිණෙන මොනාලිසා
කෙනෙකු බවට බවට කිසි දිනක පත් නොවූවාය. සරදාකාශයේ තාරකාවක් නොවූ ඇය සැමදා
පයට පෑගෙන ගැහැනිය වෙනුවෙන් සිංහල සිනමාවේ නොමැකෙන සළකුණක් තැබුවාය.
සත්තකින්ම..ඇගේ නම ස්වර්ණාය..!!!!
-උපේක්ෂා නුවන්ශ්‍රීනි -
හ්ම්ම් හුගක් ව්‍යාපාරිකයෝ සවිමන් කබලානලා තමයි. ස්වර්ණ කියන්නෙ රූපෙ අතින් මගේ හිත දැඩිව අල්ලගත්ත කෙනෙකු නොවුණත් රංගන පෞර්ෂ්‍යය අතින් ලොව ප්‍රකට ඕනෙම නිළියකට අභියෝග කළ හැකි තැනක කෙනෙක්. ඇය වගේම චාන්දනී සෙනෙවිරත්න ලාංකීය දෘෂ්‍ය කලාව තුළ විශාල හැකියාවක් පෙන්නුම් කරන්නියක්
ReplyDelete//ලංකාවේ කවර කලකවත් මනුෂ්‍ය වටිනාකම් වලට නිසි අගැයීම් ලැබුණේ නැත//
ReplyDeleteඑකඟයි.
ස්වර්ණා මල්ලවාරච්චියගේ දක්ෂතාවයන්ගෙන් අපේ සිනමාවට මීට වඩා එළියක් ගන්න තිබුනාදෝ කියලත් හිතෙනවා වෙලාවකට.
ජයවේවා!!!
ස්වර්ණා පිලිබඳ මට ඇත්තේ ඉමහත් ගෞරවයකි. ඇයට ලැබුනු චරිත හෝ ඇය තෝරාගත් චරිත තුල ස්වර්ණා තම මුද්‍රාව තබා පසෙකටවී තවත් අධ්‍යයනයක යෙදුනා යැයි මට සිතේ. ශබානා අස්මි මා දකිනා මෙවන් රංගන ශිලිපිනියකි.
ReplyDeleteඋපේක්ෂා...ඔයා මේ ස්වර්ණාව දැකලා තියෙනවද.
මම මේක ඒ කාලේ බැලුවා. ස්වර්ණාට හිතෙන් ෆුල් ලව් විතරක් නෙමේ ලොල්. මේ ෆිල්ම් එක යුටියුබ් එකේ තියෙනවා,
සවිමන් වගේ අය කලාවට ආවා නම් කලාව මීට වඩා ඉදිරියට යාවි.
ReplyDeleteසවිමන් ගැන වික්‍රමසිංහ කියනවා තැනක , "කබලාන යනු තල්මසුන් ඇමට ගෙන තිමිංගලයන් බාන්නෙකි, නමුත් හාල්මැස්සාද අත නාරින්නෙකි"... ඔය මට මතක විදිහ, ඔයිට වෙනස් ඇති සමහර විට. අපේ කලාවට අත දැම්මෙ සවිමන් ලා නෙවෙයි වත්තුහාමි මුදලාලිගේ ලියන මහත්තයා වගේ පොරවල්.. එතනයි අවුල උනේ
ස්වර්ණා තමයි භාවාත්මක සිනමාවේ ලාංකීය ලකුණ
Deleteමං ස්වර්ණා ගැන දන්නේ නෑ..ඒත් ලෝකේ හොද නරක නිර්මාණ කරන්නට උර දෙන්නේත් ඔය කියන ධනපති පංතියම තමයි.. උදාහරණ විදියට ලංකාවේ පීඩිත පංතිය ගැන නිරූපනය කරන සම්බාව්‍ය නිර්මාන රස විදින්නේ කවුද? ධනපති පංතියේ ඉහලින ්සිටින ඉතා කුඩා පිරිසක් තමයි සම්භාව්‍ය කලාවේ රසය අදුරන්නේ.. ඉතිරි අයට තමුන්ගේ ජීවිතේ නැවත රූප පෙට්ටියෙන් දකින්නට අවස්ස නෑ..
ReplyDeleteසන්නස්ගල වගේ චරිතයක් ගතහොත් ඔහුගේ ඉපයීම සාධාරනද? නිදහස් අධ්‍යාපනය තියෙද්දී ඔහු ටියුෂන් වලින් සල්ලි හම්බකරගන්නවා..ඒවයින් නිර්මාන කරනවා ජනප්‍රිය වෙනවා..ලෝකේ හොද සල්ලි නරක සල්ලි කිියලදෙකක් නෑ.. තියෙන්නේ සල්ලි විතරයි.. ඇතැම් වෙලාවට ඒ ධනපති සල්ලි දුප්පතාටත් පිහිට වෙනවා..
සිනමා ඉතිහාසයෙ තවත් පැතිකඩක්..
ReplyDelete++++++++++
ReplyDelete