ඊයේ මොහොමඩ් ෆර්ෂාන් නමින් සමාජ සේවකයකු ලෙස පෙනී සිටිමින් ජනතාව මුලා
කරන වංචනිකයකු, ජංගම දුරකථනයක් ලබා ගැනීමක් සම්බන්ධව ප්‍රශ්න කරද්දී, ඔහු
මගෙන් මෙසේ ඇසුවේය.
ඒක තෑග්ගක්.. ඇයි? ඔයාට තෑගි ලැබිලා නැද්ද?
ෆර්ෂාන්ගේ ක්‍රියාව වංචාවකි. එයට නිසි පිළිතුරු ලබා දී රාත්‍රියෙහි ඇදෙහි
වැතිරී දෙනෙත පියා ගත් මම, මා විසින් ජීවිතයෙහි ලද ත්‍යාගන් පිළිබඳව කෙමෙන්
සිහිපත් කළෙමි්. කුඩා විය වැඩුණු විය ආදී හැම අවදියම කෙමෙන් නිරාවරණය වන
විට ඒ තිළිණ ලද සෑම මොහොතකම ඉසුයුම් සිනහවක් හදවතෙහි නැගෙන්නට විය .එය
අතිශය සාමකාමී සහ නිදහස් හැගීමකි. නමුත් ඒ සියලු සමරු සටහන් එකින් එක
මනසින් කියවා බිමින් තැබූ විට හදවතෙහි වූයේ පරිපූර්ණ හිස් බවකි. හරියටම
ක්‍රමාණුකූලව නොඇසි රෑ අල්මාරියක් මුළුමණින්ම හිස් කළාක් බදු හැගීමකි. ඉන්
පසු මම මට වඩාත් අනුස්මරණීය ත්‍යාග මොනවාදැයි හදවතින් ප්‍රශ්න කළෙමි.
කුඩා කාලයේ දී බටපොළ නගරයෙ තිබූ මහපොළ සැණකෙලියක් බලන්නට තාත්තා මා කැටුව
ගියේය. එය විසල් සැණකෙළි භූමියකි. එහි විසිතුරු බඩු භාණ්ඩ සෙල්ලම් බඩු
අනන්ත තිබුණේය. මම එවිට කුඩා දැරියක වීමි. මගේ උසට සරිලන ටෙඩී බෙයාර්ලා ,
ඇවිදින හාවෝ ආදී මේ අනේකවිධ බඩු භාණ්ඩ පිරුණු කඩ අතර තාත්තා මා රැගෙන
ගියේය..මගේ වයසේ දැරියගේ සිත එකවර පැහැර ගන්නා තරම් ලස්සන සෙල්ලම් බඩු එම
සාප්පුවල පිරී තිබුණි.
පුතේ.. ඔයාට මොනවද ඕනේ?
ඒ සෑම තැනකම නතර
වූ තාත්තා ඇසුවේ ආදරයෙනි. මම සියල්ල නිහඩව නැරඹීමි. නමුත් හදවතට උරා
ගන්නා භාවාත්මක බවක් ඒ කිසිවක නොදුටුවෙමි. අවසානයේ වීථියෙහි කෙළවරක වූ
අදුරු කඩයක වූ වීදුරු සෝකේසයක කිළුටු සුදු පැහැ හාවෙක් දෑස් දල්වා බලා
සිටිනු දැක්කෙමි. සිරුර අවපැහැ වුවද උගේ මුහුණ පුදුමාකාර ආදරණීයෙ
මුහුණකි. සුරතල් සත්වයාට තිබුණේ කිසිකලෙක අමතක නොවන තරම් දයාබර දෑසකි.
සැබැවින්ම ඒ මුහුණ ජීවියෙන් ගැහෙමින් තිබුණේය. කිසිවකුගේ අවධානයට පාත්‍ර
නොවූ වූ ඒ කිලිටි පැහැ රෙදි හාවා මගේ ඉල්ලීම නිසා තාත්තා මට මිලදී ගෙන
දුන්නේය.
ගෙදර ගෙනා මම ඌව නාවා පිරිසිදු කර වේලා පොලීතීන් ආවරණයක තබා
සුරක්ෂිතව තැබුවෙමි. මම ඌට පුදුමාකාරව ආදරය කළෙමි. ජීවිතයේ අතිශය වේදනාබර
මොහොතක් පසු කළ හැම වතාවකම මම හාවා සමග මගේ දුක කීමි. ඌ සැණකෙළියේ සිටි ලාබ
සහ කිලිටි සහ දුප්පත්ම ක්‍රීඩා භාණ්ඩය වුවද එය මගේ සිත්ගත්තේය. ඒ ඇයි?
මේ දෙවන සිදු වීම වූයේද ගාල්ල නගරයේ තිබූ කානිවල් එකකදීය. සාමාන්‍යයෙන්
සැණකෙළි නැරඹීමට එතරම් ප්‍රියතාවක් නොදැක්වුවද, තාත්තා එදින මා එහි රැගෙන
ගියේය. අප පුරුදු ලෙස විසිතුරු භාණ්ඩ නැරඹීමු. එවිට මම වයස අවුරුදු දහහතරක
පමණ දැරියක්ව සිටියෙමි. රෝස කම්මුල් සහිත බෝනික්කන්, හාවන් ආදී නේක
විසිතුරු භාණ්ඩ පහු කළද පෙර මෙන්ම හදවතට නොදැනෙන ස්වභාවයක් මට දැණින. මම ඒ
කිසිවක් තාත්තාගෙන් නොඉල්ලීමි. කෙළවරේ දූවිලි පිරුණ සාප්පුවක වීදුරු
කැබිනට්ටුවේ වූ අලංකාර වීදුරු බෝල කිහිපයක් මගේ සිත ගත්තේය.
ජිල් බෝල
වශයෙන් හදුන්වන මේ කුඩා වීදුරු බෝල ප්‍රීතිමත් කුමාරයා නම් වූ සුරංගනා
කතන්දරයේ එන ප්‍රීතිමත් කුමාරයාගේ ඇස් මෙන් තද නිල් පාටින්
බැබළුණේය. මට මේව ඕනෑ තාත්තේ..මම කෙදිරීමි.මගේ හැටි දන්නා තාත්තා පුරුදු
ලෙස සිනාසී මට එය අරන් දුන්නේය. එය ද ලාබම ත්‍යාගයකි. නමුත් තිළිණයක
බරපතලකම වන්නේ මූල්‍යමය අගය නොවේ. ඉන් හදවතට එකතුවන භාවාත්මක
ප්‍රහර්ෂයයි.
මේ සිදුවීම සිදු වන්නේ මා විශ්ව විද්‍යාලයට තේරී
නිවසෙහි ඉන්නා කාලයෙහිය. ඔය කාලයේ ගමේ අඩුකුලේ යයි සම්මත පවුලක ගැහැනියකගේ
පුත්‍රයකුට ශිෂ්‍යත්වයට ගණිතය උගන්වන්නැයි තාත්තා කී නිසා මම එයට කැමති
වීමි. ඉතින් මම මහත් ආදරයෙන් ඔහු කරේ කැප වීමි. ඔහු ඉතා දක්ෂ ශිෂ්‍යයකු
විය.අවසානයේ ගමේ සියලු දෙනාගේ කටවල් වසමින් ඔහු ලකුණු 159 ගෙන ගමේ පාසලෙන්
ශිෂ්‍යත්වය සමත් වූ පළමුවැන්නා විය. මම මහත් සතුටට පත්වීමි. කාලය ගෙවී
ගියේය. මම විශ්ව විද්‍යාලයට යා යුතු දිනය එළඹිණි.
අම්මාත් තාත්තාත් සමග
නිවසින් පිටත් වන්නට සූදානම් මොහොතේ, කලබලයෙන් දිව එන ගැහැණියක දැක මදක්
නතරවන ලෙස තාත්තාට කීමි. ඒ අර දරුවාගේ අම්මාය. ඇය සිය පුතුද සමග වේගයෙන් මා
දෙසට දිව ආවාය. ඇගේ පුතු රිජීෆෝම් වලින් තමාම සැකසූ රෝසමල් පොකුරක් මාතට
දී වැන්දේය. ඇය මගේ අතට පිරිත් නූලක් ගුලි කළාය. එදා ඔවුන්ට දෙන්නට තිබුණේ
එපමණක් බව මම දනිමි. එවෙලෙහි මගේ දෑස් තෙත් විය. ඒ පිරිත් නූලත් , රෝසමල්
පොකුරත් තවමත් මාළග තිබේ.
අද ඒ දරුවා මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු
ශිෂ්‍යයෙකි.(දැන් අවුට් වී ඇත) ඔහු ශිෂ්‍යත්වයට පසු අනෙක් සෑම කඩයිමක්ම
සමත් වූයේ ඉතාම උසස් ලෙසය.නමුත් මගේ හදවතට සතුට ගෙනාවේ ඔහු ශිෂ්‍යත්වය සමත්
ළුූ මොහොතයි. ජීවිතයේ භෞතික වටිනාකම් ඇති බොහෝ දේ ඉවත් කර මා මෙවන් දෑ ළග
තබා ගත්තේ ඇයි? ඒ ද්‍රව්‍යාත්මක සිහිවටනය හා බැඳුනු අනුස්මරණයේ ඇති වටිනාකම
නිසාය.
පසුගිය කාලයේ කැළඹිලි කාර සහ වේදනාබරව ගෙවා දැමූ යුගයේ මම
අධ්‍යයන කටයුත්තක් සදහා සිනමා පට වගයක් අවශ්‍ය්‍ය යයි ෆේස් බුක් ගිණුමෙහි
දැන්වීමක් පල කළෙමි. එක්තරා අවස්ථාවක මට එය ලැබුනේ සිතා ගත නොහැකි
අන්දමටය. ඒ සිදුවීම මා පුදුමයට පත් කළා පමණක් නොව මනුෂ්‍ය සම්බන්ධතා
හැදෑරිය යුත්තක් බවට පසක් කළේය. පසුගිය කාලයේ දිනක එබදුම ලෙස මට කෙටිකතා
පොතක් ත්‍යාග ලැබුණේය. එය ද මා ලද ආශ්චර්යමත්ම ත්‍යාගයක් විය.
පසු ගිය සති
කිහිපයේ දැඩිව ගිලන් වූූ විටදීත් මම එය රෝහලට රැගෙන ගියෙමි.මරණයේ වේදනාව
එබදු සුන්දර සිහිවටන වලින් සමනය වන්නේ පුදුමාකාර ලෙසය. මිනිසුන් ජීවිතියේ
අනාරක්ෂිත අවධියක රැගෙන යන්නේ තමා වඩාත් ආදරය කරන දේවල්ය. ආදරයට පදනම්
වන්නේ ආශාව නොවේ. සැබැවින්ම ජීවිතය ඇත්තේ කුඩා දේවල්වලය. මට ඉසුරු
බුද්ධිකගේ අම්මා කියූ කතාවක් සිහිපත් විය.
දුවේ දවසක් කන්ද නාය
යන්න වගේ ආවා. දරුවො කවුරුත් ගෙදර හිටියෙ නැහැ.මම අතට ගත්තෙ කිසි දෙයක්
නෙමේ . මෙන්න මේ පූස් පැටවු තුන්දෙනා..
තිළිණයක බරපතල කම වන්නේ
අනුස්මරණීය වටිනාකමයි. එය අපට ලබා දුන් තැනැත්තා සහ අවස්ථාව විසින් අපේ
ජීවිතයේ අත්පත් කරගෙන ඇති ස්ථානය අනුවයි. මූළ්‍යමය අගය මත භෞතික
පංචස්කන්ද ගොඩගහගන්නෝ සෑම විටම සැබෑ ජීවිතය අත්හරිති. රැස් කිරීම නම්
පරමාර්ථය හඹා යමින් ස්වකීය ජීවිතයම ගෙවා දැමුවද අවසානයේ ඔවුහු කිසිවක්ම
නොලබති.
- උපේක්ෂා නුවන්ශ්‍රීනි -
සිත සනසන කතා රැගත් ලිපියකි!
ReplyDeleteස්තුතියි.
ස්තුතියි
Deleteමා මෙහි දී සිත සනසන කතා යනුවෙන් ලියුවේ එහි නිවැරදි අරුතෙනි.
Deleteඒ යෙදුමේ සරදම් අරුතක් ද ඇති බව පසුව වෙනත් තැන් කිහිපයක දී දැක වටහා ගත්තෙමි!
ඇත්තටම සිත සනසන කථා. ශිෂ්‍යත්වය සමත්වූ දරුවාගේ මව සහ පොස්ස් පැටවුන් බේරාගත් මව වඩාත් සිත්ගත්තා.
ReplyDeleteස්තුතියි ඉයන් හැමදාම වගේ ඔයාගෙ ප්‍රතිචාරයට
Delete//රැස් කිරීම නම් පරමාර්ථය හඹා යමින් ස්වකීය ජීවිතයම ගෙවා දැමුවද අවසානයේ ඔවුහු කිසිවක්ම නොලබති.//
ReplyDeleteකිසිවක් ලබන්නෙ නැ කියන එක අනේ මන්දා...එහෛනං හැමෝම මොකද රැස්කරන්නෙ
ඒක තමයි අවුල
Deleteමේක අනෙක් ඒවට වඩා ගොඩක් වෙනස්.. ඒ වෙනසට මාතලන් මනාපයි...
ReplyDeleteමගෙත් හිතවතෙක් ඉන්නවා බටපොල....
ස්තුතියි මාතෙ
Deleteඒකනෙ.
ReplyDeleteමේක නියම ලිපියක් උපේක්ෂා...උඩින් පල්ලෙන් හීනෙන් ඇවිදින අය කිහිප විටක් කියවිය යුතුයි.
ReplyDeleteස්තුතියි අරුණ මහත්තයා
Deleteමම උපේක්ෂා නෝනා කියලා ලිව්වේ නෑනේ ලමයෝ :D
Deleteසුන්දර සටහනක්...
ReplyDeleteස්තුතියි පොකුරු!!!
Delete"තිළිණයක බරපතල කම වන්නේ අනුස්මරණීය වටිනාකමයි"
ReplyDeleteඇත්ත
ඔවු ඒක අපට දෙන කෙනොගෙ වටිනාකම තමයි තෑග්ග වටිනා එකක් බවට පත් කරන්නේ
Deleteඅද මමත් පොඩි කෙල්ලට මොනවා හරි අරගෙන යන්න ඕන.
ReplyDeleteමොනවද කෙල්ලට ගෙනිච්චෙ
Deleteසමහරු සල්ලි දේපල ජීවිතය කරගන්නවා..නමුත් එතැන සතුට අඩුයි අරවින්ද
ReplyDelete