Realtime website tracking softwareRealtime website tracking software

Thursday, January 26, 2017

ශාස්ත්‍රීය ඖචිත්‍යයට හසුනොවන ජීවන ලාලසාව, ජොලිසීයා , ලලක්කා සහ අමරසිරි පීරිස්.




නිර්මාණයක් සර්වකාලීන වෙන්න බලපාන ප්‍රධානම දේ තමයි ඖචිත්‍යය. ඔචිත්‍යය කියන්නේ සාහිත්‍යයමය ඔචිත්‍යය වගේම වින්දන ඔචිත්‍යයත් හරිම වැදගත්. මම ඉන් අදහස් කරන්නේ අපි කතා කරන ප්‍රස්තුතය එක්ක වඩාත්ම තදාත්මීයව බැදෙන සමහර රටාවන් තියෙනවා. ගණිකාවන් සම්බන්ධව ලංකාව ඇතුළෙ ලියවුණු ගීත අපමණ තියෙනවා .ඒ අතරින් වඩාත්ම කතා බහට ලක්වුණ රන් බණ්ඩා සෙනෙවිරත්න විසින් රචනා කළ ලඳුනේ ගීතය සාහිත්‍ය වැදගත් කමකින් යුක්ත භාව පූර්ණ ගීතයක්. නමුත් ඇත්තටම ඒ ගීතය ඇහෙද්දි ගණිකාවකගෙ ආත්මය නියම විදිහට මට නම් එන්නෙ නැහැ. පොඩි හයික්ලාස් මැවීමක් එන්නේ..රචකයාට ගණිකාවගෙ ආත්මය තවදුරටත් දුර බවකුත් බොරු උපාසක කමක් මවන්න යන ව්‍යාජයකුත් මට දැනෙනවා. 

අමරසිරි පීරිස්ගෙ පුරුදු පුහුණු කරපු ශාස්ත්‍රීය කටහඩත් එවන් ගැහැනියක් නිරූපණ්‍ය කරන්න සමත් වෙන්නෑ. මොකද වෘතිය ගායකයෙක් කියන පරමාර්ථයෙන්ම කටයුතු කරද්දි ඒ හඩ සමාජ කටහඩක් වෙන්නෙත් නැහැ. ඒ ගැහැනුන්ට අමරසිරි පීරිස් කොහොමත් දුරස්ථයි..ඇත්තටම ළදුනේ ගීතයට රූප රචනයක් නැත් නම් ගණිකාවක් මැවෙන්නෙම නැහැ. හැබැයි ජොලි සීයගෙ බජාර් එකේ ලලක්කා කියන සිංදුවට මම හරි ආසයි.ඒකෙ මෙලෝ සාහිත්‍යයක් නැහැ. ඒත් මාළුවා ටින් කරන්නෙ නැතිව ජලාසෙ ඉන්දැද්දි පෙන්වනවා වගේ හරිම පැහැදිලි රාමුවක ලලක්කාව ගේනවා. මුඩුක්කුවක ජීවත්වන පැටලිලි සහගත ජීවිත තියෙන ගැහැනියක් ක්‍රමාණුකූල සාහිත්‍යයකින් කවදාවත් නිරූපණය කරන්න බැහැ. ජොලි සීයගෙ කටහඩ හරි අව්‍යාජයිනේ.., ඒ සරල වචන පේලි දෙක කියන කොටම මට එකපාරටම ගුනසිංහ පුරයෙ රූපරාමුවක් මැවෙනවා...

බජාර් එකේ ලලක්කා
හිත හොද අක්කා
හුරුබුහුටියි කටකාරයි
ගෑනි ලලක්කා

ඔය පේළි එක්ක පුදුම විදිහට ඒ ගෑනිව මට නම් මැවිල පේනවා. ඇය නියෝජනය කරන සමාජය, සංස්කෘතිය, ආර්ථික වටපිටාව එක්ක ඇයව ආමන්ත්‍රණය කරද්දි ඒ කට හඩ ඇය එක්ක ගැටෙන කෙනෙක්ගෙ හඩක් වෙන්න ඕන. ගණිකාවක් පන්සලක් ඇතුළෙ දි දැකලා ඇය ගැන ලියන්න පුලුවන්ද? ඇයව දකින්න ඕන ෆීල්ඩ් එක ඇතුලෙ. ළඳුනෙ ගීතයෙ තීන්නෙ පන්සලේ මල්පුදන ගැහැනියකගෙන් ගණිකාවක් මවා ගැනීම. රචකයට ඇයව දැක්ක ගමන් පේන්නෙ ගනිකාවක් විදිහටනේ.. ඇගේ පැටිකිරියනේ සිහිපත් වෙන්නේ ..නමුත් මේ රචකයා නියම සංවර මානසිකත්වයකින් හිටියනම් මේ ගෑනිගෙ හිස්ට්‍රිය පන්සල ඇතුලෙ අමතක කරනවා. එහෙනම් ඔහු ඔය ගීතය ලියන්නැ. මල් පුදන දාහක් දෙනා අතරෙ ඇයවත් උපාසක අම්ම කෙනෙක් වශයෙන් දැකල අමතක කරනවා. ඒත් ඒක කරගන්න ඔහුට බැරිවෙලා. ඒ හන්දා ළදුනේ ගීතයෙ පරිකල්පනය ගැන මට තියෙන්නෙම වීථියේ ගෑනිය ගැන මවපු ව්‍යාජ ඩමියක් කියන අදහස තමයි.හරියට අර රත්නපුරේ බට්ටිට මාධ්‍යවලින් කලා වගේ වැඩක්.නිර්මිතයක්. සමාජ ජීවිත නිර්මාණයට නැගීමේදී නිර්මිත අසාර්ථක වන අවස්ථා තියෙනවා. පළමු දේ ඒ ගැහැනියගෙ යථාව අසන්නා තුළ සැණෙන් මවන්න පුලුවන් වෙන්න ඕන .ඒ වගේම ඒ සමාජ තලයෙ ඉන්න ගැහැනියකට ඇසුනු සැනෙන් අර්ථ පරිවර්තනයක් නොකර වටහ ගන්න තරම් සරල වෙන්න ඕන.

ඇත්තටම ජොලි සීයා හෙවත් චන්දුද සිල්වගෙ ගෙ හඩ වචන ආමන්ත්‍රන සේරම අර ගෑනි හැපෙන ගැටෙන සමාජයටම බැදිච්චා.. වින්දනය කියන එක ශ්‍රාස්ත්‍රීයවම කරන්න බැරි අවස්ථා තියෙනවා. ගණිකා වෘතියම නිදසුනකට ගන්න පුලුවන්. සදාචාර විවාහයට පිටින් බොහෝ පිරිමි පිට ගෑනු හොයන් යනවා වගේ ප්‍රමිතිය කියන රාමුව කඩල දාපු තැන්වලින් අපි යම් වින්දනයක් ලබනවා. මහාචාර්යවරු මොන දේ කීවත් මට නම් වීථියේ ස්ත්‍රිය හොදින්ම නිරූපණය කළ ගීතයක් තමයි ලලක්කා..සාමාන්‍ය මිනිහා සුනිල් පෙරේරා, ජෝතිපාල, ජොලිසීයා වගේ අයව වැළද ගන්න එක හේතුවක්

තමයි සැබෑ ජීවිතය කියන එක ප්‍රතිනිර්මාණයකින් තොරව ඔවුන් බලාපොරොත්තු වෙන එක.ඒ නිසා ප්‍රබුද්ධ - අප්‍රබුද්ධ භේදයකින් තොරව මේ නිර්මාණ දෙකොඨ්ඨාසයම යම් කලෙක බාර ගන්න සිද්ධ වෙනවා. නාහෙන් අඩන ප්‍රේම ගීත නෙවේ. අව්‍යාජ සමාජ කටහඩක් වශයෙන් තියෙන නිර්මාණ. ඒවායෙන් එන්නෙ සාහිත්‍යමය සෞන්දර්යයක් නෙමේ. නමුත් ජීවිතය මැවීම කියන කාරණාවෙදි ජනප්‍රියවාදී ගායකයො විසින් සිදු කරන්නෙ සුවිශාල කාර්ය භාරයක්..

- උපේක්ෂා නුවන්ශ්‍රීනි -

20 comments:

  1. "නමුත් මේ රචකයා නියම සංවර මානසිකත්වයකින් හිටියනම් මේ ගෑනිගෙ හිස්ට්‍රිය පන්සල ඇතුලෙ අමතක කරනවා"මේ කතාව අතාත්විකයි. ම්නිස්සු පන්සල් ගියා කියල රහත් වෙන්නෙ නැහැ. කොහොම බැලුවත් බලන එකා බලන්නෙ එකම රාමුවෙන් විතරයි.

    ReplyDelete
    Replies
    1. mama danna vidihata mema geethaya liya wenne, mahanuwara pradeshaye usas pawulaka gehunu lamayek ge jivitha siduweemak , ( mama weradi nam niweradi karanna ),
      bajar eke vitharak newe ihala pelenthiyeth ganikawan sitinawa, niliyan ganikan lesa inne bajar eka nisada ? Ravin eranga - sangeethaya wishwa basawak kiyala kiyanawa ne, lalakka sinduwata minissu natanawa, landune githayata samawedila eka rasa vindinawa, mema kathuwaraya " katta karola hodi brokoli saladai " deyak karanta gihin thiyenne

      Delete
  2. ඖචිත්‍යය?
    අප්පා, මටනම් මේ වචන බරසාර වැඩියි. අදමයි ඇහුවෙ.

    ReplyDelete
  3. අමරසිරි පීරිස් ගෙ ගීතය තුල තිබෙන්නෙ මල් පුදන කෙනෙකුගෙන් ගණිකාවක් මවා ගැනීම ද ගණිකාවක තුල මල් පුදන තවම නොමළ ඒ කාන්තාව සොයාගනීමද කියල හිතන්න ඕන. අදාළ කරුණ ඒ ඒ පුද්ගලයන්ගෙ අත්දැකීම් එක්ක යා වෙනව. විශේෂයෙන් බලන කෝණය අනුව. මේ විදිහට බලනවනම්, ගණිකාවන් බොහෝ දෙනා අතර ගණිකාවක් දැක්කනම් ඒ ගණිකාව හැමෝම දැකල රවල යන ගණිකාවක්. නමුත් ඒ තුල මානුෂිකත්වය ගැබ් වෙලා තිබෙන ගැහැනියක්, අව්‍යාජ මිදීම තවම හිසේ කොනක තිබෙන හැඟීමක් තමයි නිරූපණය කරන්නෙ. එහෙම කරගන්න වෙයි ද දන්නේ නෑ කියන සිතුවිල්ල බලපවත්වන නිසා මේ කරුණ හිතේ ගැඹුරට යනව. ජොලිසීයා කරන්නෙ අමුව අමුවෙන්ම කියන එක. ඒකෙ තියෙන්නේ එරෙහි වුනොත් අපහාසය යන කරුණ ගැබ්වෙලා. උපහාසයක්. ඒ සමාජ ස්ථරය තුල ඉන්න අය ඔහොම තමයි බලන්නෙ. අනේ පලයන් බන් අක්කෙ කියන්න බලාගෙන ඉන්න අය. මේ සමාජ අත්දැකීම් තිබෙන නිසා කියන්නෙ. ඒ තුල ඉන්න අයට ඉන් ඔබ්බෙන් හිඳගෙන ගණිකාව තුල ගැහැණිය දකින්න බැහැ. එසේ බලන්නෙ ඉතාම කලාතුරකින්, යම් දැනුමක් තිබෙන අයෙක්. අමරසිරි පීරිස් ගේ කටහඬ ට නම් මෙය උචිත නැතිවෙන්න හැකියි. සිල්වත් බවක් මේ ගීතය ඇතුලේ තිබෙනවා කියල හැඟෙන්නේ ඔහුගෙ ගායනය අනුව. ඔහු ඒ ගීතයට සාධාරණයක් කරන්නේ නැති බවයි මගේ හැඟීම.

    ReplyDelete
  4. ළඳුනේ ගීය රොක් සංගීතයෙන් අහල බලන්න හිතෙන්... හෙන ආවේගයක් දැනේවි වචන වලින්.
    සුමටව,නිවී හැනහිල්ලේ 'මේ ඉන්නෙත් ගැහැනියක්ම තමයි' කියල ගීයෙන් ආමන්ත්‍රණය කරන්නෙ සුදුපිරුවට සමාජයට.ඒක එයාලට දැනෙනවා.
    ලලක්කා ගැන කියන්නෙ ලලක්කලා ලඟට යන පිරිසට.ඒක එයාලට දැනෙනවා.
    කරුමෙට මේ දෙකම අපට දැනෙනවා.
    ජයවේවා..!!

    ReplyDelete
  5. මල් පුදන්නත් පුලුවන්....ඒ වගේම මල් ඔතන්නත් පුලුවන්...

    ReplyDelete
  6. හොද රචනයක්, හරිම චමත්කාරජනකයි !!! ජයවේවා !!

    ReplyDelete
  7. මගේ අදහස නම්, හැම ගනිකාවම බජාර් එකෙන්ම එන්නේ නැ. එයාලාත් සමාජේ විවිද තලවල අය... මට නම් සින්දු දෙක රස දෙකකින් තල දෙකකින් විඳින්න පුළුවන්.

    ReplyDelete
  8. ලඳුනේ ගීතය මම කැමති ගීතයක්.

    අහල තියෙන විදිහට, ගීත රචකයා රන්බණ්ඩා සෙනවිරත්ත නීතීඥයෙක්. ඇත්ත සිද්ධියක් කියලයි ඇහුවෙ. අදාල තරුණියව දැකල තියෙන්නෙ දළදා මාලිගාවෙදි. නුවර පැත්තෙ අයට , දළදා මාලිගාව විශේෂයි.දැන් සෙනවිරත්ත මහත්තයා ගනිකාවව දන්නෙ කොහොමද කියල මං දන්නෙ නෑ. සමහර විට සේවා දායිකාවක් වෙන්න ඇති. නැත්නම් සේවා ලාභියෙක් වෙන්න ඇති. අවුලක් නෑ,ඔව්වා ගැන ඔච්චර හිතන්න එපා. එතකොට තමයි රස විඳින්න බැරි

    අප්පා, ඒ කිව්වහමයි මතක් වුනේ. මට මේකෙ තියෙන මහප්‍රාණ ඉස්මොල්ලෙ ගිහිල්ලා තියෙන්නෙ. ඒ නිසා මං කියන එව්වා වැඩිය ගණන් ගන්න එපා.

    ලලක්කත් මං කැමතිම ගීතයක්. .මටත් හිතුන සිංදුව විච්චේදනය කරල බලන්න.

    "බජාර් එකේ ලලක්කා
    කොල්ලො හිත හොඳ අක්කා
    සුර සැප වික්කා
    කාගෙත් වතගොත ‍රැක්කා

    මම ගෑණුත් දැක්කා - මේ වගෙ ගෑණු නොදැක්කා
    හුරුබුහුටියි කටකාරයි - ගෑනි ලලක්කා"

    නියමයි. දැන් ඔන්න බසු රසවින්දය නැගලම යනවා. ඔහොම ගිහිල්ලා එනව මෙතනට

    "සිල් අරගත්තා - පෝයට සීලෙත් ‍රැක්කා"

    මඟුලක් කියනවා. ගනිකාවක් පන්සල් යෑමම පොඩ්ඩක් අවුල් වගේ වෙච්චි එකේ, මේ වාහෙ හදන්නෙ ලලක්කව සිල් සමාදම් කරවන්න.

    එතනින් පස්සෙ සිංදුව චා. ලලක්කගෙ අම්මා ගැන දෙපිට කැපෙන කතා වගේ එව්වයෙන් ගැලරියට , චීප් ත්‍රිල් එකක් දෙන්න හදනව කියලයි මට හිතුනෙ.

    හුටා!, මෙච්චර කල් යස අගේට රස වින්ඳා. ඉතිං මොකේදැයි දං වලඳන්නෙ?

    ReplyDelete
  9. උපේක්ෂා ...හැම ගණිකාවක්ම බිහි වෙන්නෙ හා පවතින්නේ මුඩුක්කු හෝ බජාර් සංස්කෘතිය ඇතුලෙම නෙවෙයි.
    නමුත් ඔය සිංදු දෙකේදිම නිරූපණය වන ස්ත්‍රීන් දෙදෙනාම ගණිකාවන් බව සමාජයට රහසක් නෙවෙයි. නමුත් බජාර් එකේ ලලක්කා ට මම හිතන්නෙ නැහැ අමරසිරි ගෙ ළඳට තියෙන විදියේ සමාජ ගැටළු ඇති කියලා. ලලක්කා ට තමුන් පවතින සංදර්භය ඇතුලේ නියමිත පිළිගැනීම ලැබෙනවා. ඈ ඉන්නෙ ප්‍රසිද්ධියේ කුඩු ගහන විකුණන, හොරු සහ යාචකයො ඉන්න සමාජයක..හැබැයි උන් ඔක්කොම තමන්ගෙ අනන්‍යයතාවන් එක්ක එකඟයි වගේම අනෙකා ගේ භූමිකාව ට ගරු කරනවා..උන් අවංකයි.

    අමරසිරි ගෙ ළඳ ඉන්නෙ ඊට වෙනස් සමාජෙක.. ලස්සනට සාරි ඇඳලා වැඩට ගිහින් අනියම් සැමියො ඉන්න ගෑනු ඉන්න...ගෑනිට හොරෙන් මිනිහා අවලමේ යන හැබැයි ඒවා සමාජෙන් වසන් කරගත්තු සුදු කරපු සොහොන් ගල් වගේ මිනිස්සු ඉන්න සමාජෙක..උන්ට අමරසිරි ගෙ ළඳ බඩුවක්..

    ඔය සිංදු දෙක වෙනස්..වදින හැටිත් වෙනස්..හැබැයි දෙකම රසයි..

    ReplyDelete
  10. ලලක්ක සින්දුව අතාත්වික ඔය බස්සා කීව කතාවත් එක්ක. මොකද වීදි ගනිකාවකට සිල් ගන්න යන්න වෙලාවක් නැහැ. මේ කියන්නේ බජාර් එකේ අක්ක කෙනක් ගැන. මම ඔහොම අක්කල දැකල තියෙනවා කොම්පඤඤ වීදියේ. රෝසක්ක ගේ චරිතය වෙන්න පුළුවන්. කසිප්පු පෙරන ගමන් සිල් ගත්ත ගැහැනියක් මම දනනවා. කසිප්පු පෙරුවේ මිනිහ හිරේ නිසා ළමයි හදන්න. ලලක්කල ඔයිට වැඩිය දුක්ඛිතයි . මේ සින්දුවෙන් ඒක සොමියක් කරලා හිනා ගස්සවන පුරුෂෝත්තමවාදී ගීතයක්. මම දෙකක් දාගත්තම කිව්ව හැකි ඒක. ළඳුනේ ගීතය ඊට වැඩිය තාත්විකයි මටනම්. එමන්න මේ රුසියානු චිත්‍රපටිය සැහෙන්න ප්‍රසිද්ධ එකක්. හොයාගෙන බලන්න. intergirl https://www.youtube.com/watch?v=QIojNpIJ5Js&list=PLr8NFawrv8Dqgo8RI8TAZ-uemF5JJyHH3&index=1
    මේ වගේ ගැහැණු ඉන්නවා. මුදලට නිදා ගන්න යන්නේ කවුරු හරි බඳින්න හොයා ගන්න.

    ReplyDelete
    Replies
    1. අජිත්,

      මේ සිංදු දෙක ගැන උපේක්ෂා කිව්ව දේ "Rear Gate" එකේ චාමිත් කිව්වා. මේ දෙන්නම ඉතාමත් දක්ෂ බ්ලොග් රචකයො, ඒත් මෙතනදි , මේ කියන "වීථියේ ස්ත්‍රිය හොදින්ම නිරූපණය කළ ගීතයක් තමයි ලලක්කා..සාමාන්‍ය මිනිහා සුනිල් පෙරේරා, ජෝතිපාල, ජොලිසීයා වගේ අයව වැළද ගන්න එක හේතුවක්" අදහසට මම එකඟ නෑ.වැළඳ ගන්නවා නං ඇති, ඒත් සංගීත සංදර්ශණ වලදි, දෙකක් නමා ගෙන මේ සිංදුවලට බ්‍රේක් ඩාන්ස් දාන "සාමාන්‍ය මිනිහාට" ලලක්කාව එදාට පස්සෙත්" පට්ට පූසි"ම තමයි.

      හේතුව ඔබ කිව්ව වගේ"මේ සින්දුවෙන් ඒක සොමියක් කරලා හිනා ගස්සවන පුරුෂෝත්තමවාදී ගීතයක්" නිසා. මේ අවාසනාවන්ත, අන්ත අසරණ ගැහැනුන් ගැන "ලඳුනේ" ගීතයේදී,හුදී ජනයාගේ හිතේ
      ඇතිවන කම්පනය ඊට වෙනස්.

      Delete
  11. මෙතන පළ කලා. අවුලක් නැහැනේ.

    ReplyDelete
  12. මටත් වැඩියේ හරබර වචන දිරවන්නේ නෑ. ලලක්කා සින්දුවට මම හරි කැමතියි. ඒක අහද්දි මට මතක් උනේ මොකක්ද ජාතක කථාවක තිබුන සත්‍යවාදී ගණිකාවක් ගැන.

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. ළඳුනේ ගීතයේ රචකයාගේ වත් ගායකයාගේ වත් අරමුණ ගණිකා වෘත්තිය උදෘත කරන එකවත් ඇය ගණිකාවක ලෙස හංවඩු ගහන එකවත් නොවෙයි.. රචකයා දකින්නෙ ඇය තුල සිටින සරල දුක් විඳින ගැහැණිය පමණයි..මේ ගීයේ අන්තර්ගතයේ හැටියට මෙම ස්ත්‍රිය පවුලෙන් සමාජයෙන් කොන් වූ තැනැත්තියක්..නමුත් ලලක්කා සින්දුවෙ කියන ගැහැණිය ඉතා ම සමාජශීලී ,තේරෙන විදියට කිව්වොත් 'බජාර් එක හොල්ලං ඉන්න, ඒකත් එක්ක මූව් වෙන' තැනැත්තියක්..මේ සංසන්දනයට මට එකඟ වෙන්න බැරි ඒකයි..

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් මේ ලිපියේ රචකයාට වඩා හරවත්..

      Delete
  15. උපේක්ෂා නුවන්ශ්‍රීනි - ඔබ මෙම ලිපියෙන් ඔබගේ දැන උගතකම ප්‍රදර්ශනය කිරීමට ගොස් ඔබගෙ අමු ගොන් කම විදහා පා තිබෙනව,
    මෙම ගීත දෙකේ ගනිකාවක් ගැන කියවෙන බව පවසනවා, එය විවිද වචන වලින් දක්වා තිබෙනවා, වීදි සරන ලඳ
    "දෙනෝ දහක් අත ගත්තද සැමියෙකු නැති ළඳුනේ"

    "පිරිමින්ගෙ පාප කඳට දෝස විඳින ළඳුනේ..
    අඳුරේ පව් කරන දනා එළියෙ රවන ළඳුනේ.."

    "ළැම පමණක් ලොවට පෙනෙන
    ළය නොපෙනෙන ළඳුනේ...
    කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ..."

    මෙම වචන තේරුන් ගෙන එම ගීතයේ සාහිත්‍ය රසය අඳුනා ගැනීමට නොහැකි වීම වර්තමාන විචාරකයන් කියා ගන්නා දැනුමින් උගත් බුද්ධියෙන් පටු විදහා පෑමක්..

    ReplyDelete
    Replies
    1. ඔබේ උගත්කම බුද්ධිය විදහා ඵෑමට තුති

      Delete