Realtime website tracking softwareRealtime website tracking software

Wednesday, November 30, 2016

ජොකා පිටින් ඉන්නකොට නෙවැ මුගෙ ලස්සන !!!



ජොකා පිටින් ඉන්නකොට නෙවැ මුගෙ ලස්සන Dasun Pathirana     !!!
ජොකත් නැති වුනානම් තවත් මරු...!! Jehan Appuhami       !!
මේ දෙන්න මැද රෙදි ඇදන් හිටපු උඹ පට්ට !!!     Yashoda Rasanduni !!
විසාකේස චන්ද්‍රෙස්කරම් සිනමා ගමනය ....      !!!

 ( ලංකාවේ) පු# අමාරුකාරයන්ට ජීවිතේ කියාදෙන ෆැන්ජිපැනි හෙවත් සය පෙති කුසුම..!!!

Monday, November 28, 2016

ඇත්තමයි !! ඒ සිතුවම මාව මරා දැමුවා !!!



නිමිත්ත - ප්‍රගීත් රත්නායකගේ ඇකඩමිය මගින් ඉදිරිපත් කළ ථෙ ටෙxට් සිතුවම් ප්‍රදර්ශනයේ දුටු සිතුවමක් ..
සිත්තම - Pray
සිත්තරු - එස්. පී. පුෂ්පකාන්තන්
සටහන සඳහා භාවිත ජායාරූප -
01. Pray - එස්. පී. පුෂ්පකාන්තන්
02. ගුවර්නිකා - පැබ්ලෝ පිකාසෝ
03. අවසන් විනිශ්චය - මයිකල් ආන්ජිලෝ
04. ඔච්විටිස් වධ කදවුරේ බිහිසුණු වෛද්‍යවරයා ජෝසප් මෙංග්ලේ කුඩා දරුවන් යොදා ගෛන සිදු කළ බිහිසුණු වෛද්‍ය පර්යේෂණයක ජායාරූපයක්

Sunday, November 27, 2016

නිර්දේශ කිරීමෙන් ඔබ්බට නිර්මාණයක් විඳීමේ සෞන්දර්යය

 

නිර්මාණයක් විඳීම කියන්නේ පුදුමාකාර සෞන්දර්යයක්. උසස් නිර්මාණයක් විඳීම වග්ම, ඒ වගේ දැනුමක් තියෙන කෙනෙක්ගෙ ඇසුර ලබන එක මට නම් දිවය සම්පත්තියක් පහලවුණා වගේ දෙයක්. සෞන්දර්යයෙන් පිරුණු දවස්වල මුළු ජීවිතයම පුදුමාකාර ප්‍රබෝධයකින් උතුරනවා.නමුත් දැන් කාලය වෙනස් වෙලා. 

අලුත් පරම්පරාවට විෂය ධාරාවක් ඇතුළෙ කලාව නිර්දේශ කරන්න සිද්ධ වෙලා. ඒකට හේතුව වන්නේ ඔවුන් කියැවීම, සහ වින්දනය කියන දෙකෙන්ම අත්මිදිලා. මේකට නිශ්චිත හේතුවක් පැහැදිලිව කියන්න බැහැ. නමුත් මේ තත්වයට ලංකාවෙ අධ්‍යාපන රටාව සහ විෂය නිර්දේශ හදන අයත් සෘජුවම වගකියන්න ඕන කියන කියන එකයි මගේ අදහස. මම උසස්පෙළට පෙනී හිටියෙ 2000 වර්ෂයේ. අපට නිර්දේශිත නවකතාව වූයේ යුගාන්තය නවකතාව. නාට්‍ය්‍ය වූයේ එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමෙ නාට්‍ය්‍ය. ඊට අමතරව සැළලීහිණිය, නූතන පද්‍ය සංග්‍රහය සහ සද්ධර්ම රත්නාවලිය තිබුණා. 

Friday, November 25, 2016

ප්‍රේමය නම් කිසිදා නොනිමෙන පහනකි..!


 
ආදරය, ප්‍රේමය සහ සෙනෙහස යන වචන එකිනෙකින් වෙන් කිරීමත් ආදේශ කිරීම හෝ ඒවායෙහි ඇති අනුපූරකත්වය සොයා ගැනීමත් බෙහෙවින්ම අපහසුය. මේ සෑම වචනයක්ම එකිනෙක සමග අත්‍යන්තව බැදී පවතින අතර. ප්‍රේමයෙන් ආදරයෙන් හෝ ස්නේහයෙන් තොරව ස්වභාවික ලෝකය තුළ කිසිදු ජීවියකුට පැවැත්මක් නොමැත. ගස් වැල් සතා සීපාවෝ පවා ආදරය අපේක්ෂා කරති. විශ්වයේම පැවැත්ම රදා පවතින්නේ ප්‍රේමය ද ස්නේහය ද කරණකොටගෙනය. නමුත් වඩාත් වැඩිවශයෙන් නිර්මාණාත්මක සාහිත්‍යය තුළ දී කතාබහට ලක් වන්නේ ස්ත්‍රී පුරුෂ ප්‍රේමයයි.

Wednesday, November 23, 2016

කුක්කු දෙකට තොප්පි එකයි..!



මම ඇත්තටම ආසයි ඇවිදින්න.විවිධ සමාජ ස්ථරවල, මිනිස්සු අතර ගැවසෙන්න.ඔවුන්ගේ පාරිභෝගික හැසිරීම් දෙස බලා ඉන්න. ඔඩෙල් එකේ දී, මොන්ඩි එකේදි ලැබෙන අත්දැකීම් වෙනස් ඒවා. ඒ තැන්වල තියෙන ආචාරශීලීත්වයට පාරිභෝගික වරණයට දෙන අවකාශයට මම කැමතියි. නමුත් ඒවායේ තියෙන්නෙ නිදහස් පාරිභෝගික වරණයක්ද. පොලකදී වගේ ගන්න ..ගන්න කියලා සාප්පුවෙදි කිසි කෙනෙක් කෑ ගහන්නෙ නැහැ. අපට ඕනම දෙයක් නරඹනන් පුළුවන්.. භාණ්ඩ නරඹන එකත් එක්තරා කළාවක්.. මම ලොකු මානසික අර්බුධයකට එළඹුනාම කරන්නෙ ඔඩෙල් එකට ගිහින් නරඹන එක. නමුත් මෙතනත් අපේ වරණයට ඔවුන් බලපෑම් කරනවා. ඔවුන් එහෙම කරන්නේ වෙළද ප්‍රචාරණය හරහා. ඔඩෙල් වගේ ආයතනයක භාණ්ඩය වගේම සන්නම් නාමය ත් (Brand Name) ඉහළ මිලකට අලෙවි වෙනවා.ගොඩක් අය එතනට යන්නෙ සන්නම නිසා. 

Tuesday, November 22, 2016

එන්න..! අපි ‘හෙළුවෙන් වණමු..!‘





හෙළයෙන් හෙවත් සිංහලයෙන් වර්ණනා කිරීම ‘හෙළුවෙන් වණමු‘ යනුවෙන් විදග්ධත්වයට අසැබි යයි බැලූ බැල්මට පෙනෙන ශීර්ෂයක් එක් කළේ හෙළයේ මහා සාහිත්‍යධරයකු වූ කුමරතුගු මුණිදසුන්ය. ධ්වනිතාර්ථ බහුල සිංහල භාෂාවේ ඇතැම් තැන් සහ අරුත් ,නිරුක්ති, උපහාස, අපහාස සෘජු බිණීම් ලංකාවේ සංස්කෘතියට එක්කලේ අලංකාරයකි.නමුත් වුවමනාවට වඩා ශාස්ත්‍රීය වීම ඇතැම් විටක විකාරරූපී බවක් ගෙන දුන්නද ඒ විකාරරෑපී බව නිහතමානී කම තුළින් ඉවසීමේ පලවිපාක වශයෙන් ගත් විට මේ සිදුවීම් අතිශයෙන් සුන්දරය.එහෙයින් අරිසෙන් අහුබුදු ශූරීන් සම්බන්ධ ඇතැම් කතන්දර තවමත් ගෙන එන්නේ නොනැසෙන රසයකි.මේ කතාව අපට කියා දුන්නේ හිටපු ජ්‍යෙෂ්ට මහාචාර්යවරයකු වූ තිස්ස කාරියවසම්ය.


Monday, November 21, 2016

ගීතයක හද බස මිමිනීම සහ ප්‍රේමයේ සෞන්දර්යය




ගීතය යනු භාවාත්මක ගණුදෙනුවකි. එය අතිශය සෞන්දර්යාත්මක මෙන්ම භාවාර්ද්‍ර වස්තුවක් ද විය යුතුය. ගීත හරහා රසිකයන්ගෙන් ඉල්ලීම් කරන ගායක ගායිකාවන් වර්තමානයේ කොතෙකුත් දැක ඇත්තෙමි. නමුත් ඒ ගායකයා හෝ ගායිකාව කෙරේ කෝපයක් විනා කිසිදු භාවයක් අපතුළ විකසිත නොවේ. මීට වසර කිහිපයකට පෙර සිදු වූ සිදුවීමක් මට සිහිපත් වේ. මහරගම ඇමිටි ආයතනයේ පාත මාලයේ ෆුඩ් කෝට් නමින් ආහාර ගන්නා ස්ථානයක් විය. දහවල් ආහාර ගැනීමට මා එහි ගිය දිනක ජපුර සරසවියේ ශාස්ත්‍ර පීඨයේ එක්තරා අධ්‍යනාංහයක ආචාර්යවරයෙක් සිය දියණියද කැටුව එහි පැමිණියේය. අතිශය නිහතමානී ගුරුවරයකු වූ ඔහු සිය දියණිය මා ළගින් හිදුවා ආහාර ලබා ගන්නට ගියේය.

Sunday, November 20, 2016

නිර්මාණාත්මක උපමා භාවිතාව හරහා සංදේශ කරුවා ප්‍රකට කළ ජීවන සෞන්දර්යය.

 

සාමාන්‍යෙයන් මම ප්‍රිය කරන්නේ පැබ්ලෝ නෙරුදා වැනි කවියකුගේ දාර්ශනික ප්‍රකාශනයන්ය. සඳැස් කවි කෙරේ එතරම් ප්‍රියතාවක් නූපදින්නේ සඳැස් කවියන් භාවාත්මක භාවයට වඩා ආකෘතිය කෙරේ දක්වන සැලකිල්ල නිසා යයි සිතේ. කොළම යුගයේ කවියකු වූ විමලරත්න කුමාරගමගේ අය්යනායක පැදි පෙළ හැරුනු විට බොහෝ සදැස් කවි ආයාස වචන එබ්බවීම් නිසා රස හුන් බවටම පෙරළින.අයියනායක පැදි පෙළද සදැස් ඉක්මවා ගිය නිදහස් ආරක් ගැනීම නිසා යම් විවෘත මනසකින් කවියා ලෝකය දකින බවක් පෙනේ.නමුත් ආකෘතික විවිධත්වය සොයා ගිය ගමනේ නිසදැස විසින් කාව්‍යයට සිදු කළ හානියක්ද ඇත. මන්ද එකළ කාව්‍ය කරණයෙහි යෙදුණේ භාෂා ශාස්ත්‍රය මනාව ප්‍රගුණ කළ උගතුන් සහ වියතුන් විසිනි. නමුත් හයිකු වැනි ප්‍රවණතාවන් නිසා අද වන විට අන් යමක් කරන්නට බැරි අය කවියන් වශයෙන් ස්ථාපිත වන ප්‍රවණතාවක් පෙනෙන්නට තිබේ.