Realtime website tracking softwareRealtime website tracking software

Friday, January 20, 2017

මගේ චිත්තරපටි අධ්‍යක්ෂිකා හීනය සහ උගේ ෆෝන් කොන්වසේෂන්




ඌ - තෝ මක්කඩ කරන්නේ ?

මම - හදිසියෙම චිත්තරපටි අධ්‍යක්ෂිකාවක් වෙන්ට හිතුණු හන්දා නවය පන්තියෙ ඉතිහාස පොතක් පෙරළුවා යකු..

ඌ - ඉතිං.. ඉතිහාස පොත මක්කටැයි ඒකට

මම - ඕකෙන් කොණක් හොයා ගත්තැකි චිත්තරපටියකට .මං බැලුවෙ එළාරගෙ පුතා කරත්තෙට වහුපැටිය යට කරල මරපු එකෙන් හදන්න ගවසජ්ජායන තන්ත්‍රය වගේ අපබ්‍රංස නමක් හෙම දාල හොදට නැගල යන ෆුල් ඔප් ඇක්සොන් මූවි එකක්...

ඌ - ඒ කෙ චිත්තරපටියක් කරන්න තරම් දෙයක් තීනවද බම්. ෆිල්ම් එකක් වුණාම අඩුම තරමේ පැය දෙකක්වත් තීන්න එපාය.ඕකෙ විනාඩි දහයක් වත් දුවන්න දෙයක් තීනවද යකු?

මම - ඔය ඉතිහාස කතා කොරන වුන් කොරන්නෙ යමක් තිබිලද යකු. කරත්තෙට යට වෙද්දි හරක පිඹින එකම මාර දෙයක්නේ..අපේ උන් කැමතියිනේ හරක් පිඹින එවුවට..

දැන් මේමයි ඕක ටිකක් ප්‍රසාරණය කරල ගන්ටෝනේ. ප්‍රධාන චරිතෙ එළදෙන නේ. ප්‍රධාන චරිතෙට හොද කේප්ප වැස්සියක් තෝර ගන්නවා මුලින්ම.මේ කාලෙ ඒක ඒ තරම්ම අමාරු වෙන්නැ.. ඊට පස්සෙ ඒකිට මැච් වෙන්න සෙසු නලු නිළියො තෝර ගන්නවා..වැස්සි වහුපැටිය කාලෙ ඉවර වෙලා සිංදුවක් එක්කම මල්වර වෙනවා. ඊට පස්සෙ සනුහරේ ක්‍රියාත්මක වෙලා වැස්සිට වස්සො ප්‍රපෝසල් කරන තැනිම් නාමාවලිය ඉවර වෙලා ෆිල්ම් එක පටන් ගන්නවා.. ගොඩක් මංගල යෝජනා චකබ්ලාස් වෙලා අවසානෙ එක හරකෙක් සෙට් වෙනවා..ඊට පස්සෙ ගව ජෝඩුව තණ කොල පිට්ටනියෙ හනිමූන් යනවා..අතර මැදදි සින්දු දෙකක් දානවා..ශාස්ත්‍රිය එවුවා ( දැන් ශාස්ත්‍රිය වාණිජ චිත්තරපටි තීනවානේ අර කුස පබා වගේ ආං ඒම එවුවා)

ගවයාණනි හෘද මන්දිරේ සෙලවේවී ස්වර්ණ වර්ණ දේහෛ්

ගව නාරී නුඹ මගේ දේවී //

තෘණ පිටියෙන් එහා බැන්ද ප්‍රේමේ//

විකසිත වෙන්න මේ හඳ පානේ

උම්බෑ ස්වරෙන්ම මුමුණා

පවසන්න ඔබගේ මන ප්‍රෙමී //

ඔන්න ඔය වගේ පද ටිකක් ..තේරුමක් තීන්නම ඕන නැහැ ගසල් වගේ ඇදල කියද්දි වචන තේරෙන්නැ..ප්‍රසිද්ධ ශාස්ත්‍රිය බුවෙක් දාල කිවුවම නොතේරුණත් මිනිස්සු හිතන්න ගන්නවා ඕකෙ යමක් ඇතැයි කියලා..

ඌ - හත්වලාමෙ ඊට පස්සෙ

මම - ඊට පස්සෙ වැස්සි ගැබ්බර වෙනවා. ෆ්‍රී ප්‍රෙග්නන්සි ෂූට් එකක් දැම්මම ටිකක් කාලෙ යවන්න පුලුවන් ..ඔය මල් පිපිච්ච පදුරු අස්සෙ වැස්සි කරක් ගහනවා..දොළ දුකට තණ පැළෑටි හොයන වස්සා වගේ හෘදයංගම ෂොට් දෙක තුනක් දාපුවම උපාසකම්මල ඉබේම ෆිල්ම් එක බලන්න එනවා..ඒ වගේම වස්සයි වැස්සියි බැදල ඉන්න පිටියෙ ඉණිවැටේ කුරුල්ලො එලවන්න ගහන කොඩ් වෙනුවට බෞද්ධ කොඩි ගහන්න ඕනැ.එතකොට මේ ප්‍රවෘතිය දිහා ලංකාවෙ ඉන්න අම්මටසිරි ප්‍රෙක්ෂකයො බලන්නෙ වෙනමම අමුතුම ඇහැකින්.. හරි..දැන් ඊගාව ටික.. ඊට පස්සෙ පැටියා උපදිනවා.වස්සයි වැස්සියි අතරෙ ඔය පොඩි පොඩි ගැටලුත් ඇති වෙනවා. ඉතින් පැටියා පොඩ්ඩක් ලොකු වෙලා දවසක් පාරෙ ඇවිදින්න යද්දි එළාරගෙ පුතාගෙ කරත්තෙට අහුවෙනවා..පැටිය මැරෙනවා..එළාර තීරණය කරනවා පුතාවත් ඒ මම මරන්න .. ආං ඒමයි වෙන්නෙ..

ඌ- අන්තිම ටික ටිකක් ඉක්මන් වැඩියි වගේ. පාලුනේ..

මම - නෑ නෑ මේමනෙ වෙන්නේ.. පැටියව මරන තැනයි එළාරගෙ පුතාව මරන තැනයි දර්ශන දෙක අතරවාරයට මේම එකක් වෙනවා. හොද අලුත් සිවුරු ඇඳපු හාමුදුරු පන්සීයක් විතර තැන තැන වාඩි වෙලා පිරිත් ගායනා කරන දර්ශන පෙලක් දානවා. පැටිය මරද්දි පැය බාගයක් පිරිත් කියනවා ..පුතා මරද්දි විනාඩි හතළිස් පහක් පිරිත්..ඕම බලද්දි පිල්ම් එක පැය හතරක් වගේ තියෙයි..

ඌ --උටා ..මරුනෙ ඕයි!!!


- උපේක්ෂා නුවන්ශ්‍රීනි -

9 comments:

  1. මේ යන විදිහට ඒකත් නැගල යයි තමා

    ReplyDelete
  2. මේ වැදො කතා බලලා එපා වෙලා තියෙන්නේ... සිරිසේන උන්නැහේ නම් අර පොඩි ළමයින්ට සෝ හදන සෝමේ අයියගේ සෝ එක බලලා ජනපති කමත් අමතක උනාය කියලා කිව්වේ එළියට අවිදින්. මේවා වැඩක් නෑ අප්පා පුළුවන්නම් හඳහන්කෝ ඇඟේ වෛරය වගේ එකක්.. කාළෙකින් දැක්කෙ නෑ අප්පා...

    ReplyDelete
    Replies
    1. ඇගේ වෛරය වගේ එකක් ඕනනම්, විමල්ගේ නැන්දාගේ වීඩියෝ ක්ලිප් එක බලපන්කෝ.

      Delete
    2. හප්පට එහෙමද?

      Delete
  3. අර පුද පූජා නිලියම ගත්තනං හරි.ෆිල්ම් එකක් වෙන්න නම් එයැයිම එපැයි.
    හච්චේ.... පිලුමක් නැති හැටියක්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. රහයි මේ ලිපිය. ගව යුවලගේ ගීතය සුපිරි.

      ජයවේවා!!!

      Delete
  4. උපේක්ෂා නුඹ නම් උපේක්ෂාවකිමය

    ReplyDelete
  5. ඒක නම් පට්ට බං

    ReplyDelete