Realtime website tracking softwareRealtime website tracking software

Saturday, December 31, 2016

සිත් ගැනීමේ කලාව සහ සමාජ අවරෝධනය



සිත් ගැනීමද පෙම් බැඳීම ද කලාවකි. මේ දෙකම හරියාකාරව ජීවිතය තුළ භාවිතා කිරීම අපහසු කාරණාවකි. සිත් ගන්නා සුළු මිනිසා විටක ප්‍රේමණියය. ඒ් ලගන්නා සුළු බව නිසා ඇතැම් මනුෂ්‍යයන් අපේ හදවත් තුළ සදා අනුස්මරණීය වේ.. නමුත් මෙහි වඩා භයානක පැත්තක් ද පවතී. ඒනම් සිත් ගන්නා සුළු බව වංචනිකයන් විසින් සමාජ අවෙරා්ධනයන් සදහා භාවිතා කිරීමට හැකි අවධානමයි. අනුහාසාත්මක නායකත්වය නොහොත් ආකර්ශනය පදනම් ව ගොඩනැගෙන නායකත්වය, මහත් සේ භයානකය. එය ලෝක ඉතිහාසය දෙස නැවත හැරී බැලීමෙන් වටහා ගත හැකිය.

අනෙකාගේ සිත් ගැනීමට නම් පළමුව අනෙකා කියවීමට හැකියාවක් තිබිය යුතුය. ශාරීරික චර්යාවන් කියවීමෙන් සමීපතමයා වටහා ගැනීම දක්ෂතාවකි. එම දක්ෂතාව වඩාත් ප්‍රගුණ කර ඇත්තේ මහපොළව සමග බැට කෑ මිනිසුන්ය. ගණිකාවෝ, පික්පොකට් කාරයෝ සිය ගණුදෙණුකරුවා හෝ ගොදුර තෝරා ගැනීමට මත්තෙන් අනෙකාව මනසින් කියවති. 

වරක් පදික වේදිකාවේ පොකට් ගසන කොලුවකුගෙන් අපි ඔහුගේ එදිනෙදා චර්යාව ගැන විමසා බැලුවෙමු. (අධ්‍යයනයක් සදහා) එහිදී අනාවරණය වූයේ ඔහු ස්වකීය ගොදුර කෙරේ ලංවීමට ප්‍රබල සාධකය ලෙස Eye Contact යන්න භාවිතා කරන බවයි. සෘජුව දෑස දෙස බලන්නන් අමාරු කාරයන් බවත්, මුහුණ නොදෙන කුලෑටියන් පහසුවෙන් හසු කරගත හැකි බවත් ඔහුගේ අදහස විය. සිත් ගැනීඹ හරහා ලෝක ඉතිහාසය තුළ කළු පැල්ලම් ඉතිරි කර ගිය කිහිප දෙනෙක් ගේ චරිත ලක්ෂන විමසා බලමු.

01.වෛද්‍ය ජෝසප් මෙංග්ලේ

ඔහු හිට්ලර්ගේ ආදරණීය සේවකයාය. ඖච්විටිස් නම් වූ ඒ වධකාරයේ ප්‍රධාන වෛද්‍ය වරයා වූයේ මෙංග්ලේය. වධකදවුරට මනුෂ්‍යයන් ඇතුලු කරගැනීමේදී මරණයට කැප කරන්නන් සහ වැඩ බිමට යොමු කරන්නන් තෝරුවේ මෙම වෛද්‍ය වරයාය. මරණයට කැප නොවී ජීවිතය බේරා ගත් එක් මාද්‍යවේදිනියක් පසු කලෙක මෙසේ පවසා තිබුණි්‍.

ඔහු හරියට ග්‍රීක ප්‍රතිමාවක් වගේ. දැක්ක ගමන් වසගයට පත්වෙනවා. ඔහු අතින් මැරුණුත් කමක් නැහැ වගේ හැගීමක් එන්නේ.. ඔහුගෙ කතාව හැසිරීම සේරම.. මගේ වයස එතකොට 16යි ..නමුත් 18ට වැඩි බව පේන්න, මගෙ අම්මා මගෙ ඔලුවට රෙද්දක් දැම්මා. අම්මලා ගියේ මරණය හොයා ගෙන.. මේ හැම සිදුවීමක්ම දැන් සිදුවෙලා ඉවරයි. ඒත් මෙංග්ලේ මතක් වෙද්දි සියුම් තිගැස්මක් ඇති වෙනවා. ඔහු ග්‍රීක ප්‍රතිමාවක් වගේ..

ජෝසප් මෙංග්ලේ මනුෂ්‍යයන් අමු අමුවේ කුරිරු වෛද්‍ය පර්යේෂන සදහා යොදා ගත් මානසික රෝගියෙක් විය. නමුත් ප්‍රාණ ඇපකාරයන් තිගැස්සීමකට බදුන් කරන කාය ලක්ෂණ ඔහු සතු විය. එම සම්පත්තීන් සහ කාය ව්‍යවච්චේදන විද්‍යාව පිළිබද ඇති ඥානය ලෝකයේ දියුණුවට යොමු කළානම්, මෙංග්ලේ තබා යන්නේ වෙනම ලකුණකි. නමුත් ඔහු අද වන විට ලෝකයේ කුරිරුම මිනිසා යන ලකුණ තබා නික්ම ගොසිනි.

02. වේළුපිල්ලෙයි ප්‍රභාකරන්

ප්‍රභාකරන් ගැන මට අමුතුවෙන් ලිය්නනට දෙයක් නැත. ඔහු අතුරු කරයේ ජනතාවගේ වීරයක් විය. ඔහුට පණ දෙන්නට තරම් අදාරය කරන පිරිසක් නිර්මාණය වූයේ නිකම් නොවේ. සිය පෞර්ෂ්‍ය මෙන්ම අනෙකාගේ සිත් ගැනීමේ කලාවද ඔහු මනාව දැන හදුනා සිටි නායකයකු විය. නමුත් ඕනැම උත්සහයක් ව්‍යාපාරයක් වූ තැන සත්‍ය අරමුණු විසුණු වී යයි. තම අනුගාමිකයන් දුක් විදිද්දී නායකයා සැප ගන්නා තැනට අවසන් මොහොත එළඹියේ එනිසාය. ඇදහීම් වල අති භයානක ඵලය වන්නේ තමා විනාස වුවද ඇදහීම විනාස කරගන්නට මනුෂ්‍යයා අපොහොසත් ළුීමයි.

03. සක්විති රණසිංහ

චන්දන පුෂ්පකුමාර සක්විති රණසිංහ වූයේ, මිනිසුන්ගේ හදවතෙහි තැන්පත් ළුීමට නාමකරණය හෙවත් පුද්ගල සන්නම කෙතෙක් දුරට බලපාතිද යන්න මනාව හදුනාගෙනය. මේ සිත් ගන්නා පුද්ගලයෝ අතිශූරයෝය. ඔවුහු කතාවට මෙන්ම ක්‍රියාවටද අති ශූරයෝ වෙති. දුෂ්කර ගමක දුගී පවුලකින් කොළමට එන චන්දන, තැනින් තැන නැවතී ඉගන ගන්නා ඉංග්‍රිසියෙන්, කොළඹ නගරයේ ප්‍රධාන ගුරුවරයකු වීමම විශ්මකර්ම වැඩකි. නමුත් ඇදහීම් සහ වන්දනාකරුවන් විසින් සිදු කරන්නේ නායකයාට නොමග යන්නට ඇති අවධානම වැඩිකිරීමයි. සමාජ බලය සහ ධනය නිසා අවසානයේ සිදු වූයේ කුමක්ද? 

මෙහෙකරුවාට හරියට කන්නට අදින්නට නොදෙන අය පවා, මොහුට කෝටි ගණන් පුදා තිබුණි. එකල ඉව වැටුණු තැනැත්තෝ මේ ගැන හෙළි දරව් කළහ. නමුත් මිනිසුන් තම වන්දනාවෙන් මුදවා ගැනීම යනු අති දුස්කර කාර්යයකි. අවස්න මොහොත එනකල්ම මල පුඩුවක හිර ළුී සිටින බව ඔවුහු වටහා නොගත්තහ.

04. මොහොමඩ් ෆර්ෂාන්

ඉහත කතා කළ තිදෙනාම සන්තක පොදු ගතිගුණ ෆර්ෂාන් සතුය. ඔහු සතු පුද්ගල ආකර්ශනය සහ වැඩ කිරීමේ දක්ෂතාවද ඒවා අතරින් කැපී පෙනේ. එමෙන්ම නියගයකදී ජල බවුසර වෙලදාම මෙන් අවශ්‍යතාවය ඇති වූ තැන ප්‍රතිරූපය සකසා ගැනීඹ ඔහුගේ දක්ෂතාව විය. ඔහු එය සිදු කළේ අති සූක්ෂම ලෙසයි.

( I ) විල්පත්තු වන සංහාරය සිදු කලේ ඔහුට පක්ෂ ඇමතිවරයෙකි. ඒ අවස්ථාවේ ඔහු අපේ සිංහලයන්ගේ එක් දුර්වලතාවක් හදුනාගත්තේය. සිංහලයා කැමති ඕනැම එකෙක් තමාට පක්ෂ වීමය.තමා වර්ණනා කිරීමය. ෆර්ෂාන් මෙතනදී සිංහලයාට පක්ෂවිය. වන සංහාරයට එරෙහි වූයේ මුස්ලිම් ජාතික ඇමතිට එරෙහි වන වීරයෙකු ලෙසයි. ඉන් මිනිසුන් ඔහුවටා එක් ළුූහ. ඔහු "බැක් ටු ග්‍රීන්" නම් අනෙකෙකුගේ ව්‍යාපෘතියක් හයි ජැක් කර, "ග්‍රීන් ඕගස්ට්" ලෙස අන්‍ය ව්‍යාපෘතියකට අත ගසන තුරුම, සියල්ලෝ ඔහුට වසග වී සිටියහ.

ෆර්ෂාන්ද සක්විති මෙන්ම හොරකු බවට මගේ නම් මුල සිටම සැකයක් තිබිණි. මන්ද හොරකු මෙන්ම තක්කඩියකු වන්නට උවමනා සමාජීය අමුද්‍රව්‍ය සිය්ලලම ඔහු මේ වන විට සපුරාගෙන තිබුණි. එන්ම් දේහපාලන බලය, පිරිස් බලය, අම්පාර වැනි දුෂ්කර ගම්වල වැසියන්ගේ ජන බලය, ඔහු එක්තැන් කරගත්තේ ඒ මිනිසුන් අපේක්ෂා කරන දේ මනස් ගත කිරීමෙනි. ඔහු සිංහලයන් අගය කරන මුස්ලිම් කොල්ලකු විය. ප්‍රතිරූපයක් ගොඩනගා ගත් පසු ස්වකීය සැබෑ ස්වරූපය තවදුරටත් වසන් කරගන්නට ෆර්ෂාන්ට නොහැකි විය. 

සක්විත් රණසිංහ විවාහ කරගත්තේ බෝඩින් අයිතිකාරියගේ දියණිය දූෂණය කර බය ගැන්වීමෙන් ඉක්බිතිය. ෆර්ෂාන්ද ස්වකීය පැවැත්මට ආධාර වීඹ සදහා අසංගි විජේසූරිය නම් සිංහල තරුණියක ආධාර යේ තබා ගනී. මේ වන විට ෆර්ෂාන් විසින් ව්‍යාජ තොරතුරු සපයා මුදල් ලබ ගත් අයගේ කෙතාරතුරු විශාල වශයෙන් අනාවරණය වෙමින් පවතී, ඔහු ඉලක්ක කොට ගන්නේ, පොලීෂි ගානේ රස්තියාදු විය නොහැකි විදේහගත පිරිස්ය.

ඔවුන්ගෙන් මුදල් ගලබාගත් විගස අන්ප්‍රෙන්ඩ් කර දමයි. ඊයේ පැමිණි තොරතුරක් අනුව, බෑග් සක්ස් කරන කන්සෙප්ට් එකද ඩුබායිහි සේවය කරන අයකුගෙන් කළ හොරකමකි. නමුත් කෙතරම් තොරතුරු අනාවරණය කළත්, තවමත් අදහන පිරිස තමා රැවටුණ බව පිලිගැනීමට සූදානම් නැත.

නියම සමාජසේවකයා යනු කවරෙක්ද?

1. ෆර්ශාන් තමන්ගේ මවටත් වඩා සමාජ සේවයට ලැදි බව කියයි. තමා සමාජ සේවකයෙක් ලෙසද හඳුන්වා ගනී. ඇත්තටම ඔහු සමාජ සේවකයෙක් නෙවේ. ඔහු සමාජ සේවයෙන් යපෙන්නෙකි. ඔහු රැකියාවක් නොකරයි. ඔහු ජිවත් වන්නේ, පිහිටක් අවැසි මිනිසුන්ට පිහිටක් වීමට දානපතියන් එවන මුදලිනි.

2. ෆර්ශාන් මීට පෙර අවස්ථාවන්හිදී මිනිස්සුන්ගෙන් ණයට ගත් මුදල් පියවා නැත. ගත් ණයක් පෙරළා ගෙවීමට හෝ ඔහුට ආර්ථික ශක්තිය නැතිය කියමින් එය ගෙවන්නට කියා තව අයකුගෙන් ඉල්ලයි. එය එසේ නම්, ඔහු කල යුත්තේ සමාජසේවා කටයුතු වල අතරමැදි භූමිකාව රඟා ෆේස්බුක් වීරයෙක් වීම නොව, තමන්ගේ ආර්ථික ප්‍රශ්න වලින් ගොඩ ඒමට, හරි හමන් රැකියාවක හෝ කිසියම් ව්‍යාපාරයක නිරතවීමය. ඉන් උපයා ගත් ණය තුරුස් පියවා දැමීමය. එයම සමාජ මෙහෙවරකි. මොකද ඔහුට ණය දුන් සියල්ලෝ කෝටිපතියෝ නොවෙති.

3. සැබෑ සමාජ සේවකයා යනු සමාජයට බරක් නොවී යමක් උපයා ගන්නා.., එමෙන්ම උපයන දෙයින් උදව් අවැසි පුද්ගලයන්ට උදව් කරනා මිනිසුන්ය. කිසිවක් හරි හම්බ නොකොට ( කිසිදු විනිවිද භාවකින් තොරව) අනුන්ගේ බඩු බෙදා හරින්නා, සමාජ සේවකයා නොව, සමාජ සේවා සම්බන්ධිකාරක වරයාය? නියම සමාජ සේවකයා දුක නිවන්නා මිස...දුක මාර්කට් කරන්නා නොවේ.

සමාජ සංවිධාන වලට මුදල් දීමේදී මහජනතාවගේ වගකීම..

01. කිසියම් සමාජ සත්කාර්යයක් සදහා සමාජ සංවිධානයකින් මුදල් එකතු ඛළ හැක්කේ සමාජ සේවා අමාත්‍යංශය යටතේ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හෝ සමාගමක් ලෙස සමාගම් පනතෙහි ලියාපදිංචි වීමෙනි. නමුත් ෆර්ෂාන් මුදල් ලබා ගන්නේ, ස්වඛීය පෞද්ගලික ගිණුම් අංකයටය. වලංගු රිසිට් පතක්, වගකිව යුතු කණ්ඩායමක් නැති කිසිම ආයතනයකට මුදල් ලබා දීම නොකළ යුතුය.

02. ඇතැම් විට මෙවන් පුද්ගලයෝ දේහපාලන සහ සමාජ බලය භාවිතා කොට සමාජයේ වගකිව යුතු පුද්ගලයෝද ස්වකීය ගොදුරක් බවට පත් කරගනිති. සක්විති රණසිංහ විසින් එඩ්වින් ආරියදාස මහතා බාවිතා කිරීම දැක්විය හැකිය. ඒ නිසා ෆර්ෂාන්ට අහවලා පක්ෂ නේදැයි සිතා තමා ගොදුරට හසු නොවිය යුතුය. වඩා හොදදේ අනුගාමිකයන් බවට පත් නොවී, තමා තමාගේ නායකයා වීමය. තමාගේ දෑසට පෙනෙන අන්‍යයාගේ දුක තමාට කෙතරම් අතපසු වෙනවාද? 

බසයට ගොඩ වී, දරුවනක් ඔක්කේ ගසාගෙන කීයක් හෝ හිගන ගැහැනියක කොම්පැණි හිගන්නෙකැයි කියා අවලාද නගා, ඇයට රැපියලක් නොදෙන අය අනන්තය. නමුත් ඒ ගැනිගේ දුක මවාගත් එකක් නොවේ. කොම්පැණියට හෝ හිගන්නේ නැති කමටය. දෑසට පෙනෙන අසරණයන් මග හැර, නොදුටු මිනිසුන් නොඅදහන්න. කිසිවකුට එබ ආධාරයක් කරනවා නම්, ඒ විපතට පත් තැනැත්තා පිලිබද ග්‍රාම සේවා වසමකින් විමසා දැන, ඔබ සෘජුව ඒ ආධාරය සිදු කරන්න. ඔබද මමද මාසයක් කන්තෝරු බඩගා උපයන සියල්ල ,ෆර්ෂාන් වැනි තක්කඩියන් එක මැසේජ් එකෙන් උපයන්නේ කෙසේද? අර කවුදෝ කමෙන්ට් කර තිබුණා මෙන් ඔහු සිත් ඇද ගැනීමේ හොරෙකි. නමුත් සිත හරහා මුදල් වංචා කිරීම අපට ඇති බරපතල ගැටළුවයි.

- වගකිවයුත්තන්ගේ අවධානය පිණිසයි...!..

 - උපේක්ෂා නුවන්ශ්‍රීනි -

10 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මමත් ඇන්දුනු හැම අවස්ථාවකම රැවටුනේ ඔවුන්ගේ කතාවට. ඔවුන් පුදුම විදිහට දන්නවා මිනිස්සුන්ව තමන්ට ඕන විදිහට හසුරුවන්න.

    මම බොහොම කැමති චරිතයක් තමයි පබ්ලෝ එසකොබාර්.

    ප්‍රබාකරන් වගේ චරිතයක්. හැබැයි මිනිහ කවදාවත් කවුරුවත් පාවල දුන්නෙ නැහැ. හැබැයි බිරිඳ දරුවන් අවසන් මොහොත වෙනතෙක් ඔහු වෙනුවෙන්ම හිටිය.

    ඔය වසගයට පත්වෙන එක වෙන්නෙ අසීමිත ගෞරවය නිසා වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට අපි බුදු හාමුදුරුවොන්ට කරන අසීමිත ගෞරවය නිසා අපි කවදාවත් අහන්න යන්නෙ නැහැනේ කොහොමද සිදුහත් කුමාරය ඉපදුන ගමන් සල්මල් උඩ ඇවිද්දේ කියල.

    ඒක නිසා ගොඩක් අවස්ථාවල දැන දැනම වලේ වැටෙන්නෙ අන්න ඔය දෙය නිසා.

    ඕකටම "ආදරය අන්දයි" කියන එක ගන්නත් පුළුවන්.

    අනිත් කරුණ යම්කිසි දෙයක් කරන්ට කලින් ඒකෙ වාසි අවාසි තමන් විසින්ම ඔළුව පාවිච්චි කරල (හදවතින් හිතන්ට කලින්) හොයල බලන එක.

    ඕකට රැවටෙන ගොඩක් අයට ඇති රෝගයක් වන්නේ මහන්සියෙන් හම්බු කලදේ ඉක්මනට ඩබල් කරගැනීමට ඇති කෑදර කමයි.

    මගේ තියරියට අනුව මම ණය ගන්නෙත් නැහැ දෙන්නෙත් නැහැ.

    ගොඩක් අය මට ගැම්බ්ලින් වලට කථා කරල තිබුනත් මම සිනා මුසු මුහුණින් එය ප්‍රතික්ෂේප කරන්නේ "නිකං මට සල්ලි හම්බෙනවට මම කැමති නැහැ" යන මගේ පැහැදිලි අදහස ඉදිරිපත් කිරීමෙන්.

    forex යන දෙයක් මට පැහැදිලි කිරීමට මට ඉදිරිපත් මු මිතුරෙකුට මම කීවේ "මම ඉක්මනින් පොහොසත් වීමට අකමැති බවයි".

    මාස ගණනකට පසු මුළු පවුල දරුවන් සමග ඔහු මහමගට වැටුණු පුවත අසා මම ඔහුගෙන් ඇසු විට ඔහු කීවේ, පවුම් දහස් ගණනින් forex මගින් ලාබ ඉපැයියුවත් දවසක් 30% ට්‍රේඩින් එකකට ගොස් කෑදර කමට සිය බිරිඳගේ මුදලුත් සමග 100% කිරීමෙන් සියල්ලම නැතිවූ බවය.

    ලෝකයේ ඩොනේෂන් චැරිටි කියන්නෙ මල්ටි මිලියන් බිස්නස් එකක්. 99% සාක්කුවලට ගොස් අසරණයට සත පහක් ලැබෙන්නෙ නැත.

    ලංකාවේ සුනාමිය, එයට හොඳම උදාහරණයයි.

    මම කුඩා කල සිගරට් බී පියාට අසුවුන දවසක කිසිම ගුටියක් නොදී එක ඔවදනක් දුන්නාය. එයනම් "බොට කන්න බොන්න අවශ්‍ය කරන ඕනෑම දෙයකට මගේ සල්ලි වියදං කරපං. ඒත් බොට අරක්කු සිගරට් බොන්න ඕනනම් ඒවාට උබ උබම හම්බ කරල වියදං කරපං. එතකොට මම මොනවත් කියන්නේ නැහැ" කියල.

    එතැන බොහොම වැදගත් දෙයක් කියවිල තියෙනව.

    අද උනත් එන පොට හොඳනැති වෙනකොට ශේප් එකේ මාරු වෙන්න තරම් ඉවක් තියෙන්නෙ ඒක නිසයි.

    හොඳට ඇඳිලා තියෙනව. හැබැයි ගොඩාක් කාලයකට කලින්.

    ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඉතාම හොද වටිනා උත්තරයක්!! ජය ! සතුට සමග සුබ නව වසරක්!!!

      Delete
  3. මට නම් දෙන්න ඕන තරම් උන් ඉන්න නිසා... මේ වගේ දේවල් වලට කිසි දාක සතයක් දෙන්නේ නෑ..

    චැරිටි කියන ඒවා අඬබෙර ගහලා කොරන්න ඕන දේ නෙමෙයි.. මට නම් ඒවා පේන්නේ පඩ ෂෝ විදියට...

    ReplyDelete
    Replies
    1. ඉසුරු මල්ලි කියපු කතාවක් මට මතක් වෙනවා. බං අක්කෙ ඒනැම මිනිහෙක් කෙනෙක්ගෙ දුකට පුං ගහන්නෙ නෑ පුකේ ඹී වදයක් බැදල නැත්නම්..ඕ යැස්

      Delete
  4. /////ඕනම මනුස්සයෙක් ඕනවට වඩා සුදු චරිතයක් නම්, ඒ සුදු බව බොහෝ විට ව්‍යාජයක් වීමට තියෙන ඉඩකඩ වැඩියි.///////

    මේ කමෙන්ට් එක හරි ශෝක්. මේක ඇතුලේ ගොඩක් දේවල් කියවෙනවා. මේ ඇත්ත තේරුම් ගන්න පුලුවන් නම් මරු. කළු චරිත ගැනත් ඔය විදිහටම තමයි හිතන්න ඕන. මේ යතාර්තය විඳින්න ඕන. තියරි බොරු කියලා හිතෙනවා බජාර් එකේ ඉන්න කොට.

    අරවින්ද.....මෙහෙම මිනිස්සු කතා කරන්න ඕන. මේවා ලේබල් නැති ටෝක්ස්. මම මේ ලේබ්ල්ස් නැති ටෝක්ස්වලට ආසයි. හොඳ පෝස්ට් එකක හොඳ කමෙන්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. අනිවා මේ වෙද්දි අපි ෆර්ෂාන් ගැන ඔප්පු කරල ඉවරයි.මගෙ වෝල් එකේ සංවාදය තියෙනවා. මිනිහා පච වෙලා යන්න ගියා.. ඇදීමට වඩා නරක නැවත නැවත ඇදීමයි.

      Delete
  5. මම සාමාන්‍යයෙන් කිසිවෙක් හරහා කෙනෙකුට උදව් කරන්නේ නැහැ. ෆර්ෂාන් මගේ ෆේස්බුක් මිතුරෙක් උනේ මීට අවුරුදු දෙකකට කලින්..ඒ මගේ සමීප මිත්‍රයෙක්ගේ මරණය සම්බන්ධ පෝස්ට් එකක් නිසා... මිනිහා කළුද සුදු ද කියන්න තාම මට බැහැ..හැබැයි ඔබ කියපු ප්‍රකාශ ඔක්කොම ඉතා තාර්කිකයි...වෙන්න බැරි නැහැ..

    ReplyDelete
    Replies
    1. ෆර්ෂාන් ගේනවලාම චෝදනා ඔප්පු කලා මේ වෙද්දි..මේ සිය්ලල සත්‍ය්‍ය..

      Delete
    2. එච්චර දෙයක් කිරීම තරං ශක්තියක් තිබීම ආඩම්බරයක්. සමාජයේ කවුරුවත් හොරෙකුට හොරෙක් කියන්න තරමටවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. 👍🏽

      Delete