හැම යුගයකම ජීවත් වෙච්ච මිනිස්සු රාත්‍රී කාලය ගෙවන්න විවිධ ක්‍රම
පාවිච්චි කළා. රාත්‍රිය කියන්නේ වෙහෙසකාරී ජීවන පෙවෙතින් අත්මිදිලා, පවුලේ අය
එක්ක ගෙවන්න තියෙන කාලය. ඓහෙමත් නැත්නම්, පෙම්වතියන් හොයාගෙන හොරාට ගෙවල්
පිලිකණු පැත්තෙන් ඇදෙන්න තිබිච්ච වෙලාව. හැබැයි මේ කොයි අරුතින් ගත්තත්m
රාත්‍රිය තුළ සෞන්දර්යයක් තියෙනවා. අතීතයෙ ගැමි ජීවන රටාව ඇතුළෙ මනුෂ්‍ය
සම්බන්ධතා අදට වඩා තදානුබද්ධයි. එක මොහොතක් හරි විස්තාරිකයි . තාක්ෂණය
අතින් නොදියුණු ඒ වගේ යුගයක, ගමේ කෝපි කඩයට එකතු වෙන මිනිස්සු, දාං ඇදීම වගේ
ක්‍රීඩාවන් වල නිරතවුණා විතරක් නොවෙයි, ඒ අතරතුර උණු කෝපි කෝප්පයක් පානය
කරමින් විවිධ රස කතා කීමෙහි සමතුන් ද වුණා.
මාර්ටින් වික්‍රමසිංහගෙ බේගල්
කෙටි කතාවෙ "බේගල්", අන්න ඒ වගේ චරිතයක්.රාත්‍රී ආහාරය සූදානම් වෙනකල්
මිනිස්සු කිසියම් සාහිත්‍යයක් නිර්මණය කළා. ඒවා එදිනෙදා ඕපාදූපම නෙමේ.
කිසියම් මායාකාරී ගතියක් තිබිච්ච ප්‍රබන්ධ. මොකද ලේඛණ හැකියාව නැතත්,
ප්‍රබන්ධ හැකියාව තිබුනු අපූර්ව ගැමියන් අතීතයේ අනන්ත හිටියා. ඔවුන්ගෙ සමාජ
සහ පාරිසරික අවබෝධය ඒ නිර්මාණ වල සාරයට හේතුවක් වෙන්න ඇති.
ගැමි
කතා, ජනකතා වගේ දේවල් බිහිවුණේ අන්න ඒ වගේ අවස්ථාවලදී. ගැමියා හොද පරිසර
විදින්නෙක් නේ. ඔහුට අහස බලලා ඉතා නිවැරදිව වෙලාව කියන්න පවා පුලුවන් කමක්
තිබුණා. ඔවුන්ගෙ ජීවිත ඇතුළෙ වේදනාවන්, අහිමිවීම් සහ ඉතා බරපතල ඛේදවාචක තිබුණා. ඒ
කාලෙ ජීවනෝපාය මාර්ග තරමක් කටුකයි. කරත්ත එක්ක ඔට්ටු වෙන එක, පොළව කොටන එක..
ඉතින් මේ ශරීර පීඩාවන් විඩාවන් ඔවුන් නිවා ගත්තෙ, කතන්දර ආශ්‍රයෙන්.. ඒ
වගේම තවත් පිරිසක් හිටියා රාත්‍රී කාලයේ ගෙදර නොඉන්න.. ඒ අය ඉන්නෙ හේනෙ..
පැල් රකිමින් ..තමන්ගෙ ආදරවන්තිය, බිරිඳ එක්ක තනිවෙන්න තියෙන කාලපයෙ ඔවුන්ට
සිද්ධ වෙන්නෙ වල් උ්රො , නපුරු අලි ඇත්තු එනකල් බලන් ඉන්න. නමුත් මේ කාලය
තුළ ඔවුන් උත්සහ කළා ජීවිතය කලාව ඇතුළෙ සාරංශ ගත කරන්න.
පිලේ පැදුර හේනට අරගෙන එනවා
එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා
රටා වියපු අත් දෙක මට සිහි වෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා
මේක ජනකවියක් නොවුණත්, ජන ජීවිතය පිළිබඳ විවරණයක්. සාමාන්‍යයෙන් දකුණු
පළාතෙ පිල හෙවත් බිතක්කන කියන්නෙ වෙනම අංගයක්. මාර්ටින් වික්‍රමසිංහගෙ
වහල්ලු කෙටිකතාවෙ උපාරිස් ඉන්න පිල වෙනම එකක්. ඒ පිල පිහිටන්නෙ ගේ
පිටතින්..නමුත් මේ කියන පිල වෙන එකක්. ඉස්සර ගෙවල්වලට කාමර තිබුණෙ නැහැ.
විශාල හිස් අවකාශ තිබුණෙ. නමුත් ගේ ඇතුළට වෙන්න කොටු කරල හදන කොටසට කීවෙ,
පිල කියලා.
පිල වර්තමානයෙ කාමරයකට සමානයි ඒ පිල තිබුණෙ ගේ ඇතුළෙ. මේ පිලේ
ඉන්නෙ විවාහ වෙච්ච යුවළයි. මේ කවියෙ විශේෂත්වය වන්නෙ, පැලට ඔහු ගෙනියන්නෙ
'පිලේ පැදුර වීමයි. එය නිකම්ම නිකම් පැදුරක් නොවෙයි. තමන්ගෙ බිරිද මිය
ගියත් ඇගේ උණුස්මත් එක්ක හදවතින් ගුලිවෙලා ඔහු ඒ අන්තරාය සහ අන්ධකාරය
පිරුනු රාත්‍රිය පහන් කරනවා.
නුඹේ ගෙලට මල් මාලා ගොතන්නට
මදුමල් පිපෙනවා හේනේ වැට දිගට
නුඹේ කටින් කී සීපද අහන්නට
තවමත් ගිරව් එනවා පෙර පුරුද්දට
මදු කියන්නේ වල් පැළැටියක්. ඒක වැලක් වගේ වැඩිලා සීග්‍රයෙන් ප්‍රදේශයක්
පුරා පැතිර යනවා. සාමාන්‍යයෙන් හේන් වලට පොහොර වෙන්න මේ මදුවල් නෙලලා පස්වලට
එකතු කරනවා. නමුත් මේ හේනේ වැට දිගට සීඝ්‍රයෙන් වල් පැළෑටියක් පැතිරිලා
විතරක් නෙමෙයි, මලුත් පිපිලා. ඒ හේන වල්බිහි වෙන්න නොදී රැකගත්තු ස්ත්‍රිය
අද නැති හින්දයි. බැලූ බැල්මට මදු මලේ සෞන්දර්යය ග්‍රහණය වුනාට, වක්‍ර
කතිකාවෙන් කියවෙන්නේ, තමාට ආදරය කළ ස්ත්‍රිය ගේ වියෝව නිසා හටගත්
සෝපාදිසේසය හෙවත් හිතේ පැසවන දුක.
ඔය කවිය පද්‍යකාව්‍ය නිර්මාණයක් නේ.
නමුත් ජන කවිය කියන්නේ' ක්ෂනයෙන් හිතට එන සිතුවිලි. අතථී ගැමියා ගැටුම්
කළමණාකරණය කරගත්තේ අවස්ථාවන් පාලනය කර ගත්තේ කවියෙන්.. ඒ නිසා ජීවිතේ දුෂ්කර
අවස්ථා සෞන්දර්යාත්මක වුණා මිස, අද වගේ සමථ මණ්ඩළ ඕන වුණේ නැහැ.
කැළැ පාරකින් ගමනක් යන තරුණයකුට, නපුරු සත්තු අදුරු ගස් වැල් විතරක් නෙමෙයි,
බොහොම සුන්දර දේවලුත් ඉද හිටලා ඇස ගැටෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට
කැළැවක් මැද්දෙන් ගමනක් යන තරුණයෙක් දැක්කා බොහොම සුන්දර තරුණියක් ගගේ දිය
නාමින් ඉන්නවා. තරුණයා විවාපත් කෙනෙක් කියල හිතෙන්නෙ ඔහුට විවාහ
අවශ්‍යතාවයක් නැතිව අනියම් ඇසුරක ආශාව උපදින නිසා ..ඔහු අද කාලෙ වගේ විසිල්
ගහන්න යන්නෙ නැහැ..සෘජුව තමන්ගෙ අදහස මෙන්න මෙහෙම තරුණියට කියනවා.
සපුනා ගගේ ගග දෙපසේ බුරුත නැමී
පැංචාවියක් දියකෙළිනා හැටි දුටිමී
පිපුණු මලක් නම් තලලා මිස නොයමි
කැකුළු මල නිසා නොතලා යන්ට යමී
තරුණියගෙන් ලැබුනේ ගල් පහරක් නෙවේ. ඇගේ ජීවන සාහිත්‍යය බොහොම පොහොසත්. ඇය
තරුණියක් මිස විවාහ වූ ගැහැණියක් නොවන බවත්, ඇය විවාහ වී සිටියා නම් අනියම්
පෙමකට අවසර නැති බවත්, ස්ථිර ස්වාමියෙකු පතන බවත්, මෙන්න මේ විදිහට කියනවා.
ගැටලුව විසදෙන්නෙ හරි සරලව..
වනන්තරේ දිය නැත ගස් මුල් වලට
නිරන්තරේ දුකමයි දැනුනේ අපට
පිපුණු මලක් නම් නොදෙනෙමි තලන්නට
කැකුළු මල නිසා තලපන් පිපෙන්නට
කාලයත් එක්ක සමාජය වගේම සංස්කෘතියක් පරිණාමය වෙනවා. මිනිස්සුන්ගෙ ජීවනෝපාය
මාර්ග ස්වභාවික පරිසරයෙන් ගැටෙන එක වෙනස් වෙලා යාන්ත්‍රික වුණාම ජීවිතය
විදින්න වෙනත් මාධ්‍යය අවශ්‍ය වෙනවා. සාහිත්‍ය්‍ය භාෂාව කළාව පවා කෙමෙන්
ඈත් වෙනවා. ඔන්න ඔය විදිහට ආපු මාධ්‍යයක් තමයි ගුවන්විදුළිය. ඉස්සර ගමකට
ගුවන් විදුලි යන්ත්‍රයක් කියන්නේ විශාල වත්කමක්. යමක් කමක් තියෙන ගේක තමයි ගුවන්
විදුලි යන්ත්‍රයක් තිබුනේ.
අර මං කලින් කිවුව කෝපි කඩේ වෙගේ තැන්වල
අනිවාර්යයෙන්ම රේඩියෝවක් හෙවත් වෑර්ලස් එකක් තිබුණා..මිනිස්සු රටේ උණුස්ම්
දේවල් වගේම බණ අහන්න, ගී අහන්න, පුරුදු වුණේ ගුවන්විදුලිය හරහා. ඉස්සර
ගුවන්විදුලි නිවේදකයන් විදිහට ගන්නෙ හොදට සිංහල කතාකරන්න පුලුවන් හොද
දැනුමක් තියෙන උදවිය. අද නම් ගොඩක් අය සිංහල නුහුරට උච්චාරණය කරනවා
ඇහෙනවා..
ඉතින් මෙන්න මේ ගුවන් විදුලිය සම්බන්ධ එක් රසකතා දෙකක් මතක්
වුණා. මේක මට කීවෙ ගුවන් විදුලියෙම මහත්තයෙක්.වෙළඳ සේවයට සම්බන්ධ එක්තරා
නිවේදකයෙක් හිටියලු හරි කලබල. ඉස්සර අද වගේ නෙමෙයි. ගීතය වාදනය කරන්නෙ
ගායකයගෙ, සංගීතඥයගෙ සහ පද රචකයගෙ නම කියලා. ඔය තුනම නැතත්, අඩුම වශයෙන්
ගායකයගෙ නම නම් අනිවාර්යයෙන්ම කියනවා..
ඔය ගීත තැටි ලොකු රොටි සයිස්
එවුවනේ. දවසක් ගීත වැඩ සටහනකදී මේ කලබල නිවේදකයා ගීතයක් වාදනය වෙන්න
දැම්මලු. දැන් ගීතය වාදනය වෙනවාලු. ගීතය තමයි ඊ.ආර්.එම් ඊබ්‍රාහිම්ගෙ
"සෑසි පියා" කියන ගීතය. සිංදුව අන්තරා කොටස වාදනය වුණාමලු ඹෑන්ට මතක් වුණේ
ගායකයගෙ නම නොකියපු බව. ඉතින් මිනිහා තැටි වාදන යන්ත්‍රයට එබිලා, තැටියෙ
ලේබලයෙන් බලනවලු ගායකයගෙ නම. ඕං අමාරුවෙන් නම බලාගත්තු මෑන්ස්, අසන්නන්ට
කණගාටුව ප්‍රකාශ කරලා, ගීතය වාදනය වුණාට පසු කියනවලු මෙන්න මෙහෙම. ඒ ගීතය
ගායනය කළේ ගායක සෑසි පියා.
ඉතින් අද කාලේ වගේ නිවේදකයෙක්ට ඒ නම දෙයක්
කියන්න ඉස්සර බැහැ. ඕක අහපු ගමන් ප්‍රධාන පාලක මැදිරියෙන් නිවේදකයට දොස්
වැස්සක් ආවලු .නිවැරදි කරන්නය කියලා.. නැත්නම් ඒ කාලේ ලොකු මුදලක් දඩ
ගැහුවා ..ඉතින් ආයෙම සමාව අරන් ගායකයා ඉබ්‍රාහිම් බව කියලා.
ඔය
සමහර පුරුදු කියන දේවල් හදන්න හරි අමාරුයි. ඒකනේ හදන්න කෙනෙක් නෙමේ
හැදිච්ච කෙනෙක් ගනින් කියන්නේ, කසාදෙට වුණත්. එවුවායෙ හැටි එහෙම තමයි.. මේ
නිවේදක මහත්තයා වැඩ සටහනක් කලොත් දඩයක් වදිනවාමයි. ආයේ දවසක් ඔය වැඩසටහනෙම
මිනිහා ජික්කී විසින් ගායනා කරන පහත් තැනින් යයි ගලා ජලේ කියන ගීතය වාදනය
වෙන්න දැම්මා.. මිනිහා ඒක නිවේදනය කළේ මෙන්න මෙහෙම.. මී ළගට ජික්කිගේ පහත්
තැනින් යයි ගලා ජලේ. එදත් දඩගැහුව කියල තමයි ආරංචිය.
කෝක වෙතත් මානව
සන්නිවේදනය කියන්නෙ සුන්දර දෙයක්..රටා සමුදායක්..භාෂාව , ආදරය, ජීවිතය ,
සංස්කෘතිය මේ හැම දේකම රටාවක් තියෙනවා. ඒ රටාව බිදුනම පවතින එකේ කිසියම්
අර්බුධයක් නැතිවා නෙමෙයි. නමුත් ඒ බිදීම ඇතුලෙත් කිසියම් රටාවක් අපට දකින්න
පුලුවන්.සත්‍ය වශයෙන්ම ලෝකයේ පැවැත්ම තීරණය කරන සාධකය තමයි රිද්මය.. රිද්මය, රටාව සහ
පැවැත්ම කියන්නෙ එකිනෙක හා අත්‍යන්තව බැදුණු තදාත්මීය සාධක තුනක්..
http://maathalan.blogspot.com/2013/05/18-road-roller-18.html
ReplyDeleteඑක දවසක් ඇම් ඇස් ගේ "මලකින් බේරේන පැණි බිංදූ...." කියන රැකෝඩ් එක වාදනය වෙද්දි..
Delete"මලකින් බේ.... මලකින් බේ.... කියලා එක තැන වාදනය උනාලූ..
පස්සේ නිවේදකයා සමාව අරගෙන තියෙනවා..
එම ගීතය ප්‍රතිවාදනයෙන් සිඳු වූ ප්‍රමාද දෝශය ගැන අපේ බලවත් කනගාටුවෙයි කියලා හිටන්...
අර උන්දැමද දන්නැ..
ReplyDeleteඅතීතයේ මිනිස් සන්නිවේදනයන්ගෙන් කලාව පෝෂණය වුනත් දැන් ඒ තත්වය තියෙනවාද කියන එක ගැටළුවක්.
ReplyDeleteඋපේක්ෂා ස්තූතියි ලිපියට.
ජයවේවා!!!
යොදා විරිය දහවල වෙහෙසුණු මිනිසා
Deleteඑදා කවියකින් නැතිකර ගති වෙහෙසා
බදා මිනිස්කම රැව්දුනි හැම නිවසා
මෙදා එගුණ ඈත ගිහින් දොරද වසා......
ජයවේවා!!!
ඔබට ස්තුතියි .. ඔබ වැනි රසවතුන් වාසනාවන් නමුත් සමහර මානසික ලෙඩුන් ඉන්නවා අවුල් සහගතව කමෙන්ට් කරමින් අනුන්ගෙ කොන්ත්‍රාත්තු ඉටුකරන..නපුංසකයින්.. මම ැදකලාවත් නැති මිනිසුන්.. ඒ අය අතර ඔබ වැන් මිනිසුන් ගරු කරනවා..
DeleteThis comment has been removed by a blog administrator.
Delete//පිපුණු මලක් නම් නොදෙනෙමි තලන්නට
ReplyDeleteකැකුළු මල නිසා තලපන් පිපෙන්නට //
හ්ම්ම්. මට නම් හිතෙන්නෙ, මේක , බාලාපධාරයකට ආරාධනාවක් වගේ කියලයි . අද කාලෙ සමාජ සම්මත/ නීතී -රීති අනුව බලල මෙව්වා වල හරි-වැරදි කියන එක සාධාරණ නැති නිසා, මේ විවේචනයක් නොවේ.
අදට නීත්‍යානුකූල නැති එත් මැතක් වෙනතෙක් උඩරට සම්ප්‍රදායක් වූ එකගෙයිකෑම තවත් උදාහරණයක්.
එකගෙයිකෑම - Buddhika Sandaruwan Hettiarachchi
පිලේ පැදුර සිංදුවෙ මෙන්න මෙහෙම තියනවා:
ගැලූ කඳුලු මූදට එක් වුනාදෝ
ළමා-ලපටි නෑනා කොහෙ ගියාදෝ
කියල. ඔය ගම්වල, "පිටගම්" ගිය නෑනල ගැන කියල විලාප තියන මස්සිනාලා බොහොම සුලභ දර්ශණයක්.
සමස්තයක් වශයෙන් බොහොම සුන්දර ලියවිල්ලක්. ස්තූතියි
ස්තුතියි ඔබටත්..
Deleteබොල් වී අහුරු වෙල් හුළගේ ගිය......
Deleteරෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ....
ලස්සන , අරුත්බර ලිපියක්
ReplyDeleteස්තුතියි
Deleteඋපේක්ෂා, මේ ඔබ ගැන නෙමේ මම ලියලා යන්නේ.. මගෙ හිතට ආපු දේ ...
ReplyDeleteඅපේ ලංකාවේ සමාජයේ තියන ලොකුම ප්‍රශ්නයක් තමයි එකිනෙකාව නොරුස්සන ගතිය.. එයට හොඳම විසඳුම එකිනෙකාව සැක කිරිම වත් එකිනෙකාට අපහාස උපහාස කිරිමවත් පලිගැනීම වත් නොව මිනිසා සහ ස්වාභාවධර්මය ගැන තම තමන් ඉගෙන ගැනීම. තම තමන්ගේ හිත් නිවා ගැනීම.. ලෝකය දිහා උපේක්ෂාවෙන් බලන්න ඉගෙන ගැනීම... කිසිවෙකු වැරදි නැති බව වටහා ගැනීම...අඩුපාඩුව තියෙන්නේ තමන් ලඟ මිස අනිත් අය ලඟ නොවන බව වටහාගැනීමෙන් මේ සෘනාත්මක දේ අතුරුදහන් කල හැකි බව කවදා තේරුන් ගනීද මන්දා ලංකාවේ සමාජය.. ඔබ සැමට කල හැකි එක දෙයක් නම් ඒ වගේ සෘනාත්මක දේ වපුරන අයව ප්‍රතික්ශේප කිරීම..ධනාත්මක වි තම අපුපාඩු තේරුන් ගෙන හදා ගන්නා තුරු...
උපේක්ෂා, මේ ටික ඔබට... මේ ලෝකේ සෑම දේම දිනා ගැනීම කියන්නේ එක්තරා කලාවක්.. වැය කරන්න ඔබේ කාලය ඒ කලාව ප්‍රගුණ කරන්න.. අඩු කරන්න ඔබේ කාලය කිසි කෙනෙකුට අපහාස උපහාස කරන..
DeleteAda mama me document eka prayojanayata gatta , word ekak hoyagatta , sthuthi....!!
ReplyDelete