ගෙදර යාමට පරක්කු වූ එළවුළු මල්ල සහ මේසය මත ලතැවෙන දොඩම් ගෙඩි දෙක
- PINCH POINT බ්ලොග් අඩවියෙනි -
ට්ක්රාස් ගා ගෙන
වීල් එක ඉගිලුනේ දුම් දා ගෙන
මුඩුක්කු අයිනෙන්
ගලයිද මොන ගංගා
කුණු ඇලක් මිස
ගොර ගොර ගා
මොන සාරි ගප්පිද
ඉස්ගෙඩි මිස
කකුල් එනකං ලතැවෙන
දොර පියන ඇරෙන්නේ
ක්රීස් ගාගෙන
ඇතුළට
වොට් හතළිහේ බලුබ් එකක්
විරිතන්නේ
එල්ලී වයර් එකක
කළුවරට
ලෑම්ප් ශේඩ් මොකටෑ
මේ වගේ තැන් වලට
ඇඳි සළු උනන්නේ
ඈ
පිටිපස්ස හැරිලා
හරියට
ලැජ්ජාව රකින්නැහේ
ඩිංගිත්තකට
ආපු එකා
සිලි මල්ල තියන්නේ
ඇඳ ලඟම
කරල් දෙකෙයි මුරුංගා
තක්කාලි ගෙඩියෙයි
වැටකොළු දෙසිය පනහෙයි
වැඩි පරිස්සමට
මේසේ උඩ
දිලිසෙන්නේ
දොඩම් ගෙඩි දෙකක්
ගෙඩියක්
පැපොල්
බලෙන් වගේ ඉදවුණු
අත ගාන්නේ ආසාවට
පොඩි එකීත්
කන්න ආසයි
දොඩම් නම්
"තැලෙයි .. පරිස්සමෙන් "
ගත්තේ
ඉස්පිරිතාලේට ගෙනියන්න හෙට
ටිකක් අමාරුයි එයාට
යන්න නම් උදේ
ලෙඩ්ඩු බලන වෙලාවට
අල්ලන්න ඕනේ
පහමාරේ බස් එක
ඉක්මන් කරමු ද
ඉතින් ....
අද මගේ හිත රිදී තිබිණ. ඊට නිශ්චිත හේතුවක් මටම නොපෙණින. වේදනාබර හදවත
මතකයන් මත දිගාකරගෙන මම නිසොල්මනේ මොහොතක් ගෙවා දැම්මෙමි. එකෙණෙහි සවස්
කාලයෙහි නගර මධ්‍යෙයහි වූ සිදුවීමක් එක්වරම මගේ මතකයට නැගුනේය. යාචක
ස්ත්‍රියකැයි සිතිය හැකි දුර්වර්ණ දෑසක් ද දූලි වැකුණු සිරුක්ද හිමි තරුණ
ස්ත්‍රියක් සිය බිළිදාද වඩාගෙන කතාකරන්නට බැරි සැමියාද සමග එකතුව කුඩා
වෙළදාමක් අරඹා තිබුණේය. සැබැවින්ම ඒ මොහොතේ ඔවුන් සිටියේ සන්තෝෂයෙනි. ඉන්
මටද මහත් සන්තෝෂයක් ඇතිවිය. එබැවින් ඒ දසුන වඩාත් හොදින් පෙනෙන දුම්රිය
වේදිකාවේ බංකුවක වාඩි වූ මම ඔවුන් තිදෙනා දෙස නිදහසේ බලා සිටියෙමි.
පාට
පාට කොණ්ඩ කටු, ඉටි කොළ වලින් සකස් කළ පිම්බුණු කුරුල්ලෝ, සිතියම් කොළ මගී
පාලම දෙපස එල්ලා තිබුණේය. ගැහැණිය සිය බිළිදාගේ බරද උසුලමින් මුත් සැහැල්ලු
සිනාවක් පා මගීන්ට විසිතුරු භාණ්ඩ පෑවාය. දහසක් දෙනා හැම මොහොතකම එතැන
පසුකර ගියහ. ඇතැමෙක් ඒ භාණ්ඩ මිලදී ගත්හ. තවකෙකු ඒවා නරඹා තුටුවූහ. ඒ
අතරින් එක් පිරිමියෙක් ඒ කාන්තාවට අකුරු දෙකේ සිම්බලයෙන් දමාගසන තෙක්ම නගරය
වඩාත් නිශ්චලව පැවතිණි. ස්වකීය බිරිදට කළ අවමානය දරා ගත නොහැකි වූ ගොලු
මිනිසාගේ දෙනෙතින් කඳුලු ගුලි පැන්නේය. ඔහු ගොත බසින් අර මහත්තයා යයි සිතා
ගත් පහත් ගණයේ මිනිසාට පොලු කෑල්ලක් වනමින් පසුපස ලුහුබැද ගියේය.
තමාට
මිනිසකු විසින් දුන් අවර ගණයේ අර්ථකතනයට වීථියේ ගැහැනිය ඉතාම කෙටි නමුත්
ඉතාමත්ම හොද පැහැදිලි කිරීමක් කළාය. සත්‍ය වශයෙන්ම ඒ අවස්ථාවට ගැලපෙනම
පිළිතුර වූයේ ද එයයි. කෙසේ වුවත් ඒ සිදුවීමෙන් මම මහත් සේ කැළඹුනෙමි. හේතු
විරහිතවම මගේ හදවතෙහි මහත් දුකක් හටගත්තේය. ඒ වේදනාව හවස් වරුව පුරාම
හදවතේ තැනින් තැන කැරකී ඉනික්බිති මුලු හිත පුරාම පැතිරුණේය. සන්ධ්‍යාවේ
රක්ත වර්ණ ආකාශය දෙස නුවුමනාවෙන් බැලූ මම මුලුමනින්ම නිර්වස්ත්‍ර වායුමය
අවකාශය දෙස නිසොල්මනේ බලාසිටියෙමි. මද වේලාවක් ගෙවී ගියේය.
ඈත අහසේ
එකින් එක තාරුකා පායා එන්නට විය. තාරුකා ස්වරූපයෙන්ම චන්ද්‍රිකා හුවමාරු
යන්ත්‍රද කඩිනමින් වලාකුලු පසුකර ඇවිද යනු පෙණිනි. මෑතක සිට පොත් රාක්කයේ
ආඩම්බරයෙන් වැජඹෙන පන්සිය පනස් ජාතක පොත් වහන්සේගේ දුඹුරුපාට වාටිය කඩාගෙන
කන්නට පැමිණෙන මීයා එන තුරු මම නිහඩව සිටියෙමි. පොතට හානියක් සිද්ධ වුවද ඒ
කරස් කරස් ශබ්දයෙන්වත් මේ නිහඩතාව බිදී යනු මැනවැයි මම හිත හදාගෙන
සිටියෙමි. යළිත් වරක් වේදනාව දෑසට ගලා එන්නට විය.
දොර පියන ඇරෙන්නේ
ක්රීස් ගාගෙන
ඇතුළට
වොට් හතළිහේ බලුබ් එකක්
විරිතන්නේ
එල්ලී වයර් එකක
කළුවරට
ලෑම්ප් ශේඩ් මොකටෑ
මේ වගේ තැන් වලට
ක්රීස් ගාගෙන
ඇතුළට
වොට් හතළිහේ බලුබ් එකක්
විරිතන්නේ
එල්ලී වයර් එකක
කළුවරට
ලෑම්ප් ශේඩ් මොකටෑ
මේ වගේ තැන් වලට
ඇඳි සළු උනන්නේ
ඈ
පිටිපස්ස හැරිලා
හරියට
ලැජ්ජාව රකින්නැහේ
ඩිංගිත්තකට ...
ඈ
පිටිපස්ස හැරිලා
හරියට
ලැජ්ජාව රකින්නැහේ
ඩිංගිත්තකට ...
අඳුරට පෙම්කරන මිනිසුන්ට ආලෝකය අවශ්‍ය වන්නේ සංස්කෘතික වහන්තරාව උනා
මොහොතකට සැනසෙන්නට පමණි. ගැහැනියක විසින් සිය ස්වාමියා ද දරුවන්ද උදෙසා
සෙනෙහෙසින් එකතු කළ රන් භාණ්ඩ වලින් පටන් ගන්නා අහිමි කර ගැනීම අවසානයේ
නතරවන්නේ ආත්මය අහිමි කරගැනීමෙනි. නාදුනන මිනිසාට පිටු පා සළු උනන ඇයගේ
සිතෙහි පවතින වික්ෂිප්ත භාවයත් හදවත හා නොපෑහෙන මේ ශරීර ගණුදෙනුව කෙරේ ඇති
ජුපුස්සාවත් කාව්‍යෙයන් මැනවින් නිරූපණය වේ.
කවියාට ද කිසිවක් රැකගන්නට
වුවමනාවක් ඇති බවක් නොපෙනේ. ඔහු මුරණ්ඩුය . හිතුවක්කාරය.ඔහුගේ භාෂාවත් , පද
සංඝටනයත් ජීවන පරිචයත් යන ත්‍රිත්වයම පුදුමාකාර ව අනුභූතියෙහි ගැඹුර සමග
සුසංයෝජනය වේ.
ආපු එකා
සිලි මල්ල තියන්නේ
ඇඳ ලඟම
කරල් දෙකෙයි මුරුංගා
තක්කාලි ගෙඩියෙයි
වැටකොළු දෙසිය පනහෙයි
වැඩි පරිස්සමට
සිලි මල්ල තියන්නේ
ඇඳ ලඟම
කරල් දෙකෙයි මුරුංගා
තක්කාලි ගෙඩියෙයි
වැටකොළු දෙසිය පනහෙයි
වැඩි පරිස්සමට
මේසේ උඩ
දිලිසෙන්නේ
දොඩම් ගෙඩි දෙකක්
ගෙඩියක්
පැපොල්
බලෙන් වගේ ඉදවුණු
අත ගාන්නේ ආසාවට
පොඩි එකීත්
කන්න ආසයි
දොඩම් නම්..
දිලිසෙන්නේ
දොඩම් ගෙඩි දෙකක්
ගෙඩියක්
පැපොල්
බලෙන් වගේ ඉදවුණු
අත ගාන්නේ ආසාවට
පොඩි එකීත්
කන්න ආසයි
දොඩම් නම්..
මට චන්ද්‍රාවතී සමග රාත්‍රියක් නමැති වේදිකා නාට්‍යය සිහිපත් විය.
කුටුම්භය නමැති පවුර දෙදරවාගෙන මිනිසුන් අන් ගැහැනුන් පතන්නේ ධන සම්පත්තිය
දරා ගන්නට බැරි නිසාද? මේ ගණුදෙණු කරුවාගේ සිලි මල්ලෙහි තියෙන්නේ ලාබ එළවලු
තුනකි. පොඩි එකාට ගෙනයන්නට පළතුරක් ගන්නට මුදල් නොතිබෙන්නට ඇත. ඒත් ස්වකීය
අවශ්‍යතාව සදහා සුලු ආයෝජනයක් කරන්නේ තමාගේ මානසික ස්ථාවරත්වය සහ කායික
සුඛල්ලිකානුයෝගය හෙට දවසේ ජීවත් වීමට අවශ්‍ය වූ නිසා විය හැකිය.නමුත් ශරීර
සන්තර්පණය පතා පැමිණි ස්ත්‍රියගේ නිවසේ මේසය මත තිබූ දොඩම් ගෙඩි දෙක සහ
පැපොල් ගෙඩිය ඔහු අතගාන්නේ ස්ත්‍රිය දෙස වත් නොබලමිනි.
කවියා විසින් ස්පර්ශ
කරන මේ අවස්ථාව, කවියේද, මනුෂ්‍යත්වයේද, උච්චම අවස්ථාව වෙයි. දරු දුක අභියස
සියලු ගිණි නිවී යන්නේය. දොඩම් , සහ පැපොල් යන සංකේත ලාභ භාෂාවෙන්
ගැහැණියගේ ඇතැම් ලිංගික අවයව හදුන්වන සංකේතයන්ය. ගෙදර බිරිදක සිටියදී
දුප්පත් වැටුපෙන් අන්‍ය ගැහැණියක මිලදී ගන්නේ, තමා තුළ පැන නැගී ඇති
අවශ්‍යතාවේ ප්‍රබලකම හේතුවෙනි. නමුත් ගැහැණිය මග හැරී ගොස් ඔහුට ගැහැණියගේ
මේසය උඩ තිබූ පළතුරු පිළිබද ලෝබයක් ඇතිවේ.
තැලෙයි .. පරිස්සමෙන් "
ගත්තේ
ඉස්පිරිතාලේට ගෙනියන්න හෙට
ටිකක් අමාරුයි එයාට
යන්න නම් උදේ
ලෙඩ්ඩු බලන වෙලාවට
අල්ලන්න ඕනේ
පහමාරේ බස් එක
ගත්තේ
ඉස්පිරිතාලේට ගෙනියන්න හෙට
ටිකක් අමාරුයි එයාට
යන්න නම් උදේ
ලෙඩ්ඩු බලන වෙලාවට
අල්ලන්න ඕනේ
පහමාරේ බස් එක
ඉක්මන් කරමු ද
ඉතින් ....
ඉතින් ....
තැලෙයි .. පරිස්සමෙන් " .. ගැහැණිය මේ අනතුරු අගවන්නේ තමා හා මෙථුන්‍යයට
සූදානම් වන මිනිසාටය. මේ ගණුදෙනුවෙන් පසු ස්වකීය ආත්මය තැලී පොඩිවන බැවි ඈ
නිත්‍ය වශයෙන්ම දනී. ගැහැණිය පැමිණි මාර්ගය නිවැරදි සහ පැහැදිලි එකක්
නොවුවද ඇගේ ජීවිතයේ ස්වභාවය පිළිබද කවියා තුළ ඇත්තේ උපේක්ෂාවකි. මංචපරායනව
වෙසෙන ස්වකීය සැමියා වෙනුවෙන් ස්වකීය ජීවිතය තලා නොදමන්නැයි නාඳුනන
පිරිමියාගෙන් ඈ ව්‍යංගයෙන් ආයාචනා කරයි. එහෙත් වෙළමුදල්ද උපයාගන්නේ කෙසේද?
මා මීට පෙර සඳහන් කළ චන්ද්‍රාවතී සමග රාත්‍රියක් නමැති නාට්‍යෙය් ද අනුභූතිය මෙබදුමය. කන්තෝරුව ඇරී සවස ගෙදර යන්නට සූදානම් වී එළවලු මල්ලක්ද රැගෙන යන සැමියකු අතරමගදී චන්ද්‍රාවතීගේ නවාතැනට ගොඩවේ. මිනිසාට අවශ්‍ය වන්නේ ස්වකීය ශෘරීරික අවශතාවය ඉටුකරගෙන නිවසට යන්නටය. නමුත් චන්ද්‍රාවතී මේ මිනිසාට ආදරය කරයි. අවසානයේ ඇය එම මිනිසාට යන්නට නොදී කාමරයක ලා දොරගුලු දමයි.
නමුත් නාට්‍ය අවසන් වන්නේ ගැහැණිය විසින් හඩා වැටෙන පිරිමියාට
අනුකම්පා කර නිවසින් පිටවී යන්නට කාමරයේ යතුර ලබා දීමත් සමගය.
ගණුදෙනුකාර පිරිමියා වෙසගනගේ පාශයෙන් මිදී ස්වකීය කුටුම්භය කරා පියඹා යයි.
මෙහදී අපට පැන නගින ගැටලුව වන්නේ, මනුෂ්‍යයා බහිස්කෘතයෙන් නිදහස් ව්නනාක්
බදුව හැගීම්වලින් නිදහස් වී සංස්කෘතික බැම්ම තුළ සදාකාලිකව සිරගත වන්නට ඇප
කැප වී ඇති බැවැයි.
පිරිමියා ස්වභාවයෙන්ම ඒ මොහොතේ ආශ්දවාදයත්,
ගැහැණියක සදාකාලික සැනසීමත්, සම්බන්ධතාවක් තුළ අපේක්ෂාකරයි. ගැහැණියකට ආදරය
යනු මරණීය කාරණාවකි. ඇය ආදරය සදහා පිරිමියකු හා බැදෙන්නේ මහා තෝරා
ගැනීමකින් නොවේ. නමුදු පුරුෂයන් විසින් ස්වකීය පැවැත්ම පිළිබද කාරණයේදී
අවස්ථාවට උචිත ගැහැණිය තෝරා ගනු ලැබේ. නමුත් කාලයත් සමග ඔහුගේ ජීවන අවස්ථා
විපර්යස්ථ වෙද්දී තෝරා ගැනීම තුළ අන්‍ය විකල්පයන් සොයා යයි.. ථූපවංශයෙහි
සදහන් එක් කාරණාවක් මෙතැන්හිදී මට සිහිපත් වේ. මහාමායා දේවියගේ මරණින් පසු
සිදුහත් කුමරුවන්ට කිරි අම්මා කෙනෙකු තේරුවේ මෙබදු ලක්ෂණ සහිතවය.
සුදු නම් - කිරි රස්නෙයි
කළු නම් - කිරි සීතලයි
බෙල්ල දිග නම්- දරුවාගේ බෙල්ල ඇදෙයි
බෙල්ල කොට නම් -දරුවාගේ බෙල්ල කොටවෙයි
කළු නම් - කිරි සීතලයි
බෙල්ල දිග නම්- දරුවාගේ බෙල්ල ඇදෙයි
බෙල්ල කොට නම් -දරුවාගේ බෙල්ල කොටවෙයි
එබැවින් සුදුත් නැති කළුත් නැති ගෙල මනාව පිහිටන ලද ස්ත්‍රියක බැවින්
ප්‍රජාපතී ගෝතමියව ඒ කාර්යය සදහා තෝරා ගගන්නා ලදී. කෙසේ වුවත් භාවාත්මක
කාර්යයකට කමිටුවක් විසින් ස්ත්‍රියක තෝරා පත් කර ගැනීම යනු ගැහැනියකට කරු
ලබන බලවත් අසාධාරණයකි. හැගීම් යනු ඇයට ජීවිතයමය. හැගීම් අලෙවිකරන්නට
ගැහැණියකට කිසිදා නොහැකිය. ස්වකීය ස්වර්ණ පියාපත් එකින් එක දන් දී අවසානයේ
මසද දන්දෙන රන හංසියන් මම අනන්තවත් මේ දූවිලි පිරුණු නගරයේ දැක ඇත්තෙමි.
නිහඩවම උන් වෙනුවෙන් හඩා ඇත්තෙමි.
පිරිමියා ස්වකීය මොහොත හෝ ජීවන
පරි්ච්චේදයක් උදෙසා ස්ත්‍රියක පතයි. මේ කාරණාව වඩාත්ම පුලුල් ලෙස වඩාත්
විහිදුණු වපසරියක් තුළ කතිකාවට ලක් කරන්නේෙ පර්ල් එස් බක් විසිනි. ඒ සාර
භූමි ( Good Earth ) නම් වූ විශිස්ඨතම නවකතාව තුළිනි. වංලුං නමැති
දුප්පත් ගොවියා සහකාරියක සොයා යන්නේ හ්වෑං මන්දිරයටය. හ්වෑං මන්දිරය යනු
රදලයන්ගේ මැදුරයි. ඉනික්බිති රදළ මැදුරෙහි වහල් දාසියන් සියලු දෙනා වංලුන්
ඉදිරිපිට කවාකාරව පෙළ ගස්වන ලද්දේ ස්වාමි දුවගේ අණිනි. ඒ කවය දෙස පිරික්ෂූ
වංලුං ඕලෑන්ව තෝරා ගන්නේ හේතු කිහිපයක් නිසාය.
ඕ ලෑන්ට තිබුණේ පළල් වූ
විශාල දෙපාය .චීන ජාතිකයන් දියටණියක උපන් විගස දෙපා වෙළා සකසයි. ඕලෑන්ගේ
දෙපා වෙලන්නට මවක් සිටින්නට නැත. ඇය තනිව ජීවත් වීමේ ධෛර්යයකින් යුක්ත
තැනැත්තියක් විය යුතුය. අනෙක් කාරණාව නම් ඇගේ මුහුණ පුරා විසිරුණු වසූරිය
කැළැල් කිහිපයයි. වංලුන් පොහොසතකු නොවේ. ගොවියාගේ ජීවිතය අස්ථිරය. සාගත
වසංගත වලට මුහුණ දීමට යෝග්‍ය කාය ශක්තියක් ඇති ගැහැණියක ඔහුට වඩාත් යෝග්‍ය
වේ. තෙවැන්න නම් ඕලෑන් ලස්සන එකියක නොවූ නිසා මේ වන තෙක්ම තරුණියක වීමට
තිබූ ඉඩ වැඩිවීමයි.ඒ බවට වහල්හිමි කාරියද සහතික වීමෙන් පසු වංලුන් විසින්
ඕලෑන්ව තෝරා ගන්නා ලදී.
වංලුන් විසින් ස්වකීය ජීවිතයේ තවත්
ගැහැණියක ගැන තීරණයක් ගන්නේ ජීවිතයේ මැදි වියට ආසන්නවය. ඒ කාලයේදී ඔහු
හ්වෑං මන්දිරය මිලට ගෙන එහි හිමියා බවට පත්ව හිදී. ඔහු මෙවර තෝරා ගන්නේ
කෙබදු ස්ත්‍රියක්ද? ඇය නමින් පද්මාය. පුරගනක වූ ඇයව වංලුන්ට මුණ ගැහෙන්නේ
නගරයේ වූ ගණිකා නිවාසයකදීය. සුදුළූණූ ගද ඇති මේ ගොවියාට පද්මා ප්‍රිය
නොකලාය. නමුත් ඔහුගේ ධනවත් කම ප්‍රිය කළාය.
අවසානයේ
රූපය පමණක් ඇති ශරීර ශක්තියත් චරිතයත් යන දෙකම නැති පද්මාව වංලුන් විසින්
ස්වකීය මන්දිරයට රැගෙන එයි. ඕ ලෑන්ගේ මරණය සිදු බවන්නේද ඒ උදෙසා ඇති වූ
ශෝකය නිසාවෙන්මය. ගැහැණුන් මෙන්ම පිරිමන්ද වටහා නොගන්නා එක් බරපතල
කාරණාවක් තිබේ. පිරිමියා ජීවිතයේ සෘතු විපර්යාසය ප්‍රිය කරයි. ඔහු ස්වකීය
තත්වය අධ්‍යාපනය වයස සිතිවිලි කෙමෙන් පරිවර්තනය වත්ම සිය සහකාරිය තුළීන්ද
පරිවර්තනයක් අපේක්ෂා කරයි. ගැහැනිය හැම විටම ආදරයේදී ගමන් කරන්නේ සමාන්තර
රේකාවකය. ඉන් හෙම්බත්වන ස්වාමිවරු ජීවිතයේ ආලෝකය සොයා යන්නේ ද විදුලි එළි
නිවී ගිය පහන් කනු පාමුලටමය. ඒ ජීවිතයේ ස්වභාවයයි.
පුරඟනකගේ ජීවිතය පමණක්
නොව පුරඟන පතන පිරිමියා තුළද සානුකම්පාවක් දල්වන මෙම කාව්‍යෙය් මා දකින
සුවිශේෂීත්වය වන්නේ මානව සම්බන්ධතාවල පදනම ආර්ථික සහ සාමාජීය පවුරු මත හැපී
බිදෙන සහ විසිරෙන ස්වභාවය කවියා විසින් තියුණු ලෙස ස්පර්ශ කර තිබීමයි. එය
ලොව්තුරු නොවන එසේ නොවන්නේත් නොවන හිරු එළිය සහ මල් සුවද මෙන් ඉන්ද්‍රිය
ගෝචර ද වන කාලය හා අවකාශය මෙන් ප්‍රත්‍ය ගෝචරද නොවන කාව්‍ය නම් වූ අවයවය
භාවමය ප්‍රෙබා්ධයෙන්ද අනුභූතිමය ජවයෙන්ද කරුණ රසයේ අනුහසින්ද එකලෙසම පුරවා
තබයි.
- උපේක්ෂා නුවන්ශ්‍රීනි -
කදිමයි උපේක්ෂා පින්චි පොයින්ට් කවියට සාධාරනය ඉටුකළ විචාරයක්
ReplyDeleteස්තුතියි ගුණසිංහ මහතාණනි
ReplyDeletetikak wediyi wage.bt..sarapi...hondata dashta karala thiyenawa. ithaa saadharanayi, mata hithenne.
ReplyDeleteaaaaaaaa
ReplyDeleteඋපේක්ෂා. ඔබේ විචාරයන් දීර්ඝ වුවත් එක දිගට කියවීමට හැකි ලෙස සකස්වී තිබෙනවා. එසේම එය ඕනම පුද්ගලයෙක්ට කියවා තේරුම්ගත හැකි ලෙස ඔබ ලියාතිබීමත් වැදගත් .
ReplyDeleteජයවේවා!!!
ස්තුතියි දුමින්ද මහත්තයා
Deleteබොහොම ස්තූතියි ඔබේ නිහතමානිකමට... බලාපොරොත්තු උනාටත් වඩා ඉහළයි සහ නව දැණුමකුත් ලබා ගත්තා...
ReplyDeleteඅසූචි ඔලුවට ගන්න අපි ඉස්ෙසායැ බම්.. තැන්කු ෙම් කවිය මට ලබා දුන්නට
DeleteSundharai..
ReplyDeleteඔබේ අදහස් බොහොම සුන්දරයි....,
ReplyDeleteඔබ දිගටම ලියනු ඇතැයි මා බලාපොරොත්තු වෙනව...,
ඔබේ කදුලු දැකීමට අකමැති බව කිව යුතුයි...,
කවියත් ඔඛේ විචාරයත් හරිම අගෙයි.
ReplyDeleteපින්
Delete//පිරිමියා ස්වභාවයෙන්ම ඒ මොහොතේ ආශ්දවාදයත්, ගැහැණියක සදාකාලික සැනසීමත්, සම්බන්ධතාවක් තුළ අපේක්ෂාකරයි. ගැහැණියකට ආදරය යනු මරණීය කාරණාවකි. ඇය ආදරය සදහා පිරිමියකු හා බැදෙන්නේ මහා තෝරා ගැනීමකින් නොවේ. නමුදු පුරුෂයන් විසින් ස්වකීය පැවැත්ම පිළිබද කාරණයේදී අවස්ථාවට උචිත ගැහැණිය තෝරා ගනු ලැබේ. නමුත් කාලයත් සමග ඔහුගේ ජීවන අවස්ථා විපර්යස්ථ වෙද්දී තෝරා ගැනීම තුළ අන්‍ය විකල්පයන් සොයා යයි.. //
ReplyDeleteSo true!
හ්ම්
Deleteහැම වචනයක්ම හොඳට හිතලා ලියාපු කවියක්.
ReplyDeleteඋපේක්ෂා ගේ අර්ථකථනය එක්ක එකඟයි..
ස්තුතියි ෙකාච්චි
Deleteඋපේක්ශා බොහොම ස්තුතියි අර්ථකතනයට.
ReplyDeleteඅර කැඩපත් දෙකක් අතර හිටගත්ත මිනිසෙකුට වෙච්ච දේ තමා මට වෙලා තියෙන්නෙ. එක පාරට අනන්තයක් දුරට මගේම මුහුන, පිටුපස පේන්න ගන්නවා. පෙරහරක් වගේ.ඒ මමමද කියලා මට හිතෙන්න ගන්නවා.
අෙප් ම නිරුවත අපිව බිය ගන්වන්ෙන සංස්කෘතික වහන්තරාවක මුලු ගැන්විච්ච නිසයි..ජය..
Deleteඔබේ ලියවිලි බොහොම අගෙයි. විශේෂයෙන්ම ඔබ අලෙවිකරණය ගැන ලියා තිබු දේ බොහොම සිත් ගත්තා. බොහෝ දෙනෙක් භාෂාව භාවිත කිරීමේදී ඔබේ නිර්භීත කම අගය කරලා තිබුණ. මට නම් එය විශේෂ අගය කිරීමට හේතුවක් නොවෙයි. මම අගය කරන්නේ ඔබ මතු කරන කරුණු සහ මතවාදයන්. ඔබේ ලිපි කියවීමට කියවන්නා ගත කරන කාලයට අතිශය සාධාරණයක් ඉටුවෙන් බවයි මගේ සිතිවිල්ල. ඒවායේ අපිට සිතා බලන්නට බොහෝ දේ තිබෙන බවයි පෙන්නේ. ඔබේ ලිපි කියවීමෙන් පසු බොහෝ දේ ගැන කලින් නොදුටු පැත්තක් දකින්න පුළුවන්. වෙනත් ක්ෂේස්ත්‍රයන්හි නිපුනයන්ගේ අදහස් දැනගැනීමෙන් අපේ කාර්යක්ෂමතාවය වඩාත් වැඩි වෙන ගමන්ම අපේ තීරණ නිරවද්‍ය තාවයට වඩාත් ලංවෙනවා. එවැනි ලියවිලි අපට බහුලව හමුවෙනවා අඩුයි. මේ තාක් දුරට ඔබේ ලියු දේ ඉහලින්ම අගය කරන ගමන්ම තවත් එවැනි දේ කියවන්නටත් බලාපොරොත්තුවෙන් සිටින්නේ. බොහොම ස්තුතියි.
ReplyDeleteෙලාඩක්ම ස්තිතුයි ඔෙබ් අදහස් වලට
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeletehttps://m.youtube.com/watch?v=-wDWD7mCRlg
ReplyDeletehttps://youtu.be/D1ZYhVpdXbQ
ReplyDeleteමාතලන් නිසා ආමි
ReplyDeleteරහ නිසා යලි එමි
ඉඩකඩ හදාගෙන
පරණ ඒවාද කියවමි
නියමයි වගේම රහයි.... ස්තූතියි
ReplyDeleteYour review is great. But you are wrong about "The good earth"
ReplyDeleteHere is the relevant part.
"Wang Lung remained standing before
her until, in passing, her eyes caught his figure.
' What is this man doing here?' she asked with sudden
anger. It was as though she had forgotten everything. The
gateman's face was immovable. He said nothing.
C I am waiting for the woman, Great Lady,' said Wang
Lung in much astonishment.
'The woman? What woman ' the old lady began,
but the slave girl at her side stooped and whispered and
the lady recovered herself. 'Ah, yes, I forgot for the mo-
ment — a small affair — you have come for the slave called
O-lan. I remember we promised her to some farmer in
marriage. You are that farmer?'
'I am he/ replied Wang Lung.
'Call O-lan quickly,' said the old lady to Jber slave. It
was as though she was suddenly impatient to be done with
all this and to be left alone in the stillness of the great room
with her opium pipe.
And in an instant the slave appeared leading by the hand
a square, rather tall figure, clothed in clean blue cotton
coat and trousers. Wang Lung glanced once and then away,
his heart beating. This was his woman.
'Come here, slave,' said the old lady carelessly. 'This,
man has come for you.'
The woman went before the lady and stood with bowed
head and hands clasped,
p 'Are you ready?' asked the lady"