Realtime website tracking softwareRealtime website tracking software

Monday, December 19, 2016

වේදනාවෙන් ඉන්න කොට දැනෙන්නෙ ආදරය කරන මිනිස්සු ..




අද තුන්පාරක් චායගෙ ෆෝන් එකට ගත්තා.. තුන් පාරම ඒ තාත්තා කතා කළේ.. පිස්සු මරගාතයක් කියල හිතන්න ඇති. මලවුන් ජීවත්ව සිටින්නන්ට වඩා සමහර වෙලාවට හරි ප්‍රබලයි....



මරණය කොයි තරම් උණුසුම්ද චායා
නිශ්චලම කඳුගර්භ විනිවිද
වේදනාබර තාරුකා එළියක්ව නිවෙන්නට ඉඩ ලැබෙන
මරණය මොන තරම් උණුහුම් වෙන්න පුළුවන්ද


ජීවිතය ඇත්තටම ඇල්මැරුණු කවියක්ය
උදෑසන පිළුණු රස ඔක්කාරෙට ගෙනෙන
කන්තෝරු අඩහැරය මැද වේදනා දුක් විදින
කිසිදාක නිම නොවෙන අවලාද කදු පිසින
දුර්වලම සුළගක්ය ඇත්තටම ජීවිතය


නිරුවත්ව වැතිර අයදිමින් ජීවිතය
නාදුනන වෙරළකට ගොඩ ගැසූ මිනියක්ව
සොය සොයා ජීවිතයෙ හිරු එළිය සුවඳක්ව
වේදනාවෙන් පැමිණි මග බොහෝ දුෂ්කරය
සිහිනයක් සේ දැනෙයි මරණ උණුසුම තවම
ඇත්තටම වේදනාවත් විටක කවියක්ය හිත නිවන


ආලෝක ලපයක්ව අවසානයේ පැමිණ
වේදනාවෙන් නිදන නිශ්චලම කදු අතර
හෙමින් සැතපී අදුර මැද ලොවම විනිවිදින
මරණය මොන තරම් උණුසුම් වෙන්න පුළුවන්ද?


- උපේක්ෂා නුවන්ශ්‍රීනි -

8 comments:

  1. Replies
    1. නිධාන කතාව ෙම්කය.චායා ද සිල්වා මෙග ෙයෙහලියකි.අැය මීට සති කිහිපයකට ෙපර මිය ගියාය.ෙවන දා ඔ්න ෙදයක් මා කියන්ෙන් අැයටය. අදටත් ඒ් පුරුද්දට අවිඥානිකව අැයෙග් දුරකතනය හැඩවීමි..

      Delete
    2. බලවත් ශෝකය බවලතිය. මට නම් හොඳ වෙලාවට හැමදේම කියන්න තරම් හොඳ යාලුවෙක් නෑ.

      Delete
  2. //////මලවුන් ජීවත්ව සිටින්නන්ට වඩා සමහර වෙලාවට හරි ප්‍රබලයි....//////
    ඔවුන් කතා නොකර අපට සවන් දෙනවා.

    ReplyDelete
  3. කඳුලක සිනාවක රහගුණ බෙදා ගමින්
    දිනයක ළඟින් සිටි ඈ අද යන්න ගිහින්
    අමතක කරන්නට හැදුමුත් ඇගේ නමින්
    දෙනෙතක කඳුළු පූදිනවා මටත් හොරෙන්.

    උපේක්ෂා, තමන්ගේ හිතට තදින් ළං වුණු කෙනෙක් ඈත් වුණාම දැනෙන හැඟීම මාත් අත්විඳලා තියෙනවා. මට ඒ අතීතය මතක්වුණා මේක බැලුවම.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔවු මිතුරු කම් මරණයෙන් මිය යන්නෙ නැහැ

      Delete