Realtime website tracking softwareRealtime website tracking software

Wednesday, November 23, 2016

කුක්කු දෙකට තොප්පි එකයි..!



මම ඇත්තටම ආසයි ඇවිදින්න.විවිධ සමාජ ස්ථරවල, මිනිස්සු අතර ගැවසෙන්න.ඔවුන්ගේ පාරිභෝගික හැසිරීම් දෙස බලා ඉන්න. ඔඩෙල් එකේ දී, මොන්ඩි එකේදි ලැබෙන අත්දැකීම් වෙනස් ඒවා. ඒ තැන්වල තියෙන ආචාරශීලීත්වයට පාරිභෝගික වරණයට දෙන අවකාශයට මම කැමතියි. නමුත් ඒවායේ තියෙන්නෙ නිදහස් පාරිභෝගික වරණයක්ද. පොලකදී වගේ ගන්න ..ගන්න කියලා සාප්පුවෙදි කිසි කෙනෙක් කෑ ගහන්නෙ නැහැ. අපට ඕනම දෙයක් නරඹනන් පුළුවන්.. භාණ්ඩ නරඹන එකත් එක්තරා කළාවක්.. මම ලොකු මානසික අර්බුධයකට එළඹුනාම කරන්නෙ ඔඩෙල් එකට ගිහින් නරඹන එක. නමුත් මෙතනත් අපේ වරණයට ඔවුන් බලපෑම් කරනවා. ඔවුන් එහෙම කරන්නේ වෙළද ප්‍රචාරණය හරහා. ඔඩෙල් වගේ ආයතනයක භාණ්ඩය වගේම සන්නම් නාමය ත් (Brand Name) ඉහළ මිලකට අලෙවි වෙනවා.ගොඩක් අය එතනට යන්නෙ සන්නම නිසා. 

සන්නම් නාමය වෙළදපල නායකත්වය හිමි කරගැනීම ත් එක්ක ලැබෙන දායාදයක්. මෙවන් තත්වයකට ආර්ථාක විද්‍යාවෙදි කියන්නෙ වෙළඳපල ක්‍රමය අදෘශ්‍යමාන ( මිල නොවේ) හස්තයක් මගිනි ්හැසිරවීමක් කියලයි. කොහොම වුණත් පූර්ණ තරගකාරී සමජාතීය වෙළදපලක වගේම මෙවන් ස්ථානයකත් පාරිභෝගිකයා මවන ලද උපයෝගීතාවන් (Marginal Utility  - ආන්තික ) මත සිය මිලදී ගැනීම පිළිබඳ තීරණ ගන්නවා.

වෙළද ආයතනය සහ පදික වෙළද පල අතර තියෙන්නෙ වේදිකා නාට්‍යයක සහ සිනමා පටයක වගේ වෙනසක්. වේදිකා නාට්‍යය සජීවියි. සිනමා පටය විවිධ සංස්කරණයන්ට භාජනය වෙනවා. කොහොම වුණත් මම එය දෙවිදියටම කැමතියි. ඉතින් මම අද කොටුවට ටිකට් එකක් අරන් කෝච්චියට නැගලා මල්වත්ත පාර පැත්තෙන් රවුමක් දාලා වෙළද සංකීර්ණය පැත්තට ගියා. විවිධ මල් වර්ග, ඇදුම්, හදුන්කූරු, බූන්දි, දොඩම්, අඹ සේරගෙම සුවද මිශ්‍රණයක් එක්ක එන දේවාල පුසුඹක්..පැතිරිලා..එක සීරුවට දුවන මිනිස් ගංගාව. ඉරිතැලිච්ච ප්ලාස්ටික් කුඩ මිට අගිස්සෙ තියෙන නූලෙන් කුඩේ එල්ලන් කලබලේට ගෙදර දුවන අයියලගෙන් වෙලාව අහන නංගිලා, හිටි ගමන් පොකට් උස්සන් දුවන අයියලා මේ ඒකාකාරී රටාව ටිකකට වෙනස් කරනවා. 

ඇත්තටම මට නියත අරමුණක් තිබුණෙ නැහැ මොකද කරන්නෙ කියලා.මම ඔහේ මිනිස්සු දිහා බලං ඇවිදං ගියා. මල්වත්ත පාරෙන් හැරිලා මම දිගටම ඇවිදගෙන ගියා. වෙළද සංකීර් ණයේ කෙලවරකට වෙන්න මැහි වල දාගෙන යට ඇදුම් වගයක් විකුණනවා. එක එක කතන්දර.පෑන්ටියක් දිග ඇරලා හයියෙන් වනපු අයිය කෙනෙක් මෙන්න මෙහෙම කෑ ගහනවා.


‘ඕනෙ එකකට ඔරොත්තු දෙනවා..ඕනෙ එකකට ඔරොත්තු දෙනවා..ගලේ ගැහුවත් පනහයි වැලේ වැනුවත් පනහායි..“ 
මම තව ටිකක් එහාට එහාට ඇවිදං ගියා.බ්‍රෙෂියර් තොගයක් රාක්කෙක වනාගෙන තවත් අයිය කෙනෙක් මෙන්න මෙහෙම කෑ ගහනවා.
‘කුක්කු දෙකට තොප්පි එකයි...“
කුක්කු දෙකට තොප්පි එකයි...“
 
ඒක ටිකක් ආකර්ශනීය හන්දා මම එතැන ටිකක් නතර වෙලා බැලුවා.
‘ලොකු එකේ මල්..පොඩි එකේ හිල්..".ඒවා තෝරන කාන්තාවන්ට අයියා තවත් පැහැදිලි කරනවා.පොඩි එකේ හිල් කිව්වේ ප්‍රමාණයෙන් කුඩා එව්වයෙ යටට ලේස් පටියක් අල්ලලා තිබුණ නිසා.
‘නංගිත් ගන්න තොප්පියක්...ඒ අයියා මට එකක් වැනුවා.‘එපා“ මම හිනාවෙලා නිහඩව ආවා. ආපහු මම දිගටම ඇවිදගෙන යනවා...

දෙක දෙපැත්තට.. දෙක දෙපැත්තට .. අයියා කෙනෙක් රබර් සෙරෙප්පු වගයක් අතේ තියාගෙන වනනවා...මම හෙමීට එතැනට කිට්ටු වුණා. ආ.. ගන්න නංගි ගන්න.. දෙක දෙපැත්තට.. වමට හාවා ..දකුණට නරියා.. ඒ කතාව ටිකක් වෙනස් හන්දා, මම තරුණයා අතේ තිබුණු සෙරෙප්පු කුට්ටම දිහා උවමනාවෙන් බැලුවා. වම් පස කකුලට පළදින සෙරෙප්පුවෙ හාවෙකුත් දකුණු පයට සරිලන සෙරෙප්පුවෙ නරියෙකුත් මුද්‍රණය කරල තිබුණා... 

තරුණයාගේ හඩ ජව සම්පන්නයි. මිනිස්සු එකා දෙන්නා ඒ දෙසට ඇදෙන්න පටන් ගත්තා...මම ආයෙමත් එළවුළු පළතුරු විකුනන දිහාට ඇදුණා..
අන්නාසි , කොහිල, ගොටුකොළ වගේ පුංචි පුංචි දේවල් තියාගෙන විකුණන මැදි බවියේ කෙනෙක් ශාස්ත්‍රීය විදිහට තාලෙට පද්දලා මෙන්න මෙහෙම කෑ ගහනවා..
"කෝ හිල.. කෝ හිල..."
"අන්න අස්සේ අන්න අස්සේ .. අන්නාසේ.."

මාකටින් කියන්නේ ඉතාමත් සංකීර්ණ විෂයක්.එය කිසියම් ව්‍යාපාරයක පවතින අවස්ථාව සහ ඉලක්ක ගත ප්‍රජාව මත තීරණය වන්නක්.මහා ව්‍යාපාරිකයන් සිද්ධාන්ත ඔස්සේ හදාරන, සුළු සහ පදික වෙළෙන්දන් සහ ඥානයෙන් ග්‍රහණය කරගන්නා මෙන්න මේ අවස්ථා තමයි අලෙවිකරණයේ පදනම වශයෙන් හදුනා ගැනෙන්නේ.සිද්ධාන්ත වශයෙන් ගත්තම SWOT Analysis  වශයෙන් හදුන්වන මෙය මෙසේ විග්‍රහ කළ හැකියි.
S – Sට්‍රෙන්ත් - ආයතනයකට පවත්නා ශක්තීන්
W - වීක්නෙසස් - දුර්වලතා
O – ඔප්පොර්ටුනිටීස් -අවස්ථා
T - ත්‍රේට්ස් - බාධක
කිසියම් ඒකාධිකාරී , කතිපයාධිකාරී,  ආයතනයක් හෝ කේවලසාමී ව්‍යාපාරයක් සදහා සිදු කරන කිසියම් ප්‍රචාරණ කටයුත්තකදී, ඉහත සාධක පිළිබද දැනුවත් වීම අනිවාර්යය.පළමුවෙන්ම සලකා බැලිය යුත්තේ ආයතනයකට පවත්නා ශක්තීන් මොනවාද යන්නයි. ලාභ ශ්‍රමය හෝ ගණුදෙණුකාර භවතුන් මත රදා පවතින ව්‍යාපාරයක් නම්, එහි ශක්තිය වන්නේ මිනිසුන්ය. එහිදී ප්‍රචාරණ උපක්‍රමය හෝ තීම් එක මගින් ප්‍රඩක්ට් එක නොව අදාල ප්‍රජාව ඔසවා තැබිය යුතුය.

උදා - ‘ඔබේ ප්‍රගතියේ සහකරු“- හැටන් නැෂනල් බැංකුව ...
එමෙන් කිසියම් ව්‍යාපාර ආයතනයක් මුහුණ පාන කිසියම් දුබලතා පවතී. උදාහරණයක් ලෙස අතිශය දුෂ්කර පෙදෙසක පාවහන් විකුණන්නට වූවායයි සිතමු. එහිදී පාවහන් පුරුදු නොමැති මිනිසුන් අතරට මෙම නිෂ්පාදනය ගෙන යන්නේ කෙසේද? ඩී.එස්.අයි ආයතනය දුෂ්කර ගම්වල පාසල් කරා ගෙනගිය සිතුවිලි ශ්‍රීලංකා චිත්‍ර තරගය මෙයට නිදසුනකි. ඒ මගින් නොමිලයේ අදාළ නිෂ්පාදන ලබා දෙමින් ප්‍රථමයෙන් ආයතනය ට මුහුණ පාන්නට සිදු වූ දුෂ්කර අවධිය හෙවත් ඉලක්ක වෙළදපලක් සකසා ගැනීමට ප්‍රචාරණ උපක්‍රමය හෙවත්, උක්ත ප්‍රොපගැන්ඩාව ප්‍රබල සහ අතිශය ප්‍රායෝගික විය යුතුය.එමෙන්ම ආයතනයේ ස්වභාවය සහ ස්වරුපය අනුවද ප්‍රචාරණ උපක්‍රම වෙනස් වේ.

වෙළදපල නායකත්වය හිමි -(ඒකාධිකාරී ප්‍රවණතා ඇති -Market Leadership) ඇති ආයතනයකට ප්‍රචාරණය මගින් අලුතින් පාරිභෝගික ප්‍රජාවක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවේ. සාමන්‍යෙයන් මෙවන් ආයතනයකට වෙළද පල හිමිකමෙන් 85%ක් පමණ හිමිය. නිදසුන් ලෙස කොකා කෝලා, ටුබෑකෝ ,ෂෙල් ගෑස් වැනි ආයතන හැදින්විය හැකිය.ඔවුන් සිය ප්‍රචාරණය භාවිතා කරන්නේ තමන් ඉන්නා බව හැගවීමට මිස භාණ්ඩය වර්ණනා කිරීම හෝ පාරිභෝගිකයා වැනීම යන දෙකම ඔවුන් නොකරයි. එම ප්‍රචාරණ විධි බොහෝවිට සාමාන්‍ය මිනිසා හීනයෙන් දකින්නට කැමති සහ මධ්‍යම පාන්තිකයන් සැබෑවට අත්දකින ජීවන අවස්ථා වේ.

නිදසුනක් ලෙස කොකා කෝලා ආයතනයේ ජීවිතේ මල්-- වැනි අර්ථ විරහිත ආකර්ශනීය දැන්වීමක් සිහිපත් කළ හැකිය. නමුත් ආදේශන බහුල ආයතනයක නම් එක් සන්නම් නාමයක් යටතට සාමාන්‍යෙයන්යන් ස්ථානගත වන්නේ පාරිභෝගිකයන් 15% - 30% වැනි ප්‍රතිශතයකි. සබන්, රෙදි සෝදන කුඩු වැනි ආදේශන බහුල එවැනි සමාගමක් ප්‍රචාරණය සිදුකළ යුත්තේ, තම ඉලක්ක වෙළදපල වැඩි දියුණු කර ගැනීමටය.එය කාක පොරයක් නොකර සිදු කර ගැනීමට වග බලා ගත යුතු අතර අනෙකාගේ බඩට ගැසීමේ කලාවක් ඇතැම් දැන්වීම් වල දකින්නට ලැබිණ.

‘පරණ සබන් කෑල්ලට යන්න කිවුවා...“ එවැනි නිදසුනකි.

ප්‍රචාරණය මෙන්ම ප්‍රවර්ධනය (Sales Promotions) සදහාද දැන්වීම්කරණය එකසේ වැදගත් වේ. එනම්, ආයතනයක කිසියම් බාධක ( Threats) පවත්නා අවස්ථාවක එකී බාධාවන් ජයගන්නේ කෙසේදැයි යන්නයි. මේ සදහා කදිම නිදසුන් දෙකකි. ඉන් පළමු වැන්න නම් ක්‍රීම් සෝඩා නිෂ්පාදනයයි. මෙය මීට වසර 15කට පමණ ඉහත භාවිතා වූයේ මලගෙවල් සදහා පමණක් වන අතර, විශාල ප්‍රමාණයේ ආකර්ශනයක් නොමැති බෝතලයක් සමග මලගෙදරකදී වුව හිත නොරිද්දා බැරි කමට පානය කරන නිෂ්පාදනයක් විය. නමුත්, සින්තටික් සිහින ටෙලි නාට්‍යය විකාශය වන කාලයේ, ඊට අනුග්‍රහය දැක්වූ අලියා බීම සමාගම වෙනුවෙන් අශෝක හදගම කිසියම් දැන්වීමක් නිර්මාණය කලේය.

ඒ දම්පාට ලේබලයක් සහිත හුරුබුහුටි බෝතලයක වූ ක්‍රීම් සෝඩා බෝතල කටේ රුවාගෙන බොමින් දගදාමින් නටන සුන්දර පාසල් සිසු සිසුවියන් පිරිසකි. එහි තේමා පාඨය වූයේ ‘යෞවනයේ පොපියන චමත්කාරය යන්නයි. ඔවුන් සෘජුව ඉලක්ක කළේ තරුණ ප්‍රජාවයි.සත්‍යවශයෙන්ම භාණ්ඩයේ ගුණාත්මක භාවයේ කිසිදු වෙනසක් නොකර, තේමා පාඨය පමණක් වෙනස් කිර ඉලක්ක වෙළද පල වෙනත් අතකට හැරවීමෙන්,  කොකා කෝලා මෙන්ම ලංකාව තුළ තරුණ පරම්පරාව අතර ප්‍රචලිත බීමක් වන්නට ක්‍රීම් සෝඩා වලට හැකිවිය.

දෙවන උදාහරණය වන්නේ මැලිබන් මාරි එකය. (අනෙක් මාරිවලටද දැන් එය අදාළය) මුලින් මේ මාරි විස්කෝතුව පැමිණියේ හුළං විස්කෝතු බෝතල සයිස් විශාල බෝතල වලය. විස්කෝතුවේ ප්‍රමාණයද විශාලය. කරවලද, දුංකොලද, සීනිද, හාල්මැස්සන්ද අතගාන මුදලාලි, වරින් වර බෝතලය ඇරීම නිසා අවසානයේ එන්නේ, පෙගුණු සහ පැහැදිලි සුවදක් හදුනා ගත නොහැකි, අප්‍රසන්න මාරිය.එබැවින් මාරි විස්කෝතුවද, මලගෙවල් වල අලියා බීම පෙට්ටියත් මිනීපෙට්ටියත් සමග බාන අනෙක් පෙට්ටිය වී තිබියදී, තීම් එක ළදරු වෙළදපල ඉලක්ක කරගනිමින්, භාණ්ඩයේ ගුණාත්මක භාවය මෙන්ම ස්වරූපයේද සුළු වෙනස්කමක් ඇති කිරීමෙන් සිය වෙළදපල පුලුල් කර ගැනීමට එකී ආයතනවලට හැකිවිය.

කොහොමද ටිකිරි මොලේ...

මේ මගින් දරුවන් ඉලක්ක කරගත් ඔවුහු, ග්‍රෑම් සියයේ ආකර්ශනීය සිගිති ඇසුරුමක් හදුනවා දුන්හ. එමෙන්ම චොකලට් මාරි වැනි විවිධ ප්‍රෙබ්ද හදුන්වා දුන්හ.මේ සියල්ල ආයතනයක් වෙනුවෙන් තීරණය කළ හැක්කේ දක්ෂ ප්‍රචාරණ ශිල්පියකුටය.

මහා පරිමාණ වෙළදාම් වලදී, දැනුම ඇති සමාගමක් මගින් මෙකී කටයුතු සිදු කරනු ලබයි. නමුත්, ප්‍රභේදන නොමැති සමජාතිය භාණ්ඩ විකුණන පදික හෝ කෘෂි වෙළදාමකදී ඉහත අප සදහන් කළ සියලු අවස්ථාවන්, සිය වචන මගින් හෝ කුඨ හෝ අහිංසක ප්‍රයෝග මගින් ජය ගන්නට ඇතැමුන් දක්වන දක්ෂතාවය පුදුමාකාරය. සිය ජීවිකාව වෙනුවෙන් සුළු වංචාවක් සිදු කළද, එයද ඔවුන් සිදු කරන්නේ සත්‍යවාදී බව ඉස්මතු වන උපායන් මගිනි. මෙය මීට වසර කිහිපයකට පෙර කොටුවේ සිදු වූවායයි කියන අපූරු සිදු වීමකි.

පිටකොටුවේ බෝගහ යට තබාගෙන කමිස වගයක් විකුණා තිබුණේ මෙසේය.
‘පිට නෑ...පිට නෑ...පිට නෑ... "ඉතා අඩු මිලට විකුණු මෙම ෂර්ට් දුර ගමන් යන මගියන් කොලර් සයිසය පමණක් බලා පැක් එක පිටින් රැගෙන ගෙදර ගියේ මහත් සතුටකින් වුව, ගොස් බලද්දි ඇත්තටම පිට පලුව නැතිලු.

මහනුවර කානිවල් එකකදී සිදුවූවායයි කියන තවත් අපූරු සිදුවීමකි. මාරකවල, භූත පාය වැනි විවිධ ප්‍රදර්ශන උපක්‍රම කානිවල් භූමිය තුල තිබියදී, ඉන් පිටත කුඩා කූඩාරමක් ගසාගත් මිනිසෙක් ඒ අසල සිට මෙසේ කෑ ගැසුවේලු.
ගෝනි එළුවා බලන්න රැපියලයි...//
ඉතින් මේ අමුතු සතා බලන්නට මිනිසුන් රුපියල රුපියල දී පෙල ගැහුනේලු. ප්‍රමාණවත් පරිදි සෙනග රැස් වූ පසු, අර පුද්ගලය සිදු කලේ ගෝනි කිහිපයක් රැගෙන බිම එලීමයි.
දැන් ඇතිද ගෝනි එලුවා බැලුව මහත්තයා...අවසානයේ ඔහු අසන්නේ ඔලොක්කුවය. බැරි වෙලාවත් කවුරුන් හෝ මෙයට උදැල්ලක් දැමුවහොත් ඔහු සිනාසී මෙසේ කියන්නේලු. ඕකෙ වරද තියෙන්නෙ මහත්තයො අපේ මව් භාෂාවෙ. මම එලුවා කිව්ව එක, එළුවා කියලා ඔහේලා ගත්තා. සංඥක කතාකරන්ට මම දන්නෙ නැහැනේ මහත්තයෝ...

වරක් අලුතින් මිනී පෙට්ටි සාප්පුවක් විවෘත කළ අයකු, ඒ සදහා සුදුසු තේමා පාඨයක් සොයමින් ලතැවුණේලු. අන්‍ය භාණ්ඩ සදහා මෙන් මේ සදහා තේමා පාඨයක් සොයා ගැනීම ලේසි පහසු කාරණාවක් නොවේ.දැන් වීම් ප්‍රචාරක ආයතන කිහිපයක වෑයම අසාර්ථක වූ පසු ඔහු තමාටම සිතුණු අදහසක් බෝඩ් ලෑල්ලක ලියා අලවා ගත්තේලූ.

දැක්කාම මැරෙන්න හිතෙන මිනී පෙට්ටි...
කොහොම වුණත් වර්තමානයේ මල් ශාලා කියනවා මිස, මිනී පෙට්ටි සාප්පු කියලා භාවිත කරන්නේ නැහැ.. ඉහත සිදුවීම් දෙක මා අසා ඇති ඒවා වන අතර, මෙය මා දුටුවේ බද්දේගම ඉරිදා පොලේදීය. එක්තරා එළවලු වෙළෙන්දෙක් සෙසු වෙළදන් පරයා පොල දෙවනත් කර මෙසේ කෑ ගැහුවේය..
වම්බටු..ගහල..පලාගන්න...මගේ...වම්බටු..ගහල...පලාගන්න..මගේ...//

කාන්තාවන් මුහුණ රතු කරගත්තද සුහදව ඔවුන් තමාකෙරේ රදවා ගැනීමට මෙම වෙලෙන්දා දක්ෂවිය.ඉතින් මුලින් පසුබා ගිය මිනිසුන් කෙමෙන් ඔහු වෙත රැස් වන්නට විය.එවිටම අනෙක් කොනෙන් ඇහුනේ මෙබන්දකි.
.
කාගෙත් බටු එකයි...ඒත් මගේ බඩු හොදායි// මිල අඩූයි//
උපේක්ෂා නුවන්ශ්‍රීනි

64 comments:

  1. කියල වැඩක් නැහැ. නියම බ්ලොග් එකක්. හිතන්ට ගොඩක් දේ. ජය වේවා..!👊🏽

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි..ඔබ සැමගෙ අදහස් මට ඉතා ශක්තියක්.. මේ සම්බන්ධ වැඩි දුර දැනුමක් මෙතනට එක් කරනවානම් මම කැමතියි

      Delete
  2. මාතලං ගුරුතුමා තමයි මේ පැත්තට එන්න පාර කිව්වේ. ලස්සනට ලියලා තියෙනවා. ආර්ථිකවිද්‍යාව ඉගෙනගෙන දැන් ඇඩ්වර්ටයිසින් පැත්ත කරන කෙනෙක් වගේ. කියවන්න ආස හිතෙන හොඳ ලියවිල්ලක්. දිගටම ලියන්න.

    මෙන්න මේ කොටස පොඩ්ඩක් ආපහු බලන්න //සන්නම් නාමය වෙළදපල නායකත්වය හිමි කරගැනීම ත් එක්ක ලැබෙන දායාදයක්. මෙවන් තත්වයකට ආර්ථාක විද්‍යාවෙදි කියන්නෙ වෙළඳපල ක්‍රමය අදෘශ්‍යමාන ( මිල නොවේ) හස්තයක් මගිනි ්හැසිරවීමක් කියලයි.//

    ReplyDelete
    Replies
    1. ඔන්න මමත් බ්ලොග් රෝලට දා ගත්තා.

      Delete
    2. ස්තුතියි මල් මල්ලී..

      Delete
    3. ස්තුතියි මල් මල්ලී..

      Delete
  3. Mama nam tharka karanne invisible hand unethical & immoral kiyala.
    AD

    ReplyDelete
  4. පෝස්ට් එකේ මාතෘකාවත් කියලා තියෙන ජාතියේම මාර්කටින්ග් උපායක් :)

    ReplyDelete
  5. නියම අර්ථකථනයක්...විශිෂ්ට ලිපියක්.ඔන්න මගේ බ්ලොග් රෝල් එකටත් දා ගත්තා.

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තුතියි ..ගොඩක්

      Delete
  6. ++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  7. ගරිල්ලා මාකටින් කියන්නේ ඒවා තමයි....

    ReplyDelete
    Replies
    1. ඕ යැස්..තට්ට හිසක් ඇති මිනිසකුට පනාවකුත් නුවර එළියේ එකකුට ශිතකරණයකුත් විකිණීමට හැකිනම් ඔහු දක්ෂ වෙළෙන්දෙක්ය කියලා කියනවා මිණිවන් පී තිලකරත්නගේ කියත කෙටිකතාවෙත්..අපි ගාව තියෙන බඩු භාණ්ඩ වෙන වෙනම සසදල බලද්දි ඒවායින් බාගෙට බාගයක්ම උපයෝගීතාව මැවීමේ ප්‍රතිඵල .අපි භාණ්ඩ අරන් තියෙන්නෙ අනුන්ගෙ උවමනාවට

      Delete
    2. එස්කිමෝ කෙනෙකුට ශීතකරණයක් විකුණන්නේ මෙහෙමයි. හැබැයි අර ඉස්සර කාලේ තිබ්බ සිසිල් වගේ ශීතකරණ. ඒකේ පිටිපස්සේ තියෙනවා ශීත වීමට පාවිච්cඉ කරන ගෑස් එක එලියට ඇවිත් දගරයක් වගේ එලියට තියෙන කොටසක්. ඒ පැත්ත රත් වෙනවා. ඒපැත්ත පෙන්නලා ඒක හීටර් එකක් කිව්වම එස්කිමෝ ගන්නවා/ :)

      Delete
  8. මගේ සිතට සමීපම විෂයයක් කාටවත් වඩා හොඳට හාස්‍ය සමඟ විස්තර කරලා.

    //‘පරණ සබන් කෑල්ලට යන්න කිවුවා...“ එවැනි නිදසුනකි.//

    විශාල ප්‍රමාණයක් වෙලඳ දැන්වීම් අතර තත්පර 15 -30 ඇතුලත කැපී පෙනෙන දැන්වීමක් නිර්මාණය කිරීම අතිශයින් අපහසු කටයුත්තක් කියායි මම සිතන්නේ. සමහර ලා තමන්ගේ දැන්වීම ප්‍රේක්ෂකයාට මතක තිබෙන දැන්වීමක් කිරීමට යමක් එකතු කරනවා. "කොහොමද අපේ කට්ටිය? කිරි කොක්කු වගේ නේද?" ආදී දේවල් . ඒ අනුව මම හිතන්නේ මෙම සබන් කථාව එවන් දෙයක් කියලයි. සබන් සහ ඩිටර්ජන්ට් එකම කාර්යයකට භාවිතා වෙන නිසා ඔබ කියන දේ හරි වෙන්නත් පුළුවන්.

    මම මේ ක්ශෙත්‍රයේ නොවුණත් ප්‍රචාරය වූ වෙලඳ දැන්වීම් දෙකතුනක් නිර්මාණය කරන්න අවස්ථාව ලැබුණා. ඒවා කලේ ප්‍රධාන තරඟකරුවෙකුට එරෙහිව. පසුව වෙලාවක ලින්ක් දෙන්නම්.

    ReplyDelete
    Replies
    1. ඉයන්,ලින්ක් මෙතනම දැම්මොත් අපිටත් බලන්න ඇහැකි.

      Delete
    2. පළමුව ඔබට තුති.. ඔබේ දැනුම බෙදා ගන්න අපි හැමෝම කැමතියි .. ලින්ක් ටික මෙතනම පෝස්ට් කරන්න..

      Delete
    3. ලින්ක් දැමුවොත් ඒ දැන්වීම් සම්බන්ධ සමාගම් නිසා මගේ ඇත්ත වතගොත එළිවෙනවා නේ :):)

      Delete
  9. CBL වගේ කොම්පැණි ටීවී,රේඩියෝ,පත්තර,තාප්ප බදු අරන් මහා හිරිහැරයක් විදිහට කරන මාකටින් ක්‍රමේකුත් තියනවා නේද? මැලිබන් මංචි ඇඩ් ගස්ලබ්බා කාලෙක ඉඳන් බලනවා.මැලිබන් ලගෙ 'යහ ගුණයෙන් ඉදිරියට' ඉස්සරහා මංචි ලා එන්න එන්න පච වෙන එක බලන් ඉන්න වටිනවා.
    අපේ ලංකාවෙ ගොඩ දෙනෙක් හැඟීම් එක්ක එන කතන්දර ඇඩ් වලට පුදුම ආසයි කියල හිතෙනවා. මේ විශය යටතේ ඔබ තවත් ලියයි කියල බලාපොරොත්තු වෙනවා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. අපි භාණිඩයක් මිලදී ගැනීමේදී සියයට පනහක් විතර මිල ගෙවන්නෙ ඇඩ්වටයිසින් කොස්ට් එකට. එයාලගෙ ඇඩ් එක බලලා එයාලගෙ භාණ්ඩය අරන් ඒ ඇඩ් එකට අපිම ගෙවනවා වගේ වෙනවා..

      Delete
  10. වැල වරකා කරනවා ....බ්‍රා
    අල ගෝනි කරනවා ...පිරිමි යට ඇදුම්

    ReplyDelete
    Replies
    1. මම අහල තියෙනවා ඔය කතාවත්.. සෙක්ස් මිශ්‍ර කරලා පොඩි උපහාසයක් එක්කයි එයාලා භාණ්ඩය අලවි කරන්නේ

      Delete
  11. මරේ මරු!! සැකක්, බයක් නැතුව කරන වචන පාවිච්චියට මම ගරු කරනවා. ඉස්සර පිටකොටුවේ බෙල්ට්ස් විකුනුවා. එකම හිලක් වත් නැති බෙල්ට් එක සීයයි. හිලක් විදින්න තිහයි. කට උත්තර නැහැ.

    /////මම ඇත්තටම ආසයි ඇවිදින්න.විවිධ සමාජ ස්ථරවල, මිනිස්සු අතර ගැවසෙන්න.//////////////
    ++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරුණ.. ඔබ දන්නා තව සිදුවිම් අපගේ දැනුමට එකතු කරනවානම් ගරු කරනවා

      Delete
    2. මට ලියන්න බොහෝ දේ තියෙනවා ලමයෝ....ඒවා ඇතුලේ කාටවත් හිතාගන්න බැරි කතා තියෙයි. ලියනවට වඩා දැන් කෙරෙන්නේ කියවන එක. කියවනවා කිව්වේ අඩියක් පුඩියක් ගහලා "කියෝන" එක. ඒ ඇතුලේ හම්බවෙනවා පුදුම ශක්තිමත් චරිත. ඔබ ලියන්න. ඔබ වෙනත් ගැහැනියක් බව මට හිතෙනවා. අපේ දුවත් ඔය වගේ. ජීවිතය රස විඳිනවා. නිදහස්ව හිතන තාත්තලගේ දූවරු ඔය වගේ තමයි. තාත්තලට හම්බවෙන අම්මලාත් එහෙමයි. හරි නිදහස්. ජීවිතය කියන්නේ චූටි කතන්දරයක්. තමාගේ ජීවිතයේ වීරයා තමාමයි. මට එහෙම හිතෙනවා. තමාගේ සහකරු හෝ සහකාරිය තමයි, තමන්ට හුස්ම දෙන්නේ. ලමයෝ...මගේ ගොන් ටෝක් වැඩක් නැහැ..බය නැතුව ලියන්න.

      Delete
    3. @ Aruna
      මට නං ඒ "ගොන් ටෝක්" නැගලම යනව. හැමෝම කියන එකේ , ඔන්න ඔහේ ලියලම දාහං ලොකු පුතේ :)

      @ Upeksha
      මේකත් වෙනස්ම ආරක අපූරු බ්ලොග් එකක් නෙව. සරලයි, ඒත් සොඳුරුයි, ෂැන්ඩි නෑ , අමුවෙන්ම ලියල තියනවා. මේකටත් බරසාර කමෙන්ට් එකක් දාන්න වටිනවා. හෙට නිවාඩු, හෙමීට ආයෙමත් කියෝලම එඤ්ඤං

      Delete
    4. ස්තුතියි බස්සා...අදහස් වටිනවා මට

      Delete
  12. වෙනත් බ්ලොග් අඩවි වලට ගොස් කමෙන්ට් කරන්න එතකොට ඒ අයත් මෙහාට එයි ප්‍රචාරයකුත් ලැබෙයි

    ReplyDelete
    Replies
    1. ෙහාදයි ස්තුතියි දැනුවත් කලාට

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. අයියෝ මේ පරණ කතා නේ. අනෙක මිනී පෙට්ටි කතාව නම් මිනී පෙට්ටි සාප්පුවක තිබුණු එක කොහොම වෙතත් සමුදුර කියලා දැනට කාලෙකට කලින් තිබුණු පත්තරේක මිනී පෙට්ටි ගැන පින්තූරයක් දාලා අන්න එකේ කැප්ෂන් එකට මේක දාලා තිබුණා.

    ReplyDelete
  15. ප්‍රචාරණයේ මම දන්න විදිහට කොටස් 6 ක් දැන් පාවිච්චි වෙනවා. එකක් තීමැටික් (thematic). ඒකෙන් කරන්නේ සන්නාමයට තත්ත්වයක් දෙන එක වගේ වැඩක්. ඊලඟට එන්නේ ටැක්ටිකල් (tactical) . එකෙන් තමයි කෙලින්ම ගියන්නේ මේ භාණ්ඩයේ ගුණ අගුන, ගන්න තැන, ආදිය. ඊලඟට බිලෝ ද ලයින් (Below the line) . ඔය හෝඩිං, බැනර්, ආදිය අයිති වන්නේ ඒකට. ඊලඟට තියෙනවා ඇක්ටිවේශන් (Activation) කියල එකක්. එකෙන් කරන්නේ එම භාණ්ඩය මිනිස්සුන්ට පාවිච්චි කරලා අත්හදා බලන්න සලසන එක. උදාහරණයකට ඩිටර්ජන්ට් එකක් ප්‍රසිද්ධ තැනක රෙදි සෝදා පෙන්නන එක වගේ. එකෙන් පාරිභෝගිකයන් කිහිප දෙනෙක් සහභාගී කරවා ගැනීමක් කෙරෙනවා. ඊලඟට පබ්ලික් රිලේශන්ස් (PR). ඒකෙන් කෙරෙන්නේ සමාගම ගැන හෝ භාණ්ඩය ගැන ලිපි ලියා ඒවා පුවත්පත්වල සඟරා වල පල කරවා ගැනීම. ලඟදි ආපු තව කොටසක් තමයි සෝශල් මීඩියා (social media) . ඒකට ෆේස්බුක් පේජ් සාදා ඒවාට පාරිභෝගිකයන් සම්බන්ධ කරගෙන ඒඅය වෙටහ් සංනිවේදනය. සාමාන්‍යයෙන් අළුත් සමාගමක් හෝ භාණ්ඩයක් හඳුන්වා දීමේදී මෙම කොටස් ඔක්කොම කරනවා.

    ReplyDelete
  16. තවත් අපූරු ගෙත්තමක්

    ReplyDelete
    Replies
    1. ෙබාෙහාම ස්තුතියි ඔබට

      Delete
  17. මාතෘකාවයි පින්තුරෙයි නම් කෙලින්ම මාකටින් ස්ට්‍රැටජි එකක වගේ. මාතලන්නුත් අහුවුනා කියන්නේ.

    ReplyDelete
  18. me loke pawathinne marketing nis athama

    ReplyDelete
  19. අහම්බෙන් දැක්කෙ දිගටම ලියමු

    සර්පයාගේ දියණිය (අර වෙස්පෙරලෙන ටීවී එකේ ඉන්න ගෑනිද කියල බැලුව නෑ නේද?)


    //කුක්කු දෙකට තොප්පි එකයි..!‍// මාතෘකාව සහ පින්තූරයෙත් ඔබ කතාකරන මාකටින් පාර ලෙසටම තියනව මම හිතන්නෙ

    එල.

    ReplyDelete
  20. ඔබේ අදහස් හරිම සුන්දරයි...




    ReplyDelete
  21. වර්තමාන සමාජයේ ස්ත්‍රී පුරුෂ, වාර්ගික, ජාති,අාගම්, දේශපාලන... අාදී කිසිදු භේදයකින් වාදයකින් තොරව සියලු මිනිසුන් අදහන 'අාගම' අැඩ්වටයිසින්. මම මේ දිනවල කරමින් ඉන්නේ වෙළෙඳ දැන්වීම්වලදී සංස්කෘතික 'නිල'ඔස්සේ පාරිභෝගික හැසිරීම් වෙනස් කර අැති අාකාරය ගැන පර්යේෂණයක්. ඒ දැන්වීම්වලින් අප සමාජයක් ලෙස කොතරම් අැන්දීමකට ලක් කර තිබෙනවාද කියා හිතෙනවා. ගාමිණී විජේතුංග 1997 'මාතොට' සඟරාවකට 'මනස පහුරුගෑමේ කලාව' නමින් වෙළෙඳ ප්‍රචාරණය ගැන අපූරු ලිපියක් ලියා තිබෙනවා. පුළුවන්නම් සොයාගෙන කියවන්න.
    දැන්වීම්වලින් වගේම සුපිරි වෙළෙඳසැල්වල භාණ්ඩ අසුරා තිබෙන අාකාරය මගින් අපේ මිලදී ගැනීමට කොතරම් බලපෑමක් කරනවද කියා හිතන්න. අපි ගෙදරින් එනවිට ලියාගෙන එන භාණ්ඩ ලයිස්තුවෙන් පිටත වන භාණ්ඩ මිලදී ගන්නට අපි පෙළඹෙන්නේ ඒ අසුරා අැති අාකාරය නිසා. මේ මනෝ විද්‍යාත්මක ප්‍රහාරයට අපි හැමෝම අඩු වැඩි වශයෙන් ගොදුරු වෙලා.එයින් ගැලවී සිටින්න අපහසුයි. අපේ සිහිනය වන්නේ මූලික නිෂ්පාදනය පරිභෝජනය කිරීම නෙවෙයි, සන්නාමය පරිභාේජනය කිරීමයි. අපි තෘප්තිමත් වන්නේ එයින්. 'ගරිල්ලා මාකටිං' චිත්‍රපටයේ වෙළෙඳ ප්‍රචාරණ වෘත්තිකයා වන 'තිසර' එක අවස්ථාවක කියන දෙයක් තමයි 'කෙමිකලි පාරිභාේගිකයින්ට හිතකර නොවන භාණ්ඩ විකුණාගන්න ‍එතිකලි හිතකර දැන්වීම්' නිර්මාණය කිරීම ගැන. එ් තුළ අපට හිතන්න ගොඩක් දේවල් තිබෙනවා.

    අැත්තටම මේ මාතෘකාව බ්ලාෙග් අවකාශයට ගෙන එම ගැන ඔබට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. මම කලකට පෙර දිලිත් ජයවීර මහතා සමග වෙළෙඳ ප්‍රචාරණය ගැන කළ සම්මුඛ සාකච්ඡාවක් මෙම බ්ලොගයේ තිබෙනවා. එය මේ සංවාදයට වැදගත් වේවි.
      godayage-adaviya.blogspot.com

      Delete
    2. හරිම වටිනවා ෙම් අදහස්..ෙගාඩක් ස්තුතියි

      Delete
  22. අර Philip Kotlerත් කියලා තියනවා නෙහ් මේ ලොකේ මිනිස්සුන්ට බෙරෙන්න බැරි දෙවල් තුනක් ගැන

    1.මරණය
    2.බදු
    3.Marketing

    ReplyDelete
    Replies
    1. අම්මප අැත්ත.. හැබැයි නෑෙයාත් ඔ්කට ඒකතු කරන්න ෙවයි

      Delete
    2. හා හා ඔව් ඔව්

      පොඩි ලියවිල්ලක්, අඩුපාඩු බලල කියන්න පුලුවන්නම් වටිනවා :)

      https://tishanwicky.blogspot.com/2016/07/needsandwants.html

      Delete
  23. මාත් ආවේ මාතලන්ගේ පාර අහන්. මාකටින් වලටම හරියන මාතෘකාවක්.ආවට පාඩු නැහැ. නියමයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ෙසාදුරු අාවට මාත් ඒ් පැත්ෙත් ඒන්නම්

      Delete
  24. Fantastic stories about real life

    Thanks for sharing with us

    ==Adrian from Toronto

    ReplyDelete
  25. අළෙවිකරණය කියන්නෙ දක්ෂතාවයක් තමා. ඉස්සර දවසක බෙලෙක්කඩේ පොළේ කෑගහනව කෙනෙක් "ආ දත් නැති ආච්චිට කටු නැති මාලූ, දත් නැති ආච්චිට කටු නැති මාලූ" කියල. විකුණන්නෙ මාළු මිරිස්.

    තව කතාවක් තියෙන්නෙ අර කෑලි හතරක රාස්පාන් සෙට් එකක කෑල්ලක් දහයයි කෑලි හතරම පණහයි කියල විකුණනකොට හැම එකාම කෑල්ල කෑල්ල ගානෙ හතර වෙන්න වෙනම ගත්තලු. එකක් අරන් යන එකා නිකම්ම හතරම අරගෙන ප්‍රචාරණයට අහු වෙලා.

    ReplyDelete
    Replies
    1. කටු නැති මාලු මරු ඒ්ක..

      Delete
  26. අපගෙන් මිණී පෙට්ටියක් මිලදී ගන්නා සැමට වටිනා මල මිණියක් නොමිලේ...

    ජ ය වේ වා !!!

    ReplyDelete
  27. සුද්දෙත් ටොයිලට් පේපර් හොයන් හාඩ්වෙයාර් එකකට ගිහින් මුදලාලි නො 1 වැලි කඩදාසි විකුකලා

    ReplyDelete
  28. මමත් ඔහොම එකක් පිටකොටුවේදී අහලා තියෙනවා
    බ්‍රා වලට කියන්නේ 'ටු ඉන් වන්'
    පිරිමි යට ඇඳුම්ට 'ත්‍රී ඉන් වන්'

    ReplyDelete
  29. හිටින්න ගහන්න - බ්රේක් ඔයිල්.
    සිරිපාලගේ උදැල්ල කැපෙන්නැතුව ඇති - උදලු තල

    ReplyDelete
  30. අපූර්වතම ලියැවීමක්.විශිෂ්ඨතම නිර්මාණයක් .

    ReplyDelete
  31. නියමයි ටීචර්.....ඒක සුපිරියි......❤

    ReplyDelete