සාමාන්‍යෙයන් මම ප්‍රිය කරන්නේ පැබ්ලෝ නෙරුදා වැනි කවියකුගේ දාර්ශනික
ප්‍රකාශනයන්ය. සඳැස් කවි කෙරේ එතරම් ප්‍රියතාවක් නූපදින්නේ සඳැස් කවියන්
භාවාත්මක භාවයට වඩා ආකෘතිය කෙරේ දක්වන සැලකිල්ල නිසා යයි සිතේ. කොළම යුගයේ
කවියකු වූ විමලරත්න කුමාරගමගේ අය්යනායක පැදි පෙළ හැරුනු විට බොහෝ සදැස් කවි
ආයාස වචන එබ්බවීම් නිසා රස හුන් බවටම පෙරළින.අයියනායක පැදි පෙළද සදැස්
ඉක්මවා ගිය නිදහස් ආරක් ගැනීම නිසා යම් විවෘත මනසකින් කවියා ලෝකය දකින බවක්
පෙනේ.නමුත් ආකෘතික විවිධත්වය සොයා ගිය ගමනේ නිසදැස විසින් කාව්‍යයට සිදු
කළ හානියක්ද ඇත. මන්ද එකළ කාව්‍ය කරණයෙහි යෙදුණේ භාෂා ශාස්ත්‍රය මනාව
ප්‍රගුණ කළ උගතුන් සහ වියතුන් විසිනි. නමුත් හයිකු වැනි ප්‍රවණතාවන් නිසා
අද වන විට අන් යමක් කරන්නට බැරි අය කවියන් වශයෙන් ස්ථාපිත වන ප්‍රවණතාවක්
පෙනෙන්නට තිබේ.
ලියන ඒනෑම දෙයක් කවියක් වන්නේ නැත. එය කවියක් වන්නට නම් රස
පිරුණු වැකියක් විය යුතුය.නිසදැස් වල තත්ත්වය එසේ වන අතර වර්තමානයේ ද
සදැස් කරුවන් විසින් සිදු කරන්නේ ඝන යති සහ එළිවැට කෙරේ පමණක් සැලකිලිමත්
වෙමින් නිර්මාණයේ භාවාත්මක පාර්ශ්වය අමුවෙන්ම මරා දැමීමය. කාව්‍යය නව නළු
රසයෙන් මෙන්ම භාවයෙන්ද පිරුනු සෞන්දර්යාත්මක වස්තුවක් විය යුතුය. අත්දැකීම
සෞන්දර්යාත්මක වස්තුවක් බවට පත් වන්නේ කාව්‍යාලංකාරාදී ශීල්පක්‍රම වලදී
කවියා දක්වන අනන්‍යතාව නිසාය. සංදේශ කාව්‍ය භාවිතයේ දී සෙසු කාව්‍යයන්
ඉක්මන සුවිහේෂී ප්‍රාගුණ්‍යයක් සංදේශකරුවෝ දැක්වූහ.
මෙහි ඇති සුවිශේෂීත්වය
වන්නේ ඇතැම් සංදේශ කාව්‍යයන් සිදු කළ පැවිදි හිමිවරු පවා ජීවිතයේ ලෞකික
පාර්ශ්වයන් වඩාත් රමණියවත් සෞන්දර්යාත්මකවත් ඉදිරිපත් කර තිබීමයි.
වෙසෙසින්ම අව්‍යාජ ජීවන රටාවක් ගෙවූ මිනිසුන් සහ ගැහැනුන් පිළිබදව වඩාත්
හෙලිදරව් වන්නේ සංදේශ කාව්‍යයන් ඔස්සේය.වෛශයාවන්, අනියම් පෙම්වතුන් ,
සෞන්දර්යාත්මක වස්තු සහ පරිසරයද සමව ගෙන විදින්නට දූතයා පෙළඹවීම සදෙස්හි
දැකිය හැකි පොදු ලක්ෂණයක් වන්නේය. අව්‍යාජ බව සහ ගැමිකම වඩාත් ඉස්මතු වූ
සදෙස් කාව්‍යයක් ලෙස හංස සංදේශය වඩාත් ඉස්මතු වේ. එහි සාමාන්‍ය මානුෂීයත්වය
ගැමිකම විනා බෞද්ධ මිනුම් දඩු තුළ හොවා මනුෂ්‍යයාගේ ජීවන විකසිත භාවය
නොමරයි.
(දිය කෙළි වැනුම්)
මිනිසෙක් දිය පීනා යයි එතෙර ට
අගනක් දිය පීනා එයි මෙතැන ට
පහරක් දුන් සරනින් ඔහු සිරස ට
අනිකක් හැඩුවා එ සදෙහි දුර සි ට
(85)
අගනක් දිය පීනා එයි මෙතැන ට
පහරක් දුන් සරනින් ඔහු සිරස ට
අනිකක් හැඩුවා එ සදෙහි දුර සි ට
(85)
එක් මිනිසෙක්ද ගැහැණියෙක්ද දිය කෙලියෙහි නිරතව සිටියි.ගැහැනියක් සහ
පිරිමියෙක් දෙකෙළවරක සිට ඵීනා යයි. ගැහැනිය පිරිමියාව පහු කර යන්නේ ඔහුගේ
සිරසට පාපහරක් ද ගසමිනි. නමුත් එය මාරාන්තික පහරක් වන්නේ දියකෙළයෙහි යෙදෙී
වුන් පිරිමියාට නොවේ.ඉවුරෙහි සිට තරුනිය දෙස බලා හුන් පිරිමියාටය. ගමක ආදරය
පළ කරන එක් ස්ථානයක් වන්නේ නාන තොටයි. එය ගැමියන්ගේ බාව ප්‍රකාශන
කේන්ද්‍රයයි. නමුත් අද දවස වන විට නාන කාමර සංස්කෘතියට කොටු වූ මිනිසාට
ජීවිතයේ ප්‍රහර්ශය ම හැරී ඇති බවක් හැඟේ.
අගනක පය ගෑ ලතු සිරසෙහි වැ කි
මිනිසෙකු ගග දිය කෙළියෙන් නොවැළැ කි
අනිකක ඇස රතු විය ලතු නොම වැ කි
ඇයසක එ රතට වෙන දිය කරණෙ කි.
මිනිසෙකු ගග දිය කෙළියෙන් නොවැළැ කි
අනිකක ඇස රතු විය ලතු නොම වැ කි
ඇයසක එ රතට වෙන දිය කරණෙ කි.
(86)
එක්තරා අංගනාවක ශරීරයෙහි ආලේප කළ ලාක්ෂා සිරුරෙහි ස්පර්ශ වූ පිරිමියා ගඟ
දිය කෙළියෙහි ඇලුණේය. ලතු වැකි ඔහු දෑස රතු නොවුණ ද ඉවුටෙරහි උන් අන් අගනක
දෑස් රක්ත වර්ණ විය. ඊට කාරණා වූයේ අනෙකකි. මේ කාව්‍ය දෙකෙහිම පවතින්නේ
ගැමිදිවියෙහි අසිරිමත් භාවයයි.
මසෙක් ගොදුරු පතා මෙවුලේ මිණි ගතා
එළදුන් බිය පතා ගත වෙවුලුම් ගතා
එ මතු නොවෙයි ඉතා නිල් සෙවෙලකැයි සිතා
කොමළ ඟනන් මුතා සරල් වරල් ගතා
එළදුන් බිය පතා ගත වෙවුලුම් ගතා
එ මතු නොවෙයි ඉතා නිල් සෙවෙලකැයි සිතා
කොමළ ඟනන් මුතා සරල් වරල් ගතා
(90)
ලියක් කෙහෙරැල් මුදවා ගෙන දිය තලය මත පීහිනා යමින් සිටියාය. ගොදුරු පතා
පැමිණි මතස්‍යෙයක් ඇගේ මණිමේඛලාවෙහි වූ මැණිකකට කෙටුවේය.ඉන් බියපත් වූ ලද
වෙව්ලුම් දුන්නීය. ඉනුදු නොනැවතුන මත්සයා පාවෙමින් තිබූ ඇගේ නිල් වරලස නිල්
පැහැ සෙවල කැටියකැයි සිතා ඒ මතට පැන්නේලු. මත්සයා කෙටුවේ මැනිකට නම් ඇය
වෙව්ලා යන්නට කාරණාවක් නැත. ඒ ඔස්සේ සිතද්දී හාස්‍ය රසය උත්පාද වේ. දිය
කෙළියෙහි සජීවි බව , තොටු පලක චූල සංස්කෘතියේ සමාජ විද්‍යාත්මක හැදෑරීම ආදී
සියල්ලම හංස සදෙසෙහි දිය කෙළි වැණුමෙහි දක්නට ලැබෛ්.
(කැළණි පුර වැණුම්)
ඇමතැන කරන මුනි පුද නරඹන ලෙසට
තැන තැන සැවුල් ගණ පැමිණෙත තුරු සිරට
තැන තැන සැවුල් ගණ පැමිණෙත තුරු සිරට
(99)
මෙහි සැවුලා පිළිබඳ විවරණය වෙනස් එකකි. කැළණි පුරය මුළුල්ලෙහි වන සියළුම
පූජා කටයුතු නරඹන රිසියෙන් කුකුළන් රංඩුව ගස් මුදුන් වලට පැමිණෙති. මෙම
සැවුලන් පිළිබද කතිකාව මීටත් වඩා රසවත් වන්නේ මයුර සංදේශ කාව්‍යෙයහිය.එහි
එන මුළු රෑ පුරා කවියෙහි. එන ‘පියවන සදෙහි සළු අදවති රති මතිනි ...පද්‍ය
පේළිය විමංසනයට ගනිමු. එම පෙළෙහි අරුත වන්නේ ..රති මතියෙන් මත්ව සළු මුදා
හරිනවා වෙනුවට මේ සැවුළන් සහකාරියට සළු පොරවනවාය යන්නයි. එහි අරුත කුමක්ද?
එනම් මෙථුන්‍යෙය්දී කුකුලා විසින් සිය පියාපත් වලින් කිකිළියව මුළුමනින්ම
වසා ගනී. එය සළු පෙරවීමක් වැන්න. ඉතින් මයුර සදෙස් කරුවා අසන්නේ වෙනත්
සියළු සත්වයන් රාත්‍රිෙය්දී මෙථුන්‍යෙය් යෙදෙද්දී මේ අමුතු සතුන් කොට්ටාශය
උදෑසනම ඒ කාර්යය අරඹා ස්වභාදහමේ නියතිය බින්දා පමණක් නොව රතියෙහිදී සළු
ලිහනු වෙනුවට සළු පොරවා තවත් විපර්යස්ථයක් ඇති කළ බවයි. මේ නැවුම් සංකල්ප
රූප කාව්‍යෙය් සාහිත්‍ය බර වර්ධනය කරන අතරම එහි ඇති විචිත්‍රත්වය ද තීවු
කරයි.
(මයුර සංදේශය)
කෑරගල හා පද්මාවතී වෙහෙර වැනුම
පැසෙයි නිබඳ සුවඳැල් කෙත් වත් අව ට
ඇසෙයි ළමා වසු පැටියන් හඩ දුර ට
දිසෙයි වෙහෙර එහි සුර විමනක් ලෙස ට
රසෙයි අමා රසමය ඒ පියස දු ට
ඇසෙයි ළමා වසු පැටියන් හඩ දුර ට
දිසෙයි වෙහෙර එහි සුර විමනක් ලෙස ට
රසෙයි අමා රසමය ඒ පියස දු ට
මේ ගම නම් ස්වයං පෝසිත වූ සුන්දර ගමකි. හංස සදෙස්කරුවාද රහල් හිමියන් මෙන්
තිරිසන් සත්වයාට මනුෂ්‍යත්වයේ දෝත දිගු කරයි. ළමා වසු පැටියන්.. ළමයින්
සිටින්නේ මිනිසුන්ටය. වසුපැටවා යනු පැටිවියේ ගවයකුට වන පදයයි. එයට ළමා යන
විශේෂණය එක් කිරීමෙන් සිදු වන්නේ කුඩා වසුපැටියාගේ සුරතලය , ආදරණීය බව
මනුෂ්‍ය දරුවකු හා ගැලපීමයි. වසුපැටවුන් බොහෝ වෙසෙන මේ ගම කිරි සහ පස් ගෝ
රස ආදියෙන් බොහෝ සශීක වූ එකකි. රහල් හිමිගේ සැළළිහිනිය යනු හාස්ත්‍රිය
අත්හදා බැලීම් වල අග්‍රගන්‍ය ඵලයකි.නමුත් හංසය සරල සහ ගැමි ජන ජීවිතය වඩාත්
විචිත්‍ර ලෙස නිරූපණය කළ සංදේශ කාව්‍යයකි.දෙස් කරුවෝ අග සහ මුල එළිවැට
පමණක් සලකති කිසිදු විචිත්‍රත්වයක් එම කාව්‍යයන්හි දක්නට නොලැබේ. එසේ ලැබේ
නම් ඒ ද ඉතා කලාතුරකිනි. කාව්‍යයට පමණක් නොව ගීතයට පවා අනුචිත උපමා , රූපක
ආදිය බාවිත වීමෙන් සිදු වන්නේ බාෂාවේ රටාව බිදී ගොස් සංදිග්ධතාවක් ඇති
වීමයි. එනම් එහි අර්ථය පිළිබද ඇති පොදු සම්මුතිය බිදී යාමයි. එවන් යක් සලකා
බලමු...
හෙන්රිදික්ක මල් පදුරට මුවා වෙලා - ඔබ එනතුරු බලා ඉන්නවා..
මේ ගීතය බලන්න..හෙන්දිරික්කා පදුරකට මුවා වී පෙම්වතිය එනතුරු බලා ඉන්නට
නම් මේ පෙම්වතා මොන්ටිසෝරි කොලුවකු විය යුතුය. මන්ද ඉතා සරුසාර ලෙස වැඩෙන
හෙන්දිරික්කා පදුරක් වුව දණහිස ඉක්මවා නොවැඩේත විශාල පෙදෙසක පැතිරීමක් ද
නොවේ.. පෙම් කරන වියේ තරුණයකුට තිසිසේත්ම එහි සැගවී සිටිය නොහැකිය. ඉන්
හෙන්දිරික්කා පදුර යන පදයෙහි පොදු සම්මුතිය පිලිබද ආබාසයක් හෙවත් කුකුසක්
ඇතිවේ...
සත් සුමුදුරු පිට ඔබ අඩ සදකී
ගැස්සෙන ඔබෙ ළැම - මට මල් දමකී..
ගැස්සෙන ඔබෙ ළැම - මට මල් දමකී..
දුෂ්‍යන්ත් වීරමන් ගයන මෙම ගීතයට අවධානය යොමු කරමු. මල් දම යනු ගෙල පැලදූ
විට එල්ලෙන හෙවත් පහලට ඇද හැලෙන දෙයකි. මේ විස්තර වන කාන්තාවගේ ලැම මල්
දමක් නම් ඇය තරුණ විය ඉක්මවූ එනම් තරුණයන්ගේ බසින් වැල යයි කියන මට්ටමේ
වැහැරුණු ලැමක් ඇති අත්තම්මා කෙනෙකු විය යුතුය.ඉරාජ් වීරරත්න විසින් ගයන
පපු කිණිත්ත මත සියපතක්ව හිද පරව යන්න මට බෑ.. මේ ගීතයෙහි පපු කිනිත්ත යනු
සාවද්‍ය වදනකි. එය පපු කැණැත්ත විය යුතුය. සරල ගී ධාරාවේ සංදිග්ධතා නැති
අතිශය සරල පදමාලාවලින් යුක්ත පැරනි ගී අනන්තවත් තිබේ.
මේ උයන් කොනේ නිල්දිය රැදුනු..........
විල් තෙරේ..
ඇලේ දොලේ හඩ ඇසුනේ අපේ ආදරේ
සීත හිම පෙතේ සීතල දැවටෙනා වෙලේ..
නුවන් නොදුටු රුව ඇදුනා සිහින් සීතලේ.......
විල් තෙරේ..
ඇලේ දොලේ හඩ ඇසුනේ අපේ ආදරේ
සීත හිම පෙතේ සීතල දැවටෙනා වෙලේ..
නුවන් නොදුටු රුව ඇදුනා සිහින් සීතලේ.......
මේ රචනාව බලන්න. මුව මුක්තා ලතා වැනි අප්‍රභංශ වාග්මාලාවක් මෙහි නොමැත
සාමාන්‍යයක් ගීතයක් යනු රසිකයා ඇසූ පසු මහාචාර්යවරයකු විසින් විස්තර කර දිය
යුතු මට්ටමේ අපභංශයක් විය යතු නොවේ.මේ ගීතයේ සරල වචන තුළ හැගීම් දහරාවක්
උතුරා යයි. සාහිත්‍ය රසය උපදින්නේ එවිටය.නිර්මාණකරුවකුට
වඩා වැදගත්
වන්නේ තම ප්‍රකාශනයට යොදා ගන්නා සෑම වචනයක්ම ඖචිත්‍ය ගුණයෙන් යුත්කද යන්න
විමසා බැලීමයි. ඕනෑම නිර්මාණයක් අපූර්ව වීම මෙන්ම භාවාරද්‍ර වීමද අනිවාර්ය
ගුණයකි. එය කෙතරම් උසස් ගණයේ නිර්මාණයක් වුවද විඳින්නාගේ භාවයන් ඉන් විකසිත
නොවීනම් ඒ තැත අර්ථ විහීනවී රස සුන් බවටම පැමැණෙන්නේ මය.
( මතු සම්බන්ධයි- භාෂාවේ ශිල්ප පෙළහැර හෙවත් සැළළිහිනිය ... මෙහි දෙවන කොටස ලෙස බලාපොරොත්තු වන්න)
- උපේක්ෂා නුවන්ශ්‍රීනි -
වටිකා පෝස්ටුවක් ස්තුතියි
ReplyDeleteස්තුතියි.. ඔබට
Deleteමාතලන් තමයි පාර පෙන්නුවේ.. හැමවිටම පොදු සාමාන්‍ය රසිකයාගේ තැන ඉඳල විශ්ලේෂණය නොකර ඊට වඩා ඉහල දැනුමක් රසාස්වාදයක් ඇති රසිකයිනුත් ඉන්නවා කියල සැලකුවානම් හොඳයි නේද? නැත්නම් නිසඳැස්, සරළ ගී හා සරල ගද්‍ය රචනා වලුන් එහා ගිය සාහිත්‍යයක් අපට නැති වෙන්න ඕනි.
ReplyDeleteපැරණි කෘති වල ඇති සුන්දර තැන් ලිහිල් බසින් ගේන්නයි මේ වෑයම් කලේ.. මම හිතනවා එය උපකාරී වෙයි “ඔබ සැමට.. අදහස් දැක්වීමට ඔබට ස්තුතියි
Deleteමං හිතන්නේ මේ ෆලෝවරය නෙමෙයි , බ්ලොගර් ෆලෝවරය දැම්මොත් හොදයි කියල
ReplyDeleteම් .. ස්තුතියි බලමු..
Deleteඅනේ අම්මො ඇහෙ පොට ගිහිල්ලා බෙල්ලත් උලුක්කු උනාද කොහෙද.....
ReplyDeleteඑත් සන්තොසයි අලුත් බ්ලොගක් නොවැ.... දිග ගමනකට සුබ පතුම්....
ස්තුතියි සහෝ...
Deleteඋණුසුම් සුභපැතුම්! වටිනා ලිපියක්.
ReplyDeleteමම හිතන්නේ මේ උපේක්ෂා නුවන්ශ්‍රීනි අක්කා විය යුතුයි.
හ්ම් හ්ම් ...
Deleteඅනර්ඝයි බං අක්කේ.... සංදේශ කාව්‍ය කරුවාගේ නැවුම් උපමා උපමේය භාවිතය ඇසුරෙන් නවක රචකයාට කොතරම් පරාසයක තමන්ගේ කාව්‍ය රචනය හැසිරවිය හැකිදැයි අවභෝධයක් ලබා දීමට මේ ලිපි පෙළ හොඳ මාර්ගයක් වෙයි... දිගටම ලියාපන් අක්කේ...
ReplyDeleteමා ආ මාවතේ ආහිර්වාදයක් වූ නුඹලාට පින්..
ReplyDelete