Realtime website tracking softwareRealtime website tracking software

Monday, May 29, 2017

ඕන පුකක් !!! ප්‍රීති වෙසක් !!!



ඇත්තටම බුකි කල්චර් එක කියන්නේ වෙනස්ම එකකි.එහි තියෙන්නේ යම් සංසිද්ධියක අන්තර් ගතය එතරම් නොසලකා තේමාව මෙව්ව කරන එක් සිස්ටම් එකය. අබුද්දස්ස කාලේන කජ්ජේන පුහුලං වාගේ සිංහල සමාජය ඇතුලේ ඉස්සරත් එක එක ඒවා ඒ ඒ කාලෙට ඕන තරං සිද්ධ වුණේය. ඒත් කුජීතු ජන මාජ්ජය එච්චර වෙළඳ ඒකාධිකාරයක් ගොඩ නගා ගෙන තිබුණේ නැති හංදා ඒ ඒ එවුවා ඒ ඒ තැන් වලම සැගවී ගියේය. ඒත් දැං ඒම නැත. සිදුවන සිදුවීම් වලින් වැඩියෙන්ම රේට් වන එවුවා තෝරාගෙන ප්‍රීති වීම ජනමාධ්‍ය කල්චර් එක බවට වර්තමානයේ පත්වී තිබේ. එක්සාම්පල් එකක් විදිහට ගන්නවානම් ස්ත්‍රී දූෂණ අතරින් විරෝධතාව නැංවීමට වැඩියෙන් තෝරා ගන්නේ ලස්සම කාන්තාව හෝ දැරිය සම්බන්ධ දූෂණයයි.. මිය ගිය තැනැත්තියගේ නිරුවත් මල සිරුරේ කොටස් තිබේ නම් ෂෙයාර් කර ප්‍රීති වීමේ කණ්ඩායම් මේ අතර වැඩි වැඩියෙන් ක්‍රියාත්මක වේ. ඒ අතින් අර කිඹුලා කා මිය ගිය දැරියගේ සිදු වීම යටපත් වූයේ ඇගේ මල සිරුරේ ෂෙයාර් කල හැකි සියළු අප්සැට් කොටස් කිඹුලා විසින් කා දමා තිබූ නිසාය. අන්න ඒකට කිඹුලාට ආචාරය පුද කළ යුතුය. දැන් ආයෙත් සාකච්ඡා කරන්න ගිය කාරණාවේ මුලට එමු..

 
මතක ඇති කාලයේ ගොසිපලාගේ සහ බුකි ජාලයේ හදවත වඩාත් කම්පනයට පත් කලේ සේයා සඳෙව්මිය. ඇය වඩා සුන්දර දැරියක් වීමත් , කොටදෙණියාවේ පොලීසියට මිනීමරුවා සොයා ගත නොහැකිව ළදරු නාට්‍ය රගපෑමට සිදු වූ අතිරික්ත කාලය තුළ ඒ සිදුවීම හරහා විවිධ කුණු කතා ගොතමින් මානසික ප්‍රබෝධයක් ලද හැකි වීමත්, ඇගේ මල සිරුරේ කොටස් ෂෙයාර් කරමින් ප්‍රීතිවීමට හැකි වීමත් මේ මානසික ප්‍රබෝධයට හේතු විය. ඒවාට ලයික් දමන උන් ලයික් කියන්නේ කැමත්ත යන අර්ථයවත් නොදැන සිටි හරක් රංචුවක් විය.කෙසේ හෝ ඒ ප්‍රීතිය නිමා වන විටම යාපනේ විද්‍යා දූෂණය විය . ඇය තරුණ වයසේ සුන්දර දැරියක වීමත් ඇගේද නිරුවත් සිරුරේ ජායාරූප බෙදා හැරීමට හැකි වීමත් ස්වයං වින්දන කටයුතු සදහා මේ ඛේදනීය තත්වය භාවිතා කල හැකි වීමත් නිසා එය ද රේට්ස් වැඩි වූ ඛේදවාචකයක් වූ අතර මේ කාලයේම මඩකලපුවේ දී දූෂණය කර මරා දැමූ දස හැවිරිදි දැරිය රූමත් සහ සුන්දර දැරියක නොවූයෙන් ඒ සිදුවීම සාමාන්‍ය එකක් සේ යටපත් ව ගියේය. ප්‍රසන්න විතානගේ ගේ උසාවිය නිහඩයි සිනමාපටය වාරණයට හසු වූයේ මේ කාලයේය. ඒ ස්ත්‍රීන් පිලිබද එතරම් උණුසුම් කතිකාවකට සමාජ ජාල යොමු නොවුණේ ලෙනිං ලොක්කා විසින් දූෂණය අතරතුර කාන්තාවන්ගේ ෆෝටෝ ෂූට් එකක් සිදු කර නොතිබීමයි. බෙදා හරින්නට යෝග්‍ය නිරුවත් ඡායාරූප චිත්‍රපටයේවත් තිබුනානම් සිද්ධිය ඊට වඩා උණුසුම් එකක් වන්නට තිබුණි. ඉන් පසු ටික කලත් උණූසු ම් ප්‍රවෘත්ති එතරම් උකත්පාද නොවූ අතර පියුම් හංසමාලීගේ තං පේන ගවුම, දෙල් ගහේ දූරියන් සිංදුව, කෙල්ලෙකුට පහර දුන් චාමර කොළුවා , පානදුරේ නංගීගේ විවාහය, බැංකු අක්කා වැනි වගේ පුංචි පුංචි දේවල් වලින් බුකි වාසිහු ප්‍රීතිය සමරනු දකින්නට ලැබුණි.උපේක්ෂාවාද ඒවා වටේ කැරකී උන්ගේ චිත්ත ප්‍රීති සමරනු දැක පාඩුවේ සිටියාහුය. මේවා මෙසේ වෙද්දි අනියමාර්ථයේ අසම්භාව්‍යද මොකක්ද ලෙස කාලයද හෙමින් ගලා ගියේය.

ඊට පස්සේ වික්ටර් අංකල් ගැටයක් ගෙනාවේය. බුකිවාසීන්ට ඒ හරහා හිට්ට වීම නිසා ඒක අර ඔක්කෝටම වඩා හිට් වුනේය. ඉතින් ගැටේ වෙනම ද අංකල් වෙනමද ඉන්ටවීවි කරමින් කට්ටිය කාලය ගෙවා දැමීය. වික්ටර්ගේ පුත්‍රයාණන් වහන්සේද වීඩියෝ පට මුදා හරිමින් බුකි වාසීන්ගේ ආතලය තීව්‍ර එකක් කළේය. අවසානයේ එය ජාතික ප්‍රශ්නයක් තරමටම දුරදිග ගියේය. ජාතියක පැවැත්මට තුඩු දුන් විජය හා කුවේණිගේ එක් ළුීම වෙන කාලයේ සකර්බර්ග් කොලුවා බුකිය සොයා නොගත්තේ හොඳ වෙලාවටය. නැත්නම් යක්ෂණි නමින් ෆේක් එකවුන්ට් පවා සැදෙමින් මොන තරම් රැල්ලක් නිර්මාණය වේදැයි හිතන කොටත් ඇති වෙන්නේ බයකි. ජීව හත්ථ සහ දිසාලා විජය ගැනත් මව ගැනත් වෙන වෙනම වොයිස් කට් දෙන්නට ගියා ම ඕක තවත් ඇනෙනවාය. ඒ හන්දා සංස්කෘතිය නිර්මාණය වෙන ඒ කාලය ලෝකය අදුරේ තිබ්බ එක හොදය. අවිද්‍යාවත් එක අතකට නරකම නැත. හංගන්න ඕන එවුවා හංගගෙන ඒන එවුවා පමණක් එලියට දාන්න පුලුහංය.

එක සිනමාපටයක් ගැලවී තව එකක් එන අතරවාරයේ පරණ ජනප්‍රිය සිනමා පටයක් ප්‍රදර්ශනය කිරීම සිනමාශාලාවල පුරුද්දයි. අන්න ඒ ප්‍රරුද්දම අනුගමනය කරමින් නිවුස් නැති අතරවාරයේ විකාශනය වන නාටකයක් තිබේ. ඒ ඉසිප්‍රියා පිළිබඳ දූෂණයයි. ඇගේ නිරුවත් සිරුර බෙදමින් විවේකී කාලයක් ගෙවූ අයට ටිකක් කෑ ගසන්නට යළි අවස්ථාවක් උදා වූයේ සයිටම් සිද්ධියත් සමගය.ඒක දේශපාලනික වශයෙන් ආතල් ගැනීමකි. ඊට පසු චතුර නම් ඔල මොට්ටලයකු සම්බන්ධ පුවතක් බුකිවාසීන්ට චිත්ත ප්‍රීතිය අත් කර දුන්නේය. ඒත් ඒක සියළු දෙනාගේම මන කොඳ පොබ නොකලේය. එය ප්‍රවෘත්ති නැති වියළි සෘතුවක් විය.

මීතොට මුල්ල කුණු කන්ද කඩා වැටුනේ ඔය අතරවාරයේය. කට්ටිය පට පට ගාලා ක්‍රියාත්මක වුණේය. හදවතින්ම වැඩ කල පිරිසක් සිටියේය. ඔය අතර පෝස්ට් වලින් චිත්ත ප්‍රීතිය ලබා ග්නන පිරිස මිය ගිය මිනිසුන්ගේ සිරුර බෙදමින් අනෙක් සෙට් එක සිය මානසිත අතිරික්ත පුරවා ගත්තේය. ඒ ප්‍රීතියද එළඹි වේගයෙන්ම යන්නට ගියේ මලසිරුර වල දැමූ පසු ශෙයාර් කරන්නට කිසිවක් ඉතිරි නොවූ බැවිනි. මල මිනිසුන්ට වඩා දැනට ජීවත්ව සිටින පිරිස ගැන සිතා බැලීම යුතුකමකැයි නොසතූ ශ්‍රද්ධාසම්පන්න බුකිවාසීන් ආපහු අර චිත්‍රපට ශාලාවේ විරාම කාල ප්‍රතිපත්තියට යමින් සයිටම් ගැටලුව බදා වැළද ගත්තේය.පා දෙණිය හසු වූයේ අන්න ඊට පස්සේය. ඒ තලු මැරීම දවසකින් දෙකකින් එපාවන විට ගීතා අක්කාගේ මෙව්ව එක අහිමි විය. ඒ හරහා කුණු රසසයක් මැවිය හැකි තැන් හොයමින් කට්ටිය තම චිත්ත ප්‍රීතිය සොයමින් සිටියෝය. ඔය අව් අස්සේ හතර අත විසික්ක වී තිබුණු වක ටික ඒක රාශී වී අවසානේ පසලොස්වක සඳ පායා වෙසක් පුන් පෝය ද එළැඹිණි. ඉතින් අර කුණු ගසන මල මිනී ෂෙයා වූ අත්වලින් පුන් සද වටේටම ෂෙයාර් වෙමින් වෙසගේ අරුත පිළිබද හාංකවිස්සියක් නොදන්නා ශ්‍රද්ධා සම්පන්න බෞද්ධ පින්වතුන් එයත් නිව් ඉයර් කන්සෙප්ට් එකක තබමින් එකිනෙකාට වෙසක් විෂ් බෙදා ගනු පෙනෙන්නට තිබිණි.උපේක්ෂාවන්ටද විෂ් කිහිපයක් ලැබී තිබුණි. වෙසක් පහු වූ ගමන් වැසි ලැබී නාය යාමක් වුණොත් ආපහු පුන් සද ෂෙයාර් කල අත්වලින්ම මල මිනී ෂෙයාර් වී හෙන මෙව්ව එකක් වෙන බවද සහසුද්ද මුත් මේ අවස්වේථා පවතින රැල්ලට නොගියොත් නිකං සමාජෙං කොං වෙන ගතියක් එන හන්දා උපේක්සාවන්ද පොදුවේ ශ්‍රද්ධා බුද්ධි සම්පන්න සමාජයට මේං මේම පතනවාය..

ඕන පුකක් !!! ප්‍රීති වෙසක් !!!
- උපේක්ෂා නුවන්ශ්‍රීනි -

21 comments:

  1. උපේක්ෂාගේ බ්ලොග් එකට ඇවිත් එහි ලියා තිබෙන දේවල් කියවනවා නම් සමන්තබද්‍ර තුමාට කලින් හරි වැරදි අවබෝධ කර ගන්නට සිරි ලංකාවේ ඉන්නා ලැජ්ජා බය නැති, ආත්ම ගරුත්වයක් නැති ජන මාධ්‍ය හාල්පාරුවන්ට හැකිවෙනවා ඇත. වෙන රටවල නම් ප්‍රවුර්ති වැඩ සටහන් වේවා වෙන කිසියම් රූපවාහිනී වැඩ සටහන් වේවා එහෙම නැත්නම් ගුවන් විදුලි වැඩ සටහනක් වේවා හැසිරවීම භාර දෙන්නේ ඒ විෂය පිලිබඳව අවම වශයෙන් විශ්ව විද්‍යාල උපාධියක් ඇති අයවලුන්ටය. එවැන්නන් රාජ්‍ය නායකයන්ගෙන් ප්‍රශ්ණයක් අසන්නේ එසේ අසන්නට පෙර ඒ පිළිබඳව හොඳින් අධ්‍යයනය කිරීමෙන් පසුවය. අපේ රටේ ඉන්නාවුන්ට ප්‍රශ්නයක් හරියට අසන්නා තියා තමුන් කරන රස්සාවේ ආචාර්ය ධර්ම ගැනවත් අවබෝධයක් නැත. මළසිරුරු පෙන්නා මුදල් උපයන එවුන්ට ලැජ්ජාවක් තිබෙන්නට බැරිය. රටේ ඉතිහාසය, සාහිත්‍යය, භාෂාව ගැන නොදන්නා එවුන්ට ජන මාධ්‍ය හැසිරවීමක් කළ නොහැක. වෙනක් තබා ගීතයක පදමාලාවක් කියවා තේරුම් ගන්නට බැරි පවුඩර් බෝනික්කලා ප්‍රේක්ෂකයන්ගේ උගුර දිගේ කොටා බස්සන්නේ ශබ්දය පමණක් ඇති හරයක් නැති විකාරයන් පමණි. සුදුස්සාට සුදුසු තැන කවදාවත්ම නොලැබෙන හා නොදෙන රටකගුණධර්ම වැඩි දියුණුවීමක් සිදුවෙන්ඩත් බෑ නේද? දැන් ඉතින් මහා වැසි වැටී සිදුවූ විනාශයත් එහිදී සේවයක් කළේ කවුද කියාත් දන්නේ විපතට පත්වුවන්ය. මේ රටේ නායයෙක් කියා එකෙක් ඉන්නවාද කියා වත් මේ දවස් වල පත්තරවල හෝ වෙබ් අඩවි වල දකින්නටවත් නැත. සැබෑ සත්‍ය දන ගන්නට නම් මාතලන්ගේ හෝ උපේක්ශාගේ බ්ලොග් අඩවි වලට පිවිසිය යුතුය. දැන් ඉතින් වෙසක් ගෙවී පොසොන් උදාවෙන බැවින් ආයෙමත් "ඕනෑ පුකක්" කියා හිත හදා ගන්නවා ඇරෙන්නට වෙන කරන්නට දෙයක් නැතිය. ඒත් අපි වෙනුවෙන් පෑන මෙහෙයවන ඔබ වැන්නන් තනිවී නැති බවද සිහියේ තබා ගත යුතුය.

    ReplyDelete
  2. වත්පොතේ අවලං කම ගැන කථා කරන මේ ලිපිය තුලද ඒ අවලං කම එසේම ඇත
    .

    ReplyDelete
    Replies
    1. ඔබේ මතය ගරු කරම්

      Delete
  3. කුවේණ නමින් ෆේස්බුක් ගිනුමක් ඇත. එය බ්ලොග් ලියන්නියක ගේ ය.

    ReplyDelete
    Replies
    1. ඒක මම ඇයට නොවේ කීවේ

      Delete
  4. සුමනා ගෝමස් ලංකාවට ඇවිත් ගියොත් හරි සනී ලියොන්ගේ ලංකාගමනය සිද්ධවුනොත් හරි ආපහු ආතල් වටයක් බලාගත හැකිය

    ReplyDelete
    Replies
    1. වික්ටර් අංකල්ට බබා ලැබුනමත් ඒම තමයි

      Delete
  5. මම හරි අනික් අය වැරදි පදනමේ සිට තමයි සමාජ මාධ්‍ය ජාල වල ක්‍රියාකාරිත්වය. ඒක හැම රටකටම පොදුයි. ඔබගේ පොස්ට් එකත් ඒ පදනමේ සිට. එතකොට මගේ මේ කමෙන්ට් එක. ඒකත් ඒ පදනමේ සිට.

    ReplyDelete
    Replies
    1. ඉයන්,මට මතක් වුනේ " එතකොට මුදලාලි, මම සියඹලා ගෙනාවෙම නැහ්ද?" කියන කතාව.

      ඇත්තටම ලිපියෙන් කියන දේ වෙනවාද , නැත්ද? වෙනවා නම් ඒක පෙන්නල දෙන එක වැරදිද? " ඇත්ත කියන්නත්, බිම ඉඳ ගන්නත් බයවෙන්න එපා" කිව්වට , කටයි, පුකයි වහගෙන පාඩුවෙ ඉඳපල්ලා කියල වත්ද මේ නොකියා කියන්නෙ? :)

      Delete
    2. නැහැ මෙතන කියන්නේ ප්‍රවෘති නොවන දෑට ප්‍රවෘති වටිනාකමක් දීමේ භයානක කම ගැනයි

      Delete
    3. බොහොම ස්තූතියි පිළිතුරට උපේක්ෂා. ඔබගේ ලිපියේ අන්තර්ගතය මමත් පිළිගන්නවා. මම කලේ ස්වයං විවේචනයක්. ඔබ කියන දේ ලංකාවට පමණක් සීමා වූ දෙයක් නෙවෙයි. සමාජ මාධ්‍ය විතරක් නෙවෙයි ලංකාවේ සහ ලෝකයේ ජනමාධ්‍ය වල වෙන්නෙත් ඔය දේම තමයි.

      අනික ඒවා විවේචනය කරන අපේ කිල්ලෝට වලත් හුණු තියෙනවා. අපේ දුර්වල කම් තියෙද්දි අනික් අයගේ දුර්වල කම් විවේචනය කරනවා. උදාහරණයකට ඔබ දී ඇති උදාහරණ වලින් එකකවත් පින්තූර විඩියෝ ශෙයා කිරීම හෝ පළ කිරීම විවේචනය කරන අයගෙන් යම්කොටසක් එම වීඩියෝ බලලා වින්දනයක් ලබනවා කියා මම සිතනවා.

      Delete
  6. සුමනා ගෝමස් ලංකාවට ඇවිත් ගියොත් හරි සනී ලියොන්ගේ ලංකාගමනය සිද්ධවුනොත් හරි ආපහු ආතල් වටයක් බලාගත හැකිය

    ReplyDelete
  7. උපේක්ෂා කියන හැම කතාවම ඇත්තය. එසේම උපේක්ෂාගේ බ්ලොග් එකට මම එන්නේද ඔය කියන කාරනා නිසාය. කුණු රසය විදින්නය. ගෑනියෙක් බීගෙන පාර මැද කුණුහරප කියනවා බලන්න අපූරුය.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ ඔයාට වැරදීමක්..මේක ඔයාගෙ අම්මගෙවත් සහෝදරියගෙවත් බ්ලොග් එක නෙමේ මේක හැම ලිපයක්ම හොදින් බැලුවොත් ඔයාට ඔය කියන කුනු රසය එන්නෙ නැහැ. අනෙක මම ජීවිතේ කවදාවත් මත්පැන් ගන්න කෙනෙක් නෙමේ ඔයාගෙ මව් හෝ අනෙවක් අය එහෙම ගන්නව ඇති එහෙම පැටලිලා කරපු කමෙන්ට් එකකට මම මක්කටද වොර්වෙන්නේ ඔයා පුද්ගලික ජීවිතවල කුනු හොයන කෙනෙක් බව තේරෙනවා කොහමො වුනත් බ්ලොග් එකට ආවට සම කමෙන්ට්ස් කලාට ස්තුතියි !! කාන්තාවො බොන එකට මගේ කිසිම මනාපයක් නැහැ ඔයාගෙ දන්න කවුරු හරි එහෙම ඇබ්බැහි වෙලානම් අවවාද කරල හදාගන්න ..වස කැතයි තමා ඒ පුරුද්ද

      Delete
    2. වැරදිලා තියෙන්නෙ ඔයාට. මම ඔයා මත්පැන් බොනව කියල විශේෂ සඳහනක් කිසි තැනක කරල නෑ. මම කිව්වෙ ගෑනියෙක් කුණුහරප කියන එකේ ලල් එක ගැන. ඔබේ සිස්ටම් එක ගැන දොසක් කියල නෑ. ඒක හොද දෙයක්. ඔබ බ්ලොග් පාඨකයන්ගේ ගූඪ මනසේ එක්තරා රසයකට ආමන්ත්‍රනය කරනවා. අපි ඒ රස විදිනවා. ඒ ගැන ඔබට ස්තුතියි. එච්චරයි.

      Delete
  8. ඕන්න ඔහේ ඕන පුකක්

    ReplyDelete
  9. මාධ්‍යෙව්දියෝ නේද මතක් වෙද්දිත් නිකන් ........

    ReplyDelete
  10. නියමයි. ප්‍රශ්නෙ කියන්නෙ ලංකාවේ ගොඩක් දෙනෙක් ගොඩක් දේවල් හරියට පාවිච්චි කරන්න දන්නෙ නැති එක.

    උදාහරණයක් සමාජ ජාල වල ඉන්න ලංකාවේ 99% ම පෙනී සිටින්නෙ ව්‍යාජ විදිහට. තමන්ගෙ නමින් නියම ප්‍රොෆයිල් ෆොටෝ එකෙන් හිටියත් ඔහු කියන්නෙ ප්‍රදර්ශනය කරන්නෙ තමන්ගේ අදහස් නෙමෙයි. බ්ලොග් එකෙත් ඔය ප්‍රොෆෙෂනල් ,වයසක, උගත්, බුද්දිමත්, තමන් පොරක් කියන් ඉන්න අයටත් මෙය අදාලයි. (මෙය ඔවුන්ට ගහන්ට ලියපු කමෙන්ට් එකක් නෙමෙයි)

    තව උදාහරණයක්.:

    තමන් නිරාගමිකයි කියල බ්ලොග් කියන සමාජ ජාලයේ පොර ටෝක් දෙන පුද්ගලයෙක් ප්‍රසිද්ද ටෙලිවිෂන් නාලිකාවකට ඇවිත් කියනව "අපි බෞද්‍යයන් වශයෙන් බ්ලාහ් බ්ලාහ් බ්ලාහ්..."

    ඇයි බය තමන්ගෙ නියම ස්වභාවය වහන් වෙන කෙනෙක් විදිහට මෙහෙම පෙනී සිටින්නෙ..?

    තමන් ලොකු මාද්‍යවේදියෙක් කියල හිතං ඉන්න පොරක් බ්ලොග් එකේ ඌට හිතෙන ඔක්කොම ලියනව.

    ඇයි..??

    නිකමට හිතමු බ්ලොග් එකක් ලියන්න ෆේස් බුක් පොස්ට් එකක් වීඩියෝ එකක් දාන්න අප්ලෝඩ් කරන්න ලක්ෂයක් ගන්නව කියල?

    එතකොට කවුරුවත් මේ දේවල් කරයිද?

    හපෝ නෑ..

    මේ ඔක්කොම නිකන් දෙන නිසා මහජන වැසිකිලිය වගේ එනව රෙනව යනව..

    කට්ටියක් ගඳයි කියනව. රීපු එකා කියනව සුවඳයි කියල.

    😂😂😂😂😂

    ReplyDelete