Realtime website tracking softwareRealtime website tracking software
Showing posts with label Sinhala Songs. Show all posts
Showing posts with label Sinhala Songs. Show all posts

Thursday, January 5, 2017

විරහවද ගීතයකි.

 


අතර මග යන එන විට ඇසුනොත් මිස මම ගීත අසනවා ඉතා අඩුය. එයට හේතුව කාලය පිළිබද ඇති ගැටලුවයි. නමුත් ගීතයක් විදින්නට ආශාවක් පහළ වූ විට මා ප්‍රිය කරන ගීතයක් තෝරා ගෙන අන්තර්ජාලය ඔස්සේ විඳිනවා විනා, ගුවන් විදුලියට හෝ රූපවාහිනියට වැය කරන්නට කාලයක් ඇත්තේම නැත. නමුත් නව පරපුරේ ප්‍රේම ගීතයක් අහම්බෙන් හෝ ඇසූණු දවසක ඒවා අලුත උපන් දරුවන් වාගේය. එකිනෙකින් වෙන්කර හදුන්නනට බැරිය. කටහඩවල් වලද අනන්‍යතාවක් නොමැත. ගායන විලාෂය සැලකූ විට විලාපයන් සේය. මේ වැලපිලි ගායනා අසා සිටි මට සිතුණේ මේ ගායකයන්ගේ පෙම්වතියන් ඔවුන් හැර දමා යාම පුදුමයක්ද කියායි. 

Monday, November 21, 2016

ගීතයක හද බස මිමිනීම සහ ප්‍රේමයේ සෞන්දර්යය




ගීතය යනු භාවාත්මක ගණුදෙනුවකි. එය අතිශය සෞන්දර්යාත්මක මෙන්ම භාවාර්ද්‍ර වස්තුවක් ද විය යුතුය. ගීත හරහා රසිකයන්ගෙන් ඉල්ලීම් කරන ගායක ගායිකාවන් වර්තමානයේ කොතෙකුත් දැක ඇත්තෙමි. නමුත් ඒ ගායකයා හෝ ගායිකාව කෙරේ කෝපයක් විනා කිසිදු භාවයක් අපතුළ විකසිත නොවේ. මීට වසර කිහිපයකට පෙර සිදු වූ සිදුවීමක් මට සිහිපත් වේ. මහරගම ඇමිටි ආයතනයේ පාත මාලයේ ෆුඩ් කෝට් නමින් ආහාර ගන්නා ස්ථානයක් විය. දහවල් ආහාර ගැනීමට මා එහි ගිය දිනක ජපුර සරසවියේ ශාස්ත්‍ර පීඨයේ එක්තරා අධ්‍යනාංහයක ආචාර්යවරයෙක් සිය දියණියද කැටුව එහි පැමිණියේය. අතිශය නිහතමානී ගුරුවරයකු වූ ඔහු සිය දියණිය මා ළගින් හිදුවා ආහාර ලබා ගන්නට ගියේය.