Realtime website tracking softwareRealtime website tracking software

Saturday, December 31, 2016

සිත් ගැනීමේ කලාව සහ සමාජ අවරෝධනය



සිත් ගැනීමද පෙම් බැඳීම ද කලාවකි. මේ දෙකම හරියාකාරව ජීවිතය තුළ භාවිතා කිරීම අපහසු කාරණාවකි. සිත් ගන්නා සුළු මිනිසා විටක ප්‍රේමණියය. ඒ් ලගන්නා සුළු බව නිසා ඇතැම් මනුෂ්‍යයන් අපේ හදවත් තුළ සදා අනුස්මරණීය වේ.. නමුත් මෙහි වඩා භයානක පැත්තක් ද පවතී. ඒනම් සිත් ගන්නා සුළු බව වංචනිකයන් විසින් සමාජ අවෙරා්ධනයන් සදහා භාවිතා කිරීමට හැකි අවධානමයි. අනුහාසාත්මක නායකත්වය නොහොත් ආකර්ශනය පදනම් ව ගොඩනැගෙන නායකත්වය, මහත් සේ භයානකය. එය ලෝක ඉතිහාසය දෙස නැවත හැරී බැලීමෙන් වටහා ගත හැකිය.

Monday, December 26, 2016

වීරයෙක් මරා මිස අනුස්මරණය කළ නොහැකි ලංකාවේ කෘතගුණ සම්ප්‍රදාය හා කලාකරුවාගේ භූමිකාව



ලංකාවේ කලාව යනු හිගන්නාගේ ජීවන විලාසයයි. එයට ඇත්තේ එබඳු ස්ථානගත වීමකි. නමුත් යන්නේ කතරගම බව දැන ගියොත් අතරමං වන්නේ ද නැත.සියුම්ව විග්‍රහ කර බැලුව හොත් බොහෝ කලාකරුවන් අවසානයේ දුක්ඛිත ඉරණමකට භාජනය වන්නේ කලාවේ අවුල් සහගත භාවය නිසා නොවේ. මුදල් කළමණාකරණයේ , මත් පැන් භාවිතයේ සීමාවන් සහ ස්වකීය ජීවිතය පිළිබදව නිසි වගකීමක් නොමැති වූ නිසාය. තමන්ගේ අවුල අවසානයේ රටේ අවුලක් කරගැනීමේ හේතු සහගත භාවයක් නැත. තරුණ අවධියේ කෙබදු මෙහෙයක් කළද තමා අරභයා වන කිසිදු බලපෑමකට ප්‍රතිචාරයක් දැක්විය නොහැකි තත්වයකට කිසියම් කලාකරුවකු අවසන් අවදියේ පාත්‍ර වනවා නම් එය අතිශය ඛේදජනක තත්වයකි. මේ වීරයන් සැමරීමේ උත්සවය නිසා ස්වකීය වීරත්වය නැත්තටම නැති කරගන්නට සිදු වූයේ සුනිල් මාධව ප්‍රේමතිලකටය.

Monday, December 19, 2016

වේදනාවෙන් ඉන්න කොට දැනෙන්නෙ ආදරය කරන මිනිස්සු ..




අද තුන්පාරක් චායගෙ ෆෝන් එකට ගත්තා.. තුන් පාරම ඒ තාත්තා කතා කළේ.. පිස්සු මරගාතයක් කියල හිතන්න ඇති. මලවුන් ජීවත්ව සිටින්නන්ට වඩා සමහර වෙලාවට හරි ප්‍රබලයි....

Saturday, December 17, 2016

මල් තුහින නොවේ මේ යාපනේ....




නයනහාරී අබේනායකගේ මල් තුහින නොවේ මේ යාපනේ .. ජායාරූප ප්‍රදර්ශනය නිමිත්තෙනි....

අද විශ්ව විද්‍යාලයේ දේශන සඳහා යන විට, පහත මාලයේ ජායාරූප ප්‍රදර්ශනයක් දුටුවෙමි. කලබලය නිසා උඩින් පල්ලෙන් එක දෙකකට එබී බලද්දීම මට එහි මහා පුරුදු ගතියක් දැනුණේය.. ලාල් සර්ගෙ වෙන්න ඕන.. ඒ රිද්මයමයි.. මම මට ම කියාගත්තෙමි.. මා දේශණ ශාලාව වෙත පියමැන්නේ, ජායාරූප වෙතින් ලද ආශ්වාදයද හදවත කරපින්නාගෙනය.. දේශන අවසන් වී, ධරණීත් මමත් ජායාරූප ශාලාව වෙත පියමැන්නේ, උදේ ඇති වූ කුතුහලය නිසාමය. ඉතින් අපි මහත් ආශාවෙන් එකින් එකට එබෙමින්, හද ඇද ගත් සේයා රූ ජායාරූපගත කරමින් ආවෙමු. මේ ගමනේදී අපට එක්වරම මුණ ගැසුණේ කැමරාවක් අත දරාගත් ප්‍රිය ජනක දොඩමළු මිනිසෙකි. ඔහු සිරිපාල අබේනායකය... මේ ජායාරූප වල සැබෑ හිමිකාරිය ඔහුගේ දියණිය වූ නයනහාරී අබේනායකය.

Friday, December 16, 2016

පහත් තැනින් යයි ගලා ජලේ .....




හැම යුගයකම ජීවත් වෙච්ච මිනිස්සු රාත්‍රී කාලය ගෙවන්න විවිධ ක්‍රම පාවිච්චි කළා. රාත්‍රිය කියන්නේ වෙහෙසකාරී ජීවන පෙවෙතින් අත්මිදිලා, පවුලේ අය එක්ක ගෙවන්න තියෙන කාලය. ඓහෙමත් නැත්නම්, පෙම්වතියන් හොයාගෙන හොරාට ගෙවල් පිලිකණු පැත්තෙන් ඇදෙන්න තිබිච්ච වෙලාව. හැබැයි මේ කොයි අරුතින් ගත්තත්m රාත්‍රිය තුළ සෞන්දර්යයක් තියෙනවා. අතීතයෙ ගැමි ජීවන රටාව ඇතුළෙ මනුෂ්‍ය සම්බන්ධතා අදට වඩා තදානුබද්ධයි. එක මොහොතක් හරි විස්තාරිකයි . තාක්ෂණය අතින් නොදියුණු ඒ වගේ යුගයක, ගමේ කෝපි කඩයට එකතු වෙන මිනිස්සු, දාං ඇදීම වගේ ක්‍රීඩාවන් වල නිරතවුණා විතරක් නොවෙයි, ඒ අතරතුර උණු කෝපි කෝප්පයක් පානය කරමින් විවිධ රස කතා කීමෙහි සමතුන් ද වුණා.

Sunday, December 11, 2016

අවසාන කුරුල්ලා



නිමිත්ත -
අරාබි නිසොල්ලාසය ලියවුණේ ස්වකීය ජීවිතය රැක ගැනීම පිණිස කුමරියක විසින් මිනීමරු රජෙකු ඉදිරිපිට කියන ලද කතා සමුදායකිනි. මම ද සුරංගනා කතා කිහිපයක් ලිවීමට සිතුවෙමි. මේ සෑම කතාවක්ම අයිති වන්නේ Sandu Jayasinghe ට ය. සන්දු ගැන මේ වන විට බොහෝ අය දැනුවත්ව ඇතැයි සිතමි. ඇය අතිශය දුර්ලභ රෝගී තත්වයක් නිසා මේ වන විට කොළඹ ජාතික රෝහලේ 30 වාට්ටුවේ ප්‍රතිකාර ලබයි. මේ වන විට ඇයට පාද දෙකම අහිමිය. ශරීරයේ දරුණු තුවාල සහිතව වේදනාවෙන් සිටියද ඇය ශක්තිමත් කිරිල්ලියකි. ඇගේ සතුට වෙනුවෙන් මට කළ හැක්කේ රැය පහන් වන තුරු ලියන්නටය. මේ ලියන්නේ ඇගේ සතුට උදෙසාමය..

Wednesday, December 7, 2016

ඔබ මරණ පාශයෙහි බැඳුනේය.. මම ස්නේහ පාශයෙහි බැඳුනෙමි..!



මනුෂ්‍යය සම්බන්ධතා යනු ජීවත් වීම තුළින් ම හැදෑරිය යුතු ගැඹුරු ධර්මතාවකි. මන්ද මනුෂ්‍යයා විසින් ස්වකීය ජීවිතය පවත්වා ගැනීම උදෙසා මුහුණ දෙන සන්සිද්ධි සහ සංකූලතා අතිශය සංකීර්ණ විය හැකි බැවිනි. මානව සම්බන්ධතාවක ස්වරූපය මෙයාකාර විය යුතුයයි කල් තියා කිව නොහැකිය. එය ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවක්ද , හුදු මිත්‍රත්වයක් ද, එසේත් නැතිනම් එකිනෙකාට ප්‍රකාශ කිරීමෙන් තොරව මුණිවත මගින්ම පවත්වාගනු ලබන ආදරයක්ද, පීතෘ දූහිතෘ හැගීමක්ද වශයෙන්, ඇතැම් විට සම්බන්ධතාවක් කිසිදා පැහැදිලිව නිර්වචනය කළ නොහැකිය. 

Monday, December 5, 2016

ෆැන්ටසි කුසුම -




වසන්තය මග ඇරුණු ගසකට
හීනෙනුත් පෙනෙනවා පල වැල
කුරුල්ලෙක් වත් නොඑන අතු මත
මලක් පිපෙනා දවස විමසන
කොයිතරම් ගස් කොළං තිබුණද
හිස නමාගෙන හඩන පොළවට ..



Sunday, December 4, 2016

කාව්‍යානුභූතිය මරාගෙන ජීවිතය විකසිත වීම




ගෙදර යාමට පරක්කු වූ එළවුළු මල්ල සහ මේසය මත ලතැවෙන දොඩම් ගෙඩි දෙක

- PINCH POINT බ්ලොග් අඩවියෙනි -

ට්ක්රාස් ගා ගෙන
වීල් එක ඉගිලුනේ දුම් දා ගෙන

මුඩුක්කු අයිනෙන්
ගලයිද මොන ගංගා
කුණු ඇලක් මිස
ගොර ගොර ගා
මොන සාරි ගප්පිද
ඉස්ගෙඩි මිස
කකුල් එනකං ලතැවෙන


Wednesday, November 30, 2016

ජොකා පිටින් ඉන්නකොට නෙවැ මුගෙ ලස්සන !!!



ජොකා පිටින් ඉන්නකොට නෙවැ මුගෙ ලස්සන Dasun Pathirana     !!!
ජොකත් නැති වුනානම් තවත් මරු...!! Jehan Appuhami       !!
මේ දෙන්න මැද රෙදි ඇදන් හිටපු උඹ පට්ට !!!     Yashoda Rasanduni !!
විසාකේස චන්ද්‍රෙස්කරම් සිනමා ගමනය ....      !!!

 ( ලංකාවේ) පු# අමාරුකාරයන්ට ජීවිතේ කියාදෙන ෆැන්ජිපැනි හෙවත් සය පෙති කුසුම..!!!

Monday, November 28, 2016

ඇත්තමයි !! ඒ සිතුවම මාව මරා දැමුවා !!!



නිමිත්ත - ප්‍රගීත් රත්නායකගේ ඇකඩමිය මගින් ඉදිරිපත් කළ ථෙ ටෙxට් සිතුවම් ප්‍රදර්ශනයේ දුටු සිතුවමක් ..
සිත්තම - Pray
සිත්තරු - එස්. පී. පුෂ්පකාන්තන්
සටහන සඳහා භාවිත ජායාරූප -
01. Pray - එස්. පී. පුෂ්පකාන්තන්
02. ගුවර්නිකා - පැබ්ලෝ පිකාසෝ
03. අවසන් විනිශ්චය - මයිකල් ආන්ජිලෝ
04. ඔච්විටිස් වධ කදවුරේ බිහිසුණු වෛද්‍යවරයා ජෝසප් මෙංග්ලේ කුඩා දරුවන් යොදා ගෛන සිදු කළ බිහිසුණු වෛද්‍ය පර්යේෂණයක ජායාරූපයක්

Sunday, November 27, 2016

නිර්දේශ කිරීමෙන් ඔබ්බට නිර්මාණයක් විඳීමේ සෞන්දර්යය

 

නිර්මාණයක් විඳීම කියන්නේ පුදුමාකාර සෞන්දර්යයක්. උසස් නිර්මාණයක් විඳීම වග්ම, ඒ වගේ දැනුමක් තියෙන කෙනෙක්ගෙ ඇසුර ලබන එක මට නම් දිවය සම්පත්තියක් පහලවුණා වගේ දෙයක්. සෞන්දර්යයෙන් පිරුණු දවස්වල මුළු ජීවිතයම පුදුමාකාර ප්‍රබෝධයකින් උතුරනවා.නමුත් දැන් කාලය වෙනස් වෙලා. 

අලුත් පරම්පරාවට විෂය ධාරාවක් ඇතුළෙ කලාව නිර්දේශ කරන්න සිද්ධ වෙලා. ඒකට හේතුව වන්නේ ඔවුන් කියැවීම, සහ වින්දනය කියන දෙකෙන්ම අත්මිදිලා. මේකට නිශ්චිත හේතුවක් පැහැදිලිව කියන්න බැහැ. නමුත් මේ තත්වයට ලංකාවෙ අධ්‍යාපන රටාව සහ විෂය නිර්දේශ හදන අයත් සෘජුවම වගකියන්න ඕන කියන කියන එකයි මගේ අදහස. මම උසස්පෙළට පෙනී හිටියෙ 2000 වර්ෂයේ. අපට නිර්දේශිත නවකතාව වූයේ යුගාන්තය නවකතාව. නාට්‍ය්‍ය වූයේ එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමෙ නාට්‍ය්‍ය. ඊට අමතරව සැළලීහිණිය, නූතන පද්‍ය සංග්‍රහය සහ සද්ධර්ම රත්නාවලිය තිබුණා. 

Friday, November 25, 2016

ප්‍රේමය නම් කිසිදා නොනිමෙන පහනකි..!


 
ආදරය, ප්‍රේමය සහ සෙනෙහස යන වචන එකිනෙකින් වෙන් කිරීමත් ආදේශ කිරීම හෝ ඒවායෙහි ඇති අනුපූරකත්වය සොයා ගැනීමත් බෙහෙවින්ම අපහසුය. මේ සෑම වචනයක්ම එකිනෙක සමග අත්‍යන්තව බැදී පවතින අතර. ප්‍රේමයෙන් ආදරයෙන් හෝ ස්නේහයෙන් තොරව ස්වභාවික ලෝකය තුළ කිසිදු ජීවියකුට පැවැත්මක් නොමැත. ගස් වැල් සතා සීපාවෝ පවා ආදරය අපේක්ෂා කරති. විශ්වයේම පැවැත්ම රදා පවතින්නේ ප්‍රේමය ද ස්නේහය ද කරණකොටගෙනය. නමුත් වඩාත් වැඩිවශයෙන් නිර්මාණාත්මක සාහිත්‍යය තුළ දී කතාබහට ලක් වන්නේ ස්ත්‍රී පුරුෂ ප්‍රේමයයි.

Wednesday, November 23, 2016

කුක්කු දෙකට තොප්පි එකයි..!



මම ඇත්තටම ආසයි ඇවිදින්න.විවිධ සමාජ ස්ථරවල, මිනිස්සු අතර ගැවසෙන්න.ඔවුන්ගේ පාරිභෝගික හැසිරීම් දෙස බලා ඉන්න. ඔඩෙල් එකේ දී, මොන්ඩි එකේදි ලැබෙන අත්දැකීම් වෙනස් ඒවා. ඒ තැන්වල තියෙන ආචාරශීලීත්වයට පාරිභෝගික වරණයට දෙන අවකාශයට මම කැමතියි. නමුත් ඒවායේ තියෙන්නෙ නිදහස් පාරිභෝගික වරණයක්ද. පොලකදී වගේ ගන්න ..ගන්න කියලා සාප්පුවෙදි කිසි කෙනෙක් කෑ ගහන්නෙ නැහැ. අපට ඕනම දෙයක් නරඹනන් පුළුවන්.. භාණ්ඩ නරඹන එකත් එක්තරා කළාවක්.. මම ලොකු මානසික අර්බුධයකට එළඹුනාම කරන්නෙ ඔඩෙල් එකට ගිහින් නරඹන එක. නමුත් මෙතනත් අපේ වරණයට ඔවුන් බලපෑම් කරනවා. ඔවුන් එහෙම කරන්නේ වෙළද ප්‍රචාරණය හරහා. ඔඩෙල් වගේ ආයතනයක භාණ්ඩය වගේම සන්නම් නාමය ත් (Brand Name) ඉහළ මිලකට අලෙවි වෙනවා.ගොඩක් අය එතනට යන්නෙ සන්නම නිසා. 

Tuesday, November 22, 2016

එන්න..! අපි ‘හෙළුවෙන් වණමු..!‘





හෙළයෙන් හෙවත් සිංහලයෙන් වර්ණනා කිරීම ‘හෙළුවෙන් වණමු‘ යනුවෙන් විදග්ධත්වයට අසැබි යයි බැලූ බැල්මට පෙනෙන ශීර්ෂයක් එක් කළේ හෙළයේ මහා සාහිත්‍යධරයකු වූ කුමරතුගු මුණිදසුන්ය. ධ්වනිතාර්ථ බහුල සිංහල භාෂාවේ ඇතැම් තැන් සහ අරුත් ,නිරුක්ති, උපහාස, අපහාස සෘජු බිණීම් ලංකාවේ සංස්කෘතියට එක්කලේ අලංකාරයකි.නමුත් වුවමනාවට වඩා ශාස්ත්‍රීය වීම ඇතැම් විටක විකාරරූපී බවක් ගෙන දුන්නද ඒ විකාරරෑපී බව නිහතමානී කම තුළින් ඉවසීමේ පලවිපාක වශයෙන් ගත් විට මේ සිදුවීම් අතිශයෙන් සුන්දරය.එහෙයින් අරිසෙන් අහුබුදු ශූරීන් සම්බන්ධ ඇතැම් කතන්දර තවමත් ගෙන එන්නේ නොනැසෙන රසයකි.මේ කතාව අපට කියා දුන්නේ හිටපු ජ්‍යෙෂ්ට මහාචාර්යවරයකු වූ තිස්ස කාරියවසම්ය.


Monday, November 21, 2016

ගීතයක හද බස මිමිනීම සහ ප්‍රේමයේ සෞන්දර්යය




ගීතය යනු භාවාත්මක ගණුදෙනුවකි. එය අතිශය සෞන්දර්යාත්මක මෙන්ම භාවාර්ද්‍ර වස්තුවක් ද විය යුතුය. ගීත හරහා රසිකයන්ගෙන් ඉල්ලීම් කරන ගායක ගායිකාවන් වර්තමානයේ කොතෙකුත් දැක ඇත්තෙමි. නමුත් ඒ ගායකයා හෝ ගායිකාව කෙරේ කෝපයක් විනා කිසිදු භාවයක් අපතුළ විකසිත නොවේ. මීට වසර කිහිපයකට පෙර සිදු වූ සිදුවීමක් මට සිහිපත් වේ. මහරගම ඇමිටි ආයතනයේ පාත මාලයේ ෆුඩ් කෝට් නමින් ආහාර ගන්නා ස්ථානයක් විය. දහවල් ආහාර ගැනීමට මා එහි ගිය දිනක ජපුර සරසවියේ ශාස්ත්‍ර පීඨයේ එක්තරා අධ්‍යනාංහයක ආචාර්යවරයෙක් සිය දියණියද කැටුව එහි පැමිණියේය. අතිශය නිහතමානී ගුරුවරයකු වූ ඔහු සිය දියණිය මා ළගින් හිදුවා ආහාර ලබා ගන්නට ගියේය.

Sunday, November 20, 2016

නිර්මාණාත්මක උපමා භාවිතාව හරහා සංදේශ කරුවා ප්‍රකට කළ ජීවන සෞන්දර්යය.

 

සාමාන්‍යෙයන් මම ප්‍රිය කරන්නේ පැබ්ලෝ නෙරුදා වැනි කවියකුගේ දාර්ශනික ප්‍රකාශනයන්ය. සඳැස් කවි කෙරේ එතරම් ප්‍රියතාවක් නූපදින්නේ සඳැස් කවියන් භාවාත්මක භාවයට වඩා ආකෘතිය කෙරේ දක්වන සැලකිල්ල නිසා යයි සිතේ. කොළම යුගයේ කවියකු වූ විමලරත්න කුමාරගමගේ අය්යනායක පැදි පෙළ හැරුනු විට බොහෝ සදැස් කවි ආයාස වචන එබ්බවීම් නිසා රස හුන් බවටම පෙරළින.අයියනායක පැදි පෙළද සදැස් ඉක්මවා ගිය නිදහස් ආරක් ගැනීම නිසා යම් විවෘත මනසකින් කවියා ලෝකය දකින බවක් පෙනේ.නමුත් ආකෘතික විවිධත්වය සොයා ගිය ගමනේ නිසදැස විසින් කාව්‍යයට සිදු කළ හානියක්ද ඇත. මන්ද එකළ කාව්‍ය කරණයෙහි යෙදුණේ භාෂා ශාස්ත්‍රය මනාව ප්‍රගුණ කළ උගතුන් සහ වියතුන් විසිනි. නමුත් හයිකු වැනි ප්‍රවණතාවන් නිසා අද වන විට අන් යමක් කරන්නට බැරි අය කවියන් වශයෙන් ස්ථාපිත වන ප්‍රවණතාවක් පෙනෙන්නට තිබේ.