tag:blogger.com,1999:blog-29353897192273840222024-03-04T22:57:31.255-08:00සර්පයාගේ දියණිය | The Serpents DaughterAnonymoushttp://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-2935389719227384022.post-25393973396014794982018-02-26T20:08:00.002-08:002018-02-26T20:08:48.177-08:00යුද්ධයද මිහිරිය Incendies – Denis Villeneve
ජනවාර්ගික අර්බුධය මූලික කරගත් නිර්මාණ නොයෙක් වේශයෙන් විවිධ රටවල් සහ සංස්කෘතීන් නියෝජනය කරමින් ලෝකය තුළ නිර්මාණය වී තිබෙනුද, ඒවායින් ඒ ඒ රට සහ ජනවර්ගයට අදාළ ගැටලු ඉදිරිපත් කරනුද දැකිය හැක. එය යුද්ධයකින් පසු අත්පත් විය හැකි සාමාන්‍ය සමාජ කතිකාව බහුවිධ මාධ්‍යයකට නැගීමකි. නමුත් කිසියම් නිර්මාණයක් විසින් දේශ සීමා සහ සියළු වර්ගවාදයන් නිර්මාණයක් තුළින් පුපුරුවා හැර මනුෂ්‍යයත්වයට අඩගසන්නේද, එය සාර්ථක නිර්මාණයක් වශයෙන් මම දකිමි.
සිනමාපටයේ කැමරාකරණය , සංස්කරණය, රංගන දායකත්වය සම්බන්ධයෙන් කියන්නට කිසිවක්ම නැත. සැබැවින්ම හදවතක් ඇති මිනිසකුට එක දිගට නැරඹීමටද අපහසුය. සිවිල් යුද්ධයේ උපරිම අවදියක දකුණ බලා ගමන් කරනා "නවාල් මර්වාන්" හදිසියේ ගොඩවන බසය සතුරන් ගේ වෙඩි පහරට ලක්වෙයි. සැබැවින්ම එය සිනමාපයක දර්ශනයකැයි සිතන්නට නොහැකිය. මම එක්වරම මේසය අස්සට ඔලුව ඔබාගත්තේ, ඇතිවූ භීතිය නිසාය. කුඩා දරුවා මරණ දර්ශනය බැලුවා නොව එය බැලුනේය. මේ සිනමා පටය ශාලාවක නම් අඛණ්ඩව බැලිය නොහැකි වන්නේ කදුලු ඉස්සර වන හෙයිනි .
ජීවිතය තුළ කුමන හෝ හේතුවක් මත අන්තර් සම්බන්ධතා සහ පැවැත ආ සම්ප්‍රදායන් සියල්ල බිදී විසිරී යන්නට පුළුවන. නමුදු එබදු තත්වයක් තුළ වුවද ජීවිතය දෙස ආදරයෙන් බලන්නට හැකි නම් වඩා වැදගත් වන්නේ එයයි. මේ සිනමාපටය නැරඹූ මොහොතේ මා පත්වූ තත්වය විස්තර කරගත නොහැක. සත්‍ය වශයෙන්ම මම අර්ධ වශයෙන් උමතු වීමි. මර්වාන් යනු තවදුරටත් ප්‍රංශයට හෝ ලෙබනනයට හෝ අයිති ගැහැනියක ලෙස නොදැනී ඒ මමම වීමි. මම මටම නොදැනී හඩමින් සිටියෙමි. එබැවින් මට තවෙකෙකු පරීක්ෂා කරන්නට අවශ්‍ය විය.
ඒ මොහොතේම කිසිවක් සතපහකට ගණන් නොගන්නා යහලුවකු වෙත මම පණිවිඩයක් යැවීමි. මචං..ඉක්මණට මේක බලපන්!! පැය කිහිපයකට පසු ඔහු මට පණිවිඩයක් එවා තිබිණ. එහි සදහන් වී තිබුණේ මෙබන්දකි.
ඒක නම් පට්ට බං..මයිල් කෙලින් වෙලා ඇඩුනා හොඳටෝම ..අපේ උන්ට හිතන්නවත් බෑ..
ලංකාවේ පවතින්නේ ප්‍රේක්ෂකාගාරයේ ප්‍රශ්නයක් නොවේ. නිර්මාණ සාක්ෂරතාවක් ඇති මෙබදු නිර්මාණ ඇසුරු කරන පිරිස ඒවා දැක බලාගත් පසුවවත් අලුතින් යමක් සිතන්නට අසමත් වීමේ අවාසනාවයි. මෙතෙක් මම මාරාන්තිකව ආදරය කල සයිලන්ට් ලයිට් සිනමාපටය සමග මෙම සිනමාපටයද එකට අමුණා තබමි. වේදනාබර රාත්‍රීන්හි ඔවුහු මා සුවපත් කරනු ඇත. ආදරයට යුද්ධයට භාෂාවක් නැත. ඇත්තේ හැගීම් පමණකි. ඒවා සැබැවින්ම මාරාන්තිකය.
-උපේක්ෂා නුවන්ශ්‍රීනි -
Anonymoushttp://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.com1tag:blogger.com,1999:blog-2935389719227384022.post-42102927538030567602018-02-24T19:43:00.003-08:002018-02-24T19:43:53.890-08:00යුද්ධය පවතින්නේ කොතැනකද? - Her, Him & Other
යුද්ධය යනු කුමක්ද? එය පවතින්නේ කොතැනකද? විශ්වය ආරම්භ වූ දා සිටම කිසියම් දේශයක, යුගයක,ජාතියක හැරවුම් ලක්ෂයක් නිම කරනු පිණිස යුධමය තත්ත්වයක් ඇති වූ බව කිව හැකිය. සැබැවින්ම එය මිනිසාගේ අවසානයේ ලකුණක්ද? නැතිනම් පැවැත්මේ අත්‍යවශ්‍ය සළකුණක්ද යන්න විග්රහ කිරීම අසීරු කරුණකි. මන්ද විනාශයේ අත්‍යවශ්‍ය සාධකයද, පැවැත්මේ නිත්‍ය සාධකයද යනු, එකක්ම විය හැකි බැවිනි. නීට්ෂේගේ සදාතනික පුනරාගමන සංකල්පය අනුව නම් වරක විශ්වය තුළ පහළ වූ යුද්ධයක් යලි යලිත් ඒ ස්වරූපයෙන්ම කොතැනක හෝ ඇති වනු ඇත. ඒ අනුව උතුරේ සිටි ප්රභාකරන් යළිත් පැමිණ භීෂණයක් ඇතිකරනවාය යන නිගමනයට එළඹිය හැකි වුවද, සදාතනික පුනරාගමන උපන්‍යාසය මේ වන විට නොතැකිය යුත්තකි. මක්ද, එදා උතුරේ ඇති වූ යුද්ධය එලෙසින්ම යලි ඇති වුවද එය අනෙකක් මිස එදා ඇති වූ යුද්ධය නොවේ. සැබැවින්ම කාලයත් සමග එහි සිදුවන දේශපාලන සහ ආර්ථික පරිවර්තනයන් සමග මනුෂ්‍ය ජීවිතයේ ඇතිවන පරිවර්තනයන් මත එක සමාන සිදුවීම් විශ්වය මත සදාකල් සිදු විය හැකි නමුදු, කිසිදා සිදු වූ යමක් යලි එලෙසින්ම සිදු වීමක් නොවේ.
කෙසේ වෙතත්, යුද්ධය තිබූ අවධියෙහි දී අපි යුද්ධය යනු කුමක්දැයි සෙවීමු. යුද්ධය දෑසින් නොදුටුවද ඒ පිළිබඳ කතන්දර ඔස්සේ හෝ ස්වරූප මවා ගැනීම පහසුය. නමුත් වඩා අපහසු වන්නේ, යුද්ධයෙන් පසු තත්වය මනසේ මවා ගැනීමයි. වර්තමානයේ අප ජීවිතය ගෙවන්නේ පශ්චාත් යුධ පසුබිමකය. යුද්ධය නිල වශයෙන් අවසන් ව ඇති වර්තමානය තුළ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් විසින් සහජීවනය ස්ථාපිත කිරීම සඳහා විවිධ සමාජ සහ දේශපාලනික ප්රයත්නයන්හි නියැලී සිටී. කිසියම් ඛේදවාචකයක් නිමා වූ විට සිදු කෙරෙන පසුවිපරම වඩාත් වැදගත් වන්නේ, එය එක් අතකට දේශපාලනික ව්‍යාපාරයක් වනවා මෙන්ම ඛේදවාචකය සිදුවන අවධියෙහිදී නොදුටු එක් සමාජීය පැතිකඩක් මිනිසුන් වෙත ඉන් විදාරණය වන බැවිනි.
යුද්ධය වෙනුවෙන් සූදානම් කළ මිනිස් අමුද්‍රව්‍ය යුද්ධය නැතිව සිවිල් ජනතාව වෙනුවෙන් පැවතීම අතිශය බිහිසුණු තත්වයකි. එනම් අතිශය අමානුෂික යුධ පුහුණුවක් සහ බිහිසුණු මානසිකත්වයක්ද , ආයුධ පුහුණුවක්ද ලැබූ , උගත් කමකින් තොරව හමුදාවට බඳවා ගත් තරුණ ප්‍රජාවක් යුද්ධයකින් තොරව නිදැල්ලට මුදා හැරීම තුළින් සිදුවිය හැකි හානිය, ප්රභාකරන් විසින් උතුරේ ඇති කළ භීෂණයට වඩා විනාශකාරී විය හැක. වර්ගවාදය උදෙසා භාවිතා කළ ප්‍රචණ්ඩතාවය, අද ඔවුහු තමාගේම ජාතිය උදෙසා භාවිතා කරන අතර ස්ත්‍රී දූෂණයක් හෝ වෙනත් වංචාවක් පසුපස හමුදා සෙබලකු නියෝජනය වීමේ සම්භාවිතාව වැඩිවෙමින් පවතී. එදා ඔවුන් භීෂනය තුළ ලද ආර්ථික සහ ලිංගික නිදහස ලබාගැනීමට සමතුලිත සමාජයක් තුළ නොහැක. ඔවුන් සොයන්නේ භීෂණයයි. යුද්ධය නිමා වුවද ඔවුන්ගේ මනස යළි ප්‍රතිසංස්කරණය කළ හැකිද? පුපුරන තුරු ගිනි කන්දක වුව සුන්දරත්වයක් පවතින නමුදු පිපිරී අවසන් වූ පසු ඉන් දෘශ්‍යමාන වන විනාශයේ ප්‍රමාණය අතිමහත් වේ. ඕනෑම විනාශකාරී ව්‍යසනයකින් වසර ගණනක් ඉක්ම ගියද ,ඒ ඔස්සේ ඇතිවන සමාජ ව්‍යසනයන් මුහුණුවර වෙනස් කරමින් වර්ධනය වේ. මෙවන් යුගයක සමාජ ප්රතිසන්ධානගත වීම උදෙසා නිර්මාණ බිහිවීම අත්‍යවශ්‍ය කාරණාවක් වේ.
ජෝන් පෝල් ලෙඩරච්ගේ සමාජ දේශපාලන අර්ථ විචාරයට අනුව ප්‍රතිසන්ධානගතවීම යනු, බිඳී විසිරුණු සබඳතා නැවත ස්ථාපිත කරන ඒවා සුවපත් කරන ගමනකි. ළඟා වීමට ඇති ස්ථානයකි. ඔහු තවදුරටත් ප්‍රතිසන්ධානගතවීම යනු සත්‍යය, සමාව දීම, යුක්තිය හා සාමය එක් කරන විවිධ අන්තර් සමාජ ශක්‍යතාවන් සහිත වෙනස් සමාජ අවකාශයන්ගේ සම්බන්ධතා ඉහල නඟන ස්ථානයක් බව පවසයි. එය සත්‍යය, යුක්තිය, සාමය හා සමාව දීම හමුවන ස්ථානයට යන ගමනකි.
ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර, අශෝක හඳගම යන සිනමාවෙිදීන් තිදෙනා විසින් තුන්දෙනෙක් සිනමාපටය නිර්මාණය කරන්නේ මෙබදු පසුබිමකදීය. තුන්දෙනෙක් යන තේමාව යටතේ Her, Him සහ Other යන සිනමාපට තුන ඉදිරිපත් වන අතර ප්‍රසන්න විතානගේ විසින් නිර්මාණය කරන ලද Her සිනමාපටයෙහි තේමාව වන්නේ, පෙනෙන යමක් තුළින් නොපෙනන යමක් සොයා යාමයි. එහි සොයා යන්නා වන්නේ කේසව රාජන් නවරත්නම්ය. සිනමා ලෝලියකු වන කේසා යුද්ධයෙන් පසු තමා ප්‍රිය කරන සිනමා අධ්යක්ෂවරයකු වන අශෝක හදගම වෙත සිදු කරන පාපොච්ඡාරණයක් ලෙස සිනමාපටයේ තේමාව සැකසේ.
කේසාගේ එල්.ටී.ටි.ඊ වැඩ බිමේ ස්මරණයන් සහිතව ප්‍රේක්ෂකාගාරය වෙත ඉදිරිපත් කරන ප්‍රථම රූපරාමුව නගීසා ඔසාමා ගේ  Marry Christmus Mr Laurance (1983) චිත්‍රපටයේ ආරම්භය සිහිපත් කරන අතර එහි Tom Bowie විසින් සිදු කළ චරිත නිරූපණය යලි සිහිපත් කරයි. ජීවිතයේ කිසියම් අනපේක්ෂිත අවස්ථාවක තමා තුළ ඇති කරගත් සිහිනයක් සමග ඕනෑම මිනිසකු අතරමං වෙයි. කේසා අතරමං වන්නේ පණ අදින සෙබලකුගේ සාක්කුව තුළ ඉතිරි කර ගිය සුන්දර යුවතියකගේ ඡායාරූපයක් සමගය.එහි පසුපස ජංගම දුරකථන අංකයක් සදහන් කර තිබේ. ඔහු ක්‍රියාන්විතයේ සිටින කාලයේ වරින් වර ඇය සමග සංවාදයේ යෙදෙයි. ඇය වෙත පැවසිය යුතු පරම සත්‍යය තුළ දිනෙන් දින ඔහු අතරමං වේ.
යුද්ධය පවතින වකවානුවේ යුද්ධයේ ස්වභාවයන් සම්බන්ධ මතවාදමය කතිකාවක නිරත වූ අශෝක හදගම හඳගම ලෙසින්ම සිනමාපටයට ප්රවිශ්ඨ වන අතර ඔහු නුදුටු ලෝකයක් මිහිපිට පවතින බව කේශාගේ අදහසයි. කේශා විසින් සිනමා අධ්යක්ෂවරයාද සමග කලකට ඉහත දුරකථන සංවාදයේ නියැලුණු යුවතිය සොයා චාරිකාවක් අරඹයි. ඈ සිනමාපටයේ කතා සාරාංශය එයයි. ගවේශකයාගේ චරිතය කේසව රාජන් නවරත්නම් විසින් සාධාරණයක් ඉටු කරනු ලැබූවද, තම සීමාව ජයග්‍රහණය කිරිමට සමත් වන නමුදු යුද්ධමය සිනමාව කියවා ජීවිතය ඉදිරියේ අසරණ වූ අධ්යක්ෂවරයාගේ චරිතය භාවාත්මකව ඉදිරිපත් කිරීමට හඳගම සමත් නොවේ.
Her සිනමාපටයෙහි කතා වින්‍යාසය සහ ආකෘතිය දෙස බැලූබැල්මට සිහිපත් වන්නේ Denis Villeneve ගේ  incendies (2010) නමැති ප්‍රංශ සිනමාපටයයි. එම සිනමාපටයේද පදනම වන්නේ සොයා යාමයි. නවාල් මර්වාන් නමැති කාන්තාවක පණ අදිමින් සිටින විට නීතිඥවරයකු විසින් ලිපි දෙකක් ඇගේ නිවුන් දරවන්ට ලබා දෙයි. ඒ පණ අදින ගැහැනියගේ අවසන් කැමැත්තයි. ඒ අනුව එම නිවුන් දරුවන් විසින් එම ලිපි දෙකින් එකක් ඔවුන්ගේ පියා වෙතත් , අනෙක සොහොයුරා වෙතත් ලබා දිය යුතු වන අතර නිවුන් දරුවන්ගෙන් පුතනුවන් මේ මෙහෙයුමට අකමැති වන අතර දියණිය සිය මව උමතු කාන්තාවක නොවන බව විස්වාස කරයි. ඇය දිගටම සොයා යයි. ඇගේ දීර්ඝ චාරිකාව පුරාම මුණ ගැසෙන්නේ පාලු මාවත් නොව යුද්ධයේ අමානුෂිත සිහිවටනයන්ය.
එය කිසියම් දේශසීමාවකට සීමා මායිම් නොකරන සිනමා කරුවා විශ්ව ව්යාපීීව වාර්ගික අරගලයේ ඇති අති බිහිසුණු ස්වභාවයන් ඉස්මතු කිරිමට සමත් වෙයි. නමුත් Her සිනමාපටයේ ආරම්භයේ පවතින විශිෂඨත්වය අතරමගදී බිඳ වැටේ. කේසාගේ චාරිකාවම අර්ථ ශූන්යසහ මිනිසුන්ගෙන් තොර වේ. අවසානයෙහි එය එක් කාන්තාවක් පමණක් සොයා යන ගමනකට ලඝු වන අතර යුද්ධයේ අතුරු ඵල සහ මිනිස් ස්වභාවයන් ඔවුන්ට මග හැරේ. ඔවුන් පසු කරන්නේ පුරන් කුඹුරු යායවල් සහ ගස් කොළං පමණි. හදගම සිනමාව උදෙසා උපකල්පිතව අනුමානය කළ පමණටවත් යුද්ධයේ බිහිසුණු බවක් කේශා සමග යන මෙම සත්‍ය චාරිකාවේදී ඔවුන් ට හමු නොවන අතර, යුවතියගේ ඡායාරූපය පෙන්වමින් ඔවුන් යන ගමන කළෙවර වන්නේ ඉතාම සරල ලෙස එම කාන්තාව හමුවීමෙනි.
ඒ හමුවීම ප්‍රේක්ෂකාගාරය කළඹන සහ පුපුරා යන හමුවීමක් නොවේ. එය අතිශය සරලය. මිය ගිය සෙබලාගේ පෙම්වතිය නරඹන්නා තුළ කිසිදු කම්පනයක් ඇති කිරීමට සමත් නොවන අතර ඇය මදක් විලියෙන් ඇඹරී පවසන්නේ වසර දෙකක් ඉක්ම ගිය තැන සිය ස්වාමියා සම්බන්ධව අපේක්ෂා අත් හළ බවකි. මේ වන විට ඇය නව ජීවිතයක් අරඹා තිබේ. ඕනෑ ම ඛේදවාචකයකට පසුව මිනිසා නව මගක් ගත යුතු බව සත්‍යයකි. නමුත් ඛේදාන්තයකින් වසර ගණනාවක් ගියද එහි අමිහිරි පදනම් විශ්වයෙහි පැවැත්මෙන් ඉවත් නොවන ආකාරය නිරූපණය කළේ නම් එය වඩාත් සාර්ථක වනු ඇත. නිදසුනක් ලෙස මේ සිනමාපටයේ ආකෘතික ස්වභාවය සමග සැසදිය හැකි වූ  incendies (2010) සිනමාපටයෙහි අවසානය සමස්තය සමාජ දේහ ලක්ෂනයන් පුපුරවා දමා මුළු ලෝකයම එක මොහොතක සමතලා මතුපිටකට ඇද දමයි.
මවගේ අවසන් කැමැත්ත ඉටු කිරීමට සොයුරා සහ පියා සොයා යන දෙදරුවන්ට අවසානයේ පියාද සොයුරාද ලෙස හදුනාගත හැකිවන්නේ එකම මිනිසෙකි. එනම් තම මවගේ වැඩිමහල් පුතු බන්ධනාගාරය තුළදී සිය මව කෙලෙසීම නිසා මේ නිවුන් දරුවන් උපත ලද බව අනාවරණය වන අතර, අවසානයේ ඔවුහු එම අමිහිරි සත්‍ය විදදරා ගනිමින් ලිපි දෙකම සිය පියාත් සොයුරාත් ලෙස හදුනාගත් මිනිසාට ලබා දෙයි. යුද්ධය නිමා වුවද ඔවුන් පැවතිය යුතුය. වඩාත් අභියෝගකාරී අවස්ථාව වන්නේ එයයි. මෙබඳු සිදුවීම් ලාංකීය සමාජය තුළද දුලභ නොවේ.
වරක් එක්තරා පියකු සහ දියණියක මා දන්නා හඳුනන මාධ්‍ය වේදියකු වෙත පැමණ තිබිණි. ඔවුහු දමිළ ජාතිකයන් වූ අතර ඒ වන විට දියණිය ගැබිණියක බවට පත්ව සිටියාය. දියණියගේ දරුවාගේ පියාද දියණියගේ පියාද එක් අයකු විය. ඒ පියාගේ කාමාතුර බව නිසා නොවේ. එල්.ටී.ටී.ඊ සාමාජිකත්වය සදහා තරුණ දියණියන් රැගෙන යාම ආරම්භ වූ විට දියණිය ඉන් මුදවා ගැනීමට පියා යෙදූ උපක්‍රමය එයයි. ඒ සදහා වෙන පිරිමියකු ඔහු තෝරා නොගත්තේ දරුවාට ඇති ආදරය නිසා විය හැකිය. මේ වන විට යුද්ධය නිමාවී එල්.ටී.ටී සංවිධානය සදහා දියණියන් බදවා ගැනීමද අවසන් වී ඇති නමුත් ඒ පියාත් , දියණියත් යළිි ප්‍රතිසංවිධානය කරන්නේ කෙසේද?
පරම්පරා ගණනක් යන තුරුත් දශක ගණනාවක් යන තුරුත් අර්ථ කථනයන් දිය නොහැකි නෑ සබදතා සහ පුද්ගල අන්තර් සම්බන්ධතා සමග අසරණ වී ඇති මිනිස් සමාජයක් නිරූපණය කිරීමේදී Her සිනමාපටය ඉතා අහිංසක සහ සරල අවසානයක් ඇතිව අවසන් වේ. එය නරඹන අයකුට හිතෙන්නේ යුද්ධය දවසින් දෙකින් අමතක කළ හැකි සරල දෙයක් බවකි. Her සිනමාපටයේ කතා වින්‍යාසය (Plot) නිර්මාණ තුනෙන්ම හොදම කතා වින්‍යාසය වූ නමුදු ඉන් සාර්ථක නිර්මාණයක් සිදු කරන්නට සිනමාවේදියා සමත් නොවේ. එයට හේතුව වෘත්තාන්ත චිත්‍රපයක් සදහා උචිත පුළුල් තේමාවක් කෙටි කාල පරාසයකට සකසුැරුවම් කර ගැනීමට දැක්වූ අසාර්ථක බව සහ ඔහු දෙවැන්නාට තම කෘතිය සමග ඒකාබද්ධ වීමට ඉඩක් ඉතිරි කර ඔහුව විස්වාස කිරීමයි.
තමා නතර කළ තැනින් දෙවැන්නා සාර්ථකව ආරම්භ කරනු ඇතැයි ඔහු විස්වාස කරයි. Her සිනමාපටය අවසන් වන්නේ, අධ්‍යක්ෂකගේ චරිතය නිරූපණය කරන හඳගම විසින් කේසාට ෙදැන් ඔයා ඔයාගේ කතාව කියන්න යනුවෙන් අනෙකා උදෙසා ඉඩක් ඉතිරි කරමිනි. ඉන් පසු ඇරඹෙන්නේ විමුක්ති ජයසුන්දරගේ Him සිනමාපටයයි. ඒ ඔස්සේ කේසා හෝ එවන් සත්‍ය චරිතයක් විමුක්තිගේ සිනමාපටය ඔස්සේ බලාපොරොත්තුවන ප්‍රේක්ෂකයාට කිසිවක් නොලැබේ. හුදකලා නිර්මාණකරුවකු වශයෙන් සාර්ථක වූ නමුදු විමුක්ති හවුල් ව්‍යාපාර වලදී දක්වන අලස බව සහ වංචා සහගත බව මෙතැනදී එලෙසම පලකරමින් ලොකුම බොරුව නිර්මාණය කරයි.
එය එලොවටත් නැති මෙලොවටත් නැති සිනමාපටයක් වී යුද්ධයේ අමිහිරි ඵලයක් ඉන් නිරූපණය නොවන අතර ප්රවෘත්ති අර්ථකථනයේ පවතින සාවද්‍ය බව වැනි සාරාංශයකට පමණක් අවසානයෙහි එය ලඝු වේ. යුද්ධය ඇසුරින් ඔහු විය හැකියාවන් සහ උපකල්පනයන් ඉදිරිපත් කරයි. ත්‍රස්තවාදි නායකයකු සිංහල මවකගේ කුසින් බිහිවුනොත් කෙසේද? ආදී අභව්‍ය උපකල්පන ගොඩ නගා ගනිමින් ඔහු නාස්ති කරන කාලය තුළ මුල් සිනමාපටය ප්‍රේක්ෂකයාට සහමුලින්ම අමතක වී ඔවුහු හෙම්බත් වෙති. මේ තත්වය වටහා ගන්නා නිසාදෝ අශෝක හදගම වහාම අනෙකා The Other බවට පත්වේ. එය ද මහා සිනමා කෘතියක් නොවන නමුදු භාවාත්මක ප්‍රවේශයක් නිසා තරමක් සිවිල් සමාජය වෙත කම්පනයක් ඇති කළ හැකි ප්රකාශනයක් වශයෙන් සදහන් කළ හැකිය. පුරුදු පරිදිම ජීවයෙන් පිරුණු දෙබස් සහ ප්‍රබල රූපරාමු ඔහු භාවිතා කරයි.
"සිංහල තේරෙන්නෙ නෑ වගේ හිටියට ඔය මම කියපු දේ හොදට තේරිලා තියෙන්නෙ."
"නෑ අයියා. එයාට ඒක තේරුණ භාශාව ඔයගොල්ලන්ට තේරුණානම් මෙහෙම යුද්ධයක් ඇති වෙන්නෙත් නෑ, මට මගේ මිනිහ නැති වෙන්නෙත් නෑ, මේ අම්මට එයාගේ පුතා නැති වෙන්නෙත් නෑ."
එක්වරම Babel සිනමාපටය සිහිපත් කරන්නේ කිසියම් පුළුල් සිදුවීමක් තුළින් හටගත් සිද්ධි සහ අහඹු අවස්ථා නිරූපණය හරහා විශ්ව ව්‍යාපී ප්රකාශනයක් සකස් කර ගන්නට ඔහුගේ දෘශ්‍යය මාධ්‍යය යම් තරමකට සමත් වී තිබීම නිසාය. යුද්ධය යනු විශයක් ලෙස හැදෑරිය හැකි දෙයක් නොවේ. අත් දැකීමක් ලෙස විදිය යුත්තකි. ශ්‍රී ලංකාවේ යුද්ධය නිසා සිවිල් ජනතාවටත් වඩා අවතැන් වූයේ සිනමාකරුවන්ය. නව චින්තන දහරාවක් හරහා කලාත්මක සිනමාවක් ගොඩ නගන්නට හැකියාවක් ඇති සිනමාකරුවන් සියලු දෙනාම යුද්ධය නම් තෙමාවේ සිරගත වූහ.
සාමාන්‍යෙයන් යුද්ධයන් පිළිබදව උපකල්පන ගොඩ නගා ගැනීම සිදු කළ හැකිය. ඒ අනුව වෙඩි තැබීම, ස්ත්‍රී දූෂන, සිංහල දෙමළ පෙම් සබදතා ආදී ලෙස උපකල්පිත යුධමය සිනමාවක් බිහිවිය. නමුත් යුද්ධය නිමාවූ පසුව නොදුටු සිවිල් සමාජයක් උපකල්පනය කර ගැනීමට නොහැකි වීම නිසා යුධ තේමාවන්ට ලඝුවී සිටි සිනමාකරුවන් පෙර තිබූ නිවහල් චින්තනයද, යුද්ධය නිසා ලද නිර්මාණාත්මක උත්තේජනයද යන දෙකම අහිමි කරගත්හ.ඉන් සිදු වූයේ දේශය අහිමි වූ ජනතාවක් මෙන් ඔවුහු තමා තුළම යම් තරමකට අසරණ වීමයි. අවසානයෙහි කීීමට ඇත්තේ මේ තුන්දෙනා ඊට හොදම නිදසුනක් වී ඇති බව පමණකි.
- උපේක්ෂා නුවන්ශ්‍රීනි-
Anonymoushttp://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.com0tag:blogger.com,1999:blog-2935389719227384022.post-66466596701697993962017-06-04T10:02:00.000-07:002017-06-04T10:04:34.571-07:00වික්ටෝරියානු මාවතක අවසන් ගමන් ගිය නොමළ ගැහැණියකගේ හෘද සාක්ෂිය - 28 (ශ්‍රී)
ඇගේ නම සුද්දීය. එදා මෙදාතුර සෑම ගමකම සුද්දීලා සිටින්නීය. තරමක සංස්කෘතික විවෘත භාවයකින් යුතුව සමාජය තුළ හැසිරෙන සහ නිත්‍ය සම්ප්රදායකට අනුකූල නොවූ රූපසම්පත්තියෙන් යුක්ත වූ කාන්තාවන් ‘සුද්දියන් සේ හැසිරෙන්නී’ වැනි අරුතක් ආරෝපණය කරමින් සුද්දී නමින් හඳුන්වන ලද්දේ ඇය නියෝජනය කළ ගම තුළම විසූ අන්‍ය කාන්තාවන් හෝ ගැමියන් විසිනි. එවන් ගැහැනියක සෑම විටම පුරුෂයන්ගේ ලිංගික සූරා කෑමට මෙන්ම අන්‍ය ගැහැණුන්ගේ ද්වේශයටද ලක්විය. සයිමන් නවගත්තේගම ලිවුවේද එවන් සුද්දීලා පිළිබඳවය. නමුත් ප්‍රසන්න ජයකොඩිගේ 28 සිනමා පටය තුළින් නිරූපණය වන සුද්දී ගේ කතාව ඊට වෙනස් එකකි. එය අනන්‍යතාවක් සහිතව වෙනම කියවිය හැකි ගැහැණු චරිතයකට වඩා පොදුවේ කාන්තාවන්ට සමාජ පැවැත්ම තුළ මුහුණ දීමට සිදුවන අර්බුධ අරභයා ගොඩනැගුණු සමාජීය සංලාපයකි.
කාන්තාවන්ගේ පෞද්ගලික සනීපාරක්ෂක දිනය ලෙස සෑම වර්ෂයකම මැයි 28 වන දින නම් කර ඇතත් සෑම මසකම දින 28 ක ජීවවිද්‍යාත්මක චක්‍රයකට යටත් වූ ශරීරයක හිමිකාරත්වය ඇති ඇයට සමාජ වටිනාකමක් සහිතව පැවතිය හැකි සංස්කෘතික පසුබිමක් ලංකාවේ සමාජය තුළ තවමත් නිර්මාණය වී තිබේද යන්න ගැටළුවකි. අනෙක් අතට ස්ත්‍රියගේ ලිංගිකත්වය සමාජීය ගැටළුවක් බවට පරිවර්තනය වන්නේ පුරුෂයාට තම ලිංගිකත්වය පිළිබඳව පවතින අපැහැදිලිතාවය ද නිසාය. ස්ත්‍රියක විසින් පුරුෂයකු වසඟයට ගන්නා උපාය මාර්ග හෝ ලිංගික චර්යාවන් පිළිබඳ ලියවී ඇති ලේඛණ හොර රහසේ කියවා උගෙන ගන්නා පිරිමි භාවික ජීවිතය තුළ ප්‍රායෝගිකව මුණගැහෙන ස්ත්‍රියකගේ ශරීර බස මෙන්ම ආත්මීය බසද අවබෝධ කර නොගනිති. සුද්දී ගමේ සිට නගරයට එන්නේ ද නගරයේ සිට අවසානයේ ගමට යන්නේද තමන්ගේ ශරීර භාෂාව වරදවා වටහාගත් පිරිමින්ගේ හූ හඬ මධ්‍යයේය. ඇගේ ජීවිතයට ආරම්භයක් නැත. සිනමාපටය ආරම්භ වන්නේ ඇගේ අවසානයත් සමගය. එනම් කවරකු විසින් හෝ දුෂණය කර ඇයව මරා දැමූ තැන් සිටය.
අතීතයෙහි ගම ඉතා නිදහස් සංස්කෘතික ඒකකයක් විය. ලිංගික ජීවිතය පවා දොර ජනෙල් ආවරණ වලින් තොර අතිශය නිදහස් වූවක් විය . එකල ගමෙහි ප්‍රධාන සංස්කෘතික මධ්‍යස්ථානය වූයේ තොටුපලයි. දියකෙළි, ඕපදූප , කෙළි කවටකම්, සංලාප ආදී සියල්ලට ම ගැමියා අවසරය ලද්දේ ස්නානය කිරීම සඳහා ලද කාලයයි. අතිශය වෙහෙසකාරී ජීවනෝපායන් නිමකර දාහය නිවාගන්නා ගැමියෝ ස්ත්‍රී පුරුෂ භේදයක් නොමැතිව දියකෙළියෙහි නියුක්ත වූහ.රජවරු පවා සිය ජීවිතයේ සුවිශේෂ අවස්ථාවන් සැමරුවේ වැව සමඟ ඒකාත්මික වෙමිනි. වැව, දාගැබ සහ කෙත යන අවස්ථා ත්‍රිත්වය හරහා ග්‍රාමීය ජීවනෝපාය, සංස්කෘතිය සහ අධ්‍යාත්මීය ව්‍යුහය ඉපැරණි ගැමි සමාජය තුළ මනාව කළමනාකරණය විය. සාහිත්‍ය භාවිතාවේදී කිසියම් කාව්‍යයක් මහා කාව්ය්යක් වීමට නම් දියකෙළි වැණුම අත්‍යවශ්‍යය අංගයක් වශයෙන් සැලකූයේද ගැමි ජන ජීවිතයෙහි ප්‍රධාන සංස්කෘතික හැඩතල ඒ ඔස්සේ නිර්මාණය වී තිබූ හෙයිනි. එනිසා සෑම සංදේශ කාව්ය්යක් තුළම දියකෙළි වැණුමක් ඇතුළත් වූ අතර ඒ අතරින් හංස සංදේශයෙහි එන දියකෙළි වර්ණනාව තුළ ස්ත්‍රී සහ පුරුෂ යන දෙකොට්ඨාශයෙහි කෙලිලෝලත්වය සඳහා ලිංගිකත්වය බාධාවක් නොව බවට නිදර්ශන පවතී. අඩක් නිරුවත් සිරුරෙහි රත් පැහැ ලාක්ෂා තවරාගත් ස්ත්‍රීන් ද පුරුෂයන් ද වතුරේ ගිලෙමින්, පිහිනමින් හා උනුන් හා කවටකම් කරමින් රිසිසේ ප්‍රීති වූ අතර අන්‍ය ස්ත්‍රියක් කෙරෙහි හිත ගිය තරුණයකු දිය ක්‍රීඩාවෙහිදී එය පළකරන සියුම්තාවත් එය දකින ඉවුරෙහි වූ සැමියාගේ මානසිකත්වයත් යනාදිය එමොහොතට පමණක් වලංගු ක්ෂණිකව හසුරුවාගත හැකි සුන්දර සිතිවිලි ලෙස හංස සඳෙසෙහි නිරූපණය කෙරේ. පුරාණ ලංකාවෙහි ලිංගිකත්වය පිළිබඳව පැවති නිදහස් භාවය වික්ටෝරියානු සංස්කෘතිය වැළඳගැනීමත් සමග විනාශ වූ අතර ඉන් පසු ගම නමැති ඒකකය සුහදත්වය සහ සංස්කෘතික විවෘතභාවයකින් තොර වූ ගුප්ත සහ අසහනකාරී ඒකකයක් බවට පරිවර්තනය විය. ස්වකීය සැමියා සමග ගංගාවේ ස්නානය කරන සුද්දීට ගමෙහි වුන් සෙසු පිරිමින්ගෙන් තොටුපලේදී විවිධ බලපෑම් එල්ලවන්නේ එවන් පසුබිමක් තුළදීය . ඉන් පසු ස්වකීය විවාහ ජීවිතය තුළ උද්ගත විය හැකි අභාග්‍ය සම්පන්න තත්වය වලක්වා ගැනීම සඳහා සුද්දීගේ ඉල්ලීම පරිදි ගමට ඇති එකම නානකාමරය ඔවුන්ගේ නිවසේ ඉදිවෙයි. නමුත් එහි ඇති කවුලුව තුළින් මාමණ්ඩියගේ බැල්ම සුද්දීගේ නිරාවරණ සිරුරට වැටෙන්නේ නොසිතූ ලෙසය. නමුත් අවසානයේ නානකාමරය තුළ නිරුවතින් නෑම වරදක් ලෙස නිහඩව බාර ගෙන කවුළුවෙන් එබුණු මාමණ්ඩියට සමාව පිරිනමා නිවසින් පිටව ගිය සුද්දීව නැවත සැමියාට මුණ ගැහෙන්නේ වසර පහළවකට පසුවය. ඒ ද මල මිනියක් ලෙසය. ඔහු සිය බිරිඳ පූර්ණ නිරුවතින් දකින්නේ මිනී පෙට්ටි සාප්පුව තුළ එම්බාම් කටයුතු සඳහා සූදානම් කර තිබෙන විටය. ජීවමාන මනුෂ්‍යයා සෑම විටම පරිපූර්ණ සත්‍යයෙන් බහිර්ජන්‍යය. සෑම කෙනාගේම සත්‍යය අවධිවන්නේ මරණයෙන් පසුවය.
අභයපාල, මනී සහ ලෙනින් නම් වාමාංශික නමක් හිමි, දකුණට බරයයි තමා විසින්ම කියාගන්නා අයිස්ක්‍රීම් වෙළෙන්දා විසින් 28 ශ්‍රී අංක දරන වෑන් රථයෙන් අවසාන ගමන සදහා සුද්දීව ගමට රැගෙන යයි. 28 චිත්‍රපටයට පාදක වන්නේ ඒ අවමංගල චාරිකාවයි. නම ලෙනින් වුවත් රියදුරා මිනී වලට මෙන්ම සමාජයේ අර්බුධකාරී අවස්ථාවන්ට දායක වීමටද ප්‍රිය නොකරයි. හිස් මිනී පෙට්ටියකැයි පළමුකොට මුසාවක් පවසා මිනිය වාහනයේ වහලය මත රඳවාගෙන ගියද අතරමගදී එය බිම වැටීමෙන් මිනී පෙට්ටිය බිඳී යයි. එසේ අඩක් බිඳුනු මිනී පෙට්ටිය තුළින් සුද්දීගේ මුහුණ මදක් නිරාවරණය වෙයි. විටෙන් විට තමා වෙනුවෙන් හඬ නැගීමට ඇය ශක්තිය ලබන්නේ එතැන් සිටය. තවමත් සක්‍රීයව මනී අතේ පවතින තම දුරකථනයට පැමිණෙන ඇමතුම් වල පූර්වාපර සන්ධීගැලපීම සුද්දී විසින්ම සිදු කරනු ලබන අතර කුසුම්ගේ කතාව නිරාවරණය වන්නේ එලෙසය. ගැහැණියට සිය විවාහය තුළ අර්බුධයකට ලක්වීමට සිදුව ඇත්තේ එකිනෙකට වෙනස් ජවනිකා දෙකක් එකවර නිරූපණය කිරීමට ඇයට විවාහය විසින් පවරන හෙයිනි. වඩාත් හොඳ ගැහැනිය වීමත්, වෙසඟනක සේ නිදියහන තුළ විවෘත වීමත් යන පරස්පර ජවනිකා දෙකෙහි එකවර පෙනී සිටීමට වඩා ගණිකාවක බවට පත්වීම හැම අතින්ම ලිබරල්ය. එතැනදී ඇයට හොඳ ගැහැණියක ලෙස රඟපෑම සඳහා වෙර දරන්නට අවශ්‍ය නැත. ඇය මේ මොහොතේ සිටින්නේ ස්වභාවික ජීවවිද්‍යාත්මක පැවරුම තුළ පූර්ණ ලෙස නිදහස්වය. අර්ථකතන වලින් තොර ජීවිතය සැබැවින්ම ඉතා සාමකාමී එකකි. එය මරණයටත් වඩා නිදහස්ය. ගණිකාවකගේ ප්‍රීතිය බිරිඳකගේ භුමිකාවේදී ගැහැණියකගෙන් විනිර්මුක්ත වන්නේ ස්ත්‍රිය මෙන්ම පුරුෂයාද උනුන් ඉදිරියෙහි රංගනයක නියුක්තවන හෙයිනි. එබැවින් ස්ත්‍රී පුරුෂ ලිංගික එක්වීම් යනු ව්‍යාජ හැසිරීම් සහිත නාටකයකි. සෑම විටම ඒ නාටක අවසන් වන්නේ ඛේදන්තයක් ලෙසිනි.
සිනමාපටය ස්ත්‍රී පුරුෂ සමාජබාවය සම්බන්ධ අති සියුම් ප්රකාශනයක් වීම වළක්වාලන බාධාකාරී අවස්තා කිහිපයක්ද වේ. එනම් සිනමාපටය ආරම්භ වන්නේ මරා දැමූ සුද්දීගේ මිනිය සහ නඩු භාණ්ඩ වශයෙන් ගැනෙන අත් භෑගය , ජංගම දුරකථනය කිසිදු බාධාවකින් තොරව ලබාගත් ඇගේ සැමියා සහ ගෝලයා විසින් මිනී පෙට්ටියක දමාගෙන වාහනයක රැගෙන එන දර්ශනයකිනි.ඒ එන අතරමග මිනී පෙට්ටිය මග වැටී යළිත් ඒ ස්ථානයට ඔවුන් යන අවස්ථාවේ සෙනග රැස් වී හිඳිති. ඒ සෙනග පලවා හැරීමට අබපාල ව්‍යාජ ගැටුමක් මණී සමග ඇති කර ගනී. එ සුනිල් සෝම පීරිස් ගේ චිත්‍රපටයක දැකිය හැකි අන්දමේ සීනිබෝල ප්‍රයෝගයකි. එමෙන්ම සෙනග පලවාහැරීමෙන් අනතුරුව ඒ අසලම පාලමක් යට මිනිය තබාගෙන එහි ඇඳුම් සෝදමින් බොහෝ විවේකයෙන් විනෝදයෙන් පසුවන දර්ශනයද අතිශය අභව්‍යය. එසේ නම් එය යථාර්තවාදී පසුතල, සාමාන්‍ය වැසියන්ගෙන් තොර මායාකාරී ක්‍රමවේදයක් තුළ ඉදිරිපත් කරන්නට තිබුණු අතර මෙම රූපරාමු නැරඹූ ඕනෑම අයකුට සිතෙන්නේ මලමිනියක් පාරේ නවත්තා විහිලු කරමින් සිටින්නට තරම් නිදහස් රටක මේවා ප්‍රශ්නද යන්නයි. සුද්දී වරකෙ තම වයස අවුරුදු 37ක් බව පවසයි. නමුත් ලෙනින් නම් රියදුරු අත පත් වන ඇගේ ගුවන් ගමන් බලපත්‍රයේ සමීප රූපය අනුව ඇගේ උපන්දිනය 1974 ලෙස සටහන් වේ. සිනමාපටය නිෂ්පාදනය කළ වර්ෂය සහ එය තිරගත වන වර්ෂ අතර පරස්පරතාව මීට හේතු විය හැකි වුවත් ප්‍රෙක්ෂකයා එය ගණන් බලන්නේ තමා සිනමාපටය නරඹන වර්තමානය සමග සසඳමිනි. එබැවින් නිත්‍ය ලෙස සුද්දී තහවුරු කරන දෙය සර්වකාලීනව පවත්වාගැනීම සඳහා ඇගේ ගුවන් ගමන් බලපත්‍රය සම්බන්ධ සමීප රාමුව සංස්කරණයේදී ඉවතිවිය යුතුව තිබිණි. සංස්කරණ ශිල්පියාට සහ කලා අධ්යක්ෂවරයාට මගහැරුණු අවස්ථා කිහිපයක් නිසා සිනමාපටයෙහි රිද්මයට මද වශයෙන් හානියක් සිදු වුවද තම මෙහෙය නියමාකාරයෙන් වටහා ගන්නා සංගීත අධ්යක්ෂවරයා නිසා සුද්දීගේ ආත්මයේ හඩ තීව්රවෙයි. ස්ත්‍රිය හදුකලා එක්කයක් ලෙස කියවීමත්, ඇය පිරිමියකු හා බද්ධ කොට සමාජීය ඒකකයක් ලෙස කියවීමත්, ඇය ස්ත්‍රී පුරුෂ සමාජ භාවය තුළ පොදු විග්‍රහයක් ලෙස අර්ථකතනය කිරීමත් යන අතිශය සංකීර්ණ ක්‍රියාවලිය තුළ දේශක බමුණුමුල්ල ගේ සංගීතය අති සියුම් සහ ප්‍රබල උපක්රමික උපකරණයක් බවට පත්වෙයි. අවසානයෙහි එය සේ සුද්දීගේ මෙන්ම සිනමාපටයෙහි ද ආත්මය බවට පත්වේ.
සේමිණී ඉද්දමල්ගොඩ පළමු වරට තමා රංගන ශිල්පිණියක බව තහවුරු කරන්නේ 28 සිනමාපටය තුළිනි. ඇය විසින් ස්වකීය රංග පෞර්ෂ්‍යය ප්‍රතිභාන්විත රංගවේදියකු වූ මහේන්ද්‍රපෙ රේරා සමග සමස්ථානයක පවත්වාගැනීමට සමත් වන්නීය. එමෙන්ම සහය නළුවන් ලෙස සරත් කොතලාවල සහ රුක්මල් නිරෝෂ් ගේ දායකත්වයද සුවිහේෂය. ඔවුහු තම චරිත නිරූපණය උදෙසා සඳහා ලද අවසරය නිරායාසික ජීවන අවබෝධයක් තුළ සිනමාකෘතියට මුදාහරිති. එය අතිශය නිදහස් සහ සැහැල්ලු ඉදිරිපත් කිරීමකි. මේ සියළු දෙනාගේ අභිනයන් සියුම් ලෙස උකහාගන්නා චන්දන ජයසිංහගේ කැමරාව ද සුවිශිෂ්ටය. එය මනස සහ මසැස අතර රික්ත සොයමින් නව මානයන් සොයා ගිය කැමරාවකි.
විවාහය සඳහා දෙපැරැන්දේ ඇති අවයවය පමණක් ප්රමාණවත්ය සිතන, කුප්පිලාම්පුව නිමාගෙන රති සුව විඳින, පුරුෂයා නිදහස අත්විඳින්නේ මුත්‍රා කිරීම තුළ පමණි. බහිස්‍රාවය මුදා හිරීමේදී ලබන සුවයවත් ඔවුහු රමණයෙන් නොලබති. ආදරය සහ ලිංගිකත්වයේ ඇති ආත්මීය බැඳීමත් ජීව විද්‍යාත්මක ප්‍රහර්ෂයත් මග හැරගන්නා පුරුෂයාට අනෙකාගේ හැඟීම් සහ ප්‍රතිචාර යනු අතිශය අර්බුධකාරී අවස්ථාවන් බවට පත්වේ. එබැවින් ඔවුහු සුවය ලබන්නේ ප්‍රතිචාරයක් නොමැති නිසල භෞතික වස්තුවක් සමග රමණය කිරීමෙනි. එබැවින් ඔවුහු රිසි ලෙස ස්ත්‍රියක විඳින්නේ ඇයගේ මරණයෙන් පසුවය. මල්ශාලාවේදී සුද්දීගේ නිරුවත දැක භාවාර්ද්‍ර වන අභයසිරිත්, සුද්දීව දූෂණය කොට මරා දැමූවන්ගේ සිතිවිලිත් යන දෙකම සමාන වේ. සැබැවින්ම දූෂකයෝද අනුකම්පාවට පත්විය යුත්තෝය. ජීවිතය තුළ පවතින්නට බැරි මිනිසුන් මලවුන් සමග ගණුදෙණු කරති. විධිමත් ලිංගික අධ්‍යාපනයක් නොමැතිවීම, මිත්‍යා විශ්වාස, සංස්කෘතික කුහකභාවය , අතීතයෙහි ගිහි ජන ජීවිතයෙහි සැකැස්ම කෙරෙහි පන්සල තුළින් ලැබුණු අධ්‍යාත්මික පිටුබලය ද ගම තුළින් ගිලිහී ගියේය. ගෝත්‍රිකත්වයේදී ස්වබාවධර්මය සමග වූ ඒකාබද්ධතාව මුළුමණින්ම බිඳ දමා අවබෝධයක් තුළ වින්දනය කළ යුතු ජීව විද්‍යාත්මක සන්ධිස්ථාන සහ ක්‍රියාවලීන් හුදු සංස්කෘතික උත්සවයක් තුළ නිෂ්ප්රයෝජන චාරිත්‍රයක් බවට පත්කොට විකෘති කිරීම තුළ මළවුන්ගෙන් ජීවිතය සොයා යෑමට පුරුෂයන්ට සිදු වූ අතර ඒ උදෙසා ස්වකීය ජීවිතය පිරිනැමීමේ අවධානම අවසානයේ ස්ත්රීන්ගේ නිත්‍ය ඉරණම බවට පත් විය.
- උපේක්ෂා නුවන්ශ්‍රීනි -
Anonymoushttp://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.com4tag:blogger.com,1999:blog-2935389719227384022.post-37550837953094248412017-06-01T10:16:00.004-07:002017-06-01T10:22:19.166-07:00අන්තරාභවය තුළ ප්‍රායෝගිකත්වයේ සිහින දැකීම හෙවත් නිම්නයක හුදකලාව
විශ්වයෙහි ආරම්භය කෙසේ සිදුවීද යන ප්රශ්නය අරබයා තේල්ස්, ඇනමයින්ඩර් ආදී මුල්කාලීන මයිලීටස්වාදී දාර්ශනිකයන් සැපයූ නිර්වචන අනුව යමින් විශ්වය අග්නියෙන් සෑදී ඇතැයි උපකල්පනය කළ හෙරක්ලීටස් පාමිනයිඩීස්ගේ ලොව කිසිවක් වෙනස් නොවන්නේය යන අදහසට ප්‍රතිවිරැද්ධව තර්කයක් ඉදිරිපත් කළේය. ඒ ‘එකම ගඟකට දෙවරක් බැසිය නොහැකිය’ යන අදහස ඇති නොනවතින ප්රවාගීභාවයේ ධර්මතාව නම් ස්ථාවරත්වය මත පදනම් වූ නිර්වචනයයි. ලෝකයෙහි හටගන්නා සිදුවීම් වල ඇති සමාන ස්වරූපයන් සැලකූ ෆ්රෙඩ්රික් එංගල්ස් සදාතනික පුනරාගමනය නමින් සංකල්පයක් ඉදිරිපත් කළේය. එනම් විශ්වය තුළ එකම සිදුවීම යළි යළිත් සිදුවන බවයි. නමුත් ලෝකය තුළ මනුෂ්‍ය පැවැත්ම යනු කාලය සමග පැවැත්මයි. සිදුවීමක ස්වභාවය තීරණය වන්නේ එය සිදුවන කාලය අනුවය. එබැවින් ජීවිතය යනු පියවි ඇසට පෙනෙන මානය සහ නොපෙනෙන මානය හෙවත් උපකල්පිත අනාගතය හෝ අතීතය අතර පවතින සියුම් හිදැසකි. වඩාත් සරල ලෙස නිර්වචනය කළහොත් එය ද්විමාන ලෝකය මත ස්ථාපනය වන ස්වප්නමය ත්‍රිමාන සැකැස්මකි. භෞතික ප්රපංචයන්ට මෙන්ම ස්වභාවික සහ සංස්කෘතික සංසිද්ධීන් උදෙසාද විශ්වීය හැඩයක් නොමැත. එබැවින් ද්‍රව්‍ය සහ අද්‍රව්‍යමය වස්තූන් , ඒවායේ සියළු චලනයන් සහ අන්තර් ක්රියාකාරීත්වයන් සෑම විටම දෘශ්‍ය සහ අදෘශ්‍ය තල දෙකක් අතර පවතී. වඩා වැදගත් වන්නේ මිනිසාට ජීවිතය තුළදී මෙම ආවරණ තල දෙක අතර ඇති රික්තකය ජය ගැනීමට ඇති ආර්ථික , සාමාජීය සහ සංස්කෘතික අවස්ථා කෙබඳුද යන්න විමසා බැලීමයි.
ස්වභාවයෙන්ම ජීවීන්ගේ පැවැත්ම සඳහා ස්වාභාවධර්මය විසින් ලබා දුන් පරිසරය ස්ථර වශයෙන් සකස් වී ඇත. එනම් අමිශ්‍ර සහ එකිනෙකට සහසම්බන්ධිත කොටස් වලින් සකස් වූ ස්වභාවික උපකරණයන් ලෙසිනි. නිදර්ශන ලෙස සැලකූ විට මැටි , වැලි, පස්, ගල් සහ හ්‍යුමස් සාන්ද්‍රණයකින් යුතු අමිශ්‍ර ලේයර වශයෙන් මහ පොළව සකස් වීමත් , මිනිස් කලලය ආවරණය කරන ජලජමය පරිසරයක් ඇති මල්ලක ස්වරූපයකින් යුක්ත ආකෘතික සැකැස්මත්, ගෝලාකාර විශ්වය වටා ඇති නිර්වර්ණ වායුමය අවකාශයත් යනු ලෝකය තුළ පැවැත්ම උදෙසා ස්වභාව ධර්මය විසින් ලබා දුන් තීරණාත්මක හැඩතලයන්ය. එනම් කොටස් වශයෙන් පැවතීම හෙවත් එකම පැවැත්ම තුළ ස්ථර හෙවත් විශ්වයන්, අවධීන් සහ ස්වභාවයන් තුළ ජීවිතය අමිශ්‍රව සහ එකිනෙක අවධීන් අතර සහ සම්බන්ධතාවයකින් යුක්තව පවත්වා ගැනීමයි. නමුත් අවසානයේ සමස්ත ජීවිතය යනු මෙම අමිශ්‍ර භාවයේ ඇති අවිධිමත් මිශ්‍රණයයි. මනුෂ්‍යයා සහ විශ්වයේ පැවැත්ම තහවුරු වන්නේ මෙකී තීරණාත්මක හැඩ තල අනුව සලකා බලන විටය. විශ්වයට මෙන්ම මනුෂ්‍යයාටද නිශ්චිත ගමනාන්තයක් නොමැත. පූර්ව සැලසුම් සහගත ක්‍රියාවලියකින් යුතුව මිනිසාට ස්වකීය ජීවිතය ආරම්භයේ සිට අවසානය තෙක් පවත්වා ගත නොහැක. ඔහු එකම ජීවිතය තුළ කිහිප විටක් මිය යමින් උපදිමින්, තමාගේම හඩ අන්‍ය විශ්වයකින් ගලා එන්නක් සේ දැනෙමින් , තමා විසින්ම තමාව මගහරවා ගනිමින් නිරත වන නොනිමි ජීවන චාරිකාව නිත්‍ය ගමනාන්තයකින් හෝ අනපේක්ෂිත අභාග්‍යයකින් කෙළවර විය හැකිය. නමුත් සිහිනමය ස්ථර වශයෙන් ජීවිතය පවත්වා ගැනීමට මිනිසාට සිදුවන්නේ අහඹුභාවයන් සහ අවිනිශ්චිතතාවයන් සමග තමා මුහුණ දෙන සමාජ පරිසරය තුළින් තමාගේ ජීවන අපේක්ෂාවන් සපුරාගැනීමෙහි ඇති අවධානම නිසාය . ජීවිතයේ මරණීය අවස්ථා අප විසින් කොතෙකුත් පසු කරමින් සිටිමු. එහිදී පළමු අවස්ථාවේ ජීවිතයේදී මුණ ගැහෙන මිනිසුන් ඉන් පසුව අප විසින් ගොඩ නගා ගනු ලබන ජීවිතයකදී අපට මුණ ගැසෙන්නේ අන්‍ය ස්වරූපයකිනි. එය ඇතැම් විට අප කැමතිම ස්වරූපයයි. නැතිනම් අප අකමැතිම ස්වරූපයයි. අප කැමතිම වර්ණ, මිනිසුන් සහ පරිසරයක් තුළ අප අකමැතිම සිදුවීම් ප්රවාහයකට පවා මුහුණ දිය හැකිය. ජීවිතය යනු ගැටලුකාරී කදු වළලුවලින් වට වූ පුළුල් නිම්නයක් නම් සෑම මිනිසකුම එහි හුදකලා වූවෝ වෙති. කෙසේ වුවත් වඩා වැදගත් වන්නේ මනුෂ්‍යයාට ස්වකීය ජීවන සැරියේදී හමුවන පුද්ගල චරිත සහ සිදුවීම් අතර සහ සම්බන්ධතාව මරණින් පසුවත් විශ්වය තුළ පවත්වාගත හැකිද යන කාරණාවයි. මිනිසකුගේ පැවැත්ම මරණයෙන් නිමා නොවේ. එයින් අදහස් වන්නේ එය පාරභෞතිකව තවදුරටත් විශ්වය මත පවතිනවා යන අදහස නොවේ. සංසිද්ධියක හෝ භෞතික ප්රපංචයක පැවැත්ම තීරණය කරනු ලබන්නේ කාලය විසිනි.
විශ්වනාත් බුද්ධික කීර්තිසේනගේ ‘නිම්නයක හුදකලාව’ සිනමා කෘතිය මිනිසාගේ පැවැත්ම සහ මරණය අතර රික්තකයත්, මරණයෙන් පසු විශ්වය සමග ඔහු පවත්වන සම්බන්ධතාව සහ විය හැකියාවන් පිළිබදවත් අලුත් අර්ථකතනයක් ගෙන එයි.( මෙහිදී පුද්ගල මරණය යනු භෞතික මරණය නොවේ. එය සංස්කෘතික මරණයක්, ආත්මීය මරණයක් වශයෙන් ඔහු නියෝජනය කරන කාලය තුළ අර්ථ ගන්වා ගත හැකිය) . සිනමාපටය ආරම්භ වන්නේ රූපරාමුව විශ්වයක්, ඒ විශ්වය තුළ ජීවිතය ගොඩනගා ගන්නා තරුණයකුගේ ජීවන චාරිකාවක ආරම්භයක් පිළිබඳ රූපාවලියක් තුළිනි. තමාට කියා කිසිවෙක් නොමැති ( නමක් පවා නොමැති) තරුණයකු රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට යතුරු පැදියකින් යන අතර බවුසරයක හැපී මරණයට පත්වේ. ඉන් ඔහුගේ පළමු ජීවන ස්ථරය අවසන් වේ. නමුත් ජීවිතයේ පළමු අදියරේ දී ඔහුට විවිධ මිනිසුන් සහ සිදුවීම් වලට මුහුණ දීමට සිදුවේ. ඔහුගේ ජීවිතය තීරණය කිරීමට තුඩු දුන් හේතුවම මරණයට පාදක වෙයි.ඒ ප්‍රිය කරන සිනමා නිළියගේ ප්‍රචාරණ පෝස්ටරයයි. ඔහුගේ ජීවිතයේ ඉදිරි පැවැත්ම තීරණය කරන පරායත්ත විචල්‍යයන් කිහිපයකි. ඒ මරණයට පෙර අවසන් වශයෙන් මනසෙහි දර්ශනය වූ සිදුවීම් සහ පුද්ගල චරිතයන්ය. එනම් ,
01. තමා වඩාත් ප්‍රිය කරන සිනමා නිළියගේ ප්රචාරක දැන්වීම් කිහිපයක්
02. පාසල් යන සිසුවියන් පිරිසක්
03. පහන් පැලක් අසල වැඳ වැටෙන ගැමියෙක්,
04. හදිසියේ මෝටර් සයිකලයේ හැපෙන කලබලකාරී බල්ලෙක් සහ උගේ හිමිකරු
05. ගමේ කඩයේ ධර්මදාස මුදලාලි
06. සින්දුවක් මුමුණන දෙමළ තරුණිය
07. මුදලාලිගේ රූපවාහිනියේ විකාශය වන වැඩිහිටි නොදරුවකු විසින් කිරි ඉල්ලා වැලපෙන රූපවාහිනි දැන්වීම
08. රූපවාහිනියේ පෙනී සිටින නිළියකගේ දසුන
09. කඩයේ මේසයක් මත ඇති තමා ප්‍රිය කරන නිළියගේ සංවාදයක් සහිත පුවත්පත් පිටුව
10. කලබලයට පාර මාරුවන රූමත් මවක් සහ පාසල් දියණියක්,
11. ඇගේ අතින් ගිලිහෙන කහපාට වතුර බෝතලය
12. දැරියගේ මව ඇඳ සිටින මල් මල් සාරිය සහ ඇගේ දෙපාවල ගැල් වූ රක්ත වර්ණ නිය ආලේපනය
13. පාරේ ඉහළ කෝණයකින් දිස් වෙන ප්‍රිය කරන නිළියගේ රුව සඳහන් පුවරුව
14. බවුසරය සහ එහි රැදී උන් මිනිසා
15. ගරාජය හිමිකරු
පළමු මරණයෙන් පසු ඔහු සිනමාපටය තුළ නමකින් නියෝජනය වේ. ඔහුගේ නම ද ‘විශ්ව නම් වේ. විශ්ව විසින් භෞතික විශ්වය තුළ තමාගේ ලෝකය වෙනත් මානයක සකස් කරගනී. එය අපැහැදිලි පැතිකඩ රාශියකියන් යුක්ත වූ සිවුවෙනි මානයකි. එය බැලූ බැල්මට නොපෙනෙන කිහිප අතකට හරවා විමසිය යුතු අපේම ජීවිතයේ හරස්කඩකට සමාන වේ.. රැකියා විරහිතව සිටි තරුණයා මරණයෙන් පසු වෙළඳප්‍රචාරණ ආයතනයක හිමිකරුවකු බවට පත්වේ. ඔහුගේ බිරිඳවන්නේ තාරකාය. තාරකා යනු ඔහු ගේ ප්‍රියතම සිනමා නිළියයි.. මරණයට පෙර ඔහු දකින පාර මාරුවූ තරුණ මව හැඳ සිටියේ මල් සහිත සාරියකි. ඇයගේ දෙපාවල නිය ආලේපනය රක්ත වර්ණය. එකී ආශයන් ඔහු වඩාත් හොදම පිළිවලට ස්වකීය සිහින තුළ ගලපා ගනී. එබැවින් තාරකා රතු අඳින රක්ත වර්ණයට ප්‍රිය කරන තැනැත්තියක වෙයි. ඇය රක්ත වර්ණ බෝගන්විලා මලින් ප්‍රීතියට පැමිණෙයි. විශ්වගේ නිවසෙහි සුනඛයෙක් සිටියි. බස්ටර් නම් වූ ඔහු විටක මිනිස් වෙසක් ගෙන ඔහුව ආරක්ෂා කරයි. මිනිසකුට ලෝකය තුළ ස්වකීය අනන්‍යතාව අහිමි වීම කෙතරම් ඛේදවාචකයක්ද? භෞතික ලෝකය සමග පැවැත්ම අසීරු වූ මිනිසකු සමාජීය වශයෙන් නිරන්තර වේදනාවට පත්වෙයි. විශ්වට හැඳුනුම්පතක් නොමැත. නමුත් ඔහුව රැකගන්නා බස්ටර්ට හෙවත් සුනඛයාට හැඳුනුම් පතට අමතරව තවත් කාඩ් බොහෝ වෙති. මේ තුළ පවතින්නේ මනුෂ්‍යයකුගේ භෞතික සහ සාමාජීය පැවැත්ම අහිමි වීමේ ඛේදවාචකය සිහින තුළින් මකා ගැනීමට දරන ආයාසය නොවේද? තිරිසනකුට තරමේවත් ස්ථාවරයක් මහපොළව තුළ මිනිසාට ගොඩ නගා ගත නොහැක්කේ ඇයි?
විශ්ව ෆුඩ් සිටියකදී කහපැහැති කිරි බෝතලයක් තෝරා ගන්නා දර්ශනයක් කිහිප විටක්ම දර්ශනය වේ. ඔහුට කිරි බෝතලය අලවි කරන්නේ ගමේ කඩයේදී දුටු දැන්වීමේ සිටි නළුවා විසිනි. ඔහු ස්වප්න ලෝකය තුළ රංගවේදියකු නොවී කිරි වෙළෛන්දෙකු බවට පත්වේ. සත්‍ය ඉක්මවා ගිය සත්‍ය තිබෙන්නේ සිහින තුළය. සිහින යනු ස්මෘතියේ සහ ප්‍රඥාවේ සංකලනයකි. දැරියගෙන් ගිලිහුණු වතුර බෝතලය ද කහපාටය. විශ්ව තෝරා ගන්නේද වැනිලා කිරි මිශ්‍රණය සහිත කහ පැහැති කිරි බෝතලයයි. එමෙන්ම ගැබිණි කාන්තාවන්, කිරි බෝතල් ආදිය තුළින් විශ්ව තම ජීවිතය තුළ නව උපතක් අපේක්ෂා කරයි. ඔහුට පාර මාරුවූ දැරිය සිවුවෙනි මානය තුළදී දෙවතාවක් හමුවේ. යළි මගහැරේ.ගමේ තේ කඩයට කිඹුලා බනිස් රැගෙන යන්නට පැමිණි දෙමළ තරුණිය ගැබිණි කාන්තාවක් ලෙස වෙස්වලා ගත් මරාගෙන මැරෙන කොටි කතක් ලෙස විශ්වට හමුවේ. ඇය දමිළ බසින් මිහිරි අන්දමට ගායනා කරයි. විශ්වට පෙම් ගී ඇසෙන්නේ නාඳුනන බසකිනි. හැම විටම දෞන්දර්යය ඔහුට හමුවන්නේ වටහාත නොහැකි ලෙසය. මාතෆත්වයේ වේශයකින් ගැහැණිය බෝම්බයක් දරා සිටී .දරු උපතක අපේක්ෂාව කෙළවර වන්නේ මරණයක් තුළිනි. සෞන්දර්යාත්මක ගැලපීම් හැම විටම ඛේදවාචකවලින් කෙළවර වන්නේ ඇයි? ඒ ඇසට පෙනෙන සෞන්දර්ය ඉක්මවූ මානයක් සෑම සිදුවීමක් තුළ ම භෞතික සහ අභෞතික විචල්‍යයක් තුළම පවතින බැවිනි. අප දකින විඳින සෑම චරිතයක්ම චතුරස්රාකාරය. එහි මතුපිට පමණක් නොව අභ්‍යන්තරික සැකැස්මද අප වටහා ගන්නේ මරණයෙන් පසුවය. දමිළ තරුණිය ද දුක පුපුරවා ගන්නා අවස්ථාවක විශ්ව සිවුවෙනි මානය තුළදීද මරණයට පත්වේ. ස්වප්නමය සංස්කෘතියක් තුළ තමා විසින් ගොඩ නගා ග්නනා තමා කැමතිම ලෝකය තුළද මිනිසකු අතරමංවීමේ අවධානමක් පවතී. විද්‍යාව තුළ තරමං වූ මිනිසාට අනාගතය ගැන අනාවැකි කියන්නේ පහන්පැලට වැඳ හුන් ගැමියාය.
විශ්ව විසින් ගොඩ නංවනු ලබන ම වෙළඳප්‍රචාරක ආයතනයේ සාමාජිකයන් ලෙස හමුවන්නේ පාර මාරු වුණ තරුණ මව ( සචිනි අයේන්ද්‍රා) ,සහ ගමේ කඩය තුළ වූ රූපවාහිනියෙන් දුටු තරුණ නිළියයි.(සමනළී ෆොන්සේකා ). කඩයේ දහදිය දමමින් තේ හදන ධර්මදාස මුදලාලි ( රවීන්ද්‍ර රන්දෙණිය) දහඩිය පෙරාගත් අද්භූත පාරිභෝගිකයකු ලෙස සිවුවෙනි මානය තුළදී විශ්වට හමුවේ. ඔහු ගොඩ නගා ගන්නා සිවුවෙනි මානයන්හි විවිධ ප්‍රේරණයන් , බිහිසුණු ප්‍රිස්මයක වීදුරු සිහින ලෙස නිර්මාණය කරන අතර හැම විටම ඔහු එක් පැතිකඩක් බිඳ දමන්නේ සිහිනයෙන් අවදි වීමෙනි. සිනමා පටය නිම වන්නේ ආරම්භක රූපරාමුව සිනමා පටයෙහි සමස්තය තුළට සමච්ඡේදනය කිරීමෙනි. අනන්‍යතාවක් නොමැතිව අනතුරට ලක් වූ තරුණයා ගැන පොලීසිය දැනගන්නේ ගරාජයේ තරුණයාට ලබාදුන් අවසන් දුරකථන ඇමතුම ඇසුරෙනි. ගරාජයේ තරුණයා විශ්වගේ සිවුවෙනි මානය තුළ නියෝජය කරන්නේ හොඳම මිතුරාගේ භූමිකාවයි. නමුත් විටින් විට යමපල්ලා (කිංස්ලි රත්නායක) ඔහුව ලුහුබඳියි. අනාවැකි කියයි. අවසානයේ වෙලාව හරිය කියා ඔහුව භෞතික ලෝකයෙන් මුදවා රැගෙන යයි. මෙය අපගේ දෛනික ජීවිතයේ නිතර පසුවන තත්පර කිහිපයක කතාවයි.
සිනමාව යනු කතන්දර කීමේ මාධ්‍යයක් නොවේ. එය තිගැස්මක්, විශ්මයක් සහිත අවිධිමත් භාවයේ විධිමත් තීව්ර ප්රකාශනයක් විය යුතුය. විසිරුණු දෑ ඒකරාශී කිරීම , අක්රමිකතාවය සහ තියුණු දැක්මක් සහිත යමක් සිනමාපටයකට ප්‍රමානවත්වේ. එය අද්භූත වස්තුවකට සමානය. සරලව කියන්නේ නම් කලාකෘතියකට මූලික විය යුත්තේ පවතින මෙහොතේ ජීවිතයේ පවතින සෞන්දර්යය සහ අවිනිශ්චිචතතාව අතර පරතරයයි. අතිශය සංවිධානාත්මක සහ සූක්ෂම තිර රචනයක්, තියුණු නාද මාලාවක් සහිත සංගීතයක්, විශිෂ්ට සංස්කරණයක් සහ සියළු අමුද්‍රව්‍ය මනාසේ හැසිරවූ විශිෂ්ට අධ්‍යක්ෂණයක් තුළ තව දුරටත් සිනමාව නිම්නයක හුදකලා නොවන බව පෙනේ. සෞම්‍ය ලියනගේ සෑම මානයක් තුළම සිය ජීවිතයේ පැති කඩ පැහැදිලි සරල රේඛාවක්ද අපැහැදිලි වර්ණ ආලේපිතයක් මෙන්ද විසුරවමින් සහ ඒකාත්මිකව හසුරවමින් අති විශිෂ්ට චරිත නිරූපණයක් ඉදිරිපත් කරයි. සෙසු චරිත අතරින් සංගීතා වීරරත්න, සචිනි අයේන්ද්‍රා සහ සමනළී ෆොන්සේකා ස්වකීය ආධිපත්‍යය සිවුවෙනි මානය තුළ අත්පත් කරගනී. ඔවුන්ගේ දායකත්වය සමබර වූවකි. ගලා යන සේ පෙනෙන නමුත් ස්ථාවර ව පවතින කාලය නමැති ස්වායත්ත විචල්‍යය මත පරායත්ත විචල්‍යයන් මරණීය වේදනාවකින් හසුරවන සංකීර්ණ සමීකරණයක් බඳු ජීවිතය එක් භෞතික මරණයකින්ද බිහිසුණු සිහින සහ ආත්මීය මරණ රැසකින්ද සමන්විත වෙයි.අප ජීවිතය මුළුල්ලේම සිදු කරන්නේ කැමතිම අමුද්‍රව්‍ය එකතු කරමින් ජීවිතය නවමානයකින් විඳින්නට වෙර දැරීමයි. ගැබිණි තරුණියකගේ කුසකින් බෝම්බයක් පුපුරා යන්නාක් මෙන් මිහිරි අමුද්‍රව්‍ය වලින් අමිහිරි නිෂ්පාදනයක් බිහිවිය හැකිය.ඒ ජීවිතයේ ස්වභාවයයි. පවතින මොහොතට එහා අන් යමක් ජීවිතයේ නොමැත. එය භෞතිකය සහ පාර භෞතිකය අතර කිසිදාක මුණ නොගැසෙන ආත්මීය සිදුරකි. නිම්නයක හුදකලාවීම තුළ බූඩි අමතන්නේ ඒ හිස් අවකාශයේ සිටින ආත්මීය මිනිසාටය.
උපේක්ෂා නුවන්ශ්‍රීනි -
Anonymoushttp://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.com7tag:blogger.com,1999:blog-2935389719227384022.post-54577764306844660292017-05-29T08:39:00.001-07:002017-05-29T09:55:00.589-07:00ඕන පුකක් !!! ප්‍රීති වෙසක් !!!
ඇත්තටම බුකි කල්චර් එක කියන්නේ වෙනස්ම එකකි.එහි තියෙන්නේ යම් සංසිද්ධියක අන්තර් ගතය එතරම් නොසලකා තේමාව මෙව්ව කරන එක් සිස්ටම් එකය. අබුද්දස්ස කාලේන කජ්ජේන පුහුලං වාගේ සිංහල සමාජය ඇතුලේ ඉස්සරත් එක එක ඒවා ඒ ඒ කාලෙට ඕන තරං සිද්ධ වුණේය. ඒත් කුජීතු ජන මාජ්ජය එච්චර වෙළඳ ඒකාධිකාරයක් ගොඩ නගා ගෙන තිබුණේ නැති හංදා ඒ ඒ එවුවා ඒ ඒ තැන් වලම සැගවී ගියේය. ඒත් දැං ඒම නැත. සිදුවන සිදුවීම් වලින් වැඩියෙන්ම රේට් වන එවුවා තෝරාගෙන ප්‍රීති වීම ජනමාධ්‍ය කල්චර් එක බවට වර්තමානයේ පත්වී තිබේ. එක්සාම්පල් එකක් විදිහට ගන්නවානම් ස්ත්‍රී දූෂණ අතරින් විරෝධතාව නැංවීමට වැඩියෙන් තෝරා ගන්නේ ලස්සම කාන්තාව හෝ දැරිය සම්බන්ධ දූෂණයයි.. මිය ගිය තැනැත්තියගේ නිරුවත් මල සිරුරේ කොටස් තිබේ නම් ෂෙයාර් කර ප්‍රීති වීමේ කණ්ඩායම් මේ අතර වැඩි වැඩියෙන් ක්‍රියාත්මක වේ. ඒ අතින් අර කිඹුලා කා මිය ගිය දැරියගේ සිදු වීම යටපත් වූයේ ඇගේ මල සිරුරේ ෂෙයාර් කල හැකි සියළු අප්සැට් කොටස් කිඹුලා විසින් කා දමා තිබූ නිසාය. අන්න ඒකට කිඹුලාට ආචාරය පුද කළ යුතුය. දැන් ආයෙත් සාකච්ඡා කරන්න ගිය කාරණාවේ මුලට එමු..
මතක ඇති කාලයේ ගොසිපලාගේ සහ බුකි ජාලයේ හදවත වඩාත් කම්පනයට පත් කලේ සේයා සඳෙව්මිය. ඇය වඩා සුන්දර දැරියක් වීමත් , කොටදෙණියාවේ පොලීසියට මිනීමරුවා සොයා ගත නොහැකිව ළදරු නාට්‍ය රගපෑමට සිදු වූ අතිරික්ත කාලය තුළ ඒ සිදුවීම හරහා විවිධ කුණු කතා ගොතමින් මානසික ප්රබෝධයක් ලද හැකි වීමත්, ඇගේ මල සිරුරේ කොටස් ෂෙයාර් කරමින් ප්‍රීතිවීමට හැකි වීමත් මේ මානසික ප්රබෝධයට හේතු විය. ඒවාට ලයික් දමන උන් ලයික් කියන්නේ කැමත්ත යන අර්ථයවත් නොදැන සිටි හරක් රංචුවක් විය.කෙසේ හෝ ඒ ප්‍රීතිය නිමා වන විටම යාපනේ විද්‍යා දූෂණය විය . ඇය තරුණ වයසේ සුන්දර දැරියක වීමත් ඇගේද නිරුවත් සිරුරේ ජායාරූප බෙදා හැරීමට හැකි වීමත් ස්වයං වින්දන කටයුතු සදහා මේ ඛේදනීය තත්වය භාවිතා කල හැකි වීමත් නිසා එය ද රේට්ස් වැඩි වූ ඛේදවාචකයක් වූ අතර මේ කාලයේම මඩකලපුවේ දී දූෂණය කර මරා දැමූ දස හැවිරිදි දැරිය රූමත් සහ සුන්දර දැරියක නොවූයෙන් ඒ සිදුවීම සාමාන්‍ය එකක් සේ යටපත් ව ගියේය. ප්‍රසන්න විතානගේ ගේ උසාවිය නිහඩයි සිනමාපටය වාරණයට හසු වූයේ මේ කාලයේය. ඒ ස්ත්‍රීන් පිලිබද එතරම් උණුසුම් කතිකාවකට සමාජ ජාල යොමු නොවුණේ ලෙනිං ලොක්කා විසින් දූෂණය අතරතුර කාන්තාවන්ගේ ෆෝටෝ ෂූට් එකක් සිදු කර නොතිබීමයි. බෙදා හරින්නට යෝග්‍ය නිරුවත් ඡායාරූප චිත්‍රපටයේවත් තිබුනානම් සිද්ධිය ඊට වඩා උණුසුම් එකක් වන්නට තිබුණි. ඉන් පසු ටික කලත් උණූසු ම් ප්රවෘත්ති එතරම් උකත්පාද නොවූ අතර පියුම් හංසමාලීගේ තං පේන ගවුම, දෙල් ගහේ දූරියන් සිංදුව, කෙල්ලෙකුට පහර දුන් චාමර කොළුවා , පානදුරේ නංගීගේ විවාහය, බැංකු අක්කා වැනි වගේ පුංචි පුංචි දේවල් වලින් බුකි වාසිහු ප්‍රීතිය සමරනු දකින්නට ලැබුණි.උපේක්ෂාවාද ඒවා වටේ කැරකී උන්ගේ චිත්ත ප්‍රීති සමරනු දැක පාඩුවේ සිටියාහුය. මේවා මෙසේ වෙද්දි අනියමාර්ථයේ අසම්භාව්යද මොකක්ද ලෙස කාලයද හෙමින් ගලා ගියේය.
ඊට පස්සේ වික්ටර් අංකල් ගැටයක් ගෙනාවේය. බුකිවාසීන්ට ඒ හරහා හිට්ට වීම නිසා ඒක අර ඔක්කෝටම වඩා හිට් වුනේය. ඉතින් ගැටේ වෙනම ද අංකල් වෙනමද ඉන්ටවීවි කරමින් කට්ටිය කාලය ගෙවා දැමීය. වික්ටර්ගේ පුත්‍රයාණන් වහන්සේද වීඩියෝ පට මුදා හරිමින් බුකි වාසීන්ගේ ආතලය තීව්ර එකක් කළේය. අවසානයේ එය ජාතික ප්‍රශ්නයක් තරමටම දුරදිග ගියේය. ජාතියක පැවැත්මට තුඩු දුන් විජය හා කුවේණිගේ එක් ළුීම වෙන කාලයේ සකර්බර්ග් කොලුවා බුකිය සොයා නොගත්තේ හොඳ වෙලාවටය. නැත්නම් යක්ෂණි නමින් ෆේක් එකවුන්ට් පවා සැදෙමින් මොන තරම් රැල්ලක් නිර්මාණය වේදැයි හිතන කොටත් ඇති වෙන්නේ බයකි. ජීව හත්ථ සහ දිසාලා විජය ගැනත් මව ගැනත් වෙන වෙනම වොයිස් කට් දෙන්නට ගියා ම ඕක තවත් ඇනෙනවාය. ඒ හන්දා සංස්කෘතිය නිර්මාණය වෙන ඒ කාලය ලෝකය අදුරේ තිබ්බ එක හොදය. අවිද්‍යාවත් එක අතකට නරකම නැත. හංගන්න ඕන එවුවා හංගගෙන ඒන එවුවා පමණක් එලියට දාන්න පුලුහංය.
එක සිනමාපටයක් ගැලවී තව එකක් එන අතරවාරයේ පරණ ජනප්‍රිය සිනමා පටයක් ප්‍රදර්ශනය කිරීම සිනමාශාලාවල පුරුද්දයි. අන්න ඒ ප්රරුද්දම අනුගමනය කරමින් නිවුස් නැති අතරවාරයේ විකාශනය වන නාටකයක් තිබේ. ඒ ඉසිප්‍රියා පිළිබඳ දූෂණයයි. ඇගේ නිරුවත් සිරුර බෙදමින් විවේකී කාලයක් ගෙවූ අයට ටිකක් කෑ ගසන්නට යළි අවස්ථාවක් උදා වූයේ සයිටම් සිද්ධියත් සමගය.ඒක දේශපාලනික වශයෙන් ආතල් ගැනීමකි. ඊට පසු චතුර නම් ඔල මොට්ටලයකු සම්බන්ධ පුවතක් බුකිවාසීන්ට චිත්ත ප්‍රීතිය අත් කර දුන්නේය. ඒත් ඒක සියළු දෙනාගේම මන කොඳ පොබ නොකලේය. එය ප්රවෘත්ති නැති වියළි සෘතුවක් විය.
මීතොට මුල්ල කුණු කන්ද කඩා වැටුනේ ඔය අතරවාරයේය. කට්ටිය පට පට ගාලා ක්‍රියාත්මක වුණේය. හදවතින්ම වැඩ කල පිරිසක් සිටියේය. ඔය අතර පෝස්ට් වලින් චිත්ත ප්‍රීතිය ලබා ග්නන පිරිස මිය ගිය මිනිසුන්ගේ සිරුර බෙදමින් අනෙක් සෙට් එක සිය මානසිත අතිරික්ත පුරවා ගත්තේය. ඒ ප්‍රීතියද එළඹි වේගයෙන්ම යන්නට ගියේ මලසිරුර වල දැමූ පසු ශෙයාර් කරන්නට කිසිවක් ඉතිරි නොවූ බැවිනි. මල මිනිසුන්ට වඩා දැනට ජීවත්ව සිටින පිරිස ගැන සිතා බැලීම යුතුකමකැයි නොසතූ ශ්‍රද්ධාසම්පන්න බුකිවාසීන් ආපහු අර චිත්‍රපට ශාලාවේ විරාම කාල ප්‍රතිපත්තියට යමින් සයිටම් ගැටලුව බදා වැළද ගත්තේය.පා දෙණිය හසු වූයේ අන්න ඊට පස්සේය. ඒ තලු මැරීම දවසකින් දෙකකින් එපාවන විට ගීතා අක්කාගේ මෙව්ව එක අහිමි විය. ඒ හරහා කුණු රසසයක් මැවිය හැකි තැන් හොයමින් කට්ටිය තම චිත්ත ප්‍රීතිය සොයමින් සිටියෝය. ඔය අව් අස්සේ හතර අත විසික්ක වී තිබුණු වක ටික ඒක රාශී වී අවසානේ පසලොස්වක සඳ පායා වෙසක් පුන් පෝය ද එළැඹිණි. ඉතින් අර කුණු ගසන මල මිනී ෂෙයා වූ අත්වලින් පුන් සද වටේටම ෂෙයාර් වෙමින් වෙසගේ අරුත පිළිබද හාංකවිස්සියක් නොදන්නා ශ්‍රද්ධා සම්පන්න බෞද්ධ පින්වතුන් එයත් නිව් ඉයර් කන්සෙප්ට් එකක තබමින් එකිනෙකාට වෙසක් විෂ් බෙදා ගනු පෙනෙන්නට තිබිණි.උපේක්ෂාවන්ටද විෂ් කිහිපයක් ලැබී තිබුණි. වෙසක් පහු වූ ගමන් වැසි ලැබී නාය යාමක් වුණොත් ආපහු පුන් සද ෂෙයාර් කල අත්වලින්ම මල මිනී ෂෙයාර් වී හෙන මෙව්ව එකක් වෙන බවද සහසුද්ද මුත් මේ අවස්වේථා පවතින රැල්ලට නොගියොත් නිකං සමාජෙං කොං වෙන ගතියක් එන හන්දා උපේක්සාවන්ද පොදුවේ ශ්‍රද්ධා බුද්ධි සම්පන්න සමාජයට මේං මේම පතනවාය..
ඕන පුකක් !!! ප්‍රීති වෙසක් !!!
- උපේක්ෂා නුවන්ශ්‍රීනි -
Anonymoushttp://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.com21tag:blogger.com,1999:blog-2935389719227384022.post-29246485750035022832017-05-27T09:11:00.001-07:002017-05-27T09:11:17.150-07:00සාහිත්‍යය ඔස්සේ බුදුන් දැකීම...
බුදුන් යනු ගැමියා වචනාර්ථයෙහි ආශ්චර්යය තුළින් දුර්වල මනසක් හිමි
මනුෂ්‍යයාගේ මනසෙහි මවන ලද්දා වූ විචිත්‍ර වූත් අනුහසාත්මක වූත්
නායකත්වයකි. බුදුන් දුටු කිසිවෙක් නොමැති මුත් බුදු කෙනෙකුන් පිළිබද මනෝමය
සිහින ගොඩ නංවා ගැනීමට ලාංකිකයාට ඉවහල් වූයේ බුදු සමය විසින් තිළිණ කළ
සාහිත්‍යයි. මහින්දාගමනයත් සමඟ ලංකාවේ බෞද්ධ හා සංස්කෘතික පුනරුදයක් ඇති
විය. ඉන්පසු සියලුම කලා ශිල්ප, අධ්‍යාපනය, ආර්ථිකය ,දේශපාලන සහ භාෂා
ශාස්ත්රාදියේ ද දියුණුව ඇති වීම නිසා සාහිත්‍ය ලේඛනයට වැඩි වටිනාකමක්
හිමිවිය. නමුත් මෙම පුනරුදය විදේශීය ආක්‍රමණ නිසා පසුකාලීනව කිසියම්
පරිහානි තත්වයකට පත් වූ අතර නැවත වරක් ලංකාවෙහි බෞද්ධ සංස්කෘතික පුනරුදය
ගොඩ නැගෙන්නේ දඹදෙණි සාහිත්‍ය යුගයේදීය.
පශ්චාත් යුධකාලීන සමාජ පසුබිමක්
තිබූ ලංකාවේ ජනසමාජයකට සංස්කෘතික සාහිත්‍යය ආභාෂයෙන් සිදු කළ බරැති භාෂා
උපක්‍රම වලින් යුතු සාහිත්‍යයක් තවදුරටත් අවශ්‍යය නොවීය. එම රික්තකය
හඳුනාගෙන සමකාලීන සමාජ ගැටලු බෞද්ධ දර්ශනයේ ගැඹුරු හරය සහ සාහිත්‍යමය
ප්‍රතිභාව ඒකාත්මික කොට ලේඛණයේ නිරත වූ ධර්මසේන හිමියෝ ගැමියන් ඇසුරෙහි
ජීවත් වූ අව්‍යාජ හිමි නමක වූහ. කිසි කලෙක පදවි තානාන්තර ලුහුබැඳ නොගිය
උන්වහන්සේගේ සාහිත්‍යය මෙතරම් රසවත් වූයේ ගැමියන් ඇසුරෙහි ඔහු ලද අත්දැකීම්
සහ ජීවිත පරිඥානය නිසාය. ‘ ධර්මසේන ස්ථවිරයන් තරම් කථා කීමෙහි ශූරයෙක්
සිංහල ග්රන්ථ කාරයන් අතර නොවීය. කථා කීමෙහි ශුරයකු වූ ධර්මසේන ස්ථවිරයන්ගේ
රීතිය ඇතැම් විට එකල ගම කථා කීම කලාවක් මෙන් පුරුදු කළ වෘද්ධ ගැමියන්
විසින් නිපදවන ලද රීතියට බෙහෙවින් සමාන වූවකි. (වික්‍රමසිංහ, 2011.පි.අ.
133) මෙසේ ගැමි ජීවිතය සහ, ගැමියාගේ මනස වටහා ගත් ධර්මසේන හිමියෝ
සාහිත්ය්ය නිර්මාණ තුළ බුදු රැව මවන ලද්දේ ගැමියන්ගේ අපේක්ෂාවේ
ස්වභාවයන් හදුනාගනිමිනි..
සම්භාව්‍ය සාහිත්‍ය කෘතියක් සේවනය කරන
පාඨකයා හෝ ශ්රාවකයා හැමවිටම ස්වකීය ධර්ම සහ ශාස්ත්‍රීය ඥානය ගොඩ නැංවා
ගැනීම, සිත ශ්‍රද්ධාවේ පිහිටුවා ගැනීම, ආකල්ප සංවර්ධනය, රසාස්වාදය,
කෘතියෙහි සම්පාදිත ධර්මෝපදේශ තුළින් ජීවිතාවබෝධය ලබා ගැනීම සහ භාව
විරේචනය යනාදී ගුණාංග කෘතිය තුළින් අපේක්ෂා කරනු ලබයි. නමුත් බුදු දහමේ
බලපෑම තුළින් බිහි වූ ඇතැම් සම්භාව්‍ය සාහිත්‍ය කෘති පරිශීලනය කිරීමෙන්
ඉහත අරමුණු සාධනය කර ගත හැකි නොහැකි වූයේ ඒවා ‘ධර්ම ප්‍රචාරණය’ නමැති පටු
රාමුව තුළ දැඩිව සිරගත වීම නිසාය. නමුත් සද්ධර්ම රත්නාවලිය ඒ සඳහා මූලාශ්‍ර
වූ පාලි ධම්ම පදට්ඨ කතාවෙන් මුළුමණින්ම ස්වාධීන වූ කෘතියක් විය. මෙම
ස්වාධීනත්වය කරා කතුවරයා පහසුවෙන් එළඹෙන්නේ තමා සතුව තිබූ සමාජ පරිඥානය සහ
ගැඹුරු පරිකල්පන ශක්තිය තුළිනි. උන්වහන්සේ බෞද්ධ දර්ශනය තුළ කාලයක් තිස්සේ
පැවත ආ පුවතක් වුව ස්වකීය නිර්මාණය තුළ ඒ ආකාරයෙන්ම නිරූපණය නොකරයි. ඒ
වෙනුවට සිදු කරන්නේ මෙතෙක් සමාජගතව තිබූ ප්‍රවෘතියක් තමාගේ
ව්‍යුත්පත්තියක් ලෙස උපයෝජනය කරමින් පරිකල්පනීය චරිතයක් හෝ සිදුවීමක්
අලුතින් ම කෘතිය තුළ මැවීමයි.
සද්ධර්ම රත්නාවලියෙහි එන සෑම
කතාවක්ම නිර්මාණය වී ඇත්තේ කිසියම් ධර්ම පණිවිඩයක් සමාජගත කිරීමේ මූලික
අභිලාෂය ඇතිවය. එම නිසා ධර්මදේශනා රීතිය උපයෝගී කරගන්නා ධර්මසේන හිමියෝ එහි
එන සෑම කතාවස්තුවකම ආරම්භයෙහි එකී කතාව ඉදිරිපත් කිරීමෙහි අභිලාශය සෘජුව
සඳහන් කරයි. ඒ අනුව සද්ධර්මරත්නාවලියෙහි එන බොහෝ කතන්දර ආරම්භ වන්නේ
සමස්ත කතාව පිළිබඳ පැහැදිලි අදහසකට පාඨකයාට හෝ ශ්රාවකයාට සෘජුව එළඹිය
හැකි පරිදි කථාවෙහි සාරය ඇතුළත් කොට ලියැවුණු කෙටි වාක්‍යයකින් හෝ දෙකකිනි.
‘තවද ඊර්ෂියාවෙහි නපුර දක්වන්නට එක්තරා ස්ත්‍රියකගේ වස්තුව දක්වමු..’ (
සරච්චන්ද්‍ර, විජිතානන්ද , 2014. පි.අ. 1018 ) . ‘ තව ද බණ අසා ඒ වූ
පරිද්දෙන් පිළිපදුත් මුත් නොපිළිපැදීමෙන් ප්‍රයෝජන නැති නියාව දක්වන්ට
ධර්මශ්රවණ වස්තුව කියමු.’ (සරච්චන්ද්‍ර, විජිතානන්ද , 2014. පි.අ. 563) . ඒ
අනුව ‘එක්තරා ස්ත්‍රියකගේ වස්තුවෙහි’ කතා සාරය වන්නේ ඊර්ෂ්‍යා සහගත වීමේ
ආනිසංසය බවත් ‘ධර්මශ්රවණ වස්තුවෙහි’ අන්තර්ගත වන්නේ ඇසූ බණ නොපිළිපැදීමේ
ඵලවිපාක බවත්, කතාව ආරම්භයෙහිදීම පාඨක ශ්‍රාවක දෙපිරිසට වැටහේ. ඔවුහු කතාව
තුළට අවතීර්ණ වන්නේ එහි අන්තර්ගතය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇතිවය.මෙහි සෑම
කතා වස්තුවක්ම ප්‍රධාන අවස්ථා තුනකින් යුක්තය. එනම් වර්තමාන කතාව, සමෝධානය
සහ උපදේශය යන කොටස් තුනයි. සෑම කතාවක්ම ආරම්භවන්නේ එම කතාව හා බැඳුණු අතීත
සිදුවීම ඉදිරිපත් කිරීමට හේතු වූ වර්තමාන සිදුවීමකිනි. ‘කාලි යකින්නගේ
වස්තුවෙහි’ දී වර්තමාන කතාවෙන් පසු එහි ප්රතිවිපාකය වශයෙන් ලද
පුනරුත්පත්ති ආත්මය සමෝධානය කරයි. නමුත් ‘අජගර පේත වස්තුවෙහි’ දී පිඹුරු
ප්‍රේතයා පිළිබද අතීත කතාව සමෝධානය වෙයි.මේ සෑම කතාවස්තුවකම අවසානයෙහි
කිසියම් උපදේශාත්මක වැකියක් සදහන් වෙයි. ජාතක කතාවෙහි මෙන් කතාවසානයෙහි දී
පූර්වාපර සන්ධි විග්‍රහයක් නොකරන අතර ‘උපදේශාත්මක වගන්තියක්’ සෑම
කතාවස්තුවකම අගට එකතු කරයි. ‘කාලියකින්නකගේ වස්තුව’ අවසන් වන්නේ ‘ සිත්
සතන් පිරිසිදු කළ මනා බැවින් බුදුන් කරා පැමිණෙන්නට ඒ බුදුන් පිරිනිවියත්
මේ සද්ධර්මරත්නාවලී බුදුන් කරා පැමිණ ආදීනව අසා දත් වෛර හැර අනුසස් ඇසූ
මෙත්සිත පිහිට ලොවී ලොවුතුරා සැපත් සිද්ධ කටයුතු...’ (සරච්චන්ද්‍ර,
විජිතානන්ද , 2014. පි.අ. 111) යනාදී වශයෙනි. ධර්මෝපදේශය පිණිස
ශික්ෂාකාමී සහ ජීවිතාවබෝධයෙන් යුත්ක යතිවරයකු විසින් විරචිත සාහිත්‍යමය
ග්රන්ථයක් තුළ බුදුවරයකු ට උරුම වූ ගැඹුරු ජීවන දැක්මක්, නුවණක් සහ ගැඹුරු
ජීවිත පරිඥානයක් අන්තර්ගත වේ. එබැවින් අප විසින් අදහනු ලබන ඒ අගනා ධර්මය
දේශනා කළ බුදුන් පිරිනිවන් පෑවද එම ධර්මයේ හරය අන්තර් ගත වූ
සද්ධර්මරත්නාවලී නම් කෘතිය බුදුවරයකු වඳින සැදැහැවතකුගේ බඳු භක්තියකින් සහ
ප්‍රඥාවකින් මනසින් වැඳ පුදාගන්නා ලෙස ‘කාලියකින්නගේ වස්තුව’ අවසානයෙහි
උන්වහන්සේ සඳහන් කර ඇත. බුදුන් වහන්සේ යන සුවිශේෂ චරිතය පිළිබඳව ස්වකීය
හදවතේ තමාට ආවේණිකවූ ආකාරයකට රූපයක් මවා ගැනීමට පාඨක ශ්‍රාවක දෙපිරිසට
අවස්ථාව ලබා දෙන ධර්මසේන හිමියෝ ඇතැම් කථාවස්තු ඉදිරිපත් කරන්නේ පෙර පුවත
පසු පුවතෙහි ව්‍යුත්පත්තියක් කර ගනිමිනි. ‘නාගසේන මහතෙරුන්වහන්සේගේ
වස්තුව’ ට පසුව එන ‘ථුල්ලතිස්ස තෙරුන්වහන්සේගේ කතාවස්තුව’ ආරම්භ වන්නේ මේ
ආකාරයෙනි. ‘තව ද යම් කෙනෙක් කීකරු නොවෙත් නම් කීකරු නොවීමෙහි දෝෂ මිළිඳු
රජ්ජුරුවන් එක් ජාතියක දමන්ට කියාලු කසල පසුව දමතත්, කළ නොකීකරුකම නිසා එවක
හැමඳ එක් කළ මුසුන් දඩු හරින් දැම්ම වූ නාගසේන මහතෙරුන් වහන්සේ දැක
ගුරුළුන් දැක නයින්ගේ ආනුභාව නැති වූ වා සේ ආනුභාව නැතිව මිළිඳු රජ්ජුරුවන්
බාගිය ගමනින්ම දැනෙතත් අනෙකුත් කතාන්තරයකින්ම ඊ ම දෝෂ දක්වනු පිණිස
ථුල්ලතිස්ස තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.’ (සරච්චන්ද්‍ර, විජිතානන්ද ,
2014. පි.අ. 95 ) සංසාරය තුළ මනුෂ්‍යයාගේ ආත්මය මෙන්ම සිදුවීම්ද පුනර් හට
ගැනීම් ඇති බවත් පෙර හටගත් හේතුවක ඵලය ලෙස මනුෂ්‍යයාගේ වර්තමානය තීරණාත්මක
විය හැකි බවත් මේ මගින් විෂධ කරයි. එය වඩාත් රසවත් කිරීම සදහා පන්සිය පනස්
ජාතක පොතෙහි එන ඇතැම් කථා වස්තූන් නිදර්ශන ලෙස භාවිතා කරයි. ‘කාලි
යකින්නගේ වස්තුවෙහි’ දී බුදුන් වහන්සේ පෙර අත් බැව් විමසන්නේ ජාතක කතා
තුළින් අත්කරගත් ස්මරණයන් සහ ව්‍යුත්පත්තීන් සමග කාලි යකින්නගේ වෛරයෙහි
ස්වභාවය ගලපමිනි. ‘ මේ තොපගේ වෛරයත් එන්දන ජාතකයෙහි කප මුළුල්ලෙහි නොසිඳී
පවත්නා කෝම්ගස් හා වලසුන්ගේ වෛරය මෙන් ද , උදක ජාතකයෙහි කපුටන් හා
බකමූණන්ගේ වෛරය මෙන් ද කප මුළුල්ලෙහි පැවත යන දෙයය.’ (සරච්චන්ද්‍ර,
විජිතානන්ද , 2014.පි.අ.108) මෙසේ නිදර්ශන සහ ආදර්ශ කතන්දර වලින් පිරුණු
කෘතියක් රසවත්ව සභාවකට ඉදිරිපත් කළ හැකිය. එමෙන්ම පෙර ඇසූ කතාවක් වර්තමානයේ
පරිශීලනය කරන කෘතියක් තුළින් අසන ප්රවෘතියකදී පුනර් ශ්‍රවණය කරන
ශ්රාවකයා පෙර ඇසූ පුවතෙහි වූ රසය වර්තමාන කතා රසය තුළටම රැගෙන විත් තමන්ගේ
ජීවිතය අරභයා තුලනාත්මක විමසුමක නිමග්න වේ.
බුද්ධඝෝෂ හිමියන්
විසින් පාලි ධම්මපදට්ඨ කතාව ඉදිරිපත් කරනු ලබන්නේ ආඛ්‍යාන රීතිය මගිනි.
එහි දී කිසියම් දෙයක් සිදු වූ බව මිස සිදු වූ ආකාරය නොදැක්වේ. ධම්මපදට්ඨ
කතාවේ එන ‘මට්ටකුණ්ඩලී වස්තුවෙහි ’ එන අදින්නපුබ්බක මසුරකු බව පවසන්නේ මේ
ආකාරයටය. ‘තසෙසක පුතෙතා අහොසි; පියො;මනාපො;අථසස පිලන්ධනං කාරෙතුකාමො ‘සචෙ
සුවණණකාරසසාවිකඛිසසාමි වෙතනං දාතබබං හචිසසතී’ ති සයමෙව සුවණ්ණ තොටෙටතවා
මටටානි කුණ්ඩලානි කතවා අදාසි. තෙනසස පුතෙතා මට්ටකුණ්ඩලීතෙවව පඤඤායිතථ (
ධම්මානන්ද හිමි, 1913, පි.අ .12-13) මෙහි පවසන්නේ අදින්න පුබ්බකු මසුරකු
බවත්, ඔහුගේ පුතා මට්ටකුණ්ඩලී බවත්ය. නමුත් ‘සද්ධර්මරත්නාවලී’ කතුවරයා
ගැමියන් ඉදිරිපිට රූපණය කරන්නේ අදින්න පුබ්බක නම් සිටුවරයාගේ මසුරු කම
තුළින් ‘මට්ටකුණ්ඩලී’ නම් සිටු පුත්‍රයා නිර්මාණය වූ ආකාරයයි. ‘උන්ගේ එක ම
පුතණු කෙනෙක් ඇත. ජීවිතය සේ ඉතා ප්රියයෝය. ඒ ප්‍රිය පුතණුවන්ට ආබරණයක්
කරවන්නට සිතා කෙළ ගණන් සම්පත් ඇති තැනැත්තෝ නුග ගස මහත් වුවත් නුග පලය කුඩා
වන්නා සේ සම්පත් මහත් වුවත් අදහස කුඩා බැවින් ආභරණ කරවන්නට බඩාල් කෙනෙකුන්
ගෙනාවොත් කර්මාන්ත කරවන තෙක් දවස් උන්ට බතුත් දිය යුතුය. එසේ කලට නැතක් වී
සාල් වියදම් වෙයි. නැවත කර්මාන්ත නිමවා දුන් කල මිලත් දිය යුතුය. දන්නා
නොදන්නා තමා ම කරන කලට වියදම් වන දෙයක් නැත්තේ වේදැයි තුමූම රත්තරන් හැරගෙන
අකුරු ලියන සේ නොදන්නා කෙනෙකුන් පත්වල ඉරි හඳනා සේ කුණ්ඩලාබරණ සේ තළාපියා
දුන්හ. ඒ කුණ්ඩලාභරණය උරුට්ටු ආදී සූක්ෂම කර්මාන්ත නැති හෙයින් මට සිලිටු
විය. එසේ හෙයින් කුමාරයන්ට මට්ටකුණ්ඩලී නම් තැබූහ.’(සරච්චන්ද්‍ර,
විජිතානන්ද , 2014. පි.අ. 55) අතීතයෙහි අදින්න පුබ්බක නම් සිටාණ කෙනෙකුන්
සහ මට්ටකුණ්ඩලී නම් සිටුදරුවාණ කෙනෙකුන් විසීයයි කීවොත් එය කිසියම්
සිදුවීමක් සිදුවූ බව කීමකි. එහි පවතින්නේ ප්රවෘත්ති වටිනාකමක් පමණි. නමුත්
ධර්මසේන හිමියෝ සිටුවරයාගේ මසුරුබවෙහි ස්වභාවයත්, ඉන් ඔහුගේ පුත්‍රයා
‘මට්ටකුණ්ඩලී’ නම් වූ සැටිත් මෙසේ නාට්‍යානුරූපීව නිරූපණය කරයි. ගැඹුරු
ජීවන දර්ශනයක් නොමැති එදිනෙදා පැවැත්ම තුළ සාමාන්‍ය මනුෂ්‍ය ධර්මතාවලට
මුහුණ දෙන ගැමියාට අවශ්‍ය වන්නේ කිසියම් සංසිද්ධියක් තුළින් මනුෂ්‍ය
ස්වභාවයක් නිර්මාණය වන්නේ කෙසේද යන අවබෝධයයි.
සද්ධර්ම රත්නාවලියෙහි
විශිෂ්ටත්වයට හේතු වන්නේ ගැමි යෙදුම් සහ නව්‍ය උපමා බහුල වූ කාව්‍යාත්මක
භාෂා භාවිතාවයි. පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේගේ වස්තුවෙහි දී උන්වහන්සේ ගේ
ශරීරයෙහි කුෂ්ඨ රෝගය පැතිර ගිය ආකාරය විස්තර වන්නේ පහත පරිදිය. ‘ කෙසේ
ඇති වී ද යත් - හබ සා විතර සීන් කස් ඇතිව ලා පසු ව මුං සා ව , පසුව මෑ ඇට
සාව, පසුව ඇඹුල සාව,පසුව බෙල් සාව,ලා පැසී ගොසින් පැළී සිල්වන්ට වන. සියල්
සිරුර වේයන් කෑ පරඩැල් පතක් මෙන් සිදුරු විසිදුරු විය. එවක් පටන් ඵූතිගත්ත
තිස්ස තෙරුන් වහන්සේ යයි ප්‍රසිද්ධ වූ සේක. පසුව දවස් ගණනකින් ඇටත් බිඳින.
බැලීමටත් අක්ෂම වූ සේක. හඳනා පොරෝනා සිවුරු පූයා හා ලේයෙන් වැකී පුස්කා ගිය
පැණි කැවුම් සේ විය. ශිෂ්‍ය වහන්දෑත් බැලිය නොහී අත්හල සේක. උන් වහන්සේ ද
කිසි පිහිටක් නැතිව මඤ්චපරායනව හොත් සේක.’ (සරච්චන්ද්‍ර, විජිතානන්ද, 2014.
පි.අ. 340 ) මෙසේ විරාම නැති දිගුවැකි සහ උච්ඡාරණයේ දී උත්ප්රාස රසය
ජනනය කරන සමාන ශබ්ද සහිත වැකි භාවිතා කිරීම නිසා දේශකයාට සියුම් රිද්මයක්
සහිතව විරාම ලක්ෂණ තබමින් කිසියම් ලාලිත්‍යයකින් යුක්තව ලගන්නා සුළු පරිදි
ශ්‍රාවක සමාජය වෙත කතාව ඉදිරිපත් කළ හැකිය. මුං සාව, ඇඹුල සාව, බෙල් සාව ,
වශයෙන් උත්ප්රාසය ජනනය වන ශබ්ද රටා සහ සිත් රූ මැවෙන උපමා භාවිතාව නිසා
පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේගේ ශරීරයෙහි හටගත් රෝගයෙහි ස්වභාවය පිළිබද කරන
විග්‍රහය ගැමි ශ්රාවකයා තුළ බුදු කෙනෙකු පිළිබඳව ඇති කරගත් චිත්ත රූපය
මුඛපරම්පරාගතව බෞද්ධාගමෙහි සාරය නඩත්තුකළ ගැමියන්ගේ සහ චීවරධාරින්ගේ
මායාමය ව්යාජෝක්තිවලින් බැහැරව ගැඹුරු ජිවන අවබෝධයක් බවට පරිවර්තනය වේ.
ධර්මසේන හිමියෝ උපමා ලෙස භාවිතා කරන්නේ ගැමියා ජන ජීවිතය තුළ සත්‍ය වශයෙන්
මුහුණ දෙන විවිධ භෞතික හෝ පාරිසරික වස්තූන්ය. පරසතු මල්, මකරා වැනි මායාමය
සාහිත්‍යමය භාවිතාවන්ට වලට වඩා මුං, බෙලි, නෙල්ලි,වැනි ගැමියාට
ව්‍යවහාරික ජීවිතය තුළ වඩාත් සමීප පාරිසරික වස්තූන් උපමා ලෙස භාවිතා කළ විට
නිර්මාණයේ වස්තුවිෂය ගැමියාට වඩාත් සමීප වේ. ‘අනෙක් සිංහල ගද්‍ය ග්රන්ථ
කාරයෝ පොතින් උපුටාගත් කතාවස්තු පොතින්ම උපුටාගත් උපමා උපමේය ආදීන්ගේ
සංකලනයෙන් වර්ණනා කළහ. ධර්මසේන හිමියෝ පොතින් උපුටා ගත් කථාවස්තු තමන්
අත්දුටු ජීවන ප්‍රවෘත්තීන් බහා විචිත්‍ර කරමින් වර්ණනා කළහ.’ (වික්‍රමසිංහ,
මාර්ටින්. 1954, 142 ).
සද්ධර්මරත්නාවලිය ධර්මෝපදේශ ග්රන්ථයක්,
සාහිත්‍ය ග්රන්ථයක් පමණක් නොව දඹදෙණි යුගයෙහි ආර්ථික සමාජ සංස්කෘතික සහ
දේශපාලනික වටපිටාව පිළිබඳ පැහැදිලි කැඩපතක් ද වෙයි. දඹදෙණි යුගයෙහි සිංහල
සමාජයෙහි පැවති විවාහ ක්‍රමය පිළිබද සංඥාර්ථයක් කාලි යකින්නගේ වස්තුවෙහි
දක්නට ලැබේ . එනම් විවාහක ස්ත්‍රියක දරුවන් ලැබීමෙහි අසමත් නම් අන්‍ය
ස්ත්‍රියක සරණ පාවා ගන්නට ස්වාමියාට පුළුවන. නූතන ලාංකීය සමාජයෙහි මෙන්ම
පුරාණ සිංහල සමාජ ක්‍රමය තුළද විවාහය සහ පවුල් ක්‍රමය දරුවන් ලබා ගැනීම යන
අරමුණ මත පදනම්ව පැවති අතර දරුවන් ලැබීමෙහි අසමත් ස්ත්‍රිය සමාජීය වශයෙන්
යම් අසරණ භාවයකට පත් වේ. සිය ස්වාමියා මත යැපෙන පරපෝෂීත සත්වයකු බවට පත්වන
ස්ත්‍රියකගේ මනෝභාවයන් දෙස බැලිය යුත්තේ කවරාකාරවද යන අදහස එමගින් සමාජගත
කරයි. එමෙන්ම මෙම කථාවස්තුවෙහි අපර භාගයෙහි දී විග්රහ කරනු ලබන කාලි
යකින්න පිළිබඳ කතන්දරයෙහි එවක ගැමි සමාජයෙහි වූ ඇතැම් අභිචාර විධි සහ
පිළිවෙත් ගැන ද සඳහන් වෙයි. සෝවාන් වූ පසු කාලියකින්නගෙන් කෘෂිකර්මාන්තය
සඳහා වැසි දිය සුලභ වේද නැද්ද ආදී තොරතුරු ගැමියන් විසින් අසා දැන ගන්නේ
ඇයට කැඳ සහ බත් දන් දීමෙනි. දොළ පිදේනි දීම යකුන් ඇදහීම, දෙවියන් වැඳීම ආදි
චාරිත්‍ර වාරිත්‍ර බෞද්ධ පුනරුදයක් තිබූ දඹදෙණි යුගයෙහි සිංහල ගැමි
සමාජයෙහි ද පැවති බව මින් පැහැදිලි වේ. දඹදෙණි යුගයේ දී කෘෂිකර්මාන්තය
ප්‍රධාන ජීවනෝපායක් වූ අතර දේවදත්ත වස්තුවෙහි එන අනුරුද්ධ කුමාරයාගේ
අතුරුකතාවෙහිදී ඒ යුගයෙහි කෘෂිකර්මාන්තය සිදු කළ ආකාරය පිලිබඳ ව
දැක්වෙන්නේ මෙපරිදිය. ‘ පළමු කොට කුඹුරු ගෙවඩිය යුතුය. ඉක්බිති බිම් නැගිය
යුතුය.පසුව දෙසී සෑව යුතුය. මියර කෙටිය යුතුය. තුන්සී සාන්ට යුතුය... (
සරච්චන්ද්‍ර, විජිතානන්ද , 2014. පි.අ. 179 ) වශයෙනි.
මේ අතරින්
දඹදෙණි යුගයෙහි ආර්ථික සමාජීය සහ දේශපාලන වටපිටාව පිළිබඳ වඩාත් පැහැදිලි
චිත්‍රයක් සේ දැක්විය හැක්කේ සුඛ සාමණේර වස්තුවයි. එහි රාජ්‍ය පාලකයාගේ
ස්වභාවය සහ සාමාන්‍ය වැසියාගේ ඉරණම පිළිබඳව තියුණු විශ්ලේෂණයක් සිදු කර
ඇති අතර පැවති සමාජ ක්‍රමය සෝපාහාසයෙන් විග්රහකිරීමක් ද දැකිය
හැකිය.‘සුඛසාමනේර වස්තුවෙහි දී ගන්ධක සිටාණන් බත් කන සැටි බලන්නට
සිතිවිල්ලක් පහලවන්නේ ජීවනෝපාය පිණිස දර පලා ගැලක ලාගෙන නුවරට පැමිණි
පිටිසර වැසියකුටය. මෙයින් දඹදෙණි යුගයෙහි සාමාන්‍ය වැසියාගේ ජීවනෝපාය ක්‍රම
පිළිබඳව යම් සඳහනක් තිබේ. එනම් ගොවිතැන මෙන්ම දර විකිණීම් ආදී
රැකියාවන්හිද එවක ගැමියා නියැළුණු බවයි. සාමාන්‍ය වැසියා සහ සිටුවරයා අතර
පවතින දැඩි ආර්ථික විෂමතාව නිරූපණය කරන්නේ දඹදෙණි යුගයට පමණක් නොව අදටත්
උචිතවන පරිදිය. ගන්ධක සිටාණන් බත්කන සැටි නරඹන සාමාන්‍ය වැසියා ඔහුගේ බත්
පිඬකට ලොබ වෙයි. මෙය වර්තමාන පාලකයන් සහ සාමාන්‍ය වැසියා අතර පවතින
සහසම්බන්ධයට හැම අතින්ම සමානය. මින් ගම්‍ය වන්නේ සෑම කලෙකම පාලකයා කන බොන
ක්රීඩාදියේ යෙදෙන සෑම අවස්ථාවක් ම මහජන සංදර්ශනයක්ව තිබූ බවත් පාලක
පන්තියෙහි පරිභෝජන රටාව සාමාන්‍ය වැසියාට සිහිනයක්ව තිබූ බවත්ය. කෙසේ
වුවත් අවසානයේ දර විකිණීමට නගරයට ආ සාමාන්‍ය වැසියා ගන්ධක සිටාණන්ට බත්
බැලයකු සේ වසර තුනක් සේවය කොට බත් පිඩක් ලැබීමේ වරම හිමිකරගනී. එය ද
ආශ්චර්යයක් බව සද්ධර්මරත්නාවලී කතුවරයා සදහන් කරන්නේ පාලක පන්තිය තවදුරටත්
හාස්‍යයට ලක්කරමිනි. ‘ බත් බැළයෝ ගන්ධක සිටාණන්ගේ ගෙට තුන් අවුරුද්දක්
බැළ මේ කොට බත් තළියක් ලද්ද. උන් බත් කන සැටි දකින්ට නුවර වැස්සන් ආව
මැනවැයි නුවර බෙර ලැවුය.බොහෝ දෙනත් මැස් මත්තේ මැසි ලාගෙන බලති. බැලු බැලු
තැන් වෙව්ලන්නා සේ විය.නළුවෝත් පිරිවරාගෙන සිටියහ.එක්දහස් අසූ දවස් කළ මෙහෙ
බලත් බත් තරමට එක දවසක නොකළා හා සරිය.බත් තළීයක් ගෙනවුත් ඉදිරියේ
තබාලුය.බත් කන්ට යයි අතසෝදන වෙලාවට ගඳමදන් පව්වේ නන්දමුලක නම් ලෙණ වසන පසේ
බුදු කෙනෙකුන් වහන්සේ නිරෝධ සාමප්තියට සමවැද සත්වන දවස් නිරෝධයෙන් නැගී ‘
අද සිඟා කොයි යෙමි දෝ හෝ යි බලන හෙයින් තමන් වහන්සේත් බැලුවා දුටුසේක..
(සරච්චන්ද්‍ර, විජිතානන්ද , 2014. පි.අ. 739 ) පාලකයන් විසින් සාමාන්‍ය
වැසියාගේ ශක්තිය මිරිකාගෙන ඔහුට සුළු වරප්‍රසාදයක් පවා පිරිනමන්නේ මහජන
සන්දර්ශනයක් ලෙසිනි. එදා දඹදෙණි යුගයෙහි දේශපාලනික සංස්කෘතියත් අද දවසත්
අතර එතරම් වෙනසක් නොපෙනේ. ගිහි වැසියා මෙසේ දරදිය ඇද ලද බත් පිඩ බුදින්නට
සූදානම් වන විට ආර්ථීක සාධකයට දායක නොවන මහණ කෙනෙකුන් ඊට බැලුම් ලයි.
දුගියා දේශපාලනික සහ ආර්ථික සංස්ථාවෙන් පීඩාවට පත්ව උපයන දෙය නොමිලයේ
පිළිගැනීමට බලය ලත් විරැකියාවැති චීවරධාරීන් කොටසක්ද සෑම කලෙකම සමාජයෙහි
වෙසෙති.. මින් කොටසක් ශාසන ග්රාහිව සිල්වත්ව වෙසෙති.අනෙක් කොටස අර්ධ
ගිහියන්ව වෙසෙති. වඩා සමබර මනසකින් සමාජය කියවීමට සමත් වන ධර්මසේන හිමියෝ
රාජ්‍ය
පාලකයන්ගේ නිවට ස්වරූපය තවදුරටත් සෝපාහාසයට නංවන්නේ මේ
ආකාරයෙනි. බත්බැලයා තුන් අවුරුදු බැළ මෙහෙවර කොට උපයා ගත් බත් පිඬ අවසානයේ
රහතන්වහන්සේට පිරිනමා පින් ලබා ගනී. එනිසා ඔහු රජුගේ මසු දහස නොපතයි. එය
සැළවූ රජු මසු දහස දී සාමාන්‍ය වැසියා ලබා ගත් පින මිලදී ගනියි.
වර්තමානයේද දේශපාලකයන් සිදු කරන්නේ අන්‍යයන්ගේ පින් මිලදී ගැනීම නොවේද? සුඛ
සාමණේර වස්තුවෙහි දෙවන භාගයෙහි එන සුබ කුමාරයන් සම්බන්ධ පුවතෙහි දී එකළ
පැවති ගැමි චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව සදහන් වේ. ‘ බත් කවන මගුල් ආදී
යෙහිත් ආදී ලෙසමනො එක් රස ඇති භෝජන ය සැරියුත් ස්වාමීන් මුල් වූ පන්සියයක්
දෙනා වහන්සේට දුන් සේක. (සරච්චන්ද්‍ර, විජිතානන්ද , 2014. පි.අ. 742) ‘
පුතණුවන් රජවෙස් ගන්වා සරහාලා මහපූජාවෙන් වෙහෙරට ගෙන ගොසින් මහණ කරවන්ට
මහතෙරුන් වහන්සේට පාවාදුන්හ. (සරච්චන්ද්‍ර, විජිතානන්ද , 2014. පි.අ. 743)
කුඩා දරුවකු සදහා සිදු කරන ඉඳුල් කට ගෑම, දරුවකු මහණ කරන විට පෙරහැරකින්
පන්සලට බාරදීම ආදී චාරිත්‍ර ඒ යුගය තුළද තිබුණු බව මින් පැහැදිලිවේ. සීවලි
තෙරුන්ගේ වස්තුව , වනවාසික තිස්ස සහ පණ්ඩක සාමණේර ආදී කතා පුවත්වල දී
දරුවන් උපන් වෙලේ දරුවන්ට නම් තබන දවසට නිවසට භික්ෂූන් වඩමවා දන්දීමේ
සිරිතක් පැවති බව පවසයි. එමෙන්ම දේවදත්ත වස්තුවෙහි එන අනුරුද්ධ කුමාරයාගේ
කතාවෙහි දී කැවුම් ආදී කැවිලි ආදියද පැරණි සිංහල සමාජයෙහි තිබූ බව
පැහැදිලිවේ. එමෙන්ම දඩයමින් ජීවත් වූ ගැමියා දානාදිය සදහා මස් මාංශ ආදිය
පවා පිළිගැන් වූ බව ‘චුන්ද සූකර වස්තුවෙන්’ පැහැදිලි වේ. කුණ්ඩලකේසිගේ
වස්තුව සහ පටාචාරා වස්තුව තුළින් එකල කාන්තාව ගේ ජීවන දෘෂ්ටිය සහ සංස්කෘතික
බැඳීම් පිළිබඳ විපර්යස්ථ කතිකාවකට මුලපුරන අතර සොර්යෙය වස්තුව තුළින්
ස්ත්‍රියක ලෙස සහ පුරුෂයකු ලෙස ජීවත් වන්නට සිදුවන සිටුවරයකුගේ පුවතක්
ගෙනඑයි. එය වර්තමානය තුළද විවාදයට බඳුන්වී ඇති සංක්‍රාන්තික ලිංගිකයන්
පිළිබඳව විමසුම් සහගත කතිකාවකි. එදා ගැහැනිය සහ අද දවසේ ගැහැනිය අතර තවමත්
නොවෙනස්ව පවත්නා චෙතසික ස්වභාවයන්, පිරිමියාගේ පොදු දුබලතා වැනි
සංස්කෘතියකට ආවේනික නොවන සාමාන්‍ය මනුෂ්‍ය දුර්වලතා වටහාගත් ධර්මසේන හිමියෝ
තමා සතු දුබලතා ජීවත් වීමේදී අවම කරගන්නේ කෙසේද යන කාරණය ගැන මනස මෙහෙයවීම
සඳහා සද්ධර්මරත්නාවලියෙහි සෑම කතා වස්තුවක්ම වෛරයෙහි ප්‍රතිවිපාක,
නොහික්මුණු සිතිවිල්ලෙහි ප්‍රතිවිපාක වැනි සාමාන්‍ය ජීවිතයෙහි සිදුවන
මනුෂ්‍ය දුබලතා කෙරෙහි මනස යොමු කරවන ලෙස සකස් කර ඇත. අප බුදුදහම වශයෙන්
වටහා ගන්නේ බෞද්ධාගම මූලික වූ සාහිත්‍යය තුළිනි. තමා ඇසුරු ඛළ සමාජයෙහි
පැවති මනුෂ්‍ය දුබලතා තුළින් නව දහමක් සම්පදනය කල ධර්මසේන හිමියන්ගේ බුදු
දහම මායාවෙන් බැහැර වූ ගැමි දිවිය දැඩිව ස්පර්ශ කළ සරල දහමකි. ඔහු විසින්
මවන ලද බුදුන් පිළිබද අනුරුව අතිශය සරල ගැමි කාය ස්වභාවයකින් සහ ශික්ෂණ
කාමී සහ විචිත්‍රවත් සමාජ පරිඥානයකින් හෙබි වූ පුරුෂයකුගේ ආනුභාව සහෘදයා
තුළ මතු කරයි. ආගමික නායකන් යනු සාමාන්‍ය ජනයාට සමීප විය නොහැකි අසාමාන්‍ය
රූපකායකින් යුක්ත විශාල අනුරූ ලෙස නිමවනු වෙනුවට උන්වහන්සේ සිදු කළ ගමෙහි
වෛද්‍ය කර්මය සිදු කළ තැනැත්තේ මෙන් ව්‍යාධිය හදුනා බෙහෙත් කළ යුතු පිළිවෙත
සමාජ ගත කිරීමයි.
- උපේක්ෂා නුවන්ශ්‍රීනි -
Anonymoushttp://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.com11tag:blogger.com,1999:blog-2935389719227384022.post-7708910442733399632017-02-04T21:15:00.002-08:002017-02-05T22:45:12.015-08:00ජීවිතයේ ඛේදනීය මොහොත අත්විඳීම හෙවත් චත්‍රක් (Mushrooms)
- CASTING - Paoli Dam / Sudip Mukherjee / Sumeet Thakur / Tomas Lemarquuis -
- SCREEN PLAY - Vimukthi Jayasundara
- LANGUAGE - Bengali
- IMAGE - Channa Deshapriya
- SOUND - Dana Farzanehpour , Franck Desmoulins , Roman Dymmy
- SET DECORATION - Arup Ghosh
- EDITING - Julie Bezieu
- MUSIC - Roman Dymny
‘කරදර දුක් ගැහැට නිසා එල්ලවන පීඩනයන් අපේ ජීවිත තලා පෙළා මිරිකා දමයි.අප එහි පත්ලටම කිඳී යන්නෙමු.එයින් අපේ ජීවිත මහ පොළවට සවි කෙරෙයි.එසේ වුවද සෑම යුගයකම බිහි වූ ප්‍රේම කාව්‍යයන්හි හි පිරිමියකුගේ සිරුරින් තැලී පෙලී පොඩිවී යන්නට ගැහැණිය ඉමහත් ආශාවෙන් බලා සිටින්නීය. කරදර දුක් කම් කටොළු වඩාත් දැඩි බවට පත් වෙත්ම අපේ ජීවිත සොබා දහමට සමීප වේ.වඩාත් යථාර්ථයට ළඟා වේ.වඩාත් සත්‍යයට ළඟාවේ.’
- මිලාන් කුන්දේරා ( Unbearable litheness of Bing )
නූතන දේශපාලන සහ සමාජ යාන්ත්‍රණය විසින් නිෂ්පාදනය කරන ලද අතිශය කඨෝර වූ දේහ ලක්ෂන සහිත සංස්කෘතික ශරීරයක් තුළ මනුෂ්‍යයාගේ ආත්මය තවදුරටත් පරිපූර්ණව නොවැඩේ.අසංතෘප්තික පරිණාමයකින් ජීවිතය හසුරුවන්නට සිදුවන වගකීම් විරහිත සමාජීය ක්‍රියාවලියක දී දී මනුෂ්‍යයා විසින් පරිපූර්ණත්වය පිළිබද විශ්වාසයතුළ තවදුරටත් එල්බ නොගනී. පැවැත්ම සහ ශුන්‍යත්වය අතර අන්තර් ක්‍රියාවලියක ජීවිතය සංක්‍රමණය වන විට මනුෂ්‍යයා විසින් ස්වකීය ජීවිතයේ පූර්ව සැලසුම් වලින් පරිපූර්ණවම අත් මිදෙයි.එතැන් සිට ඔහු විශ්වාසය තබන්නේ තමා එළැඹි ‘ මොහොත’ (Moments) කෙරෙහි පමණකි. ක්ෂණය (ඇසිල්ල) පිළිබඳ විශ්වාසය යනු ජීවිතය පවත්වාගැනීමේ අතිශය දළ උපකරණ කට්ටලයක් බව සැබෑවකි. නමුත් ජීවිතය යනු අනපේක්ෂිත අභාග්‍යක් බවට පත් වූ දෘඨ සමාජ ව්‍යුහයක් තුළ සාමාන්‍ය මනුෂ්යායගේ ජීවිතය යනු බිහිසුණු වනන්තරයක් තුළ ශුන්‍යත්වය සොයා ඇදෙන ඉන්ද්‍රජාලික චාරිකාවකි.එය මුළුමණින්ම පිරී තිබෙන්නේ අපැහැදිලි ගමනාන්තයක් පිළිබඳ නපුරු සිහින සහ අස්ථාවර හැඟීම්වලිනි. විමුක්ති ජයසුන්දරගේ ‘චත්‍රක්’ (Mushrooms) සිනමාපටය සදාතනික පුනරාගමනය පිළිබද නීට්ෂේ ස්වකීය මිතුරන් හා ගැටුණු සමාජ සහ මනෝවිද්‍යාත්මක තර්කයන් සිනමාත්මකව ස්පර්ශ කිරීමකි. වරක් සිදු වුණු යමක් මිහිපිට යළි ඒ ආකාරවම සිදුවෙතැයි සිතිය නොහැකිය. එබන්දක් යළි ඒ ආකාරවම සිදු වුවත් එය පූර්ව සිදු වීම බවට පත් වන්නේද නැත. ඒ අර්ථ කතන සහ විඝුහයන් මොහොත පිළිබඳ සංකල්පය සමග තවදුරටත් බැඳී තිබෙන නිසාය. පස්වන ලෝක යුද්ධය අද දවසේ ඒ ආකාරම සිදු වෙතැයි සිතන්න. නමුත් එය තවදුරටත් පස් වන ලෝක යුද්ධයම වන්නේ නැත.
එබැවින් වඩාත් වැදගත් වන්නේ ජීවන පුනරුක්ති පිළිබද සිහින බැහැර කොට දමා ජීවිතය පිළිබද වඩාත් අස්ථාවර අවස්ථාවලදී ස්ථිර ගිවිසුම්වලට නොඑළඹී එළැඹ ඇති වඩාත් ඛේදනීය ‘මොහොත’ පිළිබද තදබල විශ්වාසයකින් පසු වීමයි.
ගණ වනන්තරයක් තුළ ජීවිතයේ ප්‍රීතිය සොයන්නට හැක්කේ උමන්තකයකුට පමණකැයි සිතන සාමාන්ය්ය න්‍යාය තුළට පූර්ව රූපාවලිය තුළ දී අප ප්‍රෙව්ශවෙමින් සිටින්නෙමු. හේ තිරශ්චීන ස්වරූප ඇති මනුෂ්‍යෙයකි.ඔහුට සිනමාකෘතිය තුළ චරිතයක් හෝ නමක් නැත.ඔහු සංස්කෘතික සංකේතයක් නොවේ. එබැවින් හේ පාරිසරික කොටස් අමුවෙන් බුදින්නටත් ගස් මත්තේ සැතපෙන්නටත් රිසිසේ ශබ්ද නගා හිනැහෙන්නට තමාටම ආවේණික වූ සංකේතාත්මක අර්ථ විරහිත ශබ්ද මූලික භාෂාවකින් හඩ නගන්නට තරමට නිදහස්ය. (. Sumeet Thakur ) එය සතෙකුගේ නාදයට සමාන එහෙත් ආවේගයන් සහ සාමකාමි බව යන කේන්ද්රිතයන් එක්වරම සංස්පර්ශය කරන ධ්වනියකි.සැබැවින්ම මනුෂ්‍යයකුට ස්වභාදහම සමග අත්‍යයන්තයෙන්ම මේ තරමට තදාත්මීය වන්නට හැක්කේ කුමන ධර්මතාවක් යටතේද? එක්කෝ ඔහු කුඩා දරුවකු විය යුතුය. නැතහොත් පිස්සකු විය යුතුය. මේ ස්ථර දෙකෙහිදීම ඔහුට ස්වකීය ජීවිතය තුළ ව්‍යුහාත්මක දර්ශනයන් නොමැතිව ඉතා පහසුවෙන් පාරිසරික ඒකාත්මීයතාව අත්පත් කර ගත හැකිය.වේදනාවේ ගමනාන්තය වන්නේ ස්වභාවිකත්වය තුළ කිමිදීමයි. තව දුරටත් වේදනාව හඳුනාගනිමින් සිටින්නා වනාන්තරයේ දේශසීමාව ආරක්ෂා කරයි. ඔහු යුරෝපීය සොල්දාදුවෙකි.( Tomas Lemarquuis ) ඔහු මේ වන විට මනුෂ්‍යයන් සියයකගේ ජීවිත තීරණය කිරීමේ භ්‍රාන්තිය ආත්ම සංතෘප්තියක් බවට පරිවර්තනය කිරීමෙන් පීඩනයට පත් වන අතර ජීවත් වීමේ ‘මොහොත’ පිළිබඳ කාරණාවේදී ඔහුට එකී පීඩනය තවදුරටත් අවශ්‍ය වෙයි. ඝාතකයකුට වඩාත් නිහඩ මොහොතක් පසු කිරීම අතිශය දුෂ්කරය. ඔහුගේ පැවැත්ම පිළිබද සාධකය වන්නේ නොනවතින පීඩාව සහ ජීවන විඩාවයි.
සෑම සොල්දාදුවකුට මෙන්ම ඔහුට ද මනුෂ්‍යයන් අවශ්‍ය වන්නේ ජීවත් වීමට නොවේ.ඔවුහු මනුෂ්‍යයන් සොයන්නේ ඝාතනය කිරීමට මිස ජීවත්ය වීමට නොවේ..ඝාතකයාගේ සොයා යාම ජීවත් වන්නාගේ ශඹා යාමට වඩා වෙනස්ය. නමුත් හොඳින් එම පරස්පරතා ගැලපූ විට පවතින්නේද සුළු වෙනසකි. ඒ වෙනස තීරණය කරනු ලබන්නේ බිහිසුනු ‘මොහොත ගෙවා දැමීම පිළිබද කතිකාව සමගය.සොල්දාදුවා කැමති පණසුන් සිරුරු වීජ ගණිතමය සිහින සමීකරණක ඔබ්බාගෙන මානසික ලෝකයක වීරයකු වන්නටය. අප සෑම දෙනාම ඝන වනන්තර තුළ වීරයන් සොයන්නෝ වීමු. මෙසේ වීජ ගණිතමය රූපික සමීකරණයක් විසදන්නාක් මෙන් ජීවිත ගණන් කිරීම සහ තනි පුද්ගල තීන්දුවක් මත සිය දෙනෙකුගේ පැවැත්ම පිළිබද අවසන් තීරණය ලබා දීමේ අණ එක් මිනිසකු අතට පත් වීම මායාමය කතා කලාවේ වඩාත් අද්භූත ලක්ෂණයකැයි කෙනෙකු තර්ක කරන්නට පුළුවන. නමුත් ලෝකයේ විකාශනය දෙස අවධානය යොමු කරන විට සෑම සංස්කෘතිකමය හැරවුම් ලක්ෂයක්ම නිර්මාණය වී ඇත්තේ දෙතුන් දෙනෙකු විසින් සමස්ත මානව සමාජයක පැවැත්ම හෝ විනාශය පිළිබඳ මූලධර්ම නිර්මාණය කර ඇති නිසාය.මේ වනන්තරයේ වෙසෙන අනෙක් ප්‍රාණියා මෙන් තවමත් පූර්ණ උන්මත්තක භාවයකට එළ්බ නැති නිසා සොල්දාදුවාට තමන්ගේ ආත්ම ප්රකාශනයක් තවමත් ඉතිරි වී තිබේ. ඔහු අවසානයේ දරාගන්නට බැරි බොහෝ දෑ නිසල වැලි පොළොවේ වළක් හාරා ඒ මත මුහුණ හොවාගෙන මහ පොළවට මුමුණයි. මනුෂ්‍යයාගේ අරගලය සෑම විටම නිමාවන්නේ ස්බභාදහමේ රහසක් ව පොළවේ වැළලී යාමෙනි.ලොව සෑම ඛේදවාචකයකම රහස් අවසාන වශයෙන් දන්නේ මහපොළව පමණක්මය.
වේදනාව මුළුමණින්ම අවසන් කළ මිනිසා සහ වේදනාව අතර මැද මිනිසා යන දෙදෙනා වනන්තරයේ අරගලය තුළ විටක මුණ ගැසේ. ඇසිල්ලකදී ඔවුහු මුළුමණින්ම නිරුවත් වෙති. ඒ අධ්‍යාත්මික නිරුවත ගර්භාෂ මල්ලේ හෙවුණු කලල අවදියේ ජලජමය පාරිසරික අවධිය සිහිකරමින් ජලාශයක නිදහස් ස්නානයකට යොමු කරවයි. ඔවුන්ගේ ස්වභාවිකත්වයට සංස්කෘතික වන්දනාකරුවෝ බිය වෙති. එතැන් සිට උන්මත්තකයා ද උමතු භාවය සොයමින් යන සොල්දාදුවාද මොහොතකට මිතුරන් වෙති. නමුත් යළිත් සොල්දාදුවාට සංස්කෘතික ජීවිතය සිහිපත් වෙයි. දැන් ඔහුට අවශ්‍ය එකසිය එක්වන ගොදුරයි.නමුත් ස්වකීය ඛේදණීය මොහොත සැණින් වටහා ගන්නා උන්මන්තකයා ජීවිතය බේරා ගෙන වනයේ ගූඨත්වය තුළ ගිලෙන්නට තරම් ශූරවෙයි. මේ අතර තවත් මිනිසකුගේ සහ ගැහැණියකගේ ඉරණම වනාන්තරයේ ගූඨත්වය සමග බැදී මිනිසාගේ ආත්මය සමග බැඳෙමින් පවතී.
චිත්‍රපටයේ නමක් සහිත පළමුවැන්නා ඔහුය .ඔහු රාහුල් ය..(Sudip Mukherjee ) කල්කටාවේ වැසියකු වූ රාහුල් සිය වෘතීය සුදුසු කම් සපුරාගැනීමට ඩුබායි වෙත පැමිණේ. එහි විශාල කොන්ත්‍රාත් සමාගමක විශිෂ්ඨ ගෘහ නිර්මාණ ශිල්පියකු වන රාහුල් වඩා ප්‍රිය කළේ අහස සිඹින විශාල ගොඩ නැගිල්ලේ නිර්මාතෘවරයා
වීමටය. කුඩා මිලකට දුගීන්ගේ භූමිය පවරාගන්නා ව්‍යාපාරිකයෝ ස්වකීය සිහින සුවිසල් කොන්ක්‍රීට් මැදුරු බවට පරිවර්තනය කරද්දී ඒවායෙහි රටාව නිර්මාණය කළේ රාහුල්ය. නමුත් රාහුල්ට කල්කටාවේ මහා බැඳීමක් තිබිණි. ඇය පාඔලිය (Paoli Dam) .ඇය ප්‍රේමය තුළ රහුල් උදෙසාම බලා හිඳින්නීය. කෙනෙකු උදෙසා බලා හිඳීම , කැප කිරීම, ඇප වීම යන ක්‍රියාවලිය සංස්කෘතික වීමත් සමග
ගැහැණියකගේ ජීවන අපේක්ෂා බොහොමයක් බිඳී යයි. පා ඔලිගේ රංගනය සහ භූමිකාව වටහා ගැනීමට කාන්ස් සිනමා උළෙල සඳහා ඉදිරිපත් කළ සංස්කරණයෙන් තොර පිටපත නැරඹීම අත්‍යවශ්‍යය. ලිංගිකත්වය සහ ජීවිතය යනු රහසේ විඳිය යුතු සහ විවෘතව මතවාදයකට නැගීම පාපකාරී යයි සිතන සංස්කෘතික හරඹයන් හමුවේ මේ සා විසල් කාව්‍යමය රූපාවලියක් සංස්කරණයකට බඳුන් කිරීම මා දකින්නේ සාපරාධී ක්‍රියාවක් ලෙසිණි.
පාඔලී සැබැවින් ම රාහුල් වෙත බැඳී සිටියාය. ඔහු ඉදිරිපිට ඇය සිටියේ වඩාත් විනීත ස්ත්‍රියක ලෙසිනි. එකම සයනයේ දෙපසකට වී ඔවුහු සැබැවින්ම තමන් කවුරුන්දැයි සොයමින් නිසලව රාත්‍රීය පහන් කළහ.කුමන තත්වයක් යටතේ වුවද රහුල් ගේ සිතෙහි තවමත් පහ නොවුණු තැවීමක් තිබිණි. ඒ වනචාරී දිවියක් ගෙවන තමාට මගහැරුණු සොයුරා පිළිබද සාංකාවයි. ඉනික්බිති ඔවුහු සෙවීම පිළිබඳ අරගලයෙහි දීර්ඝව නිමග්න වෙති. පාඔලීගේ සපත්තිරෝෂණය හෙවත් ආදරය ගිලිහීමේ සාංකාව සහ ස්වභාවික ජීවිතය මගහැරීම (පුද්ගලයාට ආවේණික වනචාරීත්වය මුදා හරින්නට රික්තකයක් හසු නොවීම ) අභිමුවේ මනුෂ්‍යයා මුහුණ දෙන බිහිසුණු ඛේදවාචකය ඉස්මතුවන්නේ ඇය රස්තියාදුකාර තරුණයා සමග රමණය කරන දර්ශනයේදීය. එය හදවත කකියන දසුනකි.මන්ද අතිශය නිහඩ ලෙස ඛේදනීය දෛවයකට මුහුණ දෙන ඇගේ පීඩනය අවසානයේ පුපුරා යන්නේ අතිශය සානුකම්පිත ආකාරයටය. වීථියේ සරණ වනචාරියකැයි සිතන්නට හැකි කුස පිරවීම පිළිබද අරගලය ජීවිතයේ මුඛ්‍යාර්ථය කරගත් ජනේලයෙන් පනින කොලුවා සමග ඈ රමණයෙහි යෙදෙයි. (ඇනුබ්රට ඹසූ. මෙහි වඩාත්ම වේදනාබර තත්වය වන්නේ රමණයට පෙර කොළුවා විසින් උගේ ගාස්තුව ඇගෙන් උදුරා ගැනීමය. සිනමාපටය ක්රමාණුකූලව
ගලා ආ කාව්ය්යක් නම් එහි උත්ප්රාසය පැවතියේ එකී දර්ශනය තුළය. එය ඕනෑම මනුෂ්‍යයකුගේ හදවත තුළ දරුණු වේදනාවක් පමුණුවා තමා ගේ ඇතුළු හද ගර්භය දෙසට හිස හරවා බලන්නට පොළඹවයි.අවසානයේ මනුෂ්‍ය අවශ්‍යතා වෙනුවෙන් හැඟීම් මිලදී ගැනීමට සිදු වීම දක්වා දේශපාලන සහ සාමජීය ක්‍රි
වලිය කෘෘර වෙළඳපල ක්‍රමයක් කරා ගමන් කරන්නේ කෙතරම් බිහිසුණු ආකාරයකටද? පාඔලී ගෙ ජීවිතයේ ඛේදවාචය සිහිනයක් පරිදි විටක දිග හැරේ .ගෘහ නිර්මාණ ශිල්පියාට වනන්තරයේ දී සිදු වන්නේ ධනුද්ධර ළුූ මනමේ කුමාරයාට වන අත්වැරදීමමය. ඔහුට පාරිසරික සමාග්රහණය යන්න අත්හැරේ. ඔහු ඛනුවක් හිටවන විටක අනෙක බිම වැටේ. ඔහු තනන ගෘහය බිඳ වැටී අවසානයේ ඔහු වනගත වන්නේ උන්මත්තකයකු වශයෙනි. වනගත වීඹ ප්‍රකෘතිය තුළ සිදු කළ නොහැකිද? සත්‍ය වශයෙන්ම වඩාත් ස්වභාවික ළදරුවෝ සහ උන්මත්තකයෝය.. ඔවුහු තුළ සංස්කෘතික නිර්ණායක කිසිවක් ම නොමැත.
රාහුල් සිය වෘතිය ජීවිතය අරභයා ප්‍රෙමා්දයට පත් වෙයි. අහස සිඹින සිහිනවලට පෙම් බඳින ඔහු සිය සොයුරා සෙවීමේ කතාර්යාවලිය ද නොනවත්වයි. ස්වකීය පෙම්වතිය වූ පාඔලිද ඊට සහභාගී කරගනී. සැබැවින්ම අනෙකෙකු සෙවීම අසීරු කාර්යයක් බව රහල් අවසානය වන තෙක්ම වටහා නොගනී.ඔහු පිරිස් බලය යොදවා අවසානයේ තුරු මත නිදන ස්වභාදහම හා අත්‍යන්ත වූ ස්වකීය සොයුරා නිවසට කැරඳවා ගෙන එයි. නමුත් ප්‍රකෘතිය තුළට එළඹි මනුෂ්‍යයාට සංස්කෘතික ඇඳුම් ආයිත්තම් යනු වඩා අසීරු තත්වයකි.රහල් ගේ සොයුරා නාගරික රාමුව තුළ වඩාත් නොසන්සුන් තාවයට පත්වේ. එහි පැවැත්මට සරිලන කිසිදු මෙවලමක් ඔහු සතුව නැත.ඔහුට නමක් නැත. භාෂාවක් නැත.වචන නැත. ඔහු පුරුදු පුහුණු වූ සත්ව ශබ්දය මෙහි උපයෝජනය කළ නොහැක. හෙතෙම කොන්ක්‍රීට් රාමුවක වඩාත් අසරණ සත්වයකුගේ තත්වයට පත්වේ.
රාහුල්, පාඔලී මෙන්ම සෑම සංස්කෘතික ගැහැණියක සහ පිරිමියකු විසින් කටුව තුළට ඔලුව ඔබා ගත් ඉබ්බන් වැනිය. පාඔලි කටුවෙන් ඔලුව එළියට ගන්නේ ජීවිතය තවදුරටත් පවත්වාගන්නටය. නමුත් රහල්ගේ සොයුරා පූර්ණ ජීවිතය තුළම කටුව තුළින් හිස එළියට ඇද ගත් ඉබ්බෙකු වැන්න. මිනිසාට ප්‍රකෘතිය හිමි වන්නේ එක්කෝ ජීවිතයේ පරිච්චේදයක් විනාස කිරීමෙනි. නැත හොත් මරණයෙනි. රහුල්ගේ සොයුරා පරිච්චේදයක් මරා දමා ප්‍රාථමික මිනිසකු ලෙස දෙවන යුගයක් ආරම්භ කරයි. වනචාරියා යනු සෑම විටම අහිංසකයකි.
ඔහුට කිසිදු සමාජීය ආරෝපණයක් තුළ ජීවිතය අපේක්ෂා කළ නොහැකිය. ඔහු අහස සිඹින තුරු මුදුන් තුළින් මිස කොන්ක්‍රීට් බැමි සහ බලෙන් පැළැන්දූ සළු පිළි අතර ජීවිතය නොසොයයි. නිවස තුළ නිරුවතින් ඉන්නට, පෙර මෙන් හඩ නගා දුවන්නට ඔහුට අවකාශයක් නොවේ. අවසානයේ ඔහු විදුලි බිබුල ගලවා සිය දෑතින් පොඩි කරයි. රහල් තමා කටුව තුළ ඔබා ගත් හිස එළියට ගත යුතු බව තීරණය කරන මොහොතේ සොයුරා යළි ස්වභාවධර්මය වෙත බාර දී පැමිණෙයි.
ඇතැමෙකුට ආරෝපිත සංස්කෘතික දේහ ලක්ෂණ නැතිව හිස එළියට ගත් ඉබ්බන් සේ පවතින්නට බැරිය. ආරෝපිතයෙන් බැහැර වීම යන කාරණයේදී ඌහු දිවිනසා ගනිති. රාහුල් අහස සිඹින කොන්ක්‍රීඩ් ගොඩනැගිල්ලෙන් බිමට පනින්නේ ප්රාථමිකත්වය හෙවත් ස්වඛීය ප්‍රකෘතිය මුණ ගැසුණු අවස්ථාවේය. ඔහුද ස්වකීය සොයුරා වනගත ජීවිතය තුළ පළ කළ ශබ්දයට සමාන හඩක් නිකුත් කරයි. නමුත් රහුල්ට වනන්තරය ආගන්තුකය. සමහර මිනිසුන්ගේ පැවැත්ම මරණය විසින් සාධනීය කරයි.ඔහු පණ අදින මොහොතේ මෙතෙක් දෘඨ වැස්මක් තුළ හිස සගවා ගත් ඉබ්බකු රිසිසේ ඔලුව ඔසවා තමාගේ අනන්‍යතාවය සොයමින් පොළව සාරමින් ගමන් කරන දර්ශනය මනුෂ්‍යත්වයේ පැවැත්ම පිළිබඳ අරගලයේ අතිශය ඛේදනීය දසුනක් වෙයි. සිනමා පටය ආරම්භයේ දී ස්වකීය ආත්මීය රහස් පොළෝ ගර්භය තුළට මුදා හරින්නට දෑතින් පොළව හෑරූ සොල්දාදුවාත්, වනන්තරය තුලදී ජීවිතය තවදුරටත් තහවුරු කරගත් වනචාරියාත්, අවසානයේ සංස්කෘතික මිනියක් අසළ පොළව හාරන ඉබ්බාත් යනු එකෙකි. ඒ පරිණාමය සහ පැවැත්ම පිළිබඳ විශ්ව සත්‍යය මිස අනෙකක් නොවේ.
සිනමාපටය තුළ කිසිදු රංගන ශිල්පියකු රංගනයක නිරත නොවූ අතර සියළු දෙනා විසින් සිදු කරන ලද්දේ එළඹි මොහොතේ ඛේිදවාචකයට මුහුණ දීමයි. විශේෂයෙන්ම පාඔලී ඩෑම් සුවිශේෂීව දැනෙන අතර ඇය ස්වකීය භූමිකාව තුළ නිදහසේ හමන සුළගක් පරිදි ගමන් කරයි. සුළග එනු පිණිස චිත්‍රපටය තුළ පොහොසත් අමුද්‍රව්‍ය මිස ගැඹුරු නිෂ්පාදනයක් නොදුටු නමුදු චත්‍රක් සිනමාපටය තුළ විමුක්ති ජයසුන්දර ද ස්වකීය තීරණාත්මක මොහොත කවරේදැයි අවබෝධයකින් යුක්තව ට වඩාත් සාර්ථකව මුහුණ දේ. සිනමාපටයේ ප්‍රාණය බොහෝ විට රැදී තිබුණේ සුවිශේෂි කාව්‍යයක්කාරයකු අතය. හේ චන්න දේශප්‍රිය නම් විය. පැවැත්ම සඳහා භීතීය මූලික කරගත් මන්දගාමී සත්වයකු ස්වකීය ස්වභාවික නියාම ධර්ම සහමුලින්ම බිඳ දමා කටුව හැරදා මුළුමණින්ම නිරුවත්ව සහ වේගවත්ව ක්‍රියාත්මක වන ඉන්දුජාලික ඉබ්බෙකු මෙන් ඔහු මේ අඳුරු සහ බිහිසුණු මනුෂ්‍ය වනාන්තරයේ තවමත් ජීවිතය සොයා යන මේ අපූර්ව මිනිසුන් දෙස හිස යොමාගෙන මේ අපූරු ජීවිත විවරණය කවියක් බවට පත් කරයි.තවදුරටත් සිනමාව යනු පූර්ව සැලසුම් සහගත ක්රිවලියකැයි යන සිහිනය සහමුළින්ම ශුන්‍යත්වයට පත්වෙයි. බිම්මල යනු පාරිසරික ක්ෂතියකි (සිහිනයකි) එය දිය ලද විගස පිපී මොහොතින් වියැකී යයි. මනුෂ්‍යයා විසින් සිදු කළ යුත්තේ ස්වභාවික නියාම ධර්මයන්ට අසීරුම මොහොතේ අවනත වෙමින් දුෂ්කරම සහ ඛේදනීයම මොහොත කෙසේ හෝ තරණය කිරීමයි.
- උපේක්ෂා නුවන්ශ්‍රීනි -
Anonymoushttp://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.com5tag:blogger.com,1999:blog-2935389719227384022.post-79697316400839500432017-01-26T21:12:00.000-08:002017-01-26T21:12:03.802-08:00ශාස්ත්‍රීය ඖචිත්‍යයට හසුනොවන ජීවන ලාලසාව, ජොලිසීයා , ලලක්කා සහ අමරසිරි පීරිස්.
නිර්මාණයක් සර්වකාලීන වෙන්න බලපාන ප්‍රධානම දේ තමයි ඖචිත්‍යය. ඔචිත්‍යය කියන්නේ සාහිත්‍යයමය ඔචිත්‍යය වගේම වින්දන ඔචිත්‍යයත් හරිම වැදගත්. මම ඉන් අදහස් කරන්නේ අපි කතා කරන ප්රස්තුතය එක්ක වඩාත්ම තදාත්මීයව බැදෙන සමහර රටාවන් තියෙනවා. ගණිකාවන් සම්බන්ධව ලංකාව ඇතුළෙ ලියවුණු ගීත අපමණ තියෙනවා .ඒ අතරින් වඩාත්ම කතා බහට ලක්වුණ රන් බණ්ඩා සෙනෙවිරත්න විසින් රචනා කළ ලඳුනේ ගීතය සාහිත්‍ය වැදගත් කමකින් යුක්ත භාව පූර්ණ ගීතයක්. නමුත් ඇත්තටම ඒ ගීතය ඇහෙද්දි ගණිකාවකගෙ ආත්මය නියම විදිහට මට නම් එන්නෙ නැහැ. පොඩි හයික්ලාස් මැවීමක් එන්නේ..රචකයාට ගණිකාවගෙ ආත්මය තවදුරටත් දුර බවකුත් බොරු උපාසක කමක් මවන්න යන ව්‍යාජයකුත් මට දැනෙනවා.
අමරසිරි පීරිස්ගෙ පුරුදු පුහුණු කරපු ශාස්ත්‍රීය කටහඩත් එවන් ගැහැනියක් නිරූපණ්‍ය කරන්න සමත් වෙන්නෑ. මොකද වෘතිය ගායකයෙක් කියන පරමාර්ථයෙන්ම කටයුතු කරද්දි ඒ හඩ සමාජ කටහඩක් වෙන්නෙත් නැහැ. ඒ ගැහැනුන්ට අමරසිරි පීරිස් කොහොමත් දුරස්ථයි..ඇත්තටම ළදුනේ ගීතයට රූප රචනයක් නැත් නම් ගණිකාවක් මැවෙන්නෙම නැහැ. හැබැයි ජොලි සීයගෙ බජාර් එකේ ලලක්කා කියන සිංදුවට මම හරි ආසයි.ඒකෙ මෙලෝ සාහිත්‍යයක් නැහැ. ඒත් මාළුවා ටින් කරන්නෙ නැතිව ජලාසෙ ඉන්දැද්දි පෙන්වනවා වගේ හරිම පැහැදිලි රාමුවක ලලක්කාව ගේනවා. මුඩුක්කුවක ජීවත්වන පැටලිලි සහගත ජීවිත තියෙන ගැහැනියක් ක්රමාණුකූල සාහිත්‍යයකින් කවදාවත් නිරූපණය කරන්න බැහැ. ජොලි සීයගෙ කටහඩ හරි අව්‍යාජයිනේ.., ඒ සරල වචන පේලි දෙක කියන කොටම මට එකපාරටම ගුනසිංහ පුරයෙ රූපරාමුවක් මැවෙනවා...
බජාර් එකේ ලලක්කා
හිත හොද අක්කා
හුරුබුහුටියි කටකාරයි
ගෑනි ලලක්කා
ඔය පේළි එක්ක පුදුම විදිහට ඒ ගෑනිව මට නම් මැවිල පේනවා. ඇය නියෝජනය කරන සමාජය, සංස්කෘතිය, ආර්ථික වටපිටාව එක්ක ඇයව ආමන්ත්‍රණය කරද්දි ඒ කට හඩ ඇය එක්ක ගැටෙන කෙනෙක්ගෙ හඩක් වෙන්න ඕන. ගණිකාවක් පන්සලක් ඇතුළෙ දි දැකලා ඇය ගැන ලියන්න පුලුවන්ද? ඇයව දකින්න ඕන ෆීල්ඩ් එක ඇතුලෙ. ළඳුනෙ ගීතයෙ තීන්නෙ පන්සලේ මල්පුදන ගැහැනියකගෙන් ගණිකාවක් මවා ගැනීම. රචකයට ඇයව දැක්ක ගමන් පේන්නෙ ගනිකාවක් විදිහටනේ.. ඇගේ පැටිකිරියනේ සිහිපත් වෙන්නේ ..නමුත් මේ රචකයා නියම සංවර මානසිකත්වයකින් හිටියනම් මේ ගෑනිගෙ හිස්ට්‍රිය පන්සල ඇතුලෙ අමතක කරනවා. එහෙනම් ඔහු ඔය ගීතය ලියන්නැ. මල් පුදන දාහක් දෙනා අතරෙ ඇයවත් උපාසක අම්ම කෙනෙක් වශයෙන් දැකල අමතක කරනවා. ඒත් ඒක කරගන්න ඔහුට බැරිවෙලා. ඒ හන්දා ළදුනේ ගීතයෙ පරිකල්පනය ගැන මට තියෙන්නෙම වීථියේ ගෑනිය ගැන මවපු ව්‍යාජ ඩමියක් කියන අදහස තමයි.හරියට අර රත්නපුරේ බට්ටිට මාධ්‍යවලින් කලා වගේ වැඩක්.නිර්මිතයක්. සමාජ ජීවිත නිර්මාණයට නැගීමේදී නිර්මිත අසාර්ථක වන අවස්ථා තියෙනවා. පළමු දේ ඒ ගැහැනියගෙ යථාව අසන්නා තුළ සැණෙන් මවන්න පුලුවන් වෙන්න ඕන .ඒ වගේම ඒ සමාජ තලයෙ ඉන්න ගැහැනියකට ඇසුනු සැනෙන් අර්ථ පරිවර්තනයක් නොකර වටහ ගන්න තරම් සරල වෙන්න ඕන.
ඇත්තටම ජොලි සීයා හෙවත් චන්දුද සිල්වගෙ ගෙ හඩ වචන ආමන්ත්‍රන සේරම අර ගෑනි හැපෙන ගැටෙන සමාජයටම බැදිච්චා.. වින්දනය කියන එක ශ්‍රාස්ත්‍රීයවම කරන්න බැරි අවස්ථා තියෙනවා. ගණිකා වෘතියම නිදසුනකට ගන්න පුලුවන්. සදාචාර විවාහයට පිටින් බොහෝ පිරිමි පිට ගෑනු හොයන් යනවා වගේ ප්‍රමිතිය කියන රාමුව කඩල දාපු තැන්වලින් අපි යම් වින්දනයක් ලබනවා. මහාචාර්යවරු මොන දේ කීවත් මට නම් වීථියේ ස්ත්‍රිය හොදින්ම නිරූපණය කළ ගීතයක් තමයි ලලක්කා..සාමාන්‍ය මිනිහා සුනිල් පෙරේරා, ජෝතිපාල, ජොලිසීයා වගේ අයව වැළද ගන්න එක හේතුවක්
තමයි සැබෑ ජීවිතය කියන එක ප්‍රතිනිර්මාණයකින් තොරව ඔවුන් බලාපොරොත්තු වෙන එක.ඒ නිසා ප්රබුද්ධ - අප්රබුද්ධ භේදයකින් තොරව මේ නිර්මාණ දෙකොඨ්ඨාසයම යම් කලෙක බාර ගන්න සිද්ධ වෙනවා. නාහෙන් අඩන ප්‍රේම ගීත නෙවේ. අව්‍යාජ සමාජ කටහඩක් වශයෙන් තියෙන නිර්මාණ. ඒවායෙන් එන්නෙ සාහිත්‍යමය සෞන්දර්යයක් නෙමේ. නමුත් ජීවිතය මැවීම කියන කාරණාවෙදි ජනප්‍රියවාදී ගායකයො විසින් සිදු කරන්නෙ සුවිශාල කාර්ය භාරයක්..
- උපේක්ෂා නුවන්ශ්‍රීනි -
Anonymoushttp://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.com21tag:blogger.com,1999:blog-2935389719227384022.post-24046145079996595402017-01-25T19:38:00.002-08:002017-01-25T19:38:55.438-08:00ඇගේ නම ස්වර්ණාය
ස්වර්ණා මල්ලවාරච්චි මගේ හදවතට සමීප වන්නේ සාගර ජලය මදි හැඩුවා ඔබ
හන්දා නමැති සිනමාපටයෙනි. එය නරඹන විට මා සිටියේ ඉතා කුඩා අවදියේය..
සිනමා පටයේ බොහෝ තැන් හරි හැටියටනොතේරුණද මගේ පැහිච්ච මොළයට හීන් කෙලී ගේ
වේදනාව හොදටම තේරුණේය. ඇගේ සුන්දර රූපය මම මෙලොව වඩාත් ප්‍රිය කරන කාන්තා
රූපයයි. මුඛරි කට මෛන්ම ඒ අපූර්ව රංගන ප්‍රතිභාවද සැබැවින්ම මා මවිතයට පත්
කළේය.මගේ අම්මාද තුරුණු වියේදී රූපයෙන් අතිශය සුන්දර වූත් චතුර කටක්
තිබූ ද කාන්තාවකි. ඇයද ගිරවියක මෙන් කියළුීමේ සමර්ථ කම් තිබූ නිසා
සිනමාපටය නැරඹීමෙන් ඉනික්බිති මම ඇයට හීන් කෙළී යයි නම තැබුවෙමි. ඒ උක්ත
චරිතය විසින් මගේ හදවත මුළුමණින්ම ආක්‍රමණය කළ නිසාය.
සැබැවින්ම
සිංහල සිනමා පට නැරඹීම කෙරෙහි මා තුළ ඇල්මක් ඇති කළේ ස්වර්ණායයි මට
සිතේ.ඉන් පසු මම ඇගේ බොහෝ සිනමාපට නැරඹීමි.හංසවිලක්, දඩයම, බවදුක, බවකර්ම,
සත්සමුදුර , අයෝමා,සුද්දිලාගේ කතාව ආදී නිර්මාණ සමුච්චය අතරින් මම
අයෝමාට වඩාත් ප්‍රිය කළෙමි. ඇය සෑම විටම පණ දුන්නේ පීඩිත පංතියේ
කාන්තාවන්ගේ චරිතවලටය. මුදල් පසුපස හඹා නොගිය ඇය වෙළද වස්තුවක් සේ
වෙළෙන්දන්ට නොපෙනීම මට නම් පෙනෙන්නේ ජාතියේ භාග්‍යයක් පරිදිය. විකිණීමට
පහසු දෑ වාණිජ භාණ්ඩ මිස කලාකෘති නොවේ. එසේ නම් ස්වර්ණා තවමත් කලාකෘතියක
වටිනාකම තම පෞර්ෂය තුළ රඳවාගැනීමට තරම් සමත්ව ඇත්තීය.
ලංකාවේ කවර
කලකවත් මනුෂ්‍ය වටිනාකම් වලට නිසි අගැයීම් ලැබුණේ නැත.කලාවට ව්‍යාපාරිකයා
ආගමනය වන්නේ කවර කාරණාවක් නිසාදැයි යන්න මාර්ටින් වික්‍රමසිංහ යුගාන්තයේ
සවිමන් කබලාන ගේ චරිතය හරහා මැනවින් නිරූපණය කළේය. කබලාන ශූර වෙළෙන්දෙකි.
උක්දඩු මෙන් මිනිසුන්ගේ ශ්‍රමය සූරා පෙරා එහි අග්‍ර ඵලය ගැනීමට ඔහු දත්තේය.
ඔහු කිසිසේත්ම කලාකරුවෙක් හෝ කලාකෘතියක ඇති ඥානය උකහා ගත හැකි ජීවන
පරිඥානයක් හෝ ශීක්ෂණයක් ඇත්තෙක් නොවේ. නමුත් පොදු මනුෂ්‍යයා කියවීමට ඇති
ශූර ව්‍යාපාරික ඥානය නිසාම චිත්‍ර ප්‍රදර්ශන, ජායා රූප ප්‍රදර්ශන ආදියට යන
කබලාන නිර්මාණ ශිල්පියාගේ සිත කියවීමේ සාමාර්ත්යයෙන් කලාකෘතිය අරබයා
විශ්මිත උපකල්පන සමාජගත කළේය. ඉන් පසු ඉහළ සමාජය ඔහුව පිළිගනු ගනු
ලැබුවේ අතිශූර රසවන්තයකු පරිද්දෙනි.
වර්තමානයේ සිනමා නිෂ්පාදනයට එළඹෙන බොහෝ ව්‍යාපාරිකයෝ සවිමන් කබලානලාය. මේ ඇතැම් අයගේ ව්‍යාපාර සම්මා කම්මන්ත ද නොවෙති. මුදලේ කළු පැහැය මකා ගන්නට ඔවුහු කලාව පොරෝණයක්
කොට භාවිත කරති. ව්‍යාපාරික ඉලක්ක මිස කලාවෙහි අගය නොදත් ප්රජාවකට
ස්වර්ණා වැනි රංගන ශිල්පියන්ගේ වටිනාකමක් නොදැනේ. ස්වර්ණා නිරූපණය කළ පීඩිත
සහ පුපුරා යන කාන්තාව යනු ඔවුන්ගේ ඇතුළාන්තය සහ ජීවිතයේ ආරම්භක අවධීන්හි
වැරදුණු තැන් සිහිපත් කරවන මාරක ප්‍රහාර වැන්න..ඉතින් ඔවුන් ඇයට ඉස්මතු
වීමට ඉඩක් දෙතැයි සිතන්නට නොහැක.
ස්වකීය මෑණියන්ගේ මෙහෙවරට තැකීමක්
නැති සමාජයක් ගැන නරේන්ද්‍රාගේ සටහනක් දුටු සැණින් මට මතක් වූයේ අයෝමා
චිත්‍රපටයේ අවසානයයි.සිනමාපටය ගලා යන්නේ අයෝමා විසින් පුවත්පත් කලාවේදියකුට
නිර්මාණ ආරම්මණයක් උදෙසා සිදු කෙරෙන ජීවිත පාපොච්චාරණයක් ලෙසිනි. ඇයගේ
කතාවෙන් නවකතාවක් පබදන පුවත්පත් කලාවේදියා තමන්ගේ නිර්මාණය අවසන් කරන්නේ
අයෝමා චරිතය මිය යෑමට සලස්වමිනි. ඒ පුවත ඇසූ ජීවමාන අයෝමා අසන්නේ
මෙබන්දකි..ඇයි මහත්තයො මාව මැරුවෙ? ඒ තනි වාක්‍ය තුළ සිනමාපටය විසින් සමස්ත
ධාවන කාලය තුළම නොකී සුවිශාල කතාවක් තිබේ.
ඉතිහාසය මෙන්ම සියළු
නිර්මාණ ද, කතන්දර ද කාගේ හෝ මානසික සමාජීය සහ සංස්කෘතික අවශ්‍යතාවක් මත
සංස්කරණය වූත් සත්‍යට පිටු පාන ලද්දාවූත් නිර්මාණාත්මක ප්‍රකාශන පමණක්වේ .
නමුත් සත්‍යය යනු කතන්දරයෙන් ,ගීතයෙන්, රාමුවෙන් සහ තිරයෙන් පිටත සැබෑ
ජීවිතයයි..ස්වර්ණා නම් රංගවේදිනියට වඩා වර්තමානයේ දකින ස්වර්ණා නම් ඒ
සුන්දර ගැහැණියට මම වඩාත් පෙම් කරමි.පළමුවර ඇය මට මුණ ගැසුණේ පසුගිය
ජනාධිපතිවරණයේ මැතිවරණ රාජකාරී අතරතුරදීය. බොරැල්ල සුසමයවර්ධන විද්‍යාලයේ
පැවති ජන්දමධ්යස්ථානයට පැමිණි ඇය ඒ කුඩා මොහොත තුළ අප සියලු දෙනාගේ හදවත්
තුළ පුදුමාකාර සුන්දරත්වයක් ඉතිරි කළාය. ඇගේ නිහතමානීත්වයෙන් මම අතිශය
පුදුම වීමි.
සුන්දර දිගු වරලස මේ වන විට අහිමි වී තිබුණද හීන් කෙළීගේ
නිවී ගිය දෑසත් දැල්වෙන දෙතොලත් තවමත් ඈ ළග ඉතිරි වී තිබිණ .මම ඈ දෙස බලා
සිටියේ මහත් ආදරයෙනි. ඇය පදික වේදිකාවේ රුපියල් දහයට විකිණෙන මොනාලිසා
කෙනෙකු බවට බවට කිසි දිනක පත් නොවූවාය. සරදාකාශයේ තාරකාවක් නොවූ ඇය සැමදා
පයට පෑගෙන ගැහැනිය වෙනුවෙන් සිංහල සිනමාවේ නොමැකෙන සළකුණක් තැබුවාය.
සත්තකින්ම..ඇගේ නම ස්වර්ණාය..!!!!
-උපේක්ෂා නුවන්ශ්‍රීනි -
Anonymoushttp://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.com8tag:blogger.com,1999:blog-2935389719227384022.post-46936199784321686732017-01-22T19:24:00.002-08:002017-01-22T19:24:55.413-08:00තාත්තේ මම ඔබේ දියණියයි
ඊයේ රාත්‍රිය පුරහම මම අතීතය තුළ මනසින් සැරිසැරුවෙමි.මා මෙසේ මනසින්
අතීතය තුළ අතරමං වන්නේ ජීවිතය කඩඉමක් කොට දකින අවස්ථාවලදීය. මිය ගිය ද
මනුෂ්‍යයන් අතර වූ අමරණීය බැඳීම් කිසිදා නොලිහෙන බව මගේ විශ්වාසයයි. අදටත්
මම මගේ හදවත මුළුමණින්ම විවර කොට තාත්තාගේ ආත්මය ඉදිරියේ තබමි. ජීවිතයේ
බොහෝ දුෂ්කර අවස්ථා මා ජයග්‍රහණය කළේ එසේය.මගේ හදවත බොහෝ විට නතර වන්නේ මා
වයස අවුරුදු අටක් පමණ කුඩා දැරියක ව උන් කාලයේය. එවක අපි පදිංචිව හුන්
තාත්තාගේ මහ ගෙදර තරමක් ඉඩ කඩ ඇති නිදහස් අවකාශයක් තිබූ නිවහනක් විය. එහි
බිත්ති අල්මාරියක් පුරවා විවිධ වාර ප්‍රකාශන , රැසියානු පරිවර්තන ආදියපුරවා
තිබිණ. අපගේ ගෘහ ජීවිතය කලහකාරී නොවූ සාමකාමී වටපිටාවක ගෙවී ගියෙන්
නිදහස් දවස්වල මමත්, අම්මාත් තාත්තාත් රසවත් පොතක් තුළ හුදකලා වීමු.
එකිනෙකාට ගරුකරන්නට කලාව අගයන්ට මම සැබැවින්ම උගත්තේ තාත්තා ගෙනි.
එකළ එළැඹෙන සති අන්තය යනු මගේ සිහිනයකි. දහම් පාසල් යෑම නිවන් මගට පාරක් නොවන බව දැන හුන් තාත්තා මට කිසිදා ඒවාට බල නොකලේය.
උඹට නිවැරදි විදිහට පේන පාර තමයි උඹේ විමුක්තිය කෙල්ලේ..
ජීවිතය පිළිබඳ ඔහුගේ දර්ශනය එබන්දක් විය. බොහෝ සති අන්තයන්හි තාත්තාගේ
සුන්දර යහලුවෝ අප ගේ නිවසට ආහ. ආලින්දයේ වූ වේවැල් පුටු රවුමකට තබා ඔවුහු
බොහෝ දේ කතා කළහ. එකී සංවාද සාහිත්‍යය රසයෙන් පිරුණු අතිශය සුන්දර එ්වා
විය. කුඩා දැරියක වුවද මම ඒ කතා අසන්නට ප්‍රිය කළෙමි.මන්ද ඔවුහුද එදවස
කතා කලේ වැඩිහිටියන්ට පමණක් සීමා වූ ඒවා නොවුණු බැවිනි..තාත්තා කිසි දා
කිසිවක් හඹා නොගියේය. නාට්‍ය කාරයකු , ලේඛකයකු වශයෙන් බොහෝ දුර ගමනක් යන්නට
හැකියාව තිබියදීත් ඔහු රස විදීම තම හදවතට පමණක් සීමා කලේය. මා පැටි වියේදී
අප නිවසට මෙසේ පැමිණි ඔහුගේ යහලුවන්ගෙන් එක් අයකුගේ පුත්‍රයකු මගේ
සීනියර් බැචෙකු වී විශ්වවිද්‍යාල ජීවිතය තුළ දී හමු වීමද ආශ්චර්යයකි. ඔහු
අද කැළණිය සරසවියේ සමාජ විද්‍යා කතිකාචාර්යවරයකු වන සුධීර ජයවීරය. තමන්ගේ
දූ පුතුන් ඔවුහු මෙන්ම සාහිත්‍ය කාමීන්ව එකිනෙකා හා අවබෝධයෙන් මිතු දමක
වෙලෙන්නට ඕනෑ බව සිහිනයක්ව පැවති බවත් අද එය සැබෑවක් වීම ගැන තමා සතුටු වන
බවත් සුධීර අයියාගේ පියා මගේ තාත්තාගේ අවමංගල සභාවේ ප්‍රකාශ කරන තෙක්ම මගේ
සීනියර් යහලුවා මා පැටිවියේ නිවසට ආ පියාගේ මිතුරකුගේ ප්‍රත්‍රයකු බව නොදැන
සිටියෙමි.
තාත්තාගෙන් මා උගත් හොදම පාඩම අත්හැරීමේ සහ ආදරය කිරීම
පිළිබද ගැඹුරු දර්ශනයයි. ඔහු වැඩි කතා බහකින් තොර හොද පෞර්ෂයකින් යුතු
සුන්දර මිනිසකු විය. කතා කළ යුත්තේ කුමක්ද නැත්තේ කුමක්ද යන්න ඔහු හොදින්
දැන සිටියේය. ගැහැනු ළමයා පිළිබද පොදු සමාජ සම්මතය තුළ කූඩු කරන්නට
ඔහු කිසි කලෙක ප්‍රිය නොකලේය.
උඹේ සීමාව පේන්නෙ උඹේ ඇහැටයි. අනුන්
ලකුණු කරන රවුමක උඹ දුවන්න ගියොත් හෙම්බත් වේවි පුතේ..අළුත උපන් වහු පැටවු
බලාපන්.. දෙපාරක් හිතන්නැ..කකුල් පණ ආව ගමන් දුවල යනවා.. තමන්ගෙ ජීවිතේ
තමන්ගෙ. ජීවත් වෙද්දි හරි යන තැන් තියෙයි තවත් සමහර වෙලාවට වරදියි.. ඒ හැම
දේම කවදහරි උඹ තනියම බාර ගන්න ඕන..ඒක තමයි ජීවිතේ..
සිද්ධාන්ත ලෙස
පාඨශාලීයව ඉගන ගත් බොහෝ දෑ අමතක වුවත් තාත්තා උගැන්වූ ජීවිතය පිළිබද
මූලධර්ම කිසි කලෙක මට අමතක නොවුණේය. කිසිවක් හඹා නොගියෙන් තාත්තා මහා
කලාකරුවකු වූයේ නැත. සාමාන්‍ය මිනිසකු ලෙස වුවත් ගම්මුන්ගේ ආදරය මැද අවසන්
ගමන් ගියේය.. ඔහු ගේ මිතුරන් අතරින් කීර්තිමත් මිනිසකු ලෙස දුර ගමනක් යාමට
වරම් ලද්දේ තාත්තාගේ ජේෂ්‍යට පාසල් මිත්‍රයකු වූ තිස්ස අංකල් ය. ඔහු
පසුකලෙක මට මුණ ගැසෙන්නේ ජ්‍යේෂ්ට මහාචාර්ය තිස්ස කාරියවසම් ලෙසය.මා
සරසවියට ආ පළමු දින නවක අභිනන්දන වැඩ සටහනට සිටි ප්‍රධාන දේශකයා ඔහුය .
එදින අපේ අම්මා තාත්තා ට මෙසේ කීවේය..
තිස්සට පොඩ්ඩක් කෙල්ලව
අදුන්වල දෙන්නකෝ.. එතකොට එයා ටිකක් මෙයා ගැන බලයිනේ..ජනසන්නිවේදනය වගේ
විෂයක් මෙයා කරන්නත් ආසයිනේ.. ටිකක් බලයිනේ..
අම්මාගේ වචන යනු මගේ කේන්තිය අවුස්සන ඒවා බව තාත්තා දනී.ඔහු ඉතා නිවුණු පිළිතුරක් අම්මාට දුන්නේය..
කාගේවත් බැල්ම වැටෙන්න මගේ කෙල්ල ආතුරයෙක් නෙමේ. එයා ව අනෙක් මිනිස්සු
අදුනගන්න ඕන කිසියම් අනන්‍යතාවක් ඇතුළෙ. කවද හරි එයා ඒක තනියම කරගනීවි.
අපි ඔය වැඩසටහනට යන්න ඕන නැහැ. දැන් එයාට එයාගෙ ජීවිතේ බාර දීල අපි මෙතනින්
යමු..
අම්මාගේ හීනය වූයේ තිස්ස අංකල්ගේ බැල්ම ඇතිව මා
ජනසන්නිවේදන පොරක් වීමය. ඒ නිසාම මම මුළුමණින්ම වෙනස් විෂයක් වූ ආර්ථික
විද්‍යාව උපාධිය සඳහා තෝරා ගත්තෙමි. එය අම්මාගේ චිත්ත ප්‍රීතිය මුළුමණින්ම
විනාස කළ තීරණයක් වුවද තාත්තා ඉන් උද්දාමයට පත් වූ බව මම දනිමි. මුග්ධකමද
මනුෂ්‍යයකු අවශ්‍ය වෙලාවට භාවිත කළ යුතු එක්තරා උපක්‍රමයක් බව ඔහු මට
උගන්වා තිබිණි. නමුත් සාහිත්‍යය උළෙලවල් වලදී තිස්ස නම් ගුරුවරයාගේ
ප්‍රශංසාවට ලක්වන්නටද මම භාග්‍යවත් වීමි.නමුත් ඔහු මිය යනතෙක්ම මා කාගේ
කවුදැයි නොදැන සිටියේය. නමුත් ඒ මොහොතවල් වල ගුරු ගෝලයන් ලෙස ගොඩනගා ගත්
අනන්‍යතාවය අප අතර වෙනත් අමරණිය බන්ධනයක් ඇති කළේය. ඉතිහාසය එක් තැනකදී
කඩා දැමිය යුතුය යන්න තාත්තාගේ මතය විය.
පුතේ ඉතිහාසය කියන්නෙ රටා
දමාපු පැදුරක් වගේ. පැදුරක් වියද්දි කොන් කපල දානවා. අපි පැදුරක් වියන්නෙ
මොකටද? බිම ඉදගන්නෙ ඇයි.කාටවත් යටත් වෙන අනුගත වෙන වෙලාවට පස්ස තියාගන්න
කොන් කපල හදන පැදුරක් ඉතිහාසය. කවදාවත් ඉතිහාසයට වන්දනා කරන්න එපා. හැම
වෙලාවෙම ජීවිතේ ඒ මොහොත උපරිම විඳින්න.. ඔයාට දැනෙන හැටියට..
ජීවිතය තුළ අන්ත අසරණවූ බොහෝ දවස්වල මම තාත්තාගේ හදවත ඉදිරියේ මගේ සිතිවිලි
විදාරණය කළෙමි. ආදරය ශාපයක් වී බොහෝ දෑ අත් හරින්නට තීරණය කළ මොහොතේ මා
මගේ ජීවිතය සකස් කළ යුතු ආකාරය සැලසුම් කලේ එසේය. කිසි ආකාරයකට ජීවිතය
වරද්දාගත නොගත යුතුයයි සිතූ මම අධ්‍යාපනය සහ නිර්මාණාත්මක ක්‍රියාවලියක්
තුළට දායක වී සුන්දර ගමනක් යා යුතු බව මටම සපථ කරගත්තෙමි. වේදනා දුක් අනන්ත
ආවද මට ඒවා නොදැනුනේය. තාත්තාගේ ආත්මය මා අත් නොහැරම සිටියේය.ඒ ආ ගමනේ
අද වන විට මටම සතුටු වන්නට බොහො දෑ තිබේ. මා පශ්චාත් උපාධියකට අඩිතාලම්
දැම්මේ වේදනා බර යුගයකය. එහි පළමු අදියරට සාර්ථකව මුහුණ දී දැන් අවසාන
භාගයට එළඹ සිටිමි. මේ වන විට වේදනා සහ තැවුල් මා හැර ගොසින්ය. තාත්තා මෙන්ම
වටිනාකම් සහිත මිනිසුන්ගේ ආදරය ඇසුර ලබන්නට තරම් මම වාසනාවන්ත වී සිටිමි.
ඔහු කී බොහෝ දේ ඇත්තය.
මවගේපෙකණියෙහිම ඇලී සිටියේ නම් අපි තවමත්
බිළින්දෝය. පෙකණියෙන් බිලිදෙකු වෙන් කරන්නාක් පරිදි අපි අපේ අතීතයෙන්ද
මුළුමණින්ම ගැලවී වර්තමානය යනු කුමක්දැයි තනිවම සොයා ගත යුතුය.වර්තමානය
නිවැරදිව හදුනාගත් තැන අනාගතය පිළිබදව එළඹ් සාංකාවද හිරු දුටු පිණි මෙන්
සැණෙන් වියැකී යයි.සැබැවින්ම ජීවිතය යනු සුන්දර වස්තුවකි. නමුත් අප ආදරය
කළ යුත්තේ ආදරයෙහි විටනාකම දන්නා අයකුටය.සුදුස්සාට සුදුසු දේ ප්‍රධානය
කීරීමෙහිත්, අනෙකාට සබදතාවයකදී ගෞරවය කිරීමේත් පාඩම අපට අපේ ජීවිතය යළි ලබා
දෙන ආශ්ර්යමත් ප්‍රබවයෝ වෙත්..සැබැවින්ම මම යළි ආලෝකය දකිමින් සිටිමි.
මන්ද,
තාත්තේ.. මම ඔබේ දියණියයි...!!!
- උපේක්ෂා නුවන්ශ්‍රීනි -
Anonymoushttp://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.com8tag:blogger.com,1999:blog-2935389719227384022.post-38973801353823564192017-01-20T22:32:00.000-08:002017-01-20T22:32:20.716-08:00වැඩතහනම් වෙච්ච උන් පෙන්ෂනුත් ගන්න මාර රටක් ඕයි මේක!!!
අමමප මේක මාර රටකි. මේකට අම්මට සිරි ලංකාවයයි කියන්නෙත් නිකමට නෙවේය.
මට ඉස්සර සමහර තැන් තේරුම් ගැනීමේ වාක්‍යමය ගැටලු අම්බානකට තිබිණි. මම ඉතිං
ඒවා තේරුං ගත්තේ ගෙස් කිරීමෙනි. ඇත්තටම එහෙම හිතපු එවුවායෙන් සමහර එවුවා
හරි ගියේය. සමහර එවුවා වැරදුණේය. ඉස්සර පත්තරේ ගිය ඇඩ් බලලා සනීපාරක්ෂක
තුවා කියන්නේ සනීපෙට මූණ පිහිදාන ජාතියක් වෙන්ට ඇතැයි සිතීමි. නමුත් ඒකෙ
සනීපය දැනුණේ පස්සෙං පහුය. මට අනෙක් ගැටලුව ආවේ මංගල යෝජනා කියෝන කොටය. පහේ
පන්තියේ ඉදන්ම මම එවුවා කියවීමෙන් මාර මෙව්වා එකක් ලැබීමි. ටොයෝටා කොරොල්ලා
එක ගැන වාක්‍ය දහයක් කියා අවසානයේ මනමාලයා ගැන එක වාක්‍යයකින් කියන මංගල
යෝජනා මට කටපාඩමේ තිබිණ. මම ඉස්සර හිතුවේ ඒ වාහන සේල් කරන එක ක්‍රමයක්
කියාය. ඒත් වාහනය විස්තර කර ඉන් පස්සේ වරදට සමාව දෙනවාය කියා සඳහන් කළාම මම
හිතුවේ ඒ වාහනේ ගත්තට පසු සිදුවන එන්ජින් දෝස ආදී සේරම අපිම දරා ගන්න ඕන
කියාය.ඒ පොඩි කාලේය. ලොකු වුණාට පස්සේ මට ඔවුවා ඔය තරමටවත් තේරුං ගන්න බැරි
වී අඤ්ඤකොරොස්ම වී ගියේය.
කොහොම වුණත් ඔය මොක ගැන මක්කා හිතුවත්
රජයේ නීති රෙගුලාසි ගැන උසාවිය වගේ එවුවා ගැන හීනියට බයක් නං තිබුණේය.
ශිෂ්‍යත්වෙ පන්ති තීන දවස්වල හවස්වෙලා එන කොට උසාවියේ පේර ගස් වලින්
ගෙඩියක් දෙකක් හොරාට කඩාපු එක ඇත්තය.කඩේකින් අරං කනවාට වඩා එහෙම කන එකේ
ඇත්තටම රහක් තීනවාය. ඒත් අපි එවුවා කෑවෙ ගෙදර ගෙනත් හෝදලා කරලාය. කෝක වෙතත්
ඒ වගේ දවසට පස්සෙන් පහුවෙනිදා අපි ආයෙ ඒ පැත්තෙ යන්නෙවත් නැත. ඒ තරමට
බයය. බය වුණත් පුරුද්ද නවත්තාගන්නටත් බැරිය. අපි උසාවියේ පාර අයිනේ ගස්
වලින් ගෙඩි කඩද්දී උසාවියේ ලොකු තැන තමන්ගෙ කාමරය ඇතුළේම අනුන්ගේ ගස්වලින්
ගෙඩි කඩාගෙන නොසෝදාම කන පුවතක් පහු ගිය කාලයේ ඇහෙන්නට වුණේය. කොයි තරම්
බඩජාරී වුණත් ඔය වගේ කෑම නම් අපි කන්න බයය. ඉතින් මේ උත්තමයා මාර පොරක්ය
කියා හිතපු අපි ඒ උත්තමයා ගැන හෙවුවේ කුතුහලය නිසාමය. මක්නිසාද යත් මේ
කාපු කෑමේ කැත දැනුණු හන්දාම ටිකක් හොම්බ පොවා බැලුවේ අමුතු සතෙක් හන්දාමය.
හත්වලාමයකි. අමුත්ත ඇත්තේ සතාගේ පමණක් නොවේ. මේක මේ සමස්ත ක්‍රමය පිළිබද
අවුලකි.
සාමාන්‍යයෙන් මගේ ඥාන පද්ධතියේ සංජානනේට අනුව වැඩ තහනම් වුණ
එකෙක්ට ආයේ රස්සාවක් හොයා ගැනීම සිහිනයකි. සාමාන්‍යයෙන් සිකුරිටි රස්සාවක්
වගේ පොඩි පහේ එකක්වත් මා දන්නා තරමින් දෙන්නේ නැත. නමුත් මේ බුවා රක්ෂණ
සංස්ථාවේ මුදල් වංචාවක් කොට රටේ නීති පද්ධතියේ ඉහළම තනතුරක් වූ විනිසුරු
පදවියක් ලැබුවේය. එකපාරටම දිව්‍ය ලෝකෙ ගියාම වෙන්නේ මොනව කන්නද මොනව
නොකන්නද කියා හිතා ගන්නට බැරිවීමය. මෙයාට වුණේත් ඒකය .අන්තිමේ මුන්නාන්සේ
අතින් ස්ත්‍රී දූෂණ දෙකක් සිද්ධ වුණේය. මෙයා බීල වැඩිවෙලා වමනෙ දාද්දි
පිට අතගාන්න අර දියවන්නාවේ ජොකා පිටින් තැටි ගැහූ විනිසුරු අයියා හැම
කලකදීම තනියට හිටියේය. ඉතින් ඒ සරණින් බඩුකාරනාන්සේ
පුරුදු සෙල්ලම
එහෙමම් කරගෙන යද්දි සියලු දෙනා නිදා සිටියෝය. නමුත් රටේ වාසනාවට කොන්ද පණ
ඇති පත්තර කාරයෙක් හිටියේය. ඒකා පිස්සු බල්ලා සේ මේකා පසුපස පැන්නුවේය.
අවසානයේ බඩුකාර තැන ස්ත්‍රී දූෂණ චෝදනා දෙකට සහ වැඩ තහනම් වීම සගවා
විනිසුරු පදවියට පත්වීම යන චෝදනා තුනටම වැරදි කරු විය. ඉන් ඔහුට ලැබුනේද
මාර ඉන්ටරෙස්ටින් දඩුවම්ය.
01. පඩියෙන් අර්ධයක් ලැබෙන සේ වැඩ තහනම් කිරීම.
02. සේවා කාලයෙන් පසු සාමාන්‍ය සේවකයෙක් සේ විශ්‍රාම ගැන්වීම.
දැන් මේ මුළු සිද්ධියේම අතිශය මොංගල් ස්වභාවයක් ඔබට පේනවා ඇතිය. වසර
පහළවකට පමණ හිරේ ඉන්න ඕන එකා වැඩත් තහනම් වී ඒ මදිවට සනීපෙට පෙන්සනුත්
ගැනීම ඇත්තටම මාරය. ඒක මාස්ශුද්ධි දවසේ නාන්නේ නැති ගෑණියක් එක්ක ඉන්න
එක වගේම අවුල්ය. අපට නම් හිතන්නවත් බැරි තරම්ය. ඒත් ඉතින් මෙව්වා මේ සිරි
ලංකාවේ ඇත්තටම සිද්ධ වුණේය.හැබැයි ඉතින් කොට්ටෝරුවාට කෙළ වෙන්නේ
කෙහෙල් ගහට කොටන්නට ගිය දාටය. කෙහෙල් ගහ තෙතමනේට කූල් පිට හැදෙන ගහක් වුණාට
කොට්ටෝරුවන්ගේ හොටවල් ඒකෙ පැටලෙන්නේ හිතාගන්න බැරි විදිහටය. ස්වභාදහමේ
නිර්මාණ අසිරිමත්ය කියන්නේ ඕන්න ඕකටය.
ඉතිං අවසානේ මේ බඩුකාර
උන්නාන්සේගේ වැඩ කිඩ ටික රිදී තිරයටත් නැගුණේය. එය සිංහල සිනමාවේ දිශානතිය ද
වෙනස් කළ චිත්‍රපටයක් වූ අතර දිට්ඨධම්මවේදනීය කර්මය පළිසන් දෙමින් තමාම
වැලලූ කුණ අනුන් ලවා හාරවන්නට බල කරන්නට අර පොරට සිතෙන්නේය. ඉතින් එයා
තමාගේ මෙව්ව එකට මෙව්ව වෙන බව පවසා වාරණ නියෝගයක් ඉල්ලා චිත්‍රපටය සති
දෙකකට වාරණය කරනවාය. අවසානයේ මේ සෙල්ලම් වැරදී චිත්‍රපටය ප්‍රදර්ශනය වෙනවා
විතරක් නොව ඊයේ පැවති (19) නඩු වාරයේ තත්වය අනුව සියළුම වාරණ නියෝගද
අවසන් වී අදාල නිර්මාන කරුවන්ට සිදුකළ අපහාසය වෙනුවෙන් උන්දෑ යළි නඩුවක
සිරගතව ඇත්තේය.දැන් බඩුකාරයාට එරෙහිව සිනමාකරුවා සහ වාරණ නියෝගයට මුහුණ පෑ
සෙසු හත්දෙනාගෙන් නඩුවක් වැටී ඇත. ඒ ව්‍යාජ නඩුවක් මගින් ඇති කළ අලාභය සහ
මානසික පීඩාව අරභයාය. මන්ද බඩුකාර උන්නාන්සේගේ නීතිඥවරයගේ තර්කය වූයේ ඔහු
විනය පරීක්ෂණයෙන් නිර්දෝෂී වූවෙකු බවත්, මෙය කිසියම් රූපවාහිනී වැඩසටහනක්
බලා සකස් කළ අපහාසාත්මක සිනමාපටයක් බවතය. නමුත් ඔහු විනය පරීක්ෂණයෙන්
නිර්දෝෂී බවට කිසිදු ලියවිල්ලක් ඉදිරිපත් නොවූ අතර කටවචනයක් මත වාරණය
සිදුවූයේ සිනමාපටය ප්‍රදර්ශනයට සියළු කටයුතු සූදානම් කර මුහුරත් උළෙලද
පැවැත්වූ දිනට පසු දිනය.(එනම් 2016 ඔක්තෝබර් 06 වෙනිදාය). එපමණක් නොව
උසාවියේ නඩුකාර උන්නාන්සේ තැබූ වගන්තිවලට උඩින් පහලින් ව්‍යාජව එවුවා
මෙවුවා ඔබන්නටද බඩුකාර උන්නාන්සේ සමත් වෙනවාය.කෙසේ වෙතත් නාකි අශ්පයාට
දුවන්න බැරි බවට මේ වන ඔප්පු වෙමින් පවතිද්දී ඔහුට නඩුව සංශෝධනය කරගන්නට
ආසාවක් ඇති වී ඇත. කෝමත් වැරදි පේන කොට කොයි කොයි එවුවාත් සංශෝදනය වෙන එක
නං හොදය.අපටත් ඕනෑ මේ කේස් එකේ මුල පටන්ම පැවත ආවැරදි ටික සංශෝදනය
කරන්නටය. කෙසේ වෙතත් බඩුතුමාගේ නඩුවට උත්තරයක් දී ඉන් පසු චූදිතයන් විසින්
බඩුතුමාට එරෙහිව හරස් නඩුවක් ගොණුකර තිබේ.ඒ ව්‍යාජ නඩුවක් මගින්
තිරගතවීමට තිබූ සිනමාපටයක් වාරණය කිරීමෙන් තමන්ට සිදු කළ ආර්ථික සහ
මානසිකපාඩු සලකා බැලීමෙනි. . ඒ අනුව ඔහු ඇමිටි ලයිට් සිනමාශාලාවට පමණක්
රු.මි. 1001ක වන්දියක් ගෙවිය යුතුයි.ඒ වගේම චූදිතයන්ට 1 ට 500 ගුණයක
නඩු ගාස්තු ගෙවීමටත් ඔහුට සිදු වෙනවා
ඇති..................................වත් නැති අතිශය දුර්වල නඩුවක්
වීමත්, විනිසුරුවරයන්ගේ වැරදි සදහා වෙනම අභියාචනාධිකරණයක් ලංකාවේ පැවතුනාද
කියන එක ගැනත් ඉදිරියේදී හිතල බලන්න වෙනවා.කෙසේ වෙතත් මේ නඩුවේ සැබෑ අරමුණ
වන්නේ මහ නඩුවේ පටන්ම තිබූ මොංගල් ස්වභාවය කාට කාටත් අවබෝධ කරවීමයි.
ඉස්සර කාලේ මට වාක්‍යමය ගැටලු ඇති වූ තැන් කිහිපයක් මුලින් කීමි. එයින්
තව එකක් කියා අවසන් කරමි. ඉස්සර ඉල්ලං කනවාය කියන එක ගැන මං හිතුවේ දන්සල්
දවසට පෝලිම්වල ගොස් කන එකට කියාය. ඒත් ඒකත් මහ අසමජ්ජාති මෙව්වා එකක් බව
ඔප්පු කලේ බඩුකාර උත්තමයාමය. කෝම වුණත් මේකෙන් පස්සෙන් පහුං අනුන්ගේ ගහක
ගෙඩියක් බිම වැටිලා දැක්කත් හෝදලාවත් නොකන්න ඕනැය කියන එක කවුරු කවුරුත්
හිතට ගන්ට ඕනැමය.මොකද ඔය ගෙඩි කියන එවුවා කෑවොත් කෑවාමය. ආයේ දිරවීමක්
අවසානයක් ඇත්තේම නැත.ඒත් ඉතිං ගෙදරින් කාලා බැරිම නම් කීයක් හරි වියදම් කර
වේලක් දෙකක් කඩෙන් කෑවත් කමක් නැත. ඒත් තියෙන කුම්මැහි කමට දහපාලොස්
දාහක් වියදම් කරන්න වෙන වැඩේ රුපියල් දෙසීයෙන් කරන්නට ගිය කළ අන්තිමේ සිද්ධ
වුණේ ඔන්න ඕකය. අපේ අත්තම්මලා හැමදාම කියන කතාවක් තීනවාය. ඒ කන්න බොන්න
නම් කවදාවත් ලෝබ වෙන්න එපා කියන එකය.
- උපේක්ෂා නුවන්ශ්‍රීනි -
Anonymoushttp://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.com10tag:blogger.com,1999:blog-2935389719227384022.post-4262694396060064842017-01-20T01:36:00.003-08:002017-01-20T02:05:43.434-08:00මගේ චිත්තරපටි අධ්‍යක්ෂිකා හීනය සහ උගේ ෆෝන් කොන්වසේෂන්
ඌ - තෝ මක්කඩ කරන්නේ ?
මම - හදිසියෙම චිත්තරපටි අධ්‍යක්ෂිකාවක් වෙන්ට හිතුණු හන්දා නවය පන්තියෙ ඉතිහාස පොතක් පෙරළුවා යකු..
ඌ - ඉතිං.. ඉතිහාස පොත මක්කටැයි ඒකට
මම - ඕකෙන් කොණක් හොයා ගත්තැකි චිත්තරපටියකට .මං බැලුවෙ එළාරගෙ පුතා කරත්තෙට වහුපැටිය යට කරල මරපු එකෙන් හදන්න ගවසජ්ජායන තන්ත්රය වගේ අපබ්‍රංස නමක් හෙම දාල හොදට නැගල යන ෆුල් ඔප් ඇක්සොන් මූවි එකක්...
ඌ - ඒ කෙ චිත්තරපටියක් කරන්න තරම් දෙයක් තීනවද බම්. ෆිල්ම් එකක් වුණාම අඩුම තරමේ පැය දෙකක්වත් තීන්න එපාය.ඕකෙ විනාඩි දහයක් වත් දුවන්න දෙයක් තීනවද යකු?
මම - ඔය ඉතිහාස කතා කොරන වුන් කොරන්නෙ යමක් තිබිලද යකු. කරත්තෙට යට වෙද්දි හරක පිඹින එකම මාර දෙයක්නේ..අපේ උන් කැමතියිනේ හරක් පිඹින එවුවට..
දැන් මේමයි ඕක ටිකක් ප්‍රසාරණය කරල ගන්ටෝනේ. ප්‍රධාන චරිතෙ එළදෙන නේ. ප්‍රධාන චරිතෙට හොද කේප්ප වැස්සියක් තෝර ගන්නවා මුලින්ම.මේ කාලෙ ඒක ඒ තරම්ම අමාරු වෙන්නැ.. ඊට පස්සෙ ඒකිට මැච් වෙන්න සෙසු නලු නිළියො තෝර ගන්නවා..වැස්සි වහුපැටිය කාලෙ ඉවර වෙලා සිංදුවක් එක්කම මල්වර වෙනවා. ඊට පස්සෙ සනුහරේ ක්‍රියාත්මක වෙලා වැස්සිට වස්සො ප්‍රපෝසල් කරන තැනිම් නාමාවලිය ඉවර වෙලා ෆිල්ම් එක පටන් ගන්නවා.. ගොඩක් මංගල යෝජනා චකබ්ලාස් වෙලා අවසානෙ එක හරකෙක් සෙට් වෙනවා..ඊට පස්සෙ ගව ජෝඩුව තණ කොල පිට්ටනියෙ හනිමූන් යනවා..අතර මැදදි සින්දු දෙකක් දානවා..ශාස්ත්‍රිය එවුවා ( දැන් ශාස්ත්‍රිය වාණිජ චිත්තරපටි තීනවානේ අර කුස පබා වගේ ආං ඒම එවුවා)
ගවයාණනි හෘද මන්දිරේ සෙලවේවී ස්වර්ණ වර්ණ දේහෛ්
ගව නාරී නුඹ මගේ දේවී //
තෘණ පිටියෙන් එහා බැන්ද ප්‍රේමේ//
විකසිත වෙන්න මේ හඳ පානේ
උම්බෑ ස්වරෙන්ම මුමුණා
පවසන්න ඔබගේ මන ප්‍රෙමී //
ඔන්න ඔය වගේ පද ටිකක් ..තේරුමක් තීන්නම ඕන නැහැ ගසල් වගේ ඇදල කියද්දි වචන තේරෙන්නැ..ප්‍රසිද්ධ ශාස්ත්‍රිය බුවෙක් දාල කිවුවම නොතේරුණත් මිනිස්සු හිතන්න ගන්නවා ඕකෙ යමක් ඇතැයි කියලා..
ඌ - හත්වලාමෙ ඊට පස්සෙ
මම - ඊට පස්සෙ වැස්සි ගැබ්බර වෙනවා. ෆ්‍රී ප්‍රෙග්නන්සි ෂූට් එකක් දැම්මම ටිකක් කාලෙ යවන්න පුලුවන් ..ඔය මල් පිපිච්ච පදුරු අස්සෙ වැස්සි කරක් ගහනවා..දොළ දුකට තණ පැළෑටි හොයන වස්සා වගේ හෘදයංගම ෂොට් දෙක තුනක් දාපුවම උපාසකම්මල ඉබේම ෆිල්ම් එක බලන්න එනවා..ඒ වගේම වස්සයි වැස්සියි බැදල ඉන්න පිටියෙ ඉණිවැටේ කුරුල්ලො එලවන්න ගහන කොඩ් වෙනුවට බෞද්ධ කොඩි ගහන්න ඕනැ.එතකොට මේ ප්‍රවෘතිය දිහා ලංකාවෙ ඉන්න අම්මටසිරි ප්‍රෙක්ෂකයො බලන්නෙ වෙනමම අමුතුම ඇහැකින්.. හරි..දැන් ඊගාව ටික.. ඊට පස්සෙ පැටියා උපදිනවා.වස්සයි වැස්සියි අතරෙ ඔය පොඩි පොඩි ගැටලුත් ඇති වෙනවා. ඉතින් පැටියා පොඩ්ඩක් ලොකු වෙලා දවසක් පාරෙ ඇවිදින්න යද්දි එළාරගෙ පුතාගෙ කරත්තෙට අහුවෙනවා..පැටිය මැරෙනවා..එළාර තීරණය කරනවා පුතාවත් ඒ මම මරන්න .. ආං ඒමයි වෙන්නෙ..
ඌ- අන්තිම ටික ටිකක් ඉක්මන් වැඩියි වගේ. පාලුනේ..
මම - නෑ නෑ මේමනෙ වෙන්නේ.. පැටියව මරන තැනයි එළාරගෙ පුතාව මරන තැනයි දර්ශන දෙක අතරවාරයට මේම එකක් වෙනවා. හොද අලුත් සිවුරු ඇඳපු හාමුදුරු පන්සීයක් විතර තැන තැන වාඩි වෙලා පිරිත් ගායනා කරන දර්ශන පෙලක් දානවා. පැටිය මරද්දි පැය බාගයක් පිරිත් කියනවා ..පුතා මරද්දි විනාඩි හතළිස් පහක් පිරිත්..ඕම බලද්දි පිල්ම් එක පැය හතරක් වගේ තියෙයි..
ඌ --උටා ..මරුනෙ ඕයි!!!
- උපේක්ෂා නුවන්ශ්‍රීනි -Anonymoushttp://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.com9tag:blogger.com,1999:blog-2935389719227384022.post-65330139472919727592017-01-12T01:13:00.000-08:002017-01-12T01:13:20.612-08:00තාත්තාගේ කපුටු කූඩුවේ පුත්‍රයා දැමූ කොවුල් බිත්තරය ‘ආලෝකො උදපාදී ῝
ග්‍රන්ථාරූඨ ඉතිහාසය ගවේෂනය කිරීම යනු සැබැවින්ම නිර්ර්ථක ප්රයත්නයකි.
එයට හේතුව වන්නේ අතට පහසුවෙන් හසුවන තන, තට්ටම් ආදිය පිරිමදින බසයේ ජැක්
ගසන්නා මෙන් රජවරුන්, සෙනෙවියන්, රූබර බිසවුන්, සහ නම් දැරූ කවටයන් සහ
සල්ලාල සෙනෙවියන් ආදී කුමන හෝ සමාජීය ඉස්මතු වීමක් ලද්දා වූ පිරිස්
හැරුණු විට, දේශපාලනික පසුබ්මි කතන්දර වල සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතවලට නියමිත
අගය නොලැබෙන බැවිණි.
අනෙක් අතට පුරාවිද්‍යාඥයා සතු කාර්ය භාරය සිනමා කරුවා
විසින් බාරගත් විට සිදුවන්නේ කුමක්ද? රජවරුන්ගේ නටබුන් ගොඩ ගැනීම
සාමාන්‍යයෙන් සිදු කරන්නේ රජවරුන් පිනවීම සඳහාය. විනෝද චාරිකාවක් අතරතුර දී
පවතින ආණ්ඩුවට කීයක් හෝ ගෙවා වැඩවසම් වාදී නෂ්ටාව ශේෂ නරඹන සාමාන්‍ය
වැසියා ඉන් ස්වකීය ඇතුළාන්තයෙන්ම ප්‍රීති වෙතැයි යන්න සිතිය
නොහැකිය. ඉතිහාසය කැණීම යන කාරණය කලාකරුවා සිදු කළ යුත්තේ අන්යාකාරවය.
නමුත් පසුගිය කාලයේ නරඹන්ඓනට ලැබුණු තිහාසික කතා පදනම් කරගත් එකදු සිනමා
නිර්මාණයක් හෝ සම්මත රාමුවෙන් මදක් හෝ බැහැර නොවිණි. පසුගිය කාලයේ රජ කතා
රැල්ලක් තිබී යන්තම් එය නිවී යන විට යළිත් ඒ ගැන කතා කරන්නට සිදු වූයේ
ළඟදීම තිරගත වීමට නියමිත චත්‍ර වීරමන්ගේ ῝ ආලොකෝ උදපාදී ῝ චිත්‍රපටය
නිසාය.
‘සිනමා පටය῞යෙහි මුඛ්‍ය තේමාව වන්නේ වළගම්බා රාජ්‍ය පාලන සමයයි.
ක්‍රි. පූ. 103 දී සිංහාසනාරූඨ වූ වළගම්බා රජු රෝහණ දේශයේ "තිස්ස (තීය)"
නම් බමුණා රජුට එරෙහිව කැරළි ගසන වකවානුවේදී මහාතිත්ථ වරායෙන් ලංකාවට ගොඩ
බහින ද්‍රවිඩයන් සත් දෙනා සහ සේනාවට මුහුණ දුන් ආකාරය සිනමා කෘතියට පදනම්
වේ. මේ සටන මෙන්ම සිනමාපටය ද නිමවන්නේ වළගම්බා රජු දාඨිය පරදවා ජයග්‍රහණය
හිමිකර ගැනීමෙනි. .නමුත් එය සමස්ත වලගම්බා පුවත නොවේ. වර්තමාන පක්ෂ
දේශපාලනයේ දී මෙන්ම රජ කතාවල ද අතුරු කතා පවතී. එනම් රාජ හිතේශීන් ගොතන
කතන්දර මෙන්ම විරුද්ධ මතවාදීන් ගොතන කතන්දර ද යනාදී වශයෙනි. මේ
දෙකොට්ඨාශයේම ප්‍රබන්ධ එක්කාසු කර කිසියම් ස්වාධීන මතයක් කාලීන සමාජය
වෙනුවෙන් මතු කිරීම කලාකරුවා සතු වගකීම වේ.
සිනමා කෘතියෙහි මා දකින මූලිකම අඩුපාඩුව වන්නේ තිරරචනය තුළ පවතින
කලාත්මක සහ සංකල්පණික දුබලතාවයි. සමන් වීරමන්ගේ තිරරචනය නිර්මාණශීලීත්වයෙන්
බැහැර වූ අනවශ්‍ය අන්දමට සිංහල බෞද්ධකම කරපින්නාගත් අතිශය සම්ප්‍රදායික
ආකෘතියකි. ඔහු ඉන් උලුප්පා දක්වන්නේ සටන්භූමි සංදර්ශන සහ ලේ වැගිරීම්,
ත්‍රාසය, භීතිය, ජාතිවාදය උලුප්පාලන අවස්ථා පමණක් වූ අතර වළගම්බා පාලන සමයේ
ලංකාවේ සාමාන්‍ය ජන ජීවිතය සහ ආර්ථික දේශපාලන තතු පිළිබඳ කිසිදු නිරූපණයක්
එහි නොවේ. සොළීන් සහ රජතුමාගේ පිරිස ගහ මරාගන්නා අතරවාරයේ ප්‍රේක්ෂකයාට
විරාමයක් දෙන්නට මෙන් හාමුදුරුවන් රෑනක් ලවා ලතාවට පිරිත් ගායනා කිරීම ද
විකාර රූපීවෙයි. කෙසේ වෙතත් මේ අතිශය දුර්වල තිරනාටකය තුළ ස්වකීය
අනන්‍යතාව පවත්වාගන්නට අධ්යක්ෂවරයා දරන වෙහෙසද මනාව පැහැදිලි වේ.
මෙහි එන ඇතැම් ජවනිකා විදේශීය සිනමා පටයක් සිහි කරවන තරම් උණුසුම්ය.
තාක්ෂණික පාර්ශ්වය අතින් අතිශය දියුණුය. විශේෂයෙන්ම කොලොම්භාලක නම්
ස්ථානයේදී ද්‍රවිඩයින් හා කළ සටනින් පැරදුනු වළගම්බා රජු, ද්‍රවිඩයින්ගෙන්
බේරීමට රථයක නැගී පලා යන අවස්ථාව රාමුගත කර ඇත්තේ හොලිවුඩ් සිනමා පටයක්
සිහිවන තරමට ම සුන්දරවය. රජු සහ පවුලේ සාමාජිකයන් සතුරන්ගෙන් බේරී මෙසේ
පලා යන අතරමග තීර්ථකාරාමය පසු කර යයි. ගිරි නම් නිගණ්ඩයා විසින් ‘මහා කළු
සිංහලයා පලා යනවෝ" යයි උපහාසයෙන් ඝෝෂා කරන්නේ මෙතනදීය.
නිගණ්ඨයාට පණ පොවන
ඩබ්.ජයසිරි විසින් වළගම්බා රජුගේ චරිතය නිරූපණය කරන උද්දික ප්‍රේමරත්නට වඩා
පෞර්ෂයක් සිය විනාඩියක පමණ රංග වපසරිය තුළ ප්‍රේක්ෂකයා අභිමුවේ තබයි.
නමුත් නිගණ්ඨයාව මුළුමණින්ම නිරුවත් ව නිරූපණය කළ යුතු වුවත් සිනමා
පටයෙහි නිරූපිත ῝ගිරි නිගණ්ඨයා῞ ළමයකු බර කිරන මැෂිමක වාඩි කළාක් මෙන් සුදු
සිල්ක් මිශ්‍රිත නැපියක් වැනි අමුඩයක් හැඳ සිටියි. කාල වර්ණ බෝල ශරීරයක්
ඇති ඩබ්. ජයසිරි උස් ස්ථානයක සිටගෙන සිටින මෙම දර්ශනයේදී ඔහුගේ
ප්‍රතිභාන්විත රංගනය යටපත් කරගෙන මෙම විසිලු ස්වභාවය ඉස්මතු වේ..
එක් වරම
ඔහුගේ ස්වභාවයෙන් සිහිවන්නේ මාස්ශූද්ධිය දවසක ගැමි ගැහැණියකගේ යටි කයේ
ස්වරූපයකි. මුළුමණින්ම නිරුවත් රූපයක් (Full Nude) වුව කිසියම් කලාත්මක
ස්වරූපයකට නගන්නට පුළුවන. එසේත් නැතිනම් ඔහුගේ සිරුරේ පැහැයට සමාන රෙදි
කඩක් මේ සඳහා භාවිතා කරන්නට තිබිණි. සංස්කෘතික විලිලැජ්ජාවෙන් ඇඹරෙන තිර
රචකයාගේ බලපෑම නිසා මේ විකෘති තා ඇති වූවාය යන්න මගේ අනුමානයයි. මෙවන්
අඩුපාඩු නිසා භෘව විරේචනයක් ප්‍රෙක්ෂකයා තුළ ගොඩ නැගෙන ප්‍රබලම රූපාවලියේ
දී කිසියම් විසිළු ස්වභාවයක් පැන නැගී උක්ත ආවේගයන් සිඳී යයි.නමුත් යළිත්
නරඹන්නා තමා කෙරෙහි ඇද බැද තබා ගැනීමට සංගීත අධ්යක්ෂවරයා, කැමරා ශීල්පියා
සහ සංස්කරණ ශිල්පියා සමත් වෙයි.
මේ තීරණාත්මක අවස්ථාවේ රජු සමග රථය තළ
සිටි අනෙකුත් සාමාජිකයන් වන්නේ සෝමා දේවිය, ඇගේ පුත් නාග කුමරු, අනුලා
දේවිය සහ ඇගේත් ඛල්ලාටනාග ගේත් පුත් මහාචූලී මහාතිස්ස යන පිරිසයි. පිරිස්
බර වැඩිවීම නිසා රථයේ ගමන් වේගය අඩාල වෙයි..සතුරන් ලුහුබැඳ ඒම නිසාත් අන්
පිළියමක් නොමැති නිසාත් "සෝමා දේවිය" උදාර තීරණයක් ගෙන කරත්තයෙන් ඉවතට පැන
රජු ඇතුළු පිරිසට පලා යාමට ඉඩ සලස්වයි. ලුහුබැඳ එන අශ්වාරෝහකයන්
දෙදෙනාගෙන් එක් අයෙක් ඈ අසල නතර වෙද්දී ලුහුබදින අවසාන අසරුවාගේ හිස ගසා
දමන අවස්ථාව වෙනතුරු රූපාවලිය ඉතාම විශිෂ්ඨ ලෙස හසුරුවා ඇත.
රාජ්‍ය
බලය හිමි කර ගැනීමේ උමතුවෙන් පෙළෙන තීය බමුණා ස්වකීය බැමිණියගේ බස නිසා
සිංහලයාගේ බල බිඳීමේ අටියෙන් වැව් අමුණු විනාශ කරයි.ඒ හේතුවෙන් සාගතකාලයක්
එළඹේ. තීය බමුණාගේ බලපෑම නිසා ඇති වූ බැවින් එය ‘බැමිණිතියා සාය῝ නමින්
හැඳින් වූ බව ඉතිහාසයේ සඳහන් වෙයි. කුපික්කල තිස්ස තෙරුන් සහ ගෝදත්ත
තෙරණුවන් විසින් රජතුමා ආරක්ෂා කළා පමණක් නොව රජු විසින් රට එක් සේසත්
කිරීම යන කාර්යයට පදනම යොදන්නේ ද මේ කාලයේදීය. තීය බමුණාගේ චරිතය නිරූපණය
කරන රොෂාන් රවීන්ද්‍ර සටන් භූමියේ සිටින්නේත් ආදරණීය වස්සානයේ කසුන් සර්
වාගේමය. ඔහුගේ රංගනය මට කිසිදාක නොදැනෙන එකකි. මෙතනදීත් එය එසේමය.
මේනකා
පීරිස් රංගනයක් සිදු කරන්නට උත්සහ කරයි. නමුත් පාවා දෙන්නියකගේ සූක්ෂමතාව
වෙනුවට අනවශ්‍ය සරාගී බවක් ඇගෙන් ඉස්මතුවෙයි. ඇයගේ ඇඳුම් ආයිත්තම් ද
බැමිණියකගේ ඇදුම් ආයිත්තම් නොවේ. වසර දොළහකට පසුවද ඇය හැඳ සිටින්නේ එකම
හැට්ටයයි. ඒ එම යුගයේ සළු පිලී වල කල් පවතින ස්වභාවය නිසා දැයි නොදනිමි.
කෙසේ වුවත් ඈ බැමිණියක බවක් නම් නොසිතේ .දුටු මනින්ම සමාජ ශාලාවක නලඟනක
සිහිපත් කරවයි. නමුත් අවසාන දර්ශනයේ දී සතුරාගේ හී පහරට මුහුණ දෙන අවස්ථාවේ
දී පළමු හී පහර දරාගෙන, තෙවැන්නෙන් යටපත් වන අවස්ථාව ඇය ඉතා හොඳින්
නිරූපණය කරයි. දක්ෂ අධ්යක්ෂවරයකුට හොඳ අමුද්‍රව්‍යයක් වන නිළියක බව ඇය
ඇතැම් අවස්ථා වලදී පළ කළත් ඇගේ උපරිම ධාරිතාව ලබා ගැනීමට අධ්යක්ෂවරයා සමත්
නොවේ. අබා චිත්‍රපටයේ ගුම්භක බූතා ගේ චරිතය වෙනුවෙන් දුලානි අනුරාධා නම්
ශිල්පිණියව ජැක්සන් ඇන්තනී විසින් අධ්‍යක්ෂණය කළ අවස්ථාව සාර්ථක ද්‍රෝහියකු
/ දූතයකු නිරූපණය කිරීමේ කලාව පිළිබඳ කදිම නිදසුනකි.
ප්‍රභාත් රෝෂන්
කැමරා ශීල්පියකු ලෙස තමා විශිෂ්ටයකු බව පෙන්වා අවසන්ය. ඇතැම් රූපරාමු
ලංකාව තුළ රූ ගත කලාදැයි සිතන්නට බැරි තරම් උණුසුම්ය. සුන්දරය. නමුත් ඔහුද
නොසැලකිලිමත් වූ අවස්ථා පවතී. නමුත් එය ඔහු හුදකලාව වගකිව යුතු අඩුපාඩුවක්
නොවේ.. බැමිණිතියා සාය එළැඹි යුගයේ කුපික්කල තිස්ස තෙරුන්ගේ රැකවරණය ලබන
රජතුමා සේනාව රැස්කරමින් යුද්ධයට සූදානම් වන අවස්ථාව නිරූපණය කරන ‘සැඩපහරක්
සේ..῞ ගීතයෙහි පසුබිම් රූප රාමු වල ගස් පිරුණු නිල් කඳු වැටිද , දිය
පිරුනු ඇල පාරවල්ද දිස්වෙයි.
සාහිත්‍යය අටුවාවන්හි සහ පුස්කොළ ලියවිලි
අනුව බැමිණිතියා සාය යනු වසර දහයක පමණ කාලයක් පැවති සාගතයක් බව කියවෙතත් භූ
විද්‍යාඥයන්ගේ මතය වන්නේ දෙවසරක් පමණ කාලයක් තුළ අඛණ්ඩව වැසි නොවැටෙන
තත්ත්වයකි. නමුත් මෙම ගීත රූපරාමුවෙහි කැළය මැදින් ගෝදත්ත දුවන ජවනිකාවල
කුඩා පදුරු වල සුදු මල් පිපී පිරී තිබේ. මෙවන් නියඟයකදී විශාල ඇතැම් ගස්වල
ඉදුණු කොළ ශේෂ වී තිබෙන්නට පුළුවන.නමුත් මේ දිය කඩිති සහිත හරිත අවකාශය
ගැටලුවකි. ඓතිහාසික පුවතක් නිර්මාණයට නැගීම යනු දුෂ්කර කර්තව්‍යයකි. එනම්
එය ගවේශනශීලී ඇසින් හැදෑරිය යුත්තක් නිසා විකෘතිතා සහ ප්‍රෙක්ෂකයා නොමග
යැවීම් අවම විය යුතුය.
අනෙක සටන් දර්ශන අතරමැද පිරිත් දෙසන හිමිවරුන්
රඟපාන්නටම සූදානම් කරගත් අළුත් සිවුරුවලින් බැබළේ. නමුත් සිවුර පිළිබඳ
ඉතිහාසය දන්නේ නම් එය එසේ නොවන්නට තිබුණි. බුදුන් විසින් මහණන්ට අඳින්නට
නියම කළේ මළ මිනී ඔතන සුදු රෙදි ගෙන සෝදා කොටස් කපා අවලස්සනව මූට්ටු කර ඉන්
පසු පඬුපෙවීමෙනි. නමුත් බොහෝ සිනමාපටවල හාමුදුරුවරු ඉන්නේ සිවුරු නළුවන්
ලෙසය. තිරනාටක කරුවාගේ ආශාව නිසා ඇතුළත් කරන ලද මෙම හාමුදුරු ජවනිකා
සිනමාපටයේ ආලෝකය බොඳ කරයි. මේ දර්ශන විසින් උපාසකම්මලා සහ ගම්වල ළං ගෙඹි
කාන්තාවෝ වන්දනාමාන කරන අන්ධ ආගමික ස්ථානයක් බවට නිර්මාණය පත්කරයි.
වළගම්බා රජුගේ චරිතයට ජවයක් දීමට උද්දික ප්‍රේමරත්න සමත් නොවේ. ඔහුට
ගැලපෙන්නේ සමනළ සංධ්වනියේ එන බේබදු ගායකයාමය. සාමාන්‍ය ජීවිතයෙන්
සමස්තයෙන්ම බාහිර තැනකට ප්රවේශවීමට නිර්මාණ කරුවාට නොහැකිය. ඒ තුළ ඔහු
අසරණ වෙයි. නමුත් කුපික්කළ තිස්ස තෙරණුවන්ගේ චරිතය බුද්ධදාස විතානාච්චි පමණ
දැන යන ගමණක් සේ ඉතා සංයමයෙන් නිරූපණය කරන අතර ගෝදත්ත තෙරණුවන්ගේ චරිතය
නිරූපණය කරන සම්මු කෂුන් නමැති නවක නළුවා සිනමා පටයට පමණක් නොව ලාංකීය
සිනමාවටද ආලෝකයක් වන ලකුණු දක්වයි. පීටර් අල්මේදා, ලින්ටන් සේමගේ වැනි
පරිපූර්ණ නළුවකු පිළිබද අනාගත සිහින ඔහු තුළින් දිස්වෙයි. දිල්හානි ඒකනායක
විසින් අනුලා බිසවගේ චරිතය ලද උපරිමයෙන් සිදු කරයි. දාඨියගේ චරිතය නිරූපණය
කරන දර්ශන් ධර්මරාජ්ටද රජකතන්දර ආගන්තුක බව පෙනේ. නමුත් පලියමාරගේ චරිතය
තුළට නිහාල් ප්‍රනාන්දු මනාව ප්‍රවේශ වෙයි.
විශේෂයෙන්ම සඳහන් කළ
යුත්තේ සංගීත අධ්‍යක්ෂණයයි. මිලින්ද තෙන්නකෝන්ගේ සංගීතය තිරනාටකය විසින්
ඇතිකළ දුබලතා මකා ගැනීමට මහඟු ආලෝකයක් සපයයි. රජකුගේ ජවය නළුවාගෙන් ගිලිහී
ගිය අවස්ථාවලද සංගීතය ස්වකීය මෙහෙවරෙහි නොනිමිව නියැලෙයි. අවසාන සටන පවතින
අවස්ථාවේ සටන් බිමේ සමහරු විවේකීව එහේ මෙහේ පාවෙනුද, සාගතය පවතින අවස්තාවේ
වුව තුවාල වූ සගයා සටන් බිම අසලම බාවාගෙන සුටුස් ගා තද කොළ පැහැ බෙහෙත්
පැළෑටි සොයා තුවාල වලට සත් කාර කරනුද පෙනී නරඹන්නා විශ්වාසනීය භාවයෙන්
බැහැර වෙන විටම සංගීතය විසින් අපගේ සිතිවිලි වෙනත් තැනක රඳවයි. සටන් බිමක
උණුසුම, ජීවිත කෙරේ ඇති අවධානම, රටක අරාජිකත්වයෙහි ඇති අවාසනාවන්ත බව,
තීරණාත්මක බව ආදී සියල්ලම සංගීතය තුළ මුසුව පවතී. එය විශ්මිත සහ සුන්දර
ක්‍රියාවලියකි.
ශාන් අල්විස්ගේ සංස්කරණය ගැනද නොකියාම බැරිය. වෙසෙසින්ම මා
පෙර ද සඳහන් කළ රජතුමා පලා යන අවස්ථාව නිරූපණයේදී ඔහු පෑ ප්රාතිහාර්යය
පුදුමාකාරය. අවසන් අසරුවාගේ ගෙල සිඳ දමන අවස්ථාව නිරූපණය කරන්නේ පුදුමාකාර
ලෙසය. රජු කඩුව විදහයි. එක්වරම කළු පැහැ තිර විවේකයක් එළඹේ. ඉන් පසු වේගවත්
ක්ෂණික ජේදන රාමු කිහිපයකට පැමිණෙයි. අවලස්සන නියපොතු ඇති මිනිසකු කලයට
තට්ටු කරන අවස්ථාව, පිදුරු බෝනික්කා සහ දැරිය ගේ රාමුව කැමරාව සහ සංස්කරණය
ඒකාත්මික වූ අවස්ථා මෙන්ම නිර්මාණාත්මක තිරපිටතක් අළුත් වැඩක් ඉල්ලා සිටින
බවට මෙම තරුණයන් විසින් ඉඟිකරන අවස්ථාවන්ය.
චත්‍ර වීරමන් ඓතිහාසික
කතා රැල්ලට කිසියම් කැරැල්ලක් ගෙන එන්නට සමත් කම් දක්වන්නෙක් බව පැහැදිලිය.
නමුත් ඔහු තාත්තාගේ කටුමැටි ගෙපැලට කලර් කෝන් උළු පළන්දා වැඩක් නැත.
ඓතිහාසික ප්‍රවෘතියකින් සමකාලීන සමාජයේදී අසීරුවෙන් තොරව නිරූපණය කළ හැකි
පුවතක් උකහා ගන්නේ කෙසේද යන්න පිළිබඳව ප්‍රඥාවක් තිරරචන ශිල්පියකුට තිබිය
යුතුය. ඒ යුගය මේ යුගයේ නිරූපණය කිරීමේදී කවර කලෙකත් මනුෂ්‍ය ජීවිතයේ ඇතැම්
ස්වරූප එකක්ම බව පෙනෙන දැනෙන අවස්ථා අපෙමණය. එවන් දක්ෂ රචකයකු ලෙස පශ්චාත්
යුධකාලීන සමාජයකට ලියූ ධර්මසේන හිමියෝ දැකිය හැකිය. අනවශ්‍ය සිංහල බෞද්ධ
සදාචාරය උන්වහන්සේගේ නොමැත. සොලී පාලනයෙන් රට බේරාගත් පසු පශ්චාත් යුධකාලීන
සමයක ජීවත් වූ සාමාන්‍ය මනුෂ්‍යයාගේ ස්වභාවය ඔහුට ‘සද්ධර්ම රත්නාවලිය῝
සඳහා වස්තු විෂය වෙයි.මේ කතන්දර අදටත් වලංගු වන්නේ සාමාන්‍ය මනුෂ්‍යය
ස්වභාවය ඉන් නිරූපණය වන නිසාය.සිංහල ජනජීවිතය පිළිබද මනා හැදෑරීමක් සද්ධර්ම
රත්නාවලියෙහි එන කතන්දරවලට එකතු වන්නේ ධර්මසේන හිමියෝ මනා ජීවිත
විඳින්නෙක් වූ නිසාමය. ඉතිහාසයෙන් වර්තමානය දැකිය හැකි දක්ෂ සිනමාකරුවකුට
ඇති පදම් අමුද්‍රව්‍ය එහි පවතින්නේය.සොරෙය්‍ය වස්තුව (41 කතා පුවත -
බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ සංස්කරණය, ස්ද්ධර්මරත්නාවලිය, පි.අ.345)
එවැන්නකි.
සොරෙය්‍ය සිටුවරයා පිරිවර සමග ස්නානය කරන්නට යන අතරමග දී
කාංචන තෙරුණ් ගේ රූප ශෝභාව දැක ඉන් කිළිටි සිතිවිලි දෙකක් උපදවා ගනී.
සාමාන්‍යයෙන් සිදුවිය යුත්තේ යතිවරයාණ කෙනෙක්ගෙ ශාන්තිය දැක තමන්ද ඒ තත්වයට
පත් වන්නට සිතීමය. නමුත් සිටුවරයා සිතන්නේ මෙබඳු සිතිවිලි දෙකකි. එනම්
කාංචන තෙරණුවන් තමාගේ බිරිඳ වී ඉපදුණේනම් හෝ සිය දියණියට පුරුෂයා වී
ඉපදුණේනම් කෙතරම් අගනේද යනුවෙනි. එකී සිතිවිලි දෙක පහල වී ස්වල්ප මොහොතකින්
ඔහු ස්ත්‍රියක බවට පත්වෙයි. ලජ්ජාවට පත්වන සොරෙය්‍ය සිටුවරයා වහා එතැනින්
පලායයි. දැන් ඇය සොරෙය්‍ය සිටු දියණියයි. පසුව වෙළඳ නායකයකු හා විවාහ වන
ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක වෙයි.
කාලයක් ගෙවීයයි. පාරේ දන්නා හදුනන කෙනෙකු
දුටු ඈ ඒ තැනැත්තා ගෙන්වා වගතුග විචාරයි. නමුත් ඒ තැනැත්තේ ඈ හඳුනා
නොගනී.අවසානයේ ඇය දිය නාන්නට ගිය ගමන සහ සොරෙය්‍ය සිටුවරයා පිළිබද කතා
කරද්දී අමුත්තා කියන්නේ සිටුවරයා ගගෙහි ගසාගෙන ගිය බවකි. නමුත් ඇය අවසානයේ
සත්‍ය පවසයි. අමුත්තාගේ මැදිහත් වීම මත කාංචන තෙරුන් ගෙන් සමාව ඉල්ලා
ගැනීමට සොරෙයිය සිටුවරියට අවස්ථාව ලැබේ. ඇය යළි පිරිමි වේශයකට පතවේ. දැන්
පිරිමි දෙන්නෙක් හා දෙවන විවාහය පැවතිය නොහැකිය. ඇය එතැනින්
පලායයි.සංක්‍රාන්ති ලිංගිකයෝ අදටත් සිටිති .මේ ජාතක කතාවේ නිර්මාණාත්මක
පරිකල්පනය සහ ධර්මදේශනා ස්වරූපය අමතක කළ විට දැනෙන්නේ ජීව විද්‍යාත්මක
කතාවකි. ස්ත්‍රියක් පුරුෂයකු බවට පත්ව යළි ජීවිතය ගොඩනගාගෙන සිටියදී පෙර
සිටි තත්වයටම පත් වී නම් සිදුවන තත්වය කෙබඳුද?
තවද නන්ද තෙරුන්ගේ
වස්තුවද එසේය.නන්ද තෙරුන් සහ නන්දා හෙවත් ජනපද කළ්‍යාණි සම්බන්ද මේ පුවතෙහ
නන්දා යනු නන්ද තෙරණුවන්ගේ සොයුරියයි. නමුත් ඔවුහු විවාහ වූ යුවළක සේ
වසති. වර්තමානයෙහි මෙවැන්නක් නිර්මාණයකට නැගූ විට පළමුවෙන්ම අවි ගන්නේ
සංඝයාවහන්සේලාය. සමන් වීරමන් තොමෝ නම් මේ සත්‍ය ඉතිහාසයට අකමැති වනු නියතය.
නමුත් බුදුන් ගේ කාලය සහ ඉතිහාසය ඔය කියන තරම් සුන්දර සහ සදාචාරසම්පන්න
නැත. කෙටියෙන්ම කියනවා නම් යශෝදරාගේ කිල්ලෝටයේද හුණු ටික ටික තිබෙන බව
චුල්ල පදුම ජාතකය ( පන්සිය පනස් ජාතකය - 192 කතා වස්තුව) කියවා පූජාවලිය ද
අධ්‍යයනය කළ අයකුට පසක් වේ. පදුම රජතුමා ස්වකීය බිරිඳ සමග කාන්තාරයක යන
අතරමග බිසවගේ පිපාසාව සන්සිඳීමට දකුණු උරය උරය පලා ලේ බොන්නට දෙයි.
රජතුමාට අවශ්‍ය බිසවගේ ජීවිතය සුරක්ෂා කරගැනීමයි.නමුත් බිසව අවසානයේ කොටකු
හා පැන යයි. ජාතක කතාවේ පූර්වාපර සන්ධි ගැලපීමේදී බිසව චංචිමානවිකාව වශයෙන්
සඳහන් කරයි. නමුත් පූජාවලියෙහි මේ කතාව පිළිබඳව එන විවරණය අනෙකකි.
නිර්මාණකරුවා සහ ජාතකකතා කරුවාගේ වෙනස එයයි. ඵූජාවලී රචකයාගේ අරමුණ අමුතු
බුදුකෙනෙකු පිළිබඳ ශ්‍රද්ධා බුද්ධි සම්පන්න සමාජයක් ඇති කිරීම නොවේ. ඔහුට
අවශ්‍ය ප්‍රඥා සම්පන්න පාඨකයන් කිහිප දෙනෙකු ඇති කරගැනීමයි. එහි එක් තැනක
යශෝදරාව තමා විසින් පූර්ව ජන්මයන්හි ගතකරන ලද විවිධ ජීවන ස්වරූප
අනුස්මරණය කරන අවස්ථාවක චුල්ල පදුපම රජුගේ බිසවව උන්නේ තමා බව සිහි කරයි.
එතැනදී ඈ කියන්නේ මා විසින් එදා ද්‍රොහී වීමේ පාඩමෙන් කියා දී ඇත්තේ
සසරින් මිදීමේ විවරණයක් ම බවයි.වර්තමානයේ පුවත්පත්වල අසන දකින් ප්‍රවෘතීන්
හා ජාතක කතාව , සද්ධර්මරත්නාවලිය, පූජාවලිය අධ්‍යයනයේදී හමුවන ගැමි සබඳතා
සහ පවුල් ජීවිත වල නිස්සාර ජනක ස්වභාවයන් දෙකක් නොව එකකි.
නිර්මානයක දී
ස්පර්ශ කළ යුත්තේ රජුන් විසින් කළ ලේ වැගිරීම් හෝ සටන් බිම් ජවනිකා නොවේ.
මනුෂ්‍යයාගේ ජීවිතය ශතවර්ෂ ගණනාවක් ඉක්ම ගියද විකාශනය නොවන්නේ ඇයි ද යන
පැනයයි. කෙසේ වෙතත් චත්‍ර වීරමන් අපේ සිනමාට අවශ්‍ය ජවයකි. ඔහු සමග එකට
එකතු වී සිටින තරුණයයෝ ද සැබෑ දක්ෂයෝය. නමුත් ඔහු ලාංකීය සිනමාවට සැබෑ
ආලෝකයන් වන්නට නම් පියාගෙන් ඉක්මණින් ඩිවෝස් විය යුතුය. පිය
පුතු සංවාසයෙන් හෝ ඥාති සංගෘහිත සිනමාවක් හෝ කලාවකින් පෞද්ගලික සංතෘෂ්ටියක්
මිස ප්‍රෙක්ෂකයාට ප්‍රඥාවක් අත්වන්නේ නැත. ගේහසික ජීවිතයේ පමණක් පියාට
කීකරු වී නිර්මාණාත්මක ජීවිතයේ හිතුවක්කාර වීමේ පාඩම උගත් දිනක ඔහු නියම
සිනමාවේදියකු වනු ඇත.
- උපේක්ෂා නුවන්ශ්‍රීනි -
Anonymoushttp://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.com23tag:blogger.com,1999:blog-2935389719227384022.post-47113562289632425502017-01-08T19:15:00.000-08:002017-01-08T19:15:04.156-08:00මහජන ප්‍රදර්ශනය නොකර රෙද්දක ඔතා තියා ගන්න
මේක මාර බෞද්ධ රටක්ය. හැම තැනම කොඩි වැල්ය. රෙදිවැල්ය. සාධූ කාරය. පන්සල්වලට මල් පුදා ෆීල්ම් හෝල් වලට සාදුකාර තියන්න පුලුවන් තරමටම බුදු බණ වෑහෙනවාය. අටලෝදහම දන්නෙ නැති , පිදුරු කකා ගාලේ ඉන්න ඕන එවුන් චිත්‍රපටි කරන්න ගියාම අපිත් ඕවා බලනවාය. ඉතින් අපි අපටම කෙවිටෙන් තලාගන්නට ඕනය. හැබැයි ඉතින් අපට ඒන විදිහට ඒ ගැන ලියන්න කතා කරන්න තහනම්ය.
කෝල් එනවාය. කෝල් එවනවාය. ශරීර ඇප තියාගෙන ඒවා පාවිච්චි කරනවාය. චිත්‍රපට කර්මාන්තයට කෙළවෙන්නේ මෙවන් හරක් නිසාය. උන් පසු පස ඉන්නේ මීහරක් ව්‍යාපාරිකයන්ය. උන්ට අවශ්‍ය මනුෂ්‍යයන් නොවේ. මිනිස් ද්‍රව්‍යයන්ය.ඔවුහු ඒ ද්‍රව්‍ය භාවිත කරන්නේ තමන්ට උවමනා හැටියටය. මට මිනිස් ද්‍රව්‍යයක් වන්නට බැරිය.
වරක් මට
Satyajit Maitipe චෝදනාවක් කළේය. ඒ හඳගම සහ ප්‍රසන්න උඩදමනවා කියාය. ඔවු මම මීට පස්සේ එයාලව විතරක් උඩදානවාය. මොකද ඒ අයගේ එුවවාට මොන දේ ලීවද කිසි ගැටලුවක් එන්නේ නැත. සේපාල් අමරසිංහ ගෙන ගිය කැම්පේන් එකේදී හඳගම සිටි නිසල ස්වභාවය මතක ඇතැයි සිතමි.
විචාරක යා හරි ප්රේක්කෂයා හරි ලියන්නේ ඌට ඕන දේය. අධ්‍යක්ෂට හරි ඒකාගේ අම්මට හරි ඕන දේ මම ලියන්නේ නැතිය.. බූරුවන්ට පිදුරු මිස වටලප්පන් කවා වැඩක් නැත.සතා කවුදැයි නොදැන කිසි කලෙක මොනම ලියවිල්ලක්වත් යළි ලියන්නේ නැත..
ඔය කියන එක මහජන ප්‍රදර්ශනය නොකර රෙද්දක ඔතා තියා ගන්න කියා අධ්‍යක්ෂකට කියනවා නම් වඩා හොදය. රෙද්ද අස්සේ විචාර ඇත්තටම මම දන්නේ නැතිය. ඒ ඇත්තෝ හිත රිද්දාගත්තාට මන්දබුද්ධිකයෝය කීවේ නිකම් නෙමේය...!!!
( දැන් ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින් වතුන් තුන්පාරක් සාධු කාරයක් දීලා ටොක්කක් ඇනන් ආයෙමත් නිදා ගන්ට..!!! ඕං මං ගියා..!!
Anonymoushttp://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.com13tag:blogger.com,1999:blog-2935389719227384022.post-44686909937643215302017-01-05T18:50:00.003-08:002017-01-05T18:50:35.950-08:00විරහවද ගීතයකි.
අතර මග යන එන විට ඇසුනොත් මිස මම ගීත අසනවා ඉතා අඩුය. එයට හේතුව කාලය
පිළිබද ඇති ගැටලුවයි. නමුත් ගීතයක් විදින්නට ආශාවක් පහළ වූ විට මා ප්‍රිය
කරන ගීතයක් තෝරා ගෙන අන්තර්ජාලය ඔස්සේ විඳිනවා විනා, ගුවන් විදුලියට හෝ
රූපවාහිනියට වැය කරන්නට කාලයක් ඇත්තේම නැත. නමුත් නව පරපුරේ ප්‍රේම ගීතයක්
අහම්බෙන් හෝ ඇසූණු දවසක ඒවා අලුත උපන් දරුවන් වාගේය. එකිනෙකින් වෙන්කර
හදුන්නනට බැරිය. කටහඩවල් වලද අනන්‍යතාවක් නොමැත. ගායන විලාෂය සැලකූ විට
විලාපයන් සේය. මේ වැලපිලි ගායනා අසා සිටි මට සිතුණේ මේ ගායකයන්ගේ
පෙම්වතියන් ඔවුන් හැර දමා යාම පුදුමයක්ද කියායි.
ප්‍රේමය සුන්දර තනුවක් නම්,
විරහව ද මිහිරි ගීතයකි. පෙම් බැඳීම යනු කලාවකි. එය කුමන මොහොතක කෙසේ ඇති
වෙත්දැයි සිතිය නොහැකිය. නමුත් තමා ගේ සිහිනය හා සරිලන ප්‍රේමයක බැඳූණු විට
එය රමණීය ප්‍රබෝධයක්ද ඇතුළු හදෙහි මරණිය වේදනාවක් ද එකවිට ඇති කරයි.
නමුත් රමණීය වින්දනය පෞද්ගලික ප්‍රමුදිත භාවයෙන් ඉක්මණීන් අවසන් වන අතර
හොඳ රසවන්තයාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය බවට පත් වන්නේ, අහිමි වීම හෙවත් අනෙකා
තමා සතු කර ගත නොහැකි වීමේ වේදනාවයි. ඔහු ප්‍රේමයේ මරණීය වේදනාව තුළීන්
අවසානයේ ජීවිතයේ ආලෝකය සොයා යයි. පහත දැක්වෙන ගී පද රචනා ද්විත්වය
විමසා බලමු.
01. පෙර දිනයක මා පෙම් කළ යුවතිය
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා..
එදා වගේ තවමත් වැට අද්දර
නාමල් පූදිනවා
නොකා නොබී දුක් වින්ද අතීතය
යළි මට සිහිවෙනවා..
02. සොඳූරිය ප්‍රේමිය දයාව පොඩ්ඩක් හිටපිය
අර ගස් මුල් අතරේ පෙම් කළ කාලය සිහිවිය
සොඳූරිය ප්‍රේමිය දයාව පොඩ්ඩක් හිටපිය
පළමු වැන්නට සඳහන් කළ සුනිල් සරත් පෙරේරා විසින් විරචිත ගේය පද රචනාව අරුමැසිය. එසේ වන්නේ ඔහු විසින් නිරූපිත ප්‍රේමය වඩාත් විචිත්‍ර වූවක් වන බැවිනි. ඔවුහු ද ගස් මුල් යට නිදහසේ
ප්‍රේම කළහ. නමුත් ගේහසික වන්නට වරම් නොලද්දෝය. මේ ප්‍රේමවන්තයා විසින්
පෙම්වතිය උදෙසා ලියා දෙන ලද්දේ කුඩා බිළිදකු නිදි ගන්වන්නට හැකි තරම් මුදු
ගුණයකින් යුතු ගී වැල්ය. ප්‍රේමයෙහි අසිරිය පවතින්නේ දරාගැනීමේ ප්‍රඥාව
මතය. සම්මත පවුල් රටාව තුළට අනුගත වූ සැණින් ප්‍රේමය බිඳී විසිරෙයි.
පංචේන්ද්‍රීය මූලික නොවූ ප්‍රේමය සදාකාලිකව පවතී..
මෙහි දෙවැන්න චන්දු ද
සිල්වා නොහොත් ජොලි සීයාගේය. මෙම පදරචනා දෙකෙහිම අනුභූතීන් එකමය. එනම්
පෙම්වතියගෙන් විප්‍රවාසී පෙම්වතුන් දෙදෛනෙකු පිළිබද කතාවකි.නමුත්
මෙම දෙවන ගේය පද රචනයේ දී පෙම්වතා විසින් අපගේ සිත තුළ මවන්නේ මරදානේ තාර
වත්ත පැත්තේ වෙසෙන දාමරිකයෙකි. ඔවුන් ගස් මුල් වල ගෙවූ අතීතය පිළිබඳව එන්නේ
සුන්දර ස්මරණයක් නොවේ. ජුගුප්සාජනක අමිහිරකි. එයට හේතුව අත්දැකීම
ප්‍රතිනිර්මාණය කිරීම යන කාරණයේදී කවියා හෝ ගේය පදරචයා ජීවිතය තුළ මෝරා
නොවැඩීමයි. ඔහු පරිදේව දුක්ඛය, සංසවාය මෙන්ම විප්‍රවාසය ද ජීවිතය තුළින්ම
ප්‍රගුණ කර තිබිය යුතුය.
එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ කල්පනා ලෝකය
පොතෙහි වූ එක් සිදුවීමක් මට මතකයට නැගෙයි. ඒ ඔහුගේ යහළුවකු පිළිබඳ කතාවකි.
සරච්චන්ද්‍රයෝ ශිෂ්‍යයකුව සිටි සමයේ ඔහුගේ මිතුරෙක් එක්තරා ගැහැණු ළමයෙක්ට
ආදරය කළේය. ඔහු ඇයවම පතා ලිපි යවමින් සිහින දකිමින් කාලය ගත කළේය .නමුත්
අය ඔහුව ප්රත්ක්ෂේප කළාය. ඉන් පසු කාලයක් යහළුවන් දෙදෙනා මුණ නොගැසුනේලු.
වසර කිහිපයකට පසු එක් දිනක් හදිසියේම සරච්චන්ද්‍රයන් හමු වීමට ආ පෙර කී
යහළුවා ඔහු අත නිහඩවම පොතක් තැබුවේලු. විමතියට පත් සරච්චන්ද්‍රයෝ එය පෙරළා
බැලුවේලු. එය සුන්දර කවි රැගත් විශ්මිත කවි පොතකි. සියළු කවි ලියවී තිබුණේ
පෙම්වතිය උදෙසාය. විරහව ශෝකයක්ව කරුණ රසය බවට පරිවර්තනය වී පැවතිණ.පොත
කියවා නිමවූ සරච්චන්දුයෝ යහලුවාගෙන් ඇසුවේ මෙබන්දකි.
ඒ කියන්නේ අවසානෙදි ඔහේට ඒ කෙල්ල ආදරය ප්‍රකාශ කළා ?
ඔව්..ඒත් මේ ළගදි්නේ... මම ඔය කවි ලිව්වෙ එයා මාව ප්‍රතික්ෂේප කරපු
කාලයෙ... ඒ කාලයේ මට දිගට ලියන්න පුළුවන් වුණා.. කවියෙක් වුණාට පස්සෙ එයා
මට ආදරය පළ කළා.. ඒත් දැන් මම කැමතියි එයාගෙ ආදරය පිළිඅරන් සතුටු වෙන එකට
වඩා මේ විරහව තුළ රැදෙන්න..මට කවි ලියන්න පුලුවන් එතකොටයි..
යහළුවාගේ කතාව ඔහුට කල්පනා ලෝකයේ සැරිසරන්නන් හෙවත් රචකයාගේ ලේඛකයාගේ සහ
රසවන්තයාගේ කාර්යභාරය යනු කුමක්ද යන්න පිළිබඳ කදිම පාඩමක්
විය. කොන්ස්තන්තීන් පවුස්තවුස්කිගේ රන්රෝස කෘතියෙහි එන ෂෝන් ෂාමීට් විසින්
සුසේන් කෙරේ දක්වන ආලය කෙබඳුද? එය අරුමැසි ප්‍රේමයකි. ඔහු ඇගේ ජීවිතයේ
අරමුණු අහුරා ගන්නකු නොවෙයි. නමුත් ඇයගේ සන්තුෂ්ටිය පවතින සිහිනය සපුරා දෙන
අටින් ස්වකීය ජීවිතය වැය කරයි. ෂෘමීට් රන් සාප්පු අතුගා ඉවතලන කුණු පොලා
එකතු කර තනන රන් රෝසමල වඩාත් බබළන්නේ ද එබැවිනි. ප්‍රේමය යනු විප්‍රවාසී
වීමේ මරණී්ය වේදනාව තුළීන් රසවන්තයකු, ලේඛකයකු හෝ දාර්ශනිකයකු බිහිකරන
මාවතයි. එය පසුකලක දයාවේත් භක්තියේත් අනුස්මරණයේත් දර්ශනයක්ව
විශ්වකේන්ද්රීයව පවතිනු ඇත..
- උපේක්ෂා නුවන්ශ්‍රීනි -
Anonymoushttp://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.com16tag:blogger.com,1999:blog-2935389719227384022.post-37519694599650033872017-01-01T20:43:00.000-08:002017-01-01T20:43:05.396-08:00තෑග්ගක බරපතල කම
ඊයේ මොහොමඩ් ෆර්ෂාන් නමින් සමාජ සේවකයකු ලෙස පෙනී සිටිමින් ජනතාව මුලා
කරන වංචනිකයකු, ජංගම දුරකථනයක් ලබා ගැනීමක් සම්බන්ධව ප්‍රශ්න කරද්දී, ඔහු
මගෙන් මෙසේ ඇසුවේය.
ඒක තෑග්ගක්.. ඇයි? ඔයාට තෑගි ලැබිලා නැද්ද?
ෆර්ෂාන්ගේ ක්‍රියාව වංචාවකි. එයට නිසි පිළිතුරු ලබා දී රාත්‍රියෙහි ඇදෙහි
වැතිරී දෙනෙත පියා ගත් මම, මා විසින් ජීවිතයෙහි ලද ත්යාගන් පිළිබඳව කෙමෙන්
සිහිපත් කළෙමි්. කුඩා විය වැඩුණු විය ආදී හැම අවදියම කෙමෙන් නිරාවරණය වන
විට ඒ තිළිණ ලද සෑම මොහොතකම ඉසුයුම් සිනහවක් හදවතෙහි නැගෙන්නට විය .එය
අතිශය සාමකාමී සහ නිදහස් හැගීමකි. නමුත් ඒ සියලු සමරු සටහන් එකින් එක
මනසින් කියවා බිමින් තැබූ විට හදවතෙහි වූයේ පරිපූර්ණ හිස් බවකි. හරියටම
ක්රමාණුකූලව නොඇසි රෑ අල්මාරියක් මුළුමණින්ම හිස් කළාක් බදු හැගීමකි. ඉන්
පසු මම මට වඩාත් අනුස්මරණීය ත්‍යාග මොනවාදැයි හදවතින් ප්‍රශ්න කළෙමි.
කුඩා කාලයේ දී බටපොළ නගරයෙ තිබූ මහපොළ සැණකෙලියක් බලන්නට තාත්තා මා කැටුව
ගියේය. එය විසල් සැණකෙළි භූමියකි. එහි විසිතුරු බඩු භාණ්ඩ සෙල්ලම් බඩු
අනන්ත තිබුණේය. මම එවිට කුඩා දැරියක වීමි. මගේ උසට සරිලන ටෙඩී බෙයාර්ලා ,
ඇවිදින හාවෝ ආදී මේ අනේකවිධ බඩු භාණ්ඩ පිරුණු කඩ අතර තාත්තා මා රැගෙන
ගියේය..මගේ වයසේ දැරියගේ සිත එකවර පැහැර ගන්නා තරම් ලස්සන සෙල්ලම් බඩු එම
සාප්පුවල පිරී තිබුණි.
පුතේ.. ඔයාට මොනවද ඕනේ?
ඒ සෑම තැනකම නතර
වූ තාත්තා ඇසුවේ ආදරයෙනි. මම සියල්ල නිහඩව නැරඹීමි. නමුත් හදවතට උරා
ගන්නා භාවාත්මක බවක් ඒ කිසිවක නොදුටුවෙමි. අවසානයේ වීථියෙහි කෙළවරක වූ
අදුරු කඩයක වූ වීදුරු සෝකේසයක කිළුටු සුදු පැහැ හාවෙක් දෑස් දල්වා බලා
සිටිනු දැක්කෙමි. සිරුර අවපැහැ වුවද උගේ මුහුණ පුදුමාකාර ආදරණීයෙ
මුහුණකි. සුරතල් සත්වයාට තිබුණේ කිසිකලෙක අමතක නොවන තරම් දයාබර දෑසකි.
සැබැවින්ම ඒ මුහුණ ජීවියෙන් ගැහෙමින් තිබුණේය. කිසිවකුගේ අවධානයට පාත්‍ර
නොවූ වූ ඒ කිලිටි පැහැ රෙදි හාවා මගේ ඉල්ලීම නිසා තාත්තා මට මිලදී ගෙන
දුන්නේය.
ගෙදර ගෙනා මම ඌව නාවා පිරිසිදු කර වේලා පොලීතීන් ආවරණයක තබා
සුරක්ෂිතව තැබුවෙමි. මම ඌට පුදුමාකාරව ආදරය කළෙමි. ජීවිතයේ අතිශය වේදනාබර
මොහොතක් පසු කළ හැම වතාවකම මම හාවා සමග මගේ දුක කීමි. ඌ සැණකෙළියේ සිටි ලාබ
සහ කිලිටි සහ දුප්පත්ම ක්‍රීඩා භාණ්ඩය වුවද එය මගේ සිත්ගත්තේය. ඒ ඇයි?
මේ දෙවන සිදු වීම වූයේද ගාල්ල නගරයේ තිබූ කානිවල් එකකදීය. සාමාන්‍යයෙන්
සැණකෙළි නැරඹීමට එතරම් ප්‍රියතාවක් නොදැක්වුවද, තාත්තා එදින මා එහි රැගෙන
ගියේය. අප පුරුදු ලෙස විසිතුරු භාණ්ඩ නැරඹීමු. එවිට මම වයස අවුරුදු දහහතරක
පමණ දැරියක්ව සිටියෙමි. රෝස කම්මුල් සහිත බෝනික්කන්, හාවන් ආදී නේක
විසිතුරු භාණ්ඩ පහු කළද පෙර මෙන්ම හදවතට නොදැනෙන ස්වභාවයක් මට දැණින. මම ඒ
කිසිවක් තාත්තාගෙන් නොඉල්ලීමි. කෙළවරේ දූවිලි පිරුණ සාප්පුවක වීදුරු
කැබිනට්ටුවේ වූ අලංකාර වීදුරු බෝල කිහිපයක් මගේ සිත ගත්තේය.
ජිල් බෝල
වශයෙන් හදුන්වන මේ කුඩා වීදුරු බෝල ප්‍රීතිමත් කුමාරයා නම් වූ සුරංගනා
කතන්දරයේ එන ප්‍රීතිමත් කුමාරයාගේ ඇස් මෙන් තද නිල් පාටින්
බැබළුණේය. මට මේව ඕනෑ තාත්තේ..මම කෙදිරීමි.මගේ හැටි දන්නා තාත්තා පුරුදු
ලෙස සිනාසී මට එය අරන් දුන්නේය. එය ද ලාබම ත්‍යාගයකි. නමුත් තිළිණයක
බරපතලකම වන්නේ මූල්‍යමය අගය නොවේ. ඉන් හදවතට එකතුවන භාවාත්මක
ප්රහර්ෂයයි.
මේ සිදුවීම සිදු වන්නේ මා විශ්ව විද්‍යාලයට තේරී
නිවසෙහි ඉන්නා කාලයෙහිය. ඔය කාලයේ ගමේ අඩුකුලේ යයි සම්මත පවුලක ගැහැනියකගේ
පුත්‍රයකුට ශිෂ්‍යත්වයට ගණිතය උගන්වන්නැයි තාත්තා කී නිසා මම එයට කැමති
වීමි. ඉතින් මම මහත් ආදරයෙන් ඔහු කරේ කැප වීමි. ඔහු ඉතා දක්ෂ ශිෂ්‍යයකු
විය.අවසානයේ ගමේ සියලු දෙනාගේ කටවල් වසමින් ඔහු ලකුණු 159 ගෙන ගමේ පාසලෙන්
ශිෂ්‍යත්වය සමත් වූ පළමුවැන්නා විය. මම මහත් සතුටට පත්වීමි. කාලය ගෙවී
ගියේය. මම විශ්ව විද්‍යාලයට යා යුතු දිනය එළඹිණි.
අම්මාත් තාත්තාත් සමග
නිවසින් පිටත් වන්නට සූදානම් මොහොතේ, කලබලයෙන් දිව එන ගැහැණියක දැක මදක්
නතරවන ලෙස තාත්තාට කීමි. ඒ අර දරුවාගේ අම්මාය. ඇය සිය පුතුද සමග වේගයෙන් මා
දෙසට දිව ආවාය. ඇගේ පුතු රිජීෆෝම් වලින් තමාම සැකසූ රෝසමල් පොකුරක් මාතට
දී වැන්දේය. ඇය මගේ අතට පිරිත් නූලක් ගුලි කළාය. එදා ඔවුන්ට දෙන්නට තිබුණේ
එපමණක් බව මම දනිමි. එවෙලෙහි මගේ දෑස් තෙත් විය. ඒ පිරිත් නූලත් , රෝසමල්
පොකුරත් තවමත් මාළග තිබේ.
අද ඒ දරුවා මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු
ශිෂ්‍යයෙකි.(දැන් අවුට් වී ඇත) ඔහු ශිෂ්‍යත්වයට පසු අනෙක් සෑම කඩයිමක්ම
සමත් වූයේ ඉතාම උසස් ලෙසය.නමුත් මගේ හදවතට සතුට ගෙනාවේ ඔහු ශිෂ්‍යත්වය සමත්
ළුූ මොහොතයි. ජීවිතයේ භෞතික වටිනාකම් ඇති බොහෝ දේ ඉවත් කර මා මෙවන් දෑ ළග
තබා ගත්තේ ඇයි? ඒ ද්‍රව්‍යාත්මක සිහිවටනය හා බැඳුනු අනුස්මරණයේ ඇති වටිනාකම
නිසාය.
පසුගිය කාලයේ කැළඹිලි කාර සහ වේදනාබරව ගෙවා දැමූ යුගයේ මම
අධ්‍යයන කටයුත්තක් සදහා සිනමා පට වගයක් අවශ්ය්ය යයි ෆේස් බුක් ගිණුමෙහි
දැන්වීමක් පල කළෙමි. එක්තරා අවස්ථාවක මට එය ලැබුනේ සිතා ගත නොහැකි
අන්දමටය. ඒ සිදුවීම මා පුදුමයට පත් කළා පමණක් නොව මනුෂ්‍ය සම්බන්ධතා
හැදෑරිය යුත්තක් බවට පසක් කළේය. පසුගිය කාලයේ දිනක එබදුම ලෙස මට කෙටිකතා
පොතක් ත්‍යාග ලැබුණේය. එය ද මා ලද ආශ්චර්යමත්ම ත්‍යාගයක් විය.
පසු ගිය සති
කිහිපයේ දැඩිව ගිලන් වූූ විටදීත් මම එය රෝහලට රැගෙන ගියෙමි.මරණයේ වේදනාව
එබදු සුන්දර සිහිවටන වලින් සමනය වන්නේ පුදුමාකාර ලෙසය. මිනිසුන් ජීවිතියේ
අනාරක්ෂිත අවධියක රැගෙන යන්නේ තමා වඩාත් ආදරය කරන දේවල්ය. ආදරයට පදනම්
වන්නේ ආශාව නොවේ. සැබැවින්ම ජීවිතය ඇත්තේ කුඩා දේවල්වලය. මට ඉසුරු
බුද්ධිකගේ අම්මා කියූ කතාවක් සිහිපත් විය.
දුවේ දවසක් කන්ද නාය
යන්න වගේ ආවා. දරුවො කවුරුත් ගෙදර හිටියෙ නැහැ.මම අතට ගත්තෙ කිසි දෙයක්
නෙමේ . මෙන්න මේ පූස් පැටවු තුන්දෙනා..
තිළිණයක බරපතල කම වන්නේ
අනුස්මරණීය වටිනාකමයි. එය අපට ලබා දුන් තැනැත්තා සහ අවස්ථාව විසින් අපේ
ජීවිතයේ අත්පත් කරගෙන ඇති ස්ථානය අනුවයි. මූළ්‍යමය අගය මත භෞතික
පංචස්කන්ද ගොඩගහගන්නෝ සෑම විටම සැබෑ ජීවිතය අත්හරිති. රැස් කිරීම නම්
පරමාර්ථය හඹා යමින් ස්වකීය ජීවිතයම ගෙවා දැමුවද අවසානයේ ඔවුහු කිසිවක්ම
නොලබති.
- උපේක්ෂා නුවන්ශ්‍රීනි -
Anonymoushttp://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.com20tag:blogger.com,1999:blog-2935389719227384022.post-81207235315671819082016-12-31T01:25:00.000-08:002016-12-31T01:25:42.422-08:00සිත් ගැනීමේ කලාව සහ සමාජ අවරෝධනය
සිත් ගැනීමද පෙම් බැඳීම ද කලාවකි. මේ දෙකම හරියාකාරව ජීවිතය තුළ භාවිතා
කිරීම අපහසු කාරණාවකි. සිත් ගන්නා සුළු මිනිසා විටක ප්‍රේමණියය. ඒ් ලගන්නා
සුළු බව නිසා ඇතැම් මනුෂ්‍යයන් අපේ හදවත් තුළ සදා අනුස්මරණීය වේ.. නමුත්
මෙහි වඩා භයානක පැත්තක් ද පවතී. ඒනම් සිත් ගන්නා සුළු බව වංචනිකයන්
විසින් සමාජ අවෙරා්ධනයන් සදහා භාවිතා කිරීමට හැකි අවධානමයි. අනුහාසාත්මක
නායකත්වය නොහොත් ආකර්ශනය පදනම් ව ගොඩනැගෙන නායකත්වය, මහත් සේ භයානකය. එය ලෝක
ඉතිහාසය දෙස නැවත හැරී බැලීමෙන් වටහා ගත හැකිය.
අනෙකාගේ සිත්
ගැනීමට නම් පළමුව අනෙකා කියවීමට හැකියාවක් තිබිය යුතුය. ශාරීරික චර්යාවන්
කියවීමෙන් සමීපතමයා වටහා ගැනීම දක්ෂතාවකි. එම දක්ෂතාව වඩාත් ප්‍රගුණ කර
ඇත්තේ මහපොළව සමග බැට කෑ මිනිසුන්ය. ගණිකාවෝ, පික්පොකට් කාරයෝ සිය
ගණුදෙණුකරුවා හෝ ගොදුර තෝරා ගැනීමට මත්තෙන් අනෙකාව මනසින් කියවති.
වරක්
පදික වේදිකාවේ පොකට් ගසන කොලුවකුගෙන් අපි ඔහුගේ එදිනෙදා චර්යාව ගැන විමසා
බැලුවෙමු. (අධ්‍යයනයක් සදහා) එහිදී අනාවරණය වූයේ ඔහු ස්වකීය ගොදුර කෙරේ
ලංවීමට ප්‍රබල සාධකය ලෙස Eye Contact යන්න භාවිතා කරන බවයි. සෘජුව දෑස දෙස
බලන්නන් අමාරු කාරයන් බවත්, මුහුණ නොදෙන කුලෑටියන් පහසුවෙන් හසු කරගත හැකි
බවත් ඔහුගේ අදහස විය. සිත් ගැනීඹ හරහා ලෝක ඉතිහාසය තුළ කළු පැල්ලම් ඉතිරි
කර ගිය කිහිප දෙනෙක් ගේ චරිත ලක්ෂන විමසා බලමු.
01.වෛද්‍ය ජෝසප් මෙංග්ලේ
ඔහු හිට්ලර්ගේ ආදරණීය සේවකයාය. ඖච්විටිස් නම් වූ ඒ වධකාරයේ ප්‍රධාන වෛද්‍ය
වරයා වූයේ මෙංග්ලේය. වධකදවුරට මනුෂ්‍යයන් ඇතුලු කරගැනීමේදී මරණයට කැප
කරන්නන් සහ වැඩ බිමට යොමු කරන්නන් තෝරුවේ මෙම වෛද්‍ය වරයාය. මරණයට කැප නොවී
ජීවිතය බේරා ගත් එක් මාද්‍යවේදිනියක් පසු කලෙක මෙසේ පවසා තිබුණි්.
ඔහු හරියට ග්‍රීක ප්‍රතිමාවක් වගේ. දැක්ක ගමන් වසගයට පත්වෙනවා. ඔහු අතින්
මැරුණුත් කමක් නැහැ වගේ හැගීමක් එන්නේ.. ඔහුගෙ කතාව හැසිරීම සේරම.. මගේ වයස
එතකොට 16යි ..නමුත් 18ට වැඩි බව පේන්න, මගෙ අම්මා මගෙ ඔලුවට රෙද්දක්
දැම්මා. අම්මලා ගියේ මරණය හොයා ගෙන.. මේ හැම සිදුවීමක්ම දැන් සිදුවෙලා
ඉවරයි. ඒත් මෙංග්ලේ මතක් වෙද්දි සියුම් තිගැස්මක් ඇති වෙනවා. ඔහු ග්‍රීක
ප්‍රතිමාවක් වගේ..
ජෝසප් මෙංග්ලේ මනුෂ්‍යයන් අමු අමුවේ කුරිරු
වෛද්‍ය පර්යේෂන සදහා යොදා ගත් මානසික රෝගියෙක් විය. නමුත් ප්‍රාණ ඇපකාරයන්
තිගැස්සීමකට බදුන් කරන කාය ලක්ෂණ ඔහු සතු විය. එම සම්පත්තීන් සහ කාය
ව්යවච්චේදන විද්‍යාව පිළිබද ඇති ඥානය ලෝකයේ දියුණුවට යොමු කළානම්,
මෙංග්ලේ තබා යන්නේ වෙනම ලකුණකි. නමුත් ඔහු අද වන විට ලෝකයේ කුරිරුම මිනිසා
යන ලකුණ තබා නික්ම ගොසිනි.
02. වේළුපිල්ලෙයි ප්රභාකරන්
ප්රභාකරන් ගැන මට අමුතුවෙන් ලිය්නනට දෙයක් නැත. ඔහු අතුරු කරයේ ජනතාවගේ
වීරයක් විය. ඔහුට පණ දෙන්නට තරම් අදාරය කරන පිරිසක් නිර්මාණය වූයේ නිකම්
නොවේ. සිය පෞර්ෂ්‍ය මෙන්ම අනෙකාගේ සිත් ගැනීමේ කලාවද ඔහු මනාව දැන හදුනා
සිටි නායකයකු විය. නමුත් ඕනැම උත්සහයක් ව්‍යාපාරයක් වූ තැන සත්‍ය අරමුණු
විසුණු වී යයි. තම අනුගාමිකයන් දුක් විදිද්දී නායකයා සැප ගන්නා තැනට අවසන්
මොහොත එළඹියේ එනිසාය. ඇදහීම් වල අති භයානක ඵලය වන්නේ තමා විනාස වුවද ඇදහීම
විනාස කරගන්නට මනුෂ්‍යයා අපොහොසත් ළුීමයි.
03. සක්විති රණසිංහ
චන්දන පුෂ්පකුමාර සක්විති රණසිංහ වූයේ, මිනිසුන්ගේ හදවතෙහි තැන්පත් ළුීමට
නාමකරණය හෙවත් පුද්ගල සන්නම කෙතෙක් දුරට බලපාතිද යන්න මනාව හදුනාගෙනය. මේ
සිත් ගන්නා පුද්ගලයෝ අතිශූරයෝය. ඔවුහු කතාවට මෙන්ම ක්‍රියාවටද අති ශූරයෝ
වෙති. දුෂ්කර ගමක දුගී පවුලකින් කොළමට එන චන්දන, තැනින් තැන නැවතී ඉගන ගන්නා
ඉංග්‍රිසියෙන්, කොළඹ නගරයේ ප්‍රධාන ගුරුවරයකු වීමම විශ්මකර්ම වැඩකි. නමුත්
ඇදහීම් සහ වන්දනාකරුවන් විසින් සිදු කරන්නේ නායකයාට නොමග යන්නට ඇති අවධානම
වැඩිකිරීමයි. සමාජ බලය සහ ධනය නිසා අවසානයේ සිදු වූයේ කුමක්ද?
මෙහෙකරුවාට
හරියට කන්නට අදින්නට නොදෙන අය පවා, මොහුට කෝටි ගණන් පුදා තිබුණි. එකල ඉව
වැටුණු තැනැත්තෝ මේ ගැන හෙළි දරව් කළහ. නමුත් මිනිසුන් තම වන්දනාවෙන් මුදවා
ගැනීම යනු අති දුස්කර කාර්යයකි. අවස්න මොහොත එනකල්ම මල පුඩුවක හිර ළුී
සිටින බව ඔවුහු වටහා නොගත්තහ.
04. මොහොමඩ් ෆර්ෂාන්
ඉහත කතා කළ තිදෙනාම සන්තක පොදු ගතිගුණ ෆර්ෂාන් සතුය. ඔහු සතු පුද්ගල
ආකර්ශනය සහ වැඩ කිරීමේ දක්ෂතාවද ඒවා අතරින් කැපී පෙනේ. එමෙන්ම නියගයකදී ජල
බවුසර වෙලදාම මෙන් අවශ්‍යතාවය ඇති වූ තැන ප්‍රතිරූපය සකසා ගැනීඹ ඔහුගේ
දක්ෂතාව විය. ඔහු එය සිදු කළේ අති සූක්ෂම ලෙසයි.
( I ) විල්පත්තු වන
සංහාරය සිදු කලේ ඔහුට පක්ෂ ඇමතිවරයෙකි. ඒ අවස්ථාවේ ඔහු අපේ සිංහලයන්ගේ එක්
දුර්වලතාවක් හදුනාගත්තේය. සිංහලයා කැමති ඕනැම එකෙක් තමාට පක්ෂ වීමය.තමා
වර්ණනා කිරීමය. ෆර්ෂාන් මෙතනදී සිංහලයාට පක්ෂවිය. වන සංහාරයට එරෙහි වූයේ
මුස්ලිම් ජාතික ඇමතිට එරෙහි වන වීරයෙකු ලෙසයි. ඉන් මිනිසුන් ඔහුවටා එක්
ළුූහ. ඔහු "බැක් ටු ග්‍රීන්" නම් අනෙකෙකුගේ ව්‍යාපෘතියක් හයි ජැක් කර, "ග්‍රීන්
ඕගස්ට්" ලෙස අන්‍ය ව්‍යාපෘතියකට අත ගසන තුරුම, සියල්ලෝ ඔහුට වසග වී සිටියහ.
ෆර්ෂාන්ද සක්විති මෙන්ම හොරකු බවට මගේ නම් මුල සිටම සැකයක් තිබිණි. මන්ද
හොරකු මෙන්ම තක්කඩියකු වන්නට උවමනා සමාජීය අමුද්‍රව්‍ය සිය්ලලම ඔහු මේ වන
විට සපුරාගෙන තිබුණි. එන්ම් දේහපාලන බලය, පිරිස් බලය, අම්පාර වැනි දුෂ්කර
ගම්වල වැසියන්ගේ ජන බලය, ඔහු එක්තැන් කරගත්තේ ඒ මිනිසුන් අපේක්ෂා කරන දේ
මනස් ගත කිරීමෙනි. ඔහු සිංහලයන් අගය කරන මුස්ලිම් කොල්ලකු විය. ප්‍රතිරූපයක්
ගොඩනගා ගත් පසු ස්වකීය සැබෑ ස්වරූපය තවදුරටත් වසන් කරගන්නට ෆර්ෂාන්ට
නොහැකි විය.
සක්විත් රණසිංහ විවාහ කරගත්තේ බෝඩින් අයිතිකාරියගේ දියණිය
දූෂණය කර බය ගැන්වීමෙන් ඉක්බිතිය. ෆර්ෂාන්ද ස්වකීය පැවැත්මට ආධාර වීඹ සදහා
අසංගි විජේසූරිය නම් සිංහල තරුණියක ආධාර යේ තබා ගනී. මේ වන විට ෆර්ෂාන්
විසින් ව්‍යාජ තොරතුරු සපයා මුදල් ලබ ගත් අයගේ කෙතාරතුරු විශාල වශයෙන්
අනාවරණය වෙමින් පවතී, ඔහු ඉලක්ක කොට ගන්නේ, පොලීෂි ගානේ රස්තියාදු විය
නොහැකි විදේහගත පිරිස්ය.
ඔවුන්ගෙන් මුදල් ගලබාගත් විගස අන්ප්‍රෙන්ඩ්
කර දමයි. ඊයේ පැමිණි තොරතුරක් අනුව, බෑග් සක්ස් කරන කන්සෙප්ට් එකද ඩුබායිහි
සේවය කරන අයකුගෙන් කළ හොරකමකි. නමුත් කෙතරම් තොරතුරු අනාවරණය කළත්, තවමත්
අදහන පිරිස තමා රැවටුණ බව පිලිගැනීමට සූදානම් නැත.
නියම සමාජසේවකයා යනු කවරෙක්ද?
1. ෆර්ශාන් තමන්ගේ මවටත් වඩා සමාජ සේවයට ලැදි බව කියයි. තමා සමාජ සේවකයෙක්
ලෙසද හඳුන්වා ගනී. ඇත්තටම ඔහු සමාජ සේවකයෙක් නෙවේ. ඔහු සමාජ සේවයෙන්
යපෙන්නෙකි. ඔහු රැකියාවක් නොකරයි. ඔහු ජිවත් වන්නේ, පිහිටක් අවැසි මිනිසුන්ට
පිහිටක් වීමට දානපතියන් එවන මුදලිනි.
2. ෆර්ශාන් මීට පෙර
අවස්ථාවන්හිදී මිනිස්සුන්ගෙන් ණයට ගත් මුදල් පියවා නැත. ගත් ණයක් පෙරළා
ගෙවීමට හෝ ඔහුට ආර්ථික ශක්තිය නැතිය කියමින් එය ගෙවන්නට කියා තව අයකුගෙන්
ඉල්ලයි. එය එසේ නම්, ඔහු කල යුත්තේ සමාජසේවා කටයුතු වල අතරමැදි භූමිකාව රඟා
ෆේස්බුක් වීරයෙක් වීම නොව, තමන්ගේ ආර්ථික ප්‍රශ්න වලින් ගොඩ ඒමට, හරි හමන්
රැකියාවක හෝ කිසියම් ව්‍යාපාරයක නිරතවීමය. ඉන් උපයා ගත් ණය තුරුස් පියවා
දැමීමය. එයම සමාජ මෙහෙවරකි. මොකද ඔහුට ණය දුන් සියල්ලෝ කෝටිපතියෝ නොවෙති.
3. සැබෑ සමාජ සේවකයා යනු සමාජයට බරක් නොවී යමක් උපයා ගන්නා.., එමෙන්ම උපයන
දෙයින් උදව් අවැසි පුද්ගලයන්ට උදව් කරනා මිනිසුන්ය. කිසිවක් හරි හම්බ නොකොට
( කිසිදු විනිවිද භාවකින් තොරව) අනුන්ගේ බඩු බෙදා හරින්නා, සමාජ සේවකයා නොව,
සමාජ සේවා සම්බන්ධිකාරක වරයාය? නියම සමාජ සේවකයා දුක නිවන්නා මිස...දුක
මාර්කට් කරන්නා නොවේ.
සමාජ සංවිධාන වලට මුදල් දීමේදී මහජනතාවගේ වගකීම..
01. කිසියම් සමාජ සත්කාර්යයක් සදහා සමාජ සංවිධානයකින් මුදල් එකතු ඛළ
හැක්කේ සමාජ සේවා අමාත්‍යංශය යටතේ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හෝ
සමාගමක් ලෙස සමාගම් පනතෙහි ලියාපදිංචි වීමෙනි. නමුත් ෆර්ෂාන් මුදල් ලබා
ගන්නේ, ස්වඛීය පෞද්ගලික ගිණුම් අංකයටය. වලංගු රිසිට් පතක්, වගකිව යුතු
කණ්ඩායමක් නැති කිසිම ආයතනයකට මුදල් ලබා දීම නොකළ යුතුය.
02. ඇතැම්
විට මෙවන් පුද්ගලයෝ දේහපාලන සහ සමාජ බලය භාවිතා කොට සමාජයේ වගකිව යුතු
පුද්ගලයෝද ස්වකීය ගොදුරක් බවට පත් කරගනිති. සක්විති රණසිංහ විසින් එඩ්වින්
ආරියදාස මහතා බාවිතා කිරීම දැක්විය හැකිය. ඒ නිසා ෆර්ෂාන්ට අහවලා පක්ෂ
නේදැයි සිතා තමා ගොදුරට හසු නොවිය යුතුය. වඩා හොදදේ අනුගාමිකයන් බවට පත්
නොවී, තමා තමාගේ නායකයා වීමය. තමාගේ දෑසට පෙනෙන අන්‍යයාගේ දුක තමාට කෙතරම්
අතපසු වෙනවාද?
බසයට ගොඩ වී, දරුවනක් ඔක්කේ ගසාගෙන කීයක් හෝ හිගන ගැහැනියක
කොම්පැණි හිගන්නෙකැයි කියා අවලාද නගා, ඇයට රැපියලක් නොදෙන අය අනන්තය. නමුත්
ඒ ගැනිගේ දුක මවාගත් එකක් නොවේ. කොම්පැණියට හෝ හිගන්නේ නැති කමටය. දෑසට
පෙනෙන අසරණයන් මග හැර, නොදුටු මිනිසුන් නොඅදහන්න. කිසිවකුට එබ ආධාරයක්
කරනවා නම්, ඒ විපතට පත් තැනැත්තා පිලිබද ග්‍රාම සේවා වසමකින් විමසා දැන, ඔබ
සෘජුව ඒ ආධාරය සිදු කරන්න. ඔබද මමද මාසයක් කන්තෝරු බඩගා උපයන සියල්ල
,ෆර්ෂාන් වැනි තක්කඩියන් එක මැසේජ් එකෙන් උපයන්නේ කෙසේද? අර කවුදෝ කමෙන්ට්
කර තිබුණා මෙන් ඔහු සිත් ඇද ගැනීමේ හොරෙකි. නමුත් සිත හරහා මුදල් වංචා
කිරීම අපට ඇති බරපතල ගැටළුවයි.
- වගකිවයුත්තන්ගේ අවධානය පිණිසයි...!..
- උපේක්ෂා නුවන්ශ්‍රීනි -
Anonymoushttp://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.com10tag:blogger.com,1999:blog-2935389719227384022.post-26384563711417604362016-12-26T21:29:00.002-08:002016-12-26T21:29:47.127-08:00වීරයෙක් මරා මිස අනුස්මරණය කළ නොහැකි ලංකාවේ කෘතගුණ සම්ප්රදාය හා කලාකරුවාගේ භූමිකාව
ලංකාවේ කලාව යනු හිගන්නාගේ ජීවන විලාසයයි. එයට ඇත්තේ එබඳු ස්ථානගත
වීමකි. නමුත් යන්නේ කතරගම බව දැන ගියොත් අතරමං වන්නේ ද නැත.සියුම්ව විග්රහ
කර බැලුව හොත් බොහෝ කලාකරුවන් අවසානයේ දුක්ඛිත ඉරණමකට භාජනය වන්නේ කලාවේ
අවුල් සහගත භාවය නිසා නොවේ. මුදල් කළමණාකරණයේ , මත් පැන් භාවිතයේ සීමාවන්
සහ ස්වකීය ජීවිතය පිළිබදව නිසි වගකීමක් නොමැති වූ නිසාය. තමන්ගේ අවුල
අවසානයේ රටේ අවුලක් කරගැනීමේ හේතු සහගත භාවයක් නැත. තරුණ අවධියේ කෙබදු
මෙහෙයක් කළද තමා අරභයා වන කිසිදු බලපෑමකට ප්‍රතිචාරයක් දැක්විය නොහැකි
තත්වයකට කිසියම් කලාකරුවකු අවසන් අවදියේ පාත්‍ර වනවා නම් එය අතිශය ඛේදජනක
තත්වයකි. මේ වීරයන් සැමරීමේ උත්සවය නිසා ස්වකීය වීරත්වය නැත්තටම නැති
කරගන්නට සිදු වූයේ සුනිල් මාධව ප්‍රේමතිලකටය.
එකී උත්සවය වඩා එකතු ව සිටි
පිරිස ඔහුගේ ජීවන මෙමෙහවර හෝ කලාවේ භාෂාදියේ භාවිතය පවා නොදුටු උඩින් පාත්
වූ පිරිසක් බව දුටු මොහොතේම මම සියල්ල තේරුම් ගෙන පසෙකට වීමි. නමුත් දැන්
මේ පිලිබද ඒ කණ්ඩායම් වලින්ම බිදී ගිය පිරිස් විවිධ චෝදනා නගති. නමුත් මෙය
සාමුහික සිදුවීමකි. එක්කෙනෙකුට හෝ දෙදෙනෙකුට ඇගිල්ල දිගු කර කිසිවකුට
ගැලවෙන්නට හැකියයි නොසිතමි. නිස්සරණාධ්‍යාශයෙන් මිනිසුන් දුන් මුදල්
අවභාවිතාවකට ලක් වී නම් කලාකෙතට දිය දෝතක් නමින් මුදල් එකතු කළ චන්දන
ගුණසේකර ඇතුළු කණ්ඩායමම ඒ සම්බන්ධව මහජනතාවට විවෘත සහ ඉතා පැහැදිලි
පිළිතුරක් ලබා දිය යුතුය.
උත්සවයේ වීඩියෝ සහ ජායාරූප සදහා හතළිස් දහසක පමණ
මුදල් ලැබී තිබියදීත් තමාට උත්සවයේ ජායාරූපයක් වත් නොලැබුණු බව සුනිල්
අයියාගේ නිවස තුළින්ම මගේ කණටම ඇසෙද්දී මම නිහඩව සිටියෙමි.මේ සමස්ත
සිදුවීමේ දී අන්‍යයන්ට පාවිච්චි නොවීමේ වගකීම සුනිල් මාධවටත් තිබිය යුතුය.
ඔහු ශාරීරිකව පිරිහුණු බව ඇත්තය. නමුත් මානසික තත්වයෙන් ශක්තිමත් විය
යුතුය. තමාට ලංවෙන සැටියෙන්ම සතා කවුදැයි වටහා ගන්නට ශක්තියක් නොමැතිනම් එය
මහත් ඛේදවාචකයකි. සහෘදයා සහ කලාකරුවා තුළ පැන නගින ප්‍රේමය සත්‍ය වශයෙන්ම
අතිශය ගැඹුරුය. එය තාවකාලික වාසියට මුදල් ගැරිල්ලට ඇති වන්නක් නොවේ. එවන්
ගැඹුරක් ඇති වන්නේ ඒ කලාකරුවාගේ නිර්මාණ කෙරේ ඇතුලාන්තයෙන්ම බැදී ඇත්නම්
පමණි. මම එසේ අනන්ත බැදී ඇත්තෙමි. එවන් ආදරයක් ඇති වූ විටක ඒ කලාකරුවා මිය
ගියද මගේ හදවතේ කිසිදු වෙනසක් ඒ හැගීම කෙරේ ඇති නොවේ.සිරිල් සී.පෙරේරා
වියාතාණන් කෙරේ උපන් හැගීමද එබදුය.
අදටත් මම දවස අරඹන්නේ ඔහුගේ
පරිවර්තන කෘතියක කොටසක් කියවීමෙනි. මා ඒපොත් ටික තබා ඇත්තේ වෙනමමය. තවත් මට
සොයා ගන්නට නොහැකි වූ ඔහුගේ පොත් ඇති බව මා දැන ගත්තේ එබදුම වියතුන්
කෙනෙක්ගෙනි. දැනුම් සාගරයක් බදු මිනිසකු හමු වූ විට මම ඔහුව අතනොහරිමි. බඩ
බැදගෙන රකිමි. ඒ හදවතින්මය. ඔය කියන කණ්යඩායම් සරිල් මහතාගේ ගෙවල් පැත්තට
ගියානම් පෝස්ට් දමමින් නොසිට කීයක් හෝ වියදම් කර මාස කිහිපයක් ඇදේ ඉන්නට
බෙහෙත් දීමට සිතා ගෙන අපි සිටියෙමු.
සිරිල්.සී මහතා ද කෙතෙරම් රෝගාතුර වුවද
ගොදුරු නොවී සිටීමේ ප්‍රතිපත්තියෙහිම සිටියේය.කෙනෙකු බේරා ගැනීමට නම්
ඔහුගේ සහය ද අපට අවැසිය. නැත්නම් ඒක පාර්ශ්ළුීය සටනකින් ඇති පලක් නැත. තම
ධෛවය විශිෂ්ට ලෙස දිනූ තවත් එබදුම මිනිසකු ලෙස සිහිපත් වන්නේ ලාල්
හෑගොඩයන්ය.ඔහු ස්වකීය රෝගය ජයගත්තේ පුදුමකාරවය. රෝද පුටුවේ සිටියේ දවසක්
හෝ දෙකකි. චිත්ත ධෛර්යයෙන්ම නැගී සිටියේය. මම සාමාන්‍යයෙන් සර් (Sir) යන
යෙදුම අනෙකකු උදෙසා ජීවිතයේ භාවිතා කළේ තුන් අවස්ථාවකි. ඒ මේ නම් සඳහන්
දෙදනාත් ඇතුළුවය. ආයතනයේ ප්රධානින්ටවත් එසේ නොයොදමි. ගෞරවය බලයෙන්
ලබාගන්නට නොහැකිය. පෞර්ෂය බිඳවැටුණු විට සිදුවන්නේ තමා සමාජය තුළ
අවභාවිතාවීමයි.
ජයලත් මනෝරත්නයන් තල මල පිපිලා නට්‍යයෙන් සම්මාන සහ උපහාර
මුවාවෙන් කලාකරුවාට සිදු කරන පරිහාණිය පිළිබඳ ඉගියක් ලබාදුන්නේය .යැපීම
පිළිබද අරගලයේදී අනෙකාගේ සරණ නොයන තැනට තමා ස්වාධීන විය යුතුය. ස්වකීය
ජීවිතය ගැන වගකීමක් නැති තැන මිනිසකුගේ සමාජ භූමිකාව ද වටිනාකමෙන් තොර
වූවක් බවට පත්වේ.
මේ වන විට සෝමතිලික ජයමහ,බොබී. ජී බොතේජු වැනි
කලාකරුවන් සහෘදයාගේ ආදරය අවශ්‍ය අවධියක විවේකී ව සහ හුදකලාව ස්වකීය
සන්ධ්‍යාභාගය ගත කරති.මෙවන් මිනිසුන් අපේක්ෂා කරන්නේ තමා කළ කලාකටයුතු කෙරේ
වර්තමානයේ ඇති අවධානය මිස අනෙකක් නොවේ. බොබී. ජී. බොතේජු මහතා සිරිල් සී
පෙරේරා මහතා මෙන්ම අති දක්ෂ පරිවර්තකයකු විය. අද ඔහු තරමක් අසනීප තත්වයෙන්
පසුවෙයි. එබදු මිනිසුන් ඇසුරු කරනවානම් පළමුව ඔවුන්ගේ නිර්මාණ සේවනය කළ
යුතුය. මේ අවස්ථාව වන විට මම ද යම් අපහසුතා මැද සිටියත් බොබී ජී.මහතාගේ
පරිවර්තන කිහිපයක් ඔහුගේ අවසරය ඇතිව අන්තර්ජාලයට මුදා හැරීමට තීරණය කරගෙන
සිටිමි.
මේ මිනිසුන් ජාතික උරුමයන්ය. ඔවුන්ගේ වටිනාකම වටහාගෙන ආදරයෙන්
ආරක්ෂා කිරීම මිස කිසිදු විටක බඩවඩාගැනීමේ මාධයයක් කර නොගත යුතුය. නමුත්
ගොදුරු වීමේ ක්‍රියා දාමයේදී ගොදුරු කරගන්නා පමණක් නොව ගොදුර බවට
පත්වන්නාටද සමාජ වගකීමක් තිබිය යුතුය. ඒ තමාගේ වීරත්වය උදෙසා රුපියලක් හෝ
දුන් ජනතාව නොමග යැවීමේ කාර්යාවලියට තමාද වක්‍ර වශයෙන් දායක වී ඇති නිසාය..
- උපේක්ෂා නුවන්ශ්‍රීනි -
Anonymoushttp://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.com10tag:blogger.com,1999:blog-2935389719227384022.post-84715164896754019372016-12-19T18:21:00.001-08:002016-12-19T18:21:38.285-08:00වේදනාවෙන් ඉන්න කොට දැනෙන්නෙ ආදරය කරන මිනිස්සු ..
අද තුන්පාරක් චායගෙ ෆෝන් එකට ගත්තා.. තුන් පාරම ඒ තාත්තා කතා කළේ..
පිස්සු මරගාතයක් කියල හිතන්න ඇති. මලවුන් ජීවත්ව සිටින්නන්ට වඩා සමහර
වෙලාවට හරි ප්‍රබලයි....
මරණය කොයි තරම් උණුසුම්ද චායා
නිශ්චලම කඳුගර්භ විනිවිද
වේදනාබර තාරුකා එළියක්ව නිවෙන්නට ඉඩ ලැබෙන
මරණය මොන තරම් උණුහුම් වෙන්න පුළුවන්ද
ජීවිතය ඇත්තටම ඇල්මැරුණු කවියක්ය
උදෑසන පිළුණු රස ඔක්කාරෙට ගෙනෙන
කන්තෝරු අඩහැරය මැද වේදනා දුක් විදින
කිසිදාක නිම නොවෙන අවලාද කදු පිසින
දුර්වලම සුළගක්ය ඇත්තටම ජීවිතය
නිරුවත්ව වැතිර අයදිමින් ජීවිතය
නාදුනන වෙරළකට ගොඩ ගැසූ මිනියක්ව
සොය සොයා ජීවිතයෙ හිරු එළිය සුවඳක්ව
වේදනාවෙන් පැමිණි මග බොහෝ දුෂ්කරය
සිහිනයක් සේ දැනෙයි මරණ උණුසුම තවම
ඇත්තටම වේදනාවත් විටක කවියක්ය හිත නිවන
ආලෝක ලපයක්ව අවසානයේ පැමිණ
වේදනාවෙන් නිදන නිශ්චලම කදු අතර
හෙමින් සැතපී අදුර මැද ලොවම විනිවිදින
මරණය මොන තරම් උණුසුම් වෙන්න පුළුවන්ද?
- උපේක්ෂා නුවන්ශ්‍රීනි -
Anonymoushttp://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.com8tag:blogger.com,1999:blog-2935389719227384022.post-72651969151392306592016-12-17T21:12:00.000-08:002016-12-17T21:12:04.427-08:00මල් තුහින නොවේ මේ යාපනේ....
නයනහාරී අබේනායකගේ මල් තුහින නොවේ මේ යාපනේ .. ජායාරූප ප්‍රදර්ශනය නිමිත්තෙනි....
අද විශ්ව විද්‍යාලයේ දේශන සඳහා යන විට, පහත මාලයේ ජායාරූප ප්‍රදර්ශනයක්
දුටුවෙමි. කලබලය නිසා උඩින් පල්ලෙන් එක දෙකකට එබී බලද්දීම මට එහි මහා
පුරුදු ගතියක් දැනුණේය.. ලාල් සර්ගෙ වෙන්න ඕන.. ඒ රිද්මයමයි.. මම මට ම
කියාගත්තෙමි.. මා දේශණ ශාලාව වෙත පියමැන්නේ, ජායාරූප වෙතින් ලද ආශ්වාදයද හදවත
කරපින්නාගෙනය.. දේශන අවසන් වී, ධරණීත් මමත් ජායාරූප ශාලාව වෙත පියමැන්නේ, උදේ
ඇති වූ කුතුහලය නිසාමය. ඉතින් අපි මහත් ආශාවෙන් එකින් එකට එබෙමින්, හද ඇද ගත් සේයා රූ ජායාරූපගත කරමින් ආවෙමු. මේ ගමනේදී අපට එක්වරම මුණ
ගැසුණේ කැමරාවක් අත දරාගත් ප්‍රිය ජනක දොඩමළු මිනිසෙකි. ඔහු සිරිපාල
අබේනායකය... මේ ජායාරූප වල සැබෑ හිමිකාරිය ඔහුගේ දියණිය වූ නයනහාරී
අබේනායකය.
නයනහාරිගේ ජායාරූපවල මුඛ්‍ය තේමාව වූයේ, යුද්ධයේ
අප්රසන්නතාව සහ දුක්විදින මනුෂ්‍යා වෙනුවෙන් ඇය වෙත ඇති මනුෂ්‍යත්වයයි.
එකී මනුෂ්‍යත්වය නිකම්ම ජායාරූපයක් බවට පත් නොවීය. ඇගේ සෑම ජායාරූපයක්ම ඇගේ
ගුරුවරයා වූ ලාල් හෑගොඩගේ මෙන්ම, කාව්‍යාත්මක බවකින් සහ ඇයටම උරුම වූ
සාහිත්යයකින්ද පිරී පැවතුණි. යාපනය ප්‍රදේශයේ සරමින් එහි වෙසෙන මිනිසුන්
සමග ස්වකීය ජීවිතය බෙදාගනිමින් ඇය සිය පියා සමග අන්‍යයන්ගේ ජීවිත කියෙවුවේ,
තමන්ගේ ජීවිතයේ බොහෝ දේ තමන් තුළින් ගිලිහී යන්නට ඉඩ හරිමිනි.
හුස්ම ගන්නා
පංචස්කන්ද පමණක් බහුල සමාජයක, ඇය ජීවත් වීමේ පින ලද්දීය. ඇයගේ ජායාරූප
එකතුවෙන්, වඩාත් මා සිත් ගත් ජායාරූපය වන්නේ මෙහි පළමුවන ජායාරූපයයි. එය ඇය
විසින් නම් කර තිබුණේ මහා තොරණ් රාජයා යනුවෙනි. බෞද්ධාගම හරහා මනුෂ්‍යයාට
උරුම කරදුන් සංස්කෘතියේ නායකයා යනු, ඉපයීම් ක්‍රියාවලියට දායක නොවූ
අන්‍යයන්ගේ ශ්‍රමයෙන් යැපෙන, ප්රාතිහාර්යයක් බදු රූප සෝබාවක් සහිත
කිසිවකුට කිසිදා ලංවිය නොහැකි ප්‍රතිරූපයකි. ඒවායේ භෞතික ස්වරූපය පවා
මනුෂ්‍ය ස්වරූපයෙන් පරිභාහිරය.අද්භූතය. වැඩවසම් මානසිකත්වයක් සහිත
කොදෙව් වාසී රටකින්, ඊට වඩා යමක් අපේක්ෂා කරන්නටද අපහසුය.
මහා තොරණ් රාජයාහි
පෙනෙන්නේ කතාවක් නැති සැකිල්ලකි. ඒ සැකිල්ලෙහි රාමු විශාල ගණනකි. එහි
මුදුනේම බෞද්ධ කොඩියක් ලෙලදේ. පටිටම් කඩාගෙන සැකිල්ල අතරින් මතු වී පෙනෙන
වීරයෙකි. හෙතෙම සිදුහතුන්ගේ කුමාර අවධියේ දුෂ්කරක්‍රියා කළ රූපයට සමානය.
සිදුහත් වැනි චරිත දුෂ්කර ක්‍රියා කළේ අත්හදාබැලීම් වශයෙනි. නමුත්, මේ අහිංසක
මිනිසාගේ ජීවිත කතන්දරයේ පූර්වාපර සන්ධි ගලපා සමෝදානය කිරීමට නම්, මේ
දුෂ්කර ක්‍රියාව කළ යුතුය. මෙය ජීවත් වීම වෙනුවෙන් කරන දුස්කර ක්‍රියාවකි.
මේ කතන්දරයේ සන්ධි ගැලපූ විට, බඩගිනිකාර දරුවන් පෝලිමක්, දුක්විදින බිරිදක්,
මතුවනු ඇත. ජායාරූපයක් තුළ ජීවිත කියවීමක් තිබිය යුතුය. ලාල් හෑගොඩට එය
විශිෂ්ට ලෙස තිබුණි. ඔහු හදගමව සහ සුනිල් ආරියරත්නව ජායාරූපයට නැගූ
අන්දමින්ම එය ප්‍රකට කළේය. කිසිදු අඩුවක් නැතිව නයනහාරිටද ඒ ගුණය ඒ
අයුරින්ම පිහිටා තිබේ. ලාල් හෑගොඩයන් විසින්ම කියන අන්දමට, නයනහාරී විසින්
නමේ අරුතින්ම අපේ නෙත් හොරකම් කර ඇත්තීය..
මෙහි දෙවන ජායාරූපය, සහ
තෙවන ජායාරූපය වූ යාපනේ මිරිස් නමැති නිර්මාණ තුළින්, උතුරේ දිවි ගෙවන
සිංහල සහ දමිළ වැසියාගේ දුක්ඛිත ඉරණම නිරූපණය වේ. ඔවුන්ගේ සමස්ත ජීවිතය අද
වන විටත් කටුකම්බි ගසා වට කර ඇත. වසර තිස් ගණනකට ත් වඩා අනාථ කඳවුරු ජීවිත
ගත කරන්නන්ගේ තත්වය අදටත් එසේමය. ඔවුන්ගේ ජීවිත මිරිස්වලටත් වඩා සැරය.
පුපුරු ගහන තරමටය. ඒ වේදනාව දනෙන්නේ හුස්ම ගන්නා කවන්ධයන්ට නෙවේ. හදවතක්
ඇති මිනිසුන්ටය. ඒත් කලාතුරකින්ය.ජාතිවාදී විෂබීජ වපුරන මිනිසුන් අතර ඇයට
පැවැත්ම පිළිබද කාරණාව වඩාත් අපහසු වනු ඇත. නමුත් ඇයට හොද පියෙකු සිටී. ඔහු
දියණියකට කිසිදා ලැබිය නොහැකි තරමේ වටිනාකමක් ඇති පියෙකි. ඇයගේ නිර්මාණ
සදහා අවශ්‍ය ජීවන බර එන්නට ඇත්තේ පියාගේ දර්ශනය ඔස්සේයයි සිතුණු වාර
අනන්තය. ඔවුහු ඒ තරමටම සංකල්පනාත්මකව සුන්දර මිනිසුන්ය.
ජීවිතයේ
දුක්ඛයන් ට අමතරව, සෞන්දර්යයන් ද අතරින් පතර මනුෂයයාට මුණ ගැසේ.මේ හතරවන
ජායාරූපයට මාතෘකාවක් යොදා තිබුණේ නැත. කොට්ටම්බා ගසක් ඉදිරිපිට ඇති
ගොඩනැගිල්ලක් සහිත මෙම ජායාරූපය, වර්ණ සමග සිදු කළ සුවිශේෂී
ගණුදෙනුවකි. භෞතික ඉදිකිරීමක් ස්වභාවික පිහිටීමක් සහ ස්වභාවික සහ සංස්කෘතික
මිනිසා පිළිබද ඇගේ කියවීම පුළුල්ය.ස්වභාවික ගස වර්ණවත්ය. සංස්කෘතිය
වර්ණයෙන් තොරය. ඇගේ සෑම ජායාරූපයක්ම, ලාල් හෑගොඩගේ රෑප ජායා ප්‍රදර්ශනය
සිහිගන්වන කාව්‍ය ගුණයෙන් සුපෝෂිතය.
අවසානයට මා තෝරාගත් සතුටු අහසද එබන්දකි.
අහස් නිල යනු සිත නිවන වර්ණයකි. එය සෙනෙහසේ වර්ණයයි. අම්මාත් අහසත්
දරුවාත් යන සංකල්ප ත්‍රිත්වයම සුවිසල්ය. අම්මා කෙනෙකු දරුවකු වෙනුවෙන්
උසුලන්නේ අහස තරම් වේදනාවකි. ඒ තරම්ම ඉවසීමකි. වේදනා මැද ඒ මොහොතේ ඉවසීම සහ
සතුට යනු මනුෂ්‍යයාට හෙට දවස වෙනුවෙන් ලබාදෙන උණුසුම් ජීවන අපේක්ෂාවයි.
ඇගේ ජායාරූප කිසිවක මල් තුහින තිබුණේ නැත. මනුෂ්‍යයාගේ දුක වේදනාව සමග ගෙවන
සාමාන්‍ය ජීවිතයේ මොහොතක සතුට සැනසීම වැනි සත්‍ය ජීවිතය කාව්‍යාත්මකව
කියවීම සඳහා ස්වකීය පරිකල්පනයද ඇය ඊටම මුසු කර තිබුණාය. ගුරුවරයා ගිය මගම
දුර ගමනක් යෑමට සුබ ලකුණු පෙනේ. අස්විද නැකත වැනි සුබ හෝරා බලන්නට ඕනෑ
නැත. මනුෂ්‍යයන් ගැන ඔබ තුළ ඇති මානවීයත්වයම මතු දිනක ඊට මග තනා දෙනු
ඇත...
- උපේක්ෂා නුවන්ශ්‍රීනි -.
Anonymoushttp://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.com9tag:blogger.com,1999:blog-2935389719227384022.post-84158308707419451372016-12-16T07:51:00.000-08:002016-12-16T07:51:07.262-08:00පහත් තැනින් යයි ගලා ජලේ .....
හැම යුගයකම ජීවත් වෙච්ච මිනිස්සු රාත්‍රී කාලය ගෙවන්න විවිධ ක්‍රම
පාවිච්චි කළා. රාත්‍රිය කියන්නේ වෙහෙසකාරී ජීවන පෙවෙතින් අත්මිදිලා, පවුලේ අය
එක්ක ගෙවන්න තියෙන කාලය. ඓහෙමත් නැත්නම්, පෙම්වතියන් හොයාගෙන හොරාට ගෙවල්
පිලිකණු පැත්තෙන් ඇදෙන්න තිබිච්ච වෙලාව. හැබැයි මේ කොයි අරුතින් ගත්තත්m
රාත්‍රිය තුළ සෞන්දර්යයක් තියෙනවා. අතීතයෙ ගැමි ජීවන රටාව ඇතුළෙ මනුෂ්‍ය
සම්බන්ධතා අදට වඩා තදානුබද්ධයි. එක මොහොතක් හරි විස්තාරිකයි . තාක්ෂණය
අතින් නොදියුණු ඒ වගේ යුගයක, ගමේ කෝපි කඩයට එකතු වෙන මිනිස්සු, දාං ඇදීම වගේ
ක්‍රීඩාවන් වල නිරතවුණා විතරක් නොවෙයි, ඒ අතරතුර උණු කෝපි කෝප්පයක් පානය
කරමින් විවිධ රස කතා කීමෙහි සමතුන් ද වුණා.
මාර්ටින් වික්‍රමසිංහගෙ බේගල්
කෙටි කතාවෙ "බේගල්", අන්න ඒ වගේ චරිතයක්.රාත්‍රී ආහාරය සූදානම් වෙනකල්
මිනිස්සු කිසියම් සාහිත්‍යයක් නිර්මණය කළා. ඒවා එදිනෙදා ඕපාදූපම නෙමේ.
කිසියම් මායාකාරී ගතියක් තිබිච්ච ප්‍රබන්ධ. මොකද ලේඛණ හැකියාව නැතත්,
ප්‍රබන්ධ හැකියාව තිබුනු අපූර්ව ගැමියන් අතීතයේ අනන්ත හිටියා. ඔවුන්ගෙ සමාජ
සහ පාරිසරික අවබෝධය ඒ නිර්මාණ වල සාරයට හේතුවක් වෙන්න ඇති.
ගැමි
කතා, ජනකතා වගේ දේවල් බිහිවුණේ අන්න ඒ වගේ අවස්ථාවලදී. ගැමියා හොද පරිසර
විදින්නෙක් නේ. ඔහුට අහස බලලා ඉතා නිවැරදිව වෙලාව කියන්න පවා පුලුවන් කමක්
තිබුණා. ඔවුන්ගෙ ජීවිත ඇතුළෙ වේදනාවන්, අහිමිවීම් සහ ඉතා බරපතල ඛේදවාචක තිබුණා. ඒ
කාලෙ ජීවනෝපාය මාර්ග තරමක් කටුකයි. කරත්ත එක්ක ඔට්ටු වෙන එක, පොළව කොටන එක..
ඉතින් මේ ශරීර පීඩාවන් විඩාවන් ඔවුන් නිවා ගත්තෙ, කතන්දර ආශ්රයෙන්.. ඒ
වගේම තවත් පිරිසක් හිටියා රාත්‍රී කාලයේ ගෙදර නොඉන්න.. ඒ අය ඉන්නෙ හේනෙ..
පැල් රකිමින් ..තමන්ගෙ ආදරවන්තිය, බිරිඳ එක්ක තනිවෙන්න තියෙන කාලපයෙ ඔවුන්ට
සිද්ධ වෙන්නෙ වල් උ්රො , නපුරු අලි ඇත්තු එනකල් බලන් ඉන්න. නමුත් මේ කාලය
තුළ ඔවුන් උත්සහ කළා ජීවිතය කලාව ඇතුළෙ සාරංශ ගත කරන්න.
පිලේ පැදුර හේනට අරගෙන එනවා
එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා
රටා වියපු අත් දෙක මට සිහි වෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා
මේක ජනකවියක් නොවුණත්, ජන ජීවිතය පිළිබඳ විවරණයක්. සාමාන්‍යයෙන් දකුණු
පළාතෙ පිල හෙවත් බිතක්කන කියන්නෙ වෙනම අංගයක්. මාර්ටින් වික්‍රමසිංහගෙ
වහල්ලු කෙටිකතාවෙ උපාරිස් ඉන්න පිල වෙනම එකක්. ඒ පිල පිහිටන්නෙ ගේ
පිටතින්..නමුත් මේ කියන පිල වෙන එකක්. ඉස්සර ගෙවල්වලට කාමර තිබුණෙ නැහැ.
විශාල හිස් අවකාශ තිබුණෙ. නමුත් ගේ ඇතුළට වෙන්න කොටු කරල හදන කොටසට කීවෙ,
පිල කියලා.
පිල වර්තමානයෙ කාමරයකට සමානයි ඒ පිල තිබුණෙ ගේ ඇතුළෙ. මේ පිලේ
ඉන්නෙ විවාහ වෙච්ච යුවළයි. මේ කවියෙ විශේෂත්වය වන්නෙ, පැලට ඔහු ගෙනියන්නෙ
'පිලේ පැදුර වීමයි. එය නිකම්ම නිකම් පැදුරක් නොවෙයි. තමන්ගෙ බිරිද මිය
ගියත් ඇගේ උණුස්මත් එක්ක හදවතින් ගුලිවෙලා ඔහු ඒ අන්තරාය සහ අන්ධකාරය
පිරුනු රාත්‍රිය පහන් කරනවා.
නුඹේ ගෙලට මල් මාලා ගොතන්නට
මදුමල් පිපෙනවා හේනේ වැට දිගට
නුඹේ කටින් කී සීපද අහන්නට
තවමත් ගිරව් එනවා පෙර පුරුද්දට
මදු කියන්නේ වල් පැළැටියක්. ඒක වැලක් වගේ වැඩිලා සීග්‍රයෙන් ප්‍රදේශයක්
පුරා පැතිර යනවා. සාමාන්‍යයෙන් හේන් වලට පොහොර වෙන්න මේ මදුවල් නෙලලා පස්වලට
එකතු කරනවා. නමුත් මේ හේනේ වැට දිගට සීඝ්රයෙන් වල් පැළෑටියක් පැතිරිලා
විතරක් නෙමෙයි, මලුත් පිපිලා. ඒ හේන වල්බිහි වෙන්න නොදී රැකගත්තු ස්ත්‍රිය
අද නැති හින්දයි. බැලූ බැල්මට මදු මලේ සෞන්දර්යය ග්‍රහණය වුනාට, වක්‍ර
කතිකාවෙන් කියවෙන්නේ, තමාට ආදරය කළ ස්ත්‍රිය ගේ වියෝව නිසා හටගත්
සෝපාදිසේසය හෙවත් හිතේ පැසවන දුක.
ඔය කවිය පද්යකාව්ය නිර්මාණයක් නේ.
නමුත් ජන කවිය කියන්නේ' ක්ෂනයෙන් හිතට එන සිතුවිලි. අතථී ගැමියා ගැටුම්
කළමණාකරණය කරගත්තේ අවස්ථාවන් පාලනය කර ගත්තේ කවියෙන්.. ඒ නිසා ජීවිතේ දුෂ්කර
අවස්ථා සෞන්දර්යාත්මක වුණා මිස, අද වගේ සමථ මණ්ඩළ ඕන වුණේ නැහැ.
කැළැ පාරකින් ගමනක් යන තරුණයකුට, නපුරු සත්තු අදුරු ගස් වැල් විතරක් නෙමෙයි,
බොහොම සුන්දර දේවලුත් ඉද හිටලා ඇස ගැටෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට
කැළැවක් මැද්දෙන් ගමනක් යන තරුණයෙක් දැක්කා බොහොම සුන්දර තරුණියක් ගගේ දිය
නාමින් ඉන්නවා. තරුණයා විවාපත් කෙනෙක් කියල හිතෙන්නෙ ඔහුට විවාහ
අවශ්‍යතාවයක් නැතිව අනියම් ඇසුරක ආශාව උපදින නිසා ..ඔහු අද කාලෙ වගේ විසිල්
ගහන්න යන්නෙ නැහැ..සෘජුව තමන්ගෙ අදහස මෙන්න මෙහෙම තරුණියට කියනවා.
සපුනා ගගේ ගග දෙපසේ බුරුත නැමී
පැංචාවියක් දියකෙළිනා හැටි දුටිමී
පිපුණු මලක් නම් තලලා මිස නොයමි
කැකුළු මල නිසා නොතලා යන්ට යමී
තරුණියගෙන් ලැබුනේ ගල් පහරක් නෙවේ. ඇගේ ජීවන සාහිත්‍යය බොහොම පොහොසත්. ඇය
තරුණියක් මිස විවාහ වූ ගැහැණියක් නොවන බවත්, ඇය විවාහ වී සිටියා නම් අනියම්
පෙමකට අවසර නැති බවත්, ස්ථිර ස්වාමියෙකු පතන බවත්, මෙන්න මේ විදිහට කියනවා.
ගැටලුව විසදෙන්නෙ හරි සරලව..
වනන්තරේ දිය නැත ගස් මුල් වලට
නිරන්තරේ දුකමයි දැනුනේ අපට
පිපුණු මලක් නම් නොදෙනෙමි තලන්නට
කැකුළු මල නිසා තලපන් පිපෙන්නට
කාලයත් එක්ක සමාජය වගේම සංස්කෘතියක් පරිණාමය වෙනවා. මිනිස්සුන්ගෙ ජීවනෝපාය
මාර්ග ස්වභාවික පරිසරයෙන් ගැටෙන එක වෙනස් වෙලා යාන්ත්‍රික වුණාම ජීවිතය
විදින්න වෙනත් මාධ්‍යය අවශ්‍ය වෙනවා. සාහිත්ය්ය භාෂාව කළාව පවා කෙමෙන්
ඈත් වෙනවා. ඔන්න ඔය විදිහට ආපු මාධ්‍යයක් තමයි ගුවන්විදුළිය. ඉස්සර ගමකට
ගුවන් විදුලි යන්ත්‍රයක් කියන්නේ විශාල වත්කමක්. යමක් කමක් තියෙන ගේක තමයි ගුවන්
විදුලි යන්ත්‍රයක් තිබුනේ.
අර මං කලින් කිවුව කෝපි කඩේ වෙගේ තැන්වල
අනිවාර්යයෙන්ම රේඩියෝවක් හෙවත් වෑර්ලස් එකක් තිබුණා..මිනිස්සු රටේ උණුස්ම්
දේවල් වගේම බණ අහන්න, ගී අහන්න, පුරුදු වුණේ ගුවන්විදුලිය හරහා. ඉස්සර
ගුවන්විදුලි නිවේදකයන් විදිහට ගන්නෙ හොදට සිංහල කතාකරන්න පුලුවන් හොද
දැනුමක් තියෙන උදවිය. අද නම් ගොඩක් අය සිංහල නුහුරට උච්චාරණය කරනවා
ඇහෙනවා..
ඉතින් මෙන්න මේ ගුවන් විදුලිය සම්බන්ධ එක් රසකතා දෙකක් මතක්
වුණා. මේක මට කීවෙ ගුවන් විදුලියෙම මහත්තයෙක්.වෙළඳ සේවයට සම්බන්ධ එක්තරා
නිවේදකයෙක් හිටියලු හරි කලබල. ඉස්සර අද වගේ නෙමෙයි. ගීතය වාදනය කරන්නෙ
ගායකයගෙ, සංගීතඥයගෙ සහ පද රචකයගෙ නම කියලා. ඔය තුනම නැතත්, අඩුම වශයෙන්
ගායකයගෙ නම නම් අනිවාර්යයෙන්ම කියනවා..
ඔය ගීත තැටි ලොකු රොටි සයිස්
එවුවනේ. දවසක් ගීත වැඩ සටහනකදී මේ කලබල නිවේදකයා ගීතයක් වාදනය වෙන්න
දැම්මලු. දැන් ගීතය වාදනය වෙනවාලු. ගීතය තමයි ඊ.ආර්.එම් ඊබ්‍රාහිම්ගෙ
"සෑසි පියා" කියන ගීතය. සිංදුව අන්තරා කොටස වාදනය වුණාමලු ඹෑන්ට මතක් වුණේ
ගායකයගෙ නම නොකියපු බව. ඉතින් මිනිහා තැටි වාදන යන්ත්‍රයට එබිලා, තැටියෙ
ලේබලයෙන් බලනවලු ගායකයගෙ නම. ඕං අමාරුවෙන් නම බලාගත්තු මෑන්ස්, අසන්නන්ට
කණගාටුව ප්‍රකාශ කරලා, ගීතය වාදනය වුණාට පසු කියනවලු මෙන්න මෙහෙම. ඒ ගීතය
ගායනය කළේ ගායක සෑසි පියා.
ඉතින් අද කාලේ වගේ නිවේදකයෙක්ට ඒ නම දෙයක්
කියන්න ඉස්සර බැහැ. ඕක අහපු ගමන් ප්‍රධාන පාලක මැදිරියෙන් නිවේදකයට දොස්
වැස්සක් ආවලු .නිවැරදි කරන්නය කියලා.. නැත්නම් ඒ කාලේ ලොකු මුදලක් දඩ
ගැහුවා ..ඉතින් ආයෙම සමාව අරන් ගායකයා ඉබ්රාහිම් බව කියලා.
ඔය
සමහර පුරුදු කියන දේවල් හදන්න හරි අමාරුයි. ඒකනේ හදන්න කෙනෙක් නෙමේ
හැදිච්ච කෙනෙක් ගනින් කියන්නේ, කසාදෙට වුණත්. එවුවායෙ හැටි එහෙම තමයි.. මේ
නිවේදක මහත්තයා වැඩ සටහනක් කලොත් දඩයක් වදිනවාමයි. ආයේ දවසක් ඔය වැඩසටහනෙම
මිනිහා ජික්කී විසින් ගායනා කරන පහත් තැනින් යයි ගලා ජලේ කියන ගීතය වාදනය
වෙන්න දැම්මා.. මිනිහා ඒක නිවේදනය කළේ මෙන්න මෙහෙම.. මී ළගට ජික්කිගේ පහත්
තැනින් යයි ගලා ජලේ. එදත් දඩගැහුව කියල තමයි ආරංචිය.
කෝක වෙතත් මානව
සන්නිවේදනය කියන්නෙ සුන්දර දෙයක්..රටා සමුදායක්..භාෂාව , ආදරය, ජීවිතය ,
සංස්කෘතිය මේ හැම දේකම රටාවක් තියෙනවා. ඒ රටාව බිදුනම පවතින එකේ කිසියම්
අර්බුධයක් නැතිවා නෙමෙයි. නමුත් ඒ බිදීම ඇතුලෙත් කිසියම් රටාවක් අපට දකින්න
පුලුවන්.සත්‍ය වශයෙන්ම ලෝකයේ පැවැත්ම තීරණය කරන සාධකය තමයි රිද්මය.. රිද්මය, රටාව සහ
පැවැත්ම කියන්නෙ එකිනෙක හා අත්‍යන්තව බැදුණු තදාත්මීය සාධක තුනක්..
- උපේක්ෂා නුවන්ශ්‍රීනි -Anonymoushttp://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.com15tag:blogger.com,1999:blog-2935389719227384022.post-19966634179317541922016-12-11T18:49:00.001-08:002016-12-11T18:49:26.829-08:00අවසාන කුරුල්ලා
නිමිත්ත -
අරාබි නිසොල්ලාසය ලියවුණේ ස්වකීය ජීවිතය රැක ගැනීම පිණිස
කුමරියක විසින් මිනීමරු රජෙකු ඉදිරිපිට කියන ලද කතා සමුදායකිනි. මම ද
සුරංගනා කතා කිහිපයක් ලිවීමට සිතුවෙමි. මේ සෑම කතාවක්ම අයිති වන්නේ Sandu Jayasinghe
ට ය. සන්දු ගැන මේ වන විට බොහෝ අය දැනුවත්ව ඇතැයි සිතමි. ඇය අතිශය දුර්ලභ
රෝගී තත්වයක් නිසා මේ වන විට කොළඹ ජාතික රෝහලේ 30 වාට්ටුවේ ප්‍රතිකාර ලබයි.
මේ වන විට ඇයට පාද දෙකම අහිමිය. ශරීරයේ දරුණු තුවාල සහිතව වේදනාවෙන්
සිටියද ඇය ශක්තිමත් කිරිල්ලියකි. ඇගේ සතුට වෙනුවෙන් මට කළ හැක්කේ රැය පහන්
වන තුරු ලියන්නටය. මේ ලියන්නේ ඇගේ සතුට උදෙසාමය..
එය වසන්ත සෘතුවේ අවසාන දවස් කිහිපයයි. මිටියාවතෙහි වම් පසින් ගලන
නේත්‍රාංජලී නම් වූ ඒ අතිශය සෝබමාන නදියෙහි දකුණු පසට වන්නට කුඩා කඳු ගැට
දෙකක් පිහිටා තිබුණේය. මින් පළමු කඳු ගැටය ‘සෝ” නම් විය. දෙවැන්න ‘ෂා” නම්
විය. මේ නිහඩ ‘සෝෂාවෝ ‘ විශාල තුරුමුදුන් වලින් ගිලිහුණු මල් ද ,
වැහැරුණු තුරු පත් ද උසුලා ගනිමින් දොඩමළු දඟකාර සුළං දහරාවට ස්වකීය ගමන්
මාර්ගය පිළිබඳ නිවැරදි දිශාව කියා දෙමින්ද වසන්ත කාලය වඩාත් ප්‍රේමනීය ලෙස
ගෙවා දැමූහ. උනුනට මුහුණලා දොඩමලු වන්නට හදන නව යොවුන් ප්‍රේමවන්තයන්
දෙදෙනෙකුගේ උණුසුමින් පිරුණු හදවත් දෙකක් මෙන් ඒ කුඩා කඳු ගැට මතුපිට කවදා
කෙසේ උපන්නාදැයි කිසිවෙක් නොදන්නා ῝මිර්ෂා῞ වර්ගයට අයත් ගස් දෙකක් ඉපිද
හැදී වැඩුණහ. ඔවුහු වැඩුණු තරුණ යුවළකගේ බඳු බාහිර රූප සෝබාවකින් වැඩී
වඩාත් උස්ව, අතු පතර විහිදා ඉනික්බිති අහස තෙක් පැතිර ගියාහුය.
තරුණ වියේ
දී සාමාන්‍යයෙන් සමීපව වසන ඕනෑම යුවළකට සිදුවන්නාක් පරිදිම ඔවුහු පෙමින්
බැඳුනහ. සුළගේ ද නදියේ ද ආධාරයෙන් ඔවුහු සිය සිතිවිලි හුවමාරු කරගත්හ.
ස්වකීය රාජධානි තරණය කර අනෙකාගේ විජිතයේ දී කවර කලෙකවත් උනුනට ලංවිය
නොහැකි වූයෙන් පොළෝ ගර්භය විනිවිද ගිය ස්වකීය මූළ පද්ධතිය එහා කන්දෙන් මෙහා
කන්දටත් මෙහා කන්දෙන් එහා කන්දටත් විහිදුවා කිසිවෙක් නොදකින අන්ධකාර
පාංශුමය කුහරය අභ්‍යන්තරයෙහි ඔවුහු ආදරය ප්‍රකාශ කළාහුය. අවලස්සන පණුවන් ද
හිරු එළියට නිරාවරණය නොවන අසරණ පාංශු ජීවින් සමුදායක් ද මේ ආදරයේ චමත්කාරය
විදිමින් මේ සෝබමාන මිර්ෂාවන්ට නිදහසේ පාංශුමය දහරාව පුරා ස්වකීය පැවැත්ම
තහවුරු කර ගැනීම සදහා මූල පද්ධතිය විහිදුවා ගැනීමට පහසු වනු පිණිස පාංශුමය
තලය ලිහිල් කිරීම උදෙසා පොලෝ කුහරය ගැඹුරෙහි ඔබ මොබ දුවමින් වසන්ත
ප්‍රීතිය නෑ සියන් අතර බෙදා හලහුය.
පොළව අභ්‍යන්තරයෙන් ආරම්භ වූ ඒ
ප්‍රේමනීය ප්‍රබෝධයෙහි ඵලයක් වශයෙන් ‘සෝ” කන්දෙහි වූ කුඩා වෘක්ෂයෙහි මල්
පිපී ඵල හටගත්තේය. හිම පිරුණු කන්දක සීතල පාශාණ වල පැහැය ගත් ඒ කුඩා ඵල
කුරුල්ලන්ගේ මිහිරි ආහාරයක් විය. ඌහු හොටෙන් අනිමින් එහෙ මෙහෙ පනිමින් ඒ
මියුරු ඵල අනුභව කළහ. ඵල පිරුණු අතු අතර පලින් පල තවමත් මල් ඉතිරි වී
තිබුණේය. නිල් පැහැති කුඩා සුවඳැති ඒ මල් කඳු ගර්භය මත ඇද වැටෙන්නට ආසන්න
වන විට දීප්තිමත් කහ පැහැයක් ඉසිලුවේය.වසන්තයේ අවසන් සති කිහිපයේ දී ‘සෝ”
කන්දෙහි තුනී තණ වැස්ම තද දීප්තිමත් කහ පැහැයක් ඉසිලුවේය. ඒ සෝබමාන මල්
වලින් හමා ආවේ නිර්මල සුගන්ධයකි.මිය යන්නට ආසන්න මිර්ෂා මල් වල අප්‍රාණික
සිරුරු මත දුව පැන නටමින් කුඩා කුරුල්ලෝ ප්‍රීති වූහ. ඌහු අප්‍රමාණ කතන්දර
කියමින් මිර්ෂාවන්ගේ තුනී පෙති මතට හොටෙන් අනිමින් වසන්ත ප්‍රීතිය වින්දාහ.
මේ සියල්ල දෙස බලා සිටි ῝ෂා῞ කන්දෙහි වූ වෘක්ෂය සිය රන් පැහැ පත්‍ර
පොලවෙහි අතුරා කඳු ගර්භය රන්වන් පැහැයට පත් කළෝය. මෙසේ හදවත් දෙකක
ප්‍රහර්ෂය විසින් වසන්තය වර්ණාලේපිත සහ අතිශය සුගන්ධවත් බවට පරිවර්තනය
කළාහුය.
ලෝකයටම රහසක් වූ සෝබමාන ගස් දෙකෙහි ආදර ගනුදෙනුව ඉතාම
නිවැරදිව දැන සිටියේ එක් අයෙක් පමණකි. ඒ මෙම කඳු දෙක පහු කරගෙන ගලා ගිය
නේත්‍රාංජලි නම් වූ විසල් ගංගාවයි. සෑම කලෙකම වසන්ත සෘතුව ආරම්භය මෙන්ම
අවසානය ද තරමක් කළබලය. තුරුලතා ස්වකීය පත්‍ර බිම එළමින්ද පුෂ්පයන්ගෙන්
නිදහස් වෙමින්ද වැරහැලි වී අතුපතර පිළිබද නිර්වස්ත්‍ර මතකය සතුටින්
උහුලන්නට සැරසෙන වසන්තයේ අග භාගය මදක් සුවදවූත් අඩක් ශෝක ජනක වූත් සහ
පූර්ණවම වර්ණාලේපිත වූවකි. නේත්‍රාංජලිය මේ කාලයට පිරිපුන්ය.ගැබ සෝදා හල
මවකගේ කුස අමුතුවෙන් දරු ගැබක් පිහිටියාක් මෙන් පිරිසිදුය.
ස්වකීය ඉවුරු
මට්ටමට පමණක් පිරුණු නිල් දිය දහර ඔසවාගෙන බරැති උකුල නිසා වාරු නැති
ස්ත්‍රියක පරිද්දෙන් පැද්දෙමින් ද දඟර ගැසුණු ශක්තිමත් කඳු ඉවුරු වලදී මහළු
ස්ත්‍රියක මෙන් වුවමනාවට වඩා නැවෙමින්ද ඈ දිර්ඝ ගමනක නියැළුනාය. ගමනේ
ඇතැම් සන්ධීස්ථානවලදී විඩාවෙන් පැකිළුණ ද ඈ දකුණු දිග කඳු ගැට දෙක වටා
ගලාගියේ මඳ ලාලිත්‍යයක් ඇතිවය. ආදර කතන්දර, කුරුල්ලන්ගේ කෙණෙහෙලි සහ
අප්‍රමාණ විහිළු අසමින් සිතෙහි ප්‍රීතිය ඇති කරගත් නේත්‍රාංජලිය වසන්තයේ
අවසාන දවසේ දී ῝සෝ῞ කන්දෙන් මිර්ෂා මල් ද ῞ෂා῝ කන්දෙන් රන් වන් පැහැ
පත්‍රද රැගෙන නිල් දියමත හිස තබාගෙන සුපුරුදු ලාලිත්‍යයෙන් යුතුව මිටියාවත
ඔස්සේ නිහඩව ගලා බැස්සාය.
ස්වභාව ධර්මය විසින් සෑම කලෙකම
උත්කර්ෂවත් මොහොතවල් වේගයෙන් කෙළවර කරන්නේය. ප්‍රීතිය ඉක්මණින්ම අවසන්
වීමෙන් ජීවිතය මුණගැසේ. වසන්තය මතකයක් බවට පත් කොට කෙමෙන් ගිම්හාන සෘතුව
ආරම්භ විය. එළැඹි ගිම්හානයේ දී මිර්ෂාවෝ දෙදෙනා මුහුණින් මුහුණ බලාගෙන
මුළුමනින්ම නිර්වස්ත්‍රව සිටියාහුය. සිය කේඩෑරි වී ගිය භෞතික ශරීරයන් දෙස
බලමින් මද සුළගක් හමා එන රාත්‍රී කාලයන්හි සුළග හරහා ස්වකීය ස්පර්ශයන් ඒ
කන්දෙන් මේ කන්දටත් , මේ කන්දෙන් ඒ කන්දටත් හුවමාරු කරමින් මිහිරි
මෙථුන්යයේ යෙදුණාහ.
මේ සෑම රාත්‍රියකම ඉතා හොඳින් සඳ පායා තිබුණේය.
ගිම්හානයේ වියරුව නිසා මද කලකින්ම කඳු ගැට ද්විත්වයේම පොළෝ වැස්ම ඉරිතලා
ගියේය. තුනී තණ වැස්ම කෙමෙන් දුඹුරු පැහැයට හැරී පරඩලා පත් බවට පත් වී
පොලොවටම වියැකී ගියේය. නේත්‍රාංජලිය ගලාගියේ ප්‍රසව වේදනාවෙන් පෙළුණු මවක
මෙන් අසීරුවෙනි. ඇය මහත් සේ කෘෂව සිටියාය. ඈ ῞සෝ῝ කන්දෙන් මිර්ෂාවන්ගේ
පරඩලා පත් සහ ඉපල් ද ῝ෂා῞ කන්දේ මිර්ෂාවන්ගෙන් පරඩලා පත් ද රැගෙන ස්වකීය
නිල් පැහැ දහරාව දුර්වර්ණ කරගනිමින් සෙමෙන් ගලා ගියේය. වසන්තය තරම් ඉක්මණට
ගිම්හානය ගෙවී නොගියේය. මිර්ෂාවන්ගේ හෘදය ගැහෙන්නට පමණක් පොළොවෙන් තෙතමනය
ලද්දෙන් එකදු දල්ලක් හෝ ඵලයක් හෝ අතු අගෙහි හට නොගත්තේය. වසන්ත කාලයේ මල්
මතින් දිව ගිය, පල බුදිමින් ගී ගැයූ කුරුල්ලෝ ගහ පාමුලම සා ගින්නෙන් මැරී
වැටුණහ.
ස්වකීය කේඩෑරි ප්‍රකෘතිය වසාගෙන සිටි සෞභාග්‍යයේ ලෝගුව ඉවත් වීම
පෙම්වත් මිර්ෂාවන්ගේ හදවත් වලට ප්‍රකෘතිය අබියස පැවැත්ම තීරණය කිරීමේ දී
යම්තාක් දුරට සැනසීමක් වුවද ස්වභාවික පැවැත්ම පිළිබද අරගලයේ දී ජෙව
පටිපාටියෙහි අනුක්‍රමිකතාව ඉන් ඉහිරි ගියේය. ගංගාව සමග මුසු නොවී පය
පාමුලෙහි වැඳ වුටුණු මිර්ෂා මල් හි මලකුණු මත හිස තබාගෙන සිහින දකින
ඉරියව්වෙන් මල කුඩා කුරුල්ලන්ගේ පියාපත් කඳු ශිඛරය පුරා විසිරී ගියේය. සුළග
හමන සෑම මොහොතකම වේදනාවේ දුර්ගන්ධය හමා ආවේය. සැර මිටියෙන් යන මහළු
ස්ත්‍රියක පරිදි ගංගාව දකුණු දිග කඳු පන්ති පසු කළේ වසන්තයේ ප්‍රීතිය
පිළිබඳ සිහින ඇතිවය. නමුත් වළාකුළු තද නිල් පැහැය සහ ශ්වේත පැහැය අඳිමින්
වඩාත් නිහඩ ප්‍රතිපදාවක් අනුගමනය කළාහුය. වැහි ළිහිණියෝද මුළුමණින්ම මුණිවත
රැක්කාහුය. නමුත් හැම දෙයම කිසි කලෙක මුළුමනින්ම හොඳ නොවන්නාක් මෙන්
මුළුමනින්ම අයහපත් වන්නේ ද නැත.
῞ෂා῝ කන්දෙහි පාංශුමය ගර්භය තුළ
රළුමතුපිටක්ද මෘදු හදවතක් ද ඇති කළු ගලක් පිහිටියේය. ඒ ගල්තලාව ස්වකීය හෘදය
තුළ සංසරණය වන සිහිල් ජලදහරාව මගින් මතුපිට තෙතමනය උපදවා මිර්ෂාව ජීවත්
කරන්නට වෙර දැරීය. ῝සෝ῝ කන්දෙහි මිර්ෂාව පොලෝ අභ්‍යන්තරය තුළින් ස්වකීය මූල
පද්ධතිය විහිදා පෙම්වතා හා අතිනත ගන්නට වෙහෙසෙන සෑම සන්ධ්‍යාවකම , පෙම්වතා
කළුගල් තලාවෙන් උකහා ගත් සිහිලස ස්වකීය පෙම්බරිය වෙත මුළුමනින්ම පුද දී
ස්වකීය ආත්මය මුළුමනින්ම තෙතමනයෙන් නිදහස් කර ගත්තේය. නොපෙනෙන බලවේගයන්
ඔස්සේ වේදනාබර සෑම මිනිහෙක්ම සතෙක්ම ජීවත් වීම උදෙසා කුමක් හෝ ශක්ති
දහරාවක් ලබන්නේය. එකී ශක්ති දහරාව ඇතැම් විට පොළොවෙන්ද තවත් විටෙක අහසින්ද
උපදින්නට පුළුවන. එය ඕනෑම මිනිසකු ස්වකීය ජීවිතයේ ලබන සුන්දරම අත්වැල
වන්නේය.නමුත් කිසිදු බාහිර ශක්ති ප්‍රභවයක් පෙනෙන්නට නැති අවස්ථාවක එකී
ශක්තිය උපදින්නේ ද තමා තුළින්මය. එය අපූර්ව ශක්තියකි.
මිර්ෂාවෝ ජීවිතය
බෙදා ගනිමින් වේදනාවේ සෞන්දර්ය ප්‍රගුණ කරමින් සිටියාහුය. රාත්‍රී කාලයන්හි
සැතපුම් ගණන් සිය මුල් විහිදා එකිනෙකාගේ පහස විදිමින්ද නිශ්චල ආකාශයේ
දීප්තිමත් තරු ගණිමින්ද ඔවුහු ජීවිතයේ සෞන්දර්යය වින්දාහ. කාලය ගෙවී ගියේ
සෙමිනි. දූවිලි පුළුන් රොදවල් පරිදි මඳ වශයෙන් පා වී පැමිණ කෙමෙන් වළාකුලු
තරම් මහත් ව වර්ධනය වී කඳු සිරස පුරා ලැගුම් ගත්තේය. මරණයේ වේදනාවත්
විලාපයත් නිසා කුරුල්ලෝ ගායනා අමතක කළහ. මිර්ෂාවන් පාමුල පණ අදින සෑම
කුරුල්ලෙක්ම වසන්තයේ ප්‍රීතිය අනුස්මරණය කළහ. සූර්යය රශ්මිය කෙමෙන් දැඩි
විය. දැවෙන කිහිරගුරු මෙන් පාංශු දහරාව ගින්නෙන් ඇවිලී ගියේය. මිර්ෂාවන්
පොළොවේ ඔබා ගත් ස්වකීය දෙපා ඇද ගන්නට බැරි කුඩා දරුවන් මෙන් ඇඹරුණහ.
වර්ෂාව පෙනෙන මානයක නොවීය. වසන්තයේ ඵල බුදින ලද කුරුල්ලෝ ගිම්හානයේ දී
දුර්වලව මිය ගියහ. ඇතැම්හු වසන්තයේ ප්‍රීතිය සොයමින් වෙනතක ඉගිල ගියහ.
කුමන ධර්මතාවක් යටතේ වුව වසන්තයේ අවසන් දවස තීරණය කරන්නේ යක්ෂයාය.
ගිම්හානය අවසන් කරන්නේ දෙවියන් විසිනි.
සෑම කලකදීම සෘතුවක නිමා වේදී
වසන්තයේ හෝ ගිම්හානයේ සළකුණු සියල්ල කදු මතින් පිසදා සිය හිස තුළ දරාගෙන
ගලන්නට නියම වූයේ නේත්රාංජලියටයි. දෙවියන්ගේ විනිශ්චන් ද යක්ෂයාගේ
විනිශ්චයන් මෙන්ම පරීක්ෂා කාරීය. පැවැත්ම උදෙසා අරගලකල හැකි මිනිසුන් පමණක්
ඉතිරිකිරීමට යක්ෂයා විසින් වසන්තය නිම කරනු ලබයි.දෙවියන් විසින් ගිම්හානය
නිම කරන්නේ පැවැත්ම උදෙසා ඉතිරි වූ මිනිසුන්ගේත් සත්වයන්ගේත් ගහකොළවලත්
අප්‍රමාණ ප්‍රීතිය උදෙසාය. කෙසේ වුවත් ඒ ශෝක ජනක කාර්තුවේ අග භාගය එළඹියේ
ඉතා සෙමිනි.
ගිම්හානයේ අවසන් කාලයේ සූර්යයා මුලුමනින්ම
නේත්රාංජලියේ දකුණු ඉවුරට සමපාත වන්නට මුදුන් විය. ῞ෂා ῝කන්දේ මිර්ෂාව
ලතෙත් කලුගලෙහි දිය සීරාව ශූර ලෙස උරා ගනිමින් පොළව අභ්‍යන්තරයේ අවලස්සන
සතුන් අතර ඒ සිහිලස බෙදමින් ඈත කදු ගර්භයේ වේදනාබරව සිටින ස්වකීය
පෙම්වතියටද ඒ සිහිල බෙදා දුන්නේය.නමුත් කලු ගලෙහි සිහිලස කෙමෙන් වියැකී
ගියේය. ῞ෂා῝ කන්දේ මිර්ෂාව ස්වකීය ජීවය අනන්‍යන්ට බෙදා හරිමින් කෙමෙන්
ප්‍රාණයෙන් අත්මිදෙමින් සිටියේය. ඔහු ස්වකීය අවසන් සන්ධ්‍යාවේ දී ඉරි
තැලුණු පොලෝ ගර්භය යටින් මුල් විහිදා ῝සෝ῞ කන්දේ පෙම්බරියගේ අතිනත ගත්තේය.
ඕපා දූප දැක බලා ගන්නට පණ ඇති කිසිවෙක් ඉතිරි වී නොසිටියේය.
මේ වන විට ῞ෂා ῝
කන්දේ තෙතමනය මුළුමනින්ම මිර්ෂාව විසින් ස්වකීය පෙම්වතියට ත්‍යාග කරනු
පිණිස උරා ගෙන අවසන් ව තිබිණි. අධික වේදනාව නිසා අවසාන මොහොතේ ῝ෂා῞
කන්දේ හෘදය පලාගෙන වියරු අග්නි දහරාවක් පැන නැංගේය. සැබැවින්ම දීර්ඝ කාලීන
නිහැඩියාවක් නිමා වන්නේ මහා ඛේදාන්තයකිනි. ῝ෂා῞ කඳු ගර්භය ගිණිගෙන දැවෙන
මොහොතේද මිර්ෂාවන් මූල පද්ධතිය හරහා එක්වෙමින් සිටියහ. ῞සෝ῝ කඳු සිරසෙහි
උන් මිර්ෂාවට අවසන් ජීව දහරාව තිළීන කළ සෙසු පෙම්වත් වෘක්ෂය දැවී හළු වී
මොහොතකින් අගුරු බවට පත්ව රක්ත වර්ණයෙන් තෙවරක් දිලිසී නිවී , යළිත් වරක්
තැඹීලි වර්ණයෙන් දිලිසී නිවී අනතුරුව තද කළු අගුරක් බවට පත් වූයේය.මොහොතකට
දකුණු ඉවුර මුළුමනින්ම නිශ්චලතාවයට පත් විය. මිටියාවතෙහි වෘක්ෂයකට ඉතිරි ව
තිබුණේ ῝සෝ῞ කන්දේ මිර්ෂාව පමණකි. ඇයට පිය විප්පයෝගයේ ශෝකය පල කරන්නට
සෙලවීම සදහා පත්‍රයක් වත් නොතිබුණේය. ශෝකය පල කරන්නට ක්‍රමයක් නැති වීමද
වේදනාවක් මය. ඇය මද සුළගට ඇඹරෙමින් ද නැවෙමින්ද වේදනාව දරා ගත්තාය.දකුණු
ඉවුරෙන් හමා ගිය වියළි සුළග මිර්ෂාවන්ගේ ආදරය ගැන ගයමින් දූවිලි වළාකුළු
දසත පා කරමින් ස්වකීය ගිම්හාන මෙහෙවර ඉටු කළේය.
නේත්රාංජලියෙහි මේ වන විට
දිය බිදුවකුදු ඉතිරි වී නොතිබුණේය. විශාල මාලුවකුගේ කුසයක් පලා බලන විට
දිස්වන්නාක් බදුව මිය ගිය මාළුන්ගේ ඇට කැබලිති ගංගා කුහරය දිගේ විසිරී
තිබුණේය. ගිම්හාන සුළග නේත්රාංජලියෙන් අසා දැනගත් මිර්ෂාවන් ගේ කතන්දරය
අහසටත් ඉන් එපිටටත් සියළු දෙවියන්ට සහ තාරකා මණ්ඩලවලට ඇසෙන්නට ගයමින් හමා
ගියේය. ප්‍රේමයක ආයුකාලය තීරණය කරන්නේ දෙවියන් විසිනි. ඒ පිදිය යුත්තාටම
පුදන ලද ප්‍රේමයක් නම් උනුනගේ පැවැත්ම ලෝකයටම ආශිර්වාදයක් වන්නේ නම්
පමණක්මය. කෙසේ වුව අසීස් නම් වූ දෙවියා මිර්ෂාවන් පිළිබද කතන්දරයට ආදරය
කළේය. අසීස් වසන්තයට අධිපති දෙවියාය. ඔහු දකුණු දිග කඳු පෙදෙස ට සමාන්තරව
කුඩා නිල් පැහැති තාරුකාවක්ව උදයේ දීත් දහවලේ දීත් රාත්‍රියේ දීත් පායා
සිටියේය. වසන්තයෙහි පැවැත්මට ගිම්හාන වේදනාව අවශ්‍ය වෙයි. මන්ද එබන්දෙක්
වසන්ත සෞන්දර්යයෙන් අනවශ්‍ය ලෙස උද්දාමයට පත් නොවේ.
එය අපූර්ව
දවසක් විය. ῞ෂා῝ කන්ද ගින්නෙන් පසු මුළුමනින්ම නිහඩ වී තිබුනේය. කවදාවත්
නැතිව පාන්දර සුළගේ සිහිලසක් ගැබිවී තිබිණ. ῝සෝ῞ කන්ද මුදුනෙහි වියලි
අතුපතර විහිදාගෙන අහස දෙස බලා සිටින මිර්ෂාව ගිම්හාන මතකයේ දුක්බර සිත්තමක්
බදු විය. ඇය ස්වාමියාගේ වියෝව උසුලාගත නොහැකිව දෙවියන්ගෙන් පිළිසරණ අයදින
කාන්තාවක බඳුය. කේදවාචක අතරතුර අපූර්වත්වයන් පහළ වීම ද ස්වභාදහමේම
නියතියකි. ඒ අපූර්ව උදයෙහි නිම්නයට නුපුරුදු කුඩා කුරුල්ලෙක් ῞ෂා῝ කන්දේ
සිට ῝සෝ῞ කන්ද දක්වා සෙමෙන් ගමන් කළේය. අවසාන වසන්තයෙහි හටගත් මිර්ෂා
ගෙඩිවල තිබූ නිල් පැහැයත්, පරවෙන්නට ආසන්න මල් හි වූ දීප්තිමත් කහ
පැහැයත් ඇති පිහාටු වලින් සැරසුණු ඒ කුඩා පක්ෂියා වසන්ත සෘතුවේ කිසි තැනක
මෙතාක් දක්නට නොසිටියේය.
වඩාත් අමතක කළ නොහැකිම කරුණ වූයේ දුවුණු මිර්ෂා
අරටුවක් සිහිපත් කරවන උගේ කාලවර්ණ දීප්තිමත් දෑසයි. ඇත්තටම ඌ කාගේ
කවුදැයි අසන්නට ද පණ ඇති කිසිවෙක් නොසිටියේය. කාලය කෙමෙන් ගලා ගියේය. අසීස්
තාරුකාව මිර්ෂාව මුදුනෙන් පායා ආවේය. ඒ මියුරු රාත්‍රිය උදාවේ අර ආගන්තුක
කුරුල්ලා ῞සෝ῝ කන්ද තරණය කරමින් සිටියේය. ඌ කෙමෙන් කෙමෙන් කන්ද මුදුනට
පැමිණ තාරුකාවට සමාන්තරව මිර්ෂාවේ මුදුන් අත්තක නවාතැන් ගත්තේය. කුරුල්ලාට
තිබුණේ මියුරු ස්වරයකි. ඌ සිය පියාපත් එකින් එක තියුණු හොටෙන් ඇද දමමින් ඈත
අහසේ තාරුකා දෙස බලමින් මියුරු හඩින් ගැයුවේය. උගේ සිරුර සිදුරු වී
නොනවත්වා රැධිරය වෑහෙන්නට විය. සිය අවසාන පිහාටුව සිදෙන තෙක්ම ගී ගැයූ
කුරුල්ලා අවසන් මොහොතේ හොටයෙන් හදවත සිදුරු කර ඉන් ගලා ආ රුධිරයේ
සිසිලසින් මිර්ෂාවගේ හදවත සුවපත් කළේය.
රැය පහන් වන්නට ආසන්න මොහොතේ අහස
මූණ කළු කරගත්තේය. නොනවත්වා වැසි වැටුණි. නේත්රාංජලියට සුපුරුදු
පුළුලුකුල හිමි වීම නිසා ඈ අසීරුවෙන් ගැලුවාය.ඒ උදා වූ වසන්තයේ දී දකුණු
ඉවුරේ හැඩය මුළුමණින්ම වෙනස් විය. කලු අගුරු පැහැ කන්දකට මුහුණ ලා අමුතු
ගසක් හට ගෙන තිබුණි. ඒ ගස පුරා තිබුණේ පත්‍ර වෙනුවට නිල් පැහැ පිහාටුය.
කුරුළු තුඩක් බදු අපූර්ව ඵලයක් එහි හටගත්තේය. බඩගිණිකාර කුරුල්ලන් ඒ ඵල
බුදින හැම විටම මියුරු ගායනයක් ඇසෙන්නට විය. පසු ගිය වසන්තයේ සෝෂාවෝ හැඩ කළ
වෘක්ෂයන්ගේ උපත පිළිබඳව ද නේත්‍රාංජලිය දන්නා රහස් ඇතැයි සුළග සැක කළේය.
සෑම වසන්තයකම සෞන්දර්යාත්මක වස්තුන්හි හැඩය තීරණය කරන්නේ ගිම්හානයේ මුහුණ
දුන් කටුක කතන්දරවල ස්වභාවය අනුවය. ජීවිතයට හැඩය ලැබෙන්නේ වේදනාවේ මිහිරි
ඵලයක් වශයෙනි. ඒ වසන්තයේ අවසන් දවසේ දී මිර්ෂාව කුරුළු පිහාටු තොගයක් සිය
හිසෙහි ගවසාගෙන පුරුදු මන්දස්මිතයෙන්ම ගලා ගියේ තවත් කතන්දරයක් ගැන මතු
බලාපොරොත්තුද ඇතිවය. මෙසේ සෑම කලෙකම එළැඹි සෘතුව නිමා වූයේ දකුණු දිග ඉවුරේ
හැඩය වෙනස් කරමිනි. පරිණාමයට හේතුව වේදනාවයි. බිය නොවන්න. .. වේදනාබර සෑම
මොහොතකම ඔබේ කවුළු හැර බලන්න.. තවමත් දකුණු දිග අහසේ ඒ කුඩා තාරකාව පායා
තිබෙනු ඇත.
- උපේක්ෂා නුවන්ශ්‍රීනි -
Anonymoushttp://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.com18tag:blogger.com,1999:blog-2935389719227384022.post-14095066589387310872016-12-07T19:08:00.001-08:002016-12-07T19:08:22.568-08:00ඔබ මරණ පාශයෙහි බැඳුනේය.. මම ස්නේහ පාශයෙහි බැඳුනෙමි..!
මනුෂ්‍යය සම්බන්ධතා යනු ජීවත් වීම තුළින් ම හැදෑරිය යුතු ගැඹුරු
ධර්මතාවකි. මන්ද මනුෂ්‍යයා විසින් ස්වකීය ජීවිතය පවත්වා ගැනීම උදෙසා මුහුණ දෙන සන්සිද්ධි සහ සංකූලතා අතිශය සංකීර්ණ විය හැකි බැවිනි. මානව
සම්බන්ධතාවක ස්වරූපය මෙයාකාර විය යුතුයයි කල් තියා කිව නොහැකිය. එය ස්ත්‍රී
පුරුෂ සම්බන්ධතාවක්ද , හුදු මිත්‍රත්වයක් ද, එසේත් නැතිනම් එකිනෙකාට
ප්‍රකාශ කිරීමෙන් තොරව මුණිවත මගින්ම පවත්වාගනු ලබන ආදරයක්ද, පීතෘ දූහිතෘ
හැගීමක්ද වශයෙන්, ඇතැම් විට සම්බන්ධතාවක් කිසිදා පැහැදිලිව නිර්වචනය කළ
නොහැකිය.
සැබැවින්ම මානව හැගීම් උදෙසා විද්‍යාත්මක අර්ථකතන සැපයීම
අනර්ථකාරීය. ක්ෂණයෙන් බිදෙන නැගෙන මනුෂය සිතිවිලි පුදුමාකාරය. විටක ගොළුය.
විටක දොඩමළුය. හදවත දොඩමලු විට කියන පණිවිඩයත් එය වඩාත් නිහඩ විට බෙණෙන
වදනත් අතර ඇත්තේ පුළුල් ලෙස විහිදුනු ජීවන වින්‍යාසයකි.
පුළුල්
හදවතක් ඇති මනුෂ්‍යයා ජීවිතය පිළිබඳ හොඳ විචාරකයකු බවට පත්වෙයි. ඔහු
ස්වකීය ජීවිතය මෙන්ම අනෙකාගේ ජීවිතය දෙසද බලන්නේ විදාරණය වූ දෙනෙතිනි. ඔහු
හොඳ හෝ නරක වශයෙන් කිසිදු ක්‍රියාවක් හෝ ප්‍රතික්‍රියාවක් වර්ග නොකරයි. ඔහු
ජීවිතය දකින්නේ අනුස්මරණය නොකල යුතු අතීතයකුත් අපතේ නොහැරිය යුතු
වර්තමානයකුත් පිළිබද පුළුල් වපසරිය සලකා බැලීමක් වශයෙනි.
අනපේක්ෂිත
අභාග්යාකදී තමා හැසිරෙන්නේ කුමනාකාරවද යන්න පිළිබද මිනිසා තුළ අවබෝධයක්
නොමැත. යාන්තිකව ක්‍රියාකාරීවන හදිසි චිත්තාවේගයන් තුළ මිනිසා සිදු කරන්නේ
ක්ෂණික අභාග්‍යයන් එක් අවිනිශ්චිත මොහොතක් වේගයෙන් පසු කරීම උදෙසා කෙසේ හෝ
කළමනාකරණය කර ගැනීමයි. පැවැත්ම පිළිබඳ අරගලයේ දී මනුෂ්‍යයාට ස්වකීය
ක්‍රියාකාරීත්වය අරබයා හොද සහ නරක වශයෙන් ජීවන විලාස විග්රහයන් වර්ගීකරණය
කළ නොහැක.
බුදු සමයෙන් දායාද වූ භෂා කලාවාදිය තුළ මනුෂ්‍ය සම්බන්ධතා
නිරූපණය වූයේ සත්‍ය ස්වභාවයෙන් නොවේ. බුද්ධ ධර්ය කෙතරම් ගැඹුරු ධර්මයක්
වුවද, එය අප වෙතට ලේඛනාරූඩ වූයේ පුහුදුන් භික්ෂූන්ගේ කතන්දර එකතුවක් වශයෙනි.
පන්සිය පනස් ජාතක පොත්වහන්සේ පිරික්සා බලන විටත්, ඉතිහාසගත ඇතැම සන්ධිස්ථාන
සළකුණු වූ කෘතීන් ආදිය පිරික්සා කිරීමේදීත් පැහැදිලිවන එක් කරුණක් වන්නේ,
මනුෂ්‍ය සම්බන්ධතා තමන්ගේ සාහිත්‍ය ආරම්මණය පූරණය වනු වස් බලහත්කාරයෙන්
මෙහෙයවා ඇති බවයි.
ජාතක කතාව අවසානයේ, පූර්වාපර සන්ධි ගැලපීමේදී බුද්ධ චරිතය වීරත්වයට පත් කොට අනෙකා පාපියෙකු කිරීමත් සිදුවේ. ආගම පිලිබද උන්මාදය ඇති කිරීම උදෙසා සිදු
කළ ජාතක කතා ප්රබන්ධයන්හිදී, ‘මේ මාතුගාමයෝ නම් පවිටු වූ සත්ව තෙනෙකි.
.. යනුවෙන් කාන්තාව යනු පවුකාර සත්වයෙක් වශයෙන් නාමධාරී විය.
නලිනි ජාතකයේ
(518 ජාතක කතාව -පි.අ.1367-1374) මුවදෙන ගැබ් ගන්නේ තාපසයා මුත්‍රා කළ
ස්ථානයේ වැවුණු තණකොළ අනුභව කිරීමෙනි. ඉන් ඒ මුව දෙන ගැබ් ගත්තා පමණක් නොව,
ඇය ප්‍රසූත කරන ලද්දේ මනුෂ්‍ය පුත්‍රෙයකි.. ඒ තාපසයාගේ ආනුභාවයෙනැයි කියනු
ලැබේ. ඉතින් මේ උපන් කුමාරයා ඉසිසිංග තාපසයෝ නම් වූ අතර, නොබෝ දවසකින්ම
ධ්‍යාන භාවනා කොට, පංචාභිඥා අස්ටසමාප්තියෙහි උපදවා ගෙන ධ්‍යාන සැපයෙන්
කෙළනා වූ ඝෝර වූ තවුස් ඇතිව විශේසයෙන් වසන ලද පංචේන්ද්‍රියයන් ඇත්තාහු
වෙති.
තවුස් දම කෙතෙක් බලවත් වුවද, පසිඳුරන් වසාගෙන සිටිය හැකි සීමාවක් හෝ
කාලයක් පිළිබඳ සෑම මනුෂ්‍යයකුටම දැනුමක් නොවේ. මන්ද ඌහු ස්වභාවික තත්වය තුළ
ජීව විද්‍යාත්මක සත්වයකු මිස තවුසකු හෝ අනෙකකු නොවේ. ශක්රයන්ද කෙළෙස්
විහීනයකු නොවේ. ඌහුද ඉතිහාසයේ පටන්ම සිදු කළේ මිනිසාගේ ක්රමානුකූල
දිවිපැවැත්ම නොසිතූ පරිදි අවුල් ජාලයක් කොට ඉන් පසු එළඹෙනා තත්වයන්ට
මිනිසා විසින් මුහුණ දෙන ආකාරය පිරික්සා සතුටු වීමයි.
ඉසිසිංග තාපස තෙමේ දෙස බලා හුන් පුහුදුන් ශක්‍රයා ද සිතුවේ මෙබන්දකි.
‘ ‘ උපායෙන් මුගේ ශීලය භේද කෙරෙමි ..ඒ උපායෙහි ඵලයක් ලෙස ශක්‍රයා විසින්
කසී රටට වසර තුනක් මුළුල්ලේ වැසි නොදී නවත්වන ලද්දහ. කසී රට හිරුගෙන් දැවී
මහත් කර්ශක භාවයට පත්වූ කළ එරට විසූ ජනයා සිය රජුන් අභිමුඛව ගොස් දානා දී
ශීලය වඩවා රටට සෙත් පතන්නයි අයැදූහ. රජුද වඩාත් ධාර්මිස්ට පිළිවතකින් රාජ්‍ය
යට වැසි අයැද සිටියේය.මෙවන් එකක් දවසක ශක්‍ර දේවේන්ද්‍රයා කිසිත්
නොදත්තෙකු විලස රජු ඉදිරියේ පෙනී සිටියේය. ඒ කවුරුන්දැයි ඇසූ කල්හි, ‘ දෙ
දෙව්ලොව නායක ශක්රෙදවේන්ද්රෙයා් නම් මමය කීහ. නැවත රජු විසින් කුමන
කරුණක් පිණිස පෙනී සිටියේදැයි ඇසු විට, තොපගේ රටට වැසි නොවටිනා කරුණ
දත්තේදැයි ශක්‍රයා විසින් විමසීය. නැතැයි කී කල්හි ශක්‍රයා තමාගේ උපක්‍රමය
කෙරේ එල්බියේය.
‘ඉසිසිංග නම් වූ ඝෝර තපස් ඇති එක් තාපසයෙක් හිමාලය වනයෙහි වසන්නාහ.ඔහුන් නිරන්තරයෙන් වැසි වස්නා කල්හි කිපී ආකාශය දෙස බැලූහ. ‘වැසි නොවැටෙන හේතුව ශක්‍රයාගෙන් දැනගත් රජු ඊට පිලියම් ලෙස කල යුත්තේ
කුමක්දැයි විමසීය. ඊට පිළියම් ලෙස රජුගේ දියණිය වූ නලිනි කුමරිය තාපසයා
සිටින ආරාමයට යවා ඔහුගේ සිල් බිදිය යුතු බවට ශක්‍රයා විසින් උපදෙස් දෙන
ලදී. කුමරිය තාපසයාව නම්මා ගන්නේ, අතිශය උපක්‍රමශීලීවය. එය සිනහ උපදවන ලෙස
ලියා තබන්නට ජාතක කරුවා සමත්ව තිබේ. ඇය ද තාපසයකු ලෙස ඉසිසංග තාපසයාගේ
ආරාමයට යයි. ඉන් පසු සිය ලැජ්ජා ස්ථානය නිරාවරණය වන ලෙස ඔහු ඉදිරියෙහි
පෙනී සිටී. කිසිකලෙක ස්ත්‍රී යකගේ ලිංගික අවයවයන් නොදුටු තාපසවරයා සිතන්නේ
මේ තාපසියගේ ශරිරයෙ හි වූ වණයකැයි සිතාය.
‘ එම්බා තාපසයෙනි,
තොපගේ මේ කලවා යුවළ අතුරෙහි කලු වු පැහැ ඇති මනා කොට පිරියම් කරන ලද සිප්පි
මුඛයකට බදු වූ සටහන් ඇතිව පෙනෙන්නේය. කෙසේ වූ වණයක්ද තොපගේ උත්තමාංග යයි
කියන ලද නිමිත්ත ස්ථාන නොපෙනෙන්නේය. කිමෙක්ද ඒ තොපගේ ශරීර අභ්‍යන්තරයට වැදී
ගියේදැයි විචාළහ.. ස්ත්‍රියද එය ශරීරයෙහි හටගත් වණයක් ලෙස හවා ඊට පිළියම්
කරන නියාවෙන් තාපසයා සමග මෙථුන්යෙයහි යෙදී ඌහුගේ ශීලය බිද දැමූ බවත්,
ස්ත්‍රිය වනාහී පවිටු සත්ව තෙනෙක බවත් ජාතකකතාවෙහි අවසානයෙහි සදහන් වේ.
ජාතක කතාව ලියා තබන ලද්දේ ශ්රැති සූචන සමාජයකටය. එනම් ශාක්ෂරතාවය නොමැති
කිසිවකු විසින් කියන්නක් අසා සාධුකාර දෙන සමාජයකටය. ඔවුහු වීරයන් දුෂ්ටයන්
සහ අහිංසකයන් පිරි මෙබදු කතන්දර රැය පහන් වන තුරු රස වින්දහ. විරාමය නොමැති
උත්ප්රාසාත්මක පද සංඟටනය කියවන්නාගේ මධුර භාවය අනුව අසන්නාගේ රුචිය
තීව්ර කිරීම හෝ හීන කිරීම තීරණය විය. ගැණියකට ගල් ගැසීමේ පළමු පියවර
ගැහැනුන් වෙතම පැවරුණු අතර, උපාසක උපාසිකාවෝ ජාතක කතාවක පූර්වාපර සන්ධි
විමසීමේදී දුෂ්ට ගැහැණියගේ ආත්මය පිළිබද විමසා, ඈ අගතියට පත් වූ නියාව දැන
සාධුකාරද දුන්නහ.
නමුත් විමසුම් ඇසින් නලිනි ජාතකය පිරික්සීමේදී, ශක්‍රයා
කෙතරම් අධමයෙක්දැයි වැටහේ. එමෙන්ම සිය දියණියව ගණිකා වෘතියේ යෙදවූ මේ පියා
කෙතරම් නරුමයෙක්ද. ස්වකීය පාපය දියකර හැරීම සදහා විහාරමහා දේවීව මුහුදට පකල
යැවූ පියාද, මේ පියාද, දෙදනාම සමානය. පාලකයන්ගේද, දෙවියන් වශයෙන් සමාජයට පහළ
වූ බලවේගයන්හිද , ස්ත්‍රී ලිංගය හෙවත් ස්වකීය උත්පත්ති ස්ථානයවත්
හඳුනාගන්නට අපොහොසත් ළදරු පුරුෂයන්ගෙන්ද, නලිනි කුමරිය කෙළෙසා දැමූ ජාතකකතා
කරුවා උත්සහ කළේ, ශාසනයෙහි පුරුෂයා අළවා තබන්නට බැම්මක් තැනීමටය.
පුරුෂයාගේ
පරමාර්ථ සාධනයට රුකුල් දෙන ස්ත්‍රිය සාධුතර පුණ්‍ය වන්ත ස්ත්‍රියක
වහයෙනුත් ඔහුව ගේහසික ජීවිතයට අළවා තබන ස්ත්‍රිය පවිටු සත්ව තෙනෙකුත්
වහයෙන් අර්ථ ගන්වන ලදහ.ඒ සියල්ල සිදු කරන ලද්දේ ශෘසන ග්‍රාහී පුහුදුන්
භීක්ෂූන් මිස ඒ කිසිවක් බුදුන් වහන්සේගේ චින්තනය නොවේ.එමෙන්ම
පිරිමියා යනු ස්ත්‍රී නිමිත්තවත් නොහදුනන ළාබාලයකු බවත්, තුවාලයකට පිරියමක්
ලෙස සලකා මෛථුන්යෙයේ යෙදෙන අසරණයකු ලෙසත් කළ ඒ අර්ථ දැක්වීම, වර්තමානයෙහි
පවා කාන්තාවන් වරදෙහි බැදී හසුවන ස්වකීය පුරුෂයා සුදනෙකු කරනු වස් භාවිතා
කරයි. නමුත් ඇය නොදන්නේ යක්ෂණියක ලෙස ආරෝපිත කළ කුවේණියක ගේ කුසින් තමන්ද
බිහි ව සිටින බවයි.
ස්ත්‍රී පුරුෂ සබතා මෙන්ම ගුරු ගෝල සම්බන්ධතා ද
සාහිත්‍යයට නැගුණේ වීරයාගේ පරිමාව ප්‍රසාරණය කරනු විනා, සැබෑ අන්තර් පුද්ගල
සම්බන්ධතා විවරණය කිරීමට නොවේ.. ගුත්තිල වීරයෙක් කරන්නට මූසිල දුෂ්ටයෙකු
බවට පත් විය. නමුත් මූසිලට අසාධාරණය කළේද ගුත්තිලට අනුග්‍රාහකත්වය දැක්වූ
අහසේ දෙවිවරු නිසාවෙනි. දිව්‍යමය අනුග්රහයකයන් නිසා ගුරුවරයා ජයග්‍රාහකයකු
වී දක්ෂ ගෝලයා ඓතිහාසික මූසිලයකු බවට පත් විය. ධෝම නම් ගුරුවරයා විසින්
උපමානට වරාකොළ කවන්නේ ද ගුරු භක්තිය පිළිබද පරීක්ෂාවකදීය. නමුත් එකී
සංසිද්ධියේ දී දෙවියන් උපමානට පිහිට වී ගුරු භක්තිය නිසාම වරාකොළ කමින් අඳ
භාවයට පමුණුවාලූ දෑස සුවපත් කළේය.
අහිංසක, අංගුලි මාල වූයේ ද, දිසාපාමොක්
කෙරෙහි වූ අන්ධ භක්තිය නිසාය. දිසාපාමොක් විසින් දක්ෂතම ශිෂ්‍යයාට සිය
දුවණිය පවරන්නේ ගෝලයාගේ උපාධි සහතිකය බවට සිය දියණියව පත් කරමිනි. මනමෙ
කුමරැ ධනුර්ධර වුවද ඔහුට වනන්තරය ආගන්තුකය. වනන්තරයේ භාෂාව හඳුන්නට පුළුවන්
වැද්දාටය. කුමරියට ජීවිතය බෙදා ගැනීම පිළිබද අත්දැකීමක් නොමැත. මනුෂ්‍යයා
ඛේදවාචකයට ලගා වන්නේ තමාට තමා මගහැරුණු තැනය. ගැහැණියක හෝ පුරුෂයකු විසින්
වරදකට පොළඹවනු ලබන්නේ සමාජ යාන්මත්රණයේම කුමන්ත්රණකාරී පුවාහයක් විසිනැයි
කිව හැකිය.
පන්සිය පනස්ජාතය මුළුමනින්ම පිරික්සා බැලූ විට වටහා ගත හැකි
වන්නේ, පුහුදුන් මිනිසුන්ගේ චිත්ත ප්‍රීතිය උදෙසා එකී කතන්දර ලියා ඇති බවයි.
පුහුදුන් මිනිසා ප්‍රිය කරන්නේ කුමකටද? ඌහු දුෂ්ටයන්ට ප්‍රිය කරති.
වෙසෙසින්ම, කාන්තාවක හිංසනයට පත්වන බව අසන්නට පවා පිය කරති. එබැවින් චීවරය
කෙරේ පුරුෂයා අලවා තැබීමට ලියූ ජාතක කතන්දරයේදී, මානව සම්බන්ධතාවන්හි
උත්තම ස්වභාවය විනාශ ව ගියේය. නමුත් ඇතැම් කතාවකදී කතෘ වරයාගේ ඇති
චින්තනමය සද්භාවය නිසා මනුෂ්‍ය ජීවිතය පිළිබඳ ගැඹුරු ධාරිතාවක් දැකගත
හැකිය.
චුල්ල හංස ජාතකය එබන්දකි.( පන්සිය පණස් ජාතකය - 525 ජාතක
කතාව) බුදුන් වහන්සේ විසින් මේ ජාතක කතාව දේශනා කරන ලද්දේ අනඳ මහ
තෙරුන්වහන්සේගේ ගුණ වර්ණනා කරනු පිණිසය. දෙව්දත් විසින් නාලාගිරි හස්තයාට
රා කළ සොලොසක් පොවා බුදුන් සමීපයට එවන ලද අවස්ථාවේ, ස්වකීය ජීවිතය පරදුවට
තබා හස්තියාට අභිමුඛ වීමට අනඳ තෙරුන් තීරණය කළේය. මේ අවස්ථාවේ හස්තියාගේ
බිහිසුණු ස්වබාවය දැක බියපත් වූ ස්ත්‍රියක විසින් ස්වකීය දරුවා
බුුදුන්ටත් හස්තියාටත් අතරමග දමා පලා ගියාය. ගුත්තිලගේ වීණා වාදනය ඇසූ
දවසේත් ස්ත්‍රියන්ට ස්වකීය දුරුවන් ඇකයෙන් ගිලිහෙනු නොදැනී තිබිණි. මිනිසාට
තමාව මෙන්ම සමීපස්ථයන්ද මගහැරෙන්නේ ස්වකීය ජීවිතයේ ප්රහර්ශයකදී හෝ
ඛේදාන්තයකදීය. එය සාමාන්‍ය ස්වභාවයයි. බුදුන් විසින් නාලාගිරි ඇතා දමනය
කිරීමෙන් පසු අනඳ තෙරුන් පිළිබද අතීත කතාවක් ලෙස චුල්ලහංස ජාතකය කියැවේ.
මහිස රට සකුල නුවර සකුල නම් රජුගේ රාජ්්ය කාලයේදී අප මහා බෝධි සත්වයාණන්
වහන්සේ දෘතරාෂ්ට්‍ර නම් හස රදව ඉපදුණහ. දෘතරාස්ට්ර නම් හංස නායකයාට
සෙනෙවි වූයේ සුමුඛ නම් වූ හංසරාජයාය. මොවුන් සයානුදහසක් හංස පිරිවරද සමග
චිත්‍ර කූඨ පර්වතයෙහි වාසය කලාහුය. එක් දිනක් ස්වකීය පිරිවරගේ ආයාචනයක්
නිසා මානස විල් තෙර අසබඩ ට යන්නට දෘතරාශ්ට්ර තෙමේට සිදුවිය. ‘ පිරිවර හා
සමග එවිලට ආකාශයෙන් බස්නාහු පය මලෙහිම එළාගෙන බටුවාහුය. එකල බෝධී සත්වයන්ගේ
පය යපටකින් මැසූ කලක් පරිදි ඇසිර ගියේය. ඉක්බිති මල කඩා ගනිමියි සිතා ඇදි
ඇදී සේ පළමු කොට කකුලේ සම් කැඩී ගියේය. දෙවෙනිව මස් කැඩී, තුන් වෙනිව ඇට කැඩී
ඇටයෙහි ඇසිර සිට ලේ වෑහෙන්නට පටන් ගෙන, බලවත් වූ දුක්ඛ වේදනා පැවැත්තේය...
දෘතරාශ්ට්ර මානස විලට බටුයේම, දඩයක්කාරයකු විසින් අටවන ලද උගුලක දෙපා
සිරකරමිනි. ඌහු ඉන් අත්මිදෙන්නට ගත් ව්යානයාමයේදී මුහුණ දුන් භයංකාර
තත්ත්වය කෙබඳුද? දෙපා යකඩ වරපටින් මුදවා ගන්නට දැරූ වෑයමේදී කකුලේ සම කැඩී,
මස කැඩී අනතුරුව ඇටද බිඳී ගොස් මහත් වේදනා උපන. ස්වකීය නායකයා පත් වූ
භයංකාර තතු දුටු සේනාව ඔහු අතහැර ඈතට පියාඹා ගියෝය.එකල සිත් පරීක්ෂා
කැරන්නා වූ මහබෝධිසත්වයෝ සුමුඛයන් අමතා මෙසේ ඇසූහ. සියළු පිරිවර මා හැර
දමා ගියේ මා ගැන කිසිවක් නොවිමසාය. ඔබ මා හැර නොයන්නේ ඇයි? එකල්හි සුමුඛගේ
මුවින් නිකුත් වූයේ මධුරතම වදන් මාලාවකි.
‘දේවයන් වහන්ස , නුඹ
වහන්සේ හැර මෙතනින් මම ගියෙමි, නමුත් නොගියෙ,මි නමුත් මියෙන්නෙමි වෙමි. සුවපත්
වූ නුඹ වහන්සේට සේවය කොට දුකට පැමිණි වේලෙහි ඇරපියා ඒකාන්තයෙන් නොයමි. නුඹ
වහන්සේ මරණ පාසයෙන් බැඳුණු සේක. මම ස්නේහපාසයෙන් බැඳී ගියෙමි..
ජාතක
කතාකරුවා මෙහදී බෝධිසත්ව චරිතය වෙසෙස් කොට උලුප්පා නොමැත. නායකයාටද වැරදීමට
හැකිය. මෙහිදී අනඳ තෙරුන්ගේ අතීතාත්මභාවය හෙවත් සුමුඛ නම් හසරදගේ උසස්
පැවැත්ම හරහා ඔහු පවසන්නේ, ජීවිතයේ අසිරිය පවතින්නේ සම්බන්ධතාවල පදනම මත
බවයි. එය තිරිසන් ආත්මයක්ද මනුෂය බැඳීමක්ද යන වග වැදගත් නොවේ. නමුත්
වර්තමානයෙහි මිනිසා ගේ සියළු චර්යාවන් යාන්ත්‍රිකව පවතී. රාත්යහි තුරුලු වී
නිදා සිටි ගැහැනියව පාන්දර මරා දමන්නට හැකි තරමට මනුෂ්‍යයාගේ ජීවිත
පරිහානියට පත්ව ඇත. තමාටම කියා ශඍිරයක් ලියා අත්පත් කර ගැනීමේ නිස්සාර බාවය
ගැහැනුන් මෙන්ම මිනිසුන්ද වටහා ග්නනා දවසක් එන තුරු, අසුන්දර සන්සිද්ධීන්
අසමින්ද විදිමින්ද කම්පා වෙනවාට එහා යමක් කරන්නට අපිදු අපොහොසත් වන්නෙමු.
මෑත කාලයේ විඳින ලද නිර්මාණ අතරින් අශෝක හඳගමගේ ඇගේ ඇස අග සිනමා පටයට මා
බෙහෙවින් ප්‍රිය කරන්නේ, මනුෂයයන් සහජයෙන්ම ලොබ වඩන ප්‍රචණ්ඩත්වයට පිටුපා
මනුෂ්‍යත්වයේ සීමාව තුළ ගුටලුවක් දෙස විවෘත මනසින් බලන්නට දැරූ වෑයමක්
නිසාය. ආදරයට පදනම වන්නේද විසල් හදවතක විවෘත භාවයයි. ආදරය පිදිය යුත්තේ
ආදරයක් අවැසි තැනැත්තාටය.. ‘ඔබ හැර මම මෙතනින් ගියද නොගියද මගේ මරණය කවදා
හෝ නියතය.ඔබ දුකට පත් වේලෙහි කිසි කලෙක හැර නොයමි. ඔබ මරණ පාශයෙන් බැඳුණු
මෙවෙලෙහි මම ස්නේහ පාශයෙන් (පහසින්) බැඳී ගියෙමි.
සුමුඛ නම් හංසයාගේ සුදෝ
සුදු පියාපත් මෙන්ම ඒ හඩද අතිශය ප්‍රීතිමත් කටහඩකි. ජීවිතයේ ප්‍රිතිය රැදී
ඇත්තේ හදවතේ පැහැදිලි පැවැත්ම සමගය. අසිරිමත් ආදරය යනු ජීවිතයෙහි මිහිරි
වේදනාවන් හමුවේ අනෙකාගේ හදවත වඩාත් හොදින් වටහා ගැනීමයි. මනුෂ්‍යයාගේ හදවත
ගැහෙන රාවය තරම් සුන්දර ශබ්දයක් මෙලොවේ නොමැත. මොහොතක් නතර වී ඇහුම් කන්
දෙන්න.එය මෙලොව පවතින මිහිරිම නාදය බව ඔබට වැටහේවි.
- උපේක්ෂා නුවන්ශ්‍රීනි -
Anonymoushttp://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.com15tag:blogger.com,1999:blog-2935389719227384022.post-56910667560622373242016-12-05T19:37:00.000-08:002016-12-05T19:37:36.231-08:00ෆැන්ටසි කුසුම -
වසන්තය මග ඇරුණු ගසකට
හීනෙනුත් පෙනෙනවා පල වැල
කුරුල්ලෙක් වත් නොඑන අතු මත
මලක් පිපෙනා දවස විමසන
කොයිතරම් ගස් කොළං තිබුණද
හිස නමාගෙන හඩන පොළවට ..
තාරුකා එළි කියා රැවටුණ
කණ මැදිරි හුලු අතු දවාගෙන
නිම්යන්යයි කියා පසු කළ
කඳු වුණත් කොයි තරම් මිහිරිද?
පැලුනු පොලවට හිස තියාගෙන
දරුණු කලුගල් සැතපිලා ඇත
ඒ යටින් උණු ලේ නිවා ගෙන
සිහිල් දහරක් ගලා යන තැන
උණුසුම්ම ඒ පොළෝ කුහරයෙ
ක්ෂේම නිම්නයෙ පිපෙන්නට හැකි
මලක් වේ නම් ඒ නුඹම මිස
අන් කෙනෙක් නම් දුටුවෙ නැහැ මම..
උදා හිරු සේ උදැසනකදී
සොමි ගුණෙන් ඔද වෙමින් රැයකදි
හදවතේ දුක හුදකලා කොට
අනේ ඇත්තට හිනා වුණ හැටි..!!
ආදරෙයි ඕයි !!!
සුබ ගමන් ...!!!
- උපේක්ෂා නුවන්ශීනි -
Anonymoushttp://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.com16tag:blogger.com,1999:blog-2935389719227384022.post-3730645200852287292016-12-04T03:03:00.002-08:002016-12-04T10:26:18.291-08:00කාව්‍යානුභූතිය මරාගෙන ජීවිතය විකසිත වීම
ගෙදර යාමට පරක්කු වූ එළවුළු මල්ල සහ මේසය මත ලතැවෙන දොඩම් ගෙඩි දෙක
- PINCH POINT බ්ලොග් අඩවියෙනි -
ට්ක්රාස් ගා ගෙන
වීල් එක ඉගිලුනේ දුම් දා ගෙන
මුඩුක්කු අයිනෙන්
ගලයිද මොන ගංගා
කුණු ඇලක් මිස
ගොර ගොර ගා
මොන සාරි ගප්පිද
ඉස්ගෙඩි මිස
කකුල් එනකං ලතැවෙන
දොර පියන ඇරෙන්නේ
ක්‍රීස් ගාගෙන
ඇතුළට
වොට් හතළිහේ බලුබ් එකක්
විරිතන්නේ
එල්ලී වයර් එකක
කළුවරට
ලෑම්ප් ශේඩ් මොකටෑ
මේ වගේ තැන් වලට
ඇඳි සළු උනන්නේ
ඈ
පිටිපස්ස හැරිලා
හරියට
ලැජ්ජාව රකින්නැහේ
ඩිංගිත්තකට
ආපු එකා
සිලි මල්ල තියන්නේ
ඇඳ ලඟම
කරල් දෙකෙයි මුරුංගා
තක්කාලි ගෙඩියෙයි
වැටකොළු දෙසිය පනහෙයි
වැඩි පරිස්සමට
මේසේ උඩ
දිලිසෙන්නේ
දොඩම් ගෙඩි දෙකක්
ගෙඩියක්
පැපොල්
බලෙන් වගේ ඉදවුණු
අත ගාන්නේ ආසාවට
පොඩි එකීත්
කන්න ආසයි
දොඩම් නම්
"තැලෙයි .. පරිස්සමෙන් "
ගත්තේ
ඉස්පිරිතාලේට ගෙනියන්න හෙට
ටිකක් අමාරුයි එයාට
යන්න නම් උදේ
ලෙඩ්ඩු බලන වෙලාවට
අල්ලන්න ඕනේ
පහමාරේ බස් එක
ඉක්මන් කරමු ද
ඉතින් ....
අද මගේ හිත රිදී තිබිණ. ඊට නිශ්චිත හේතුවක් මටම නොපෙණින. වේදනාබර හදවත
මතකයන් මත දිගාකරගෙන මම නිසොල්මනේ මොහොතක් ගෙවා දැම්මෙමි. එකෙණෙහි සවස්
කාලයෙහි නගර මධ්‍යෙයහි වූ සිදුවීමක් එක්වරම මගේ මතකයට නැගුනේය. යාචක
ස්ත්‍රියකැයි සිතිය හැකි දුර්වර්ණ දෑසක් ද දූලි වැකුණු සිරුක්ද හිමි තරුණ
ස්ත්‍රියක් සිය බිළිදාද වඩාගෙන කතාකරන්නට බැරි සැමියාද සමග එකතුව කුඩා
වෙළදාමක් අරඹා තිබුණේය. සැබැවින්ම ඒ මොහොතේ ඔවුන් සිටියේ සන්තෝෂයෙනි. ඉන්
මටද මහත් සන්තෝෂයක් ඇතිවිය. එබැවින් ඒ දසුන වඩාත් හොදින් පෙනෙන දුම්රිය
වේදිකාවේ බංකුවක වාඩි වූ මම ඔවුන් තිදෙනා දෙස නිදහසේ බලා සිටියෙමි.
පාට
පාට කොණ්ඩ කටු, ඉටි කොළ වලින් සකස් කළ පිම්බුණු කුරුල්ලෝ, සිතියම් කොළ මගී
පාලම දෙපස එල්ලා තිබුණේය. ගැහැණිය සිය බිළිදාගේ බරද උසුලමින් මුත් සැහැල්ලු
සිනාවක් පා මගීන්ට විසිතුරු භාණ්ඩ පෑවාය. දහසක් දෙනා හැම මොහොතකම එතැන
පසුකර ගියහ. ඇතැමෙක් ඒ භාණ්ඩ මිලදී ගත්හ. තවකෙකු ඒවා නරඹා තුටුවූහ. ඒ
අතරින් එක් පිරිමියෙක් ඒ කාන්තාවට අකුරු දෙකේ සිම්බලයෙන් දමාගසන තෙක්ම නගරය
වඩාත් නිශ්චලව පැවතිණි. ස්වකීය බිරිදට කළ අවමානය දරා ගත නොහැකි වූ ගොලු
මිනිසාගේ දෙනෙතින් කඳුලු ගුලි පැන්නේය. ඔහු ගොත බසින් අර මහත්තයා යයි සිතා
ගත් පහත් ගණයේ මිනිසාට පොලු කෑල්ලක් වනමින් පසුපස ලුහුබැද ගියේය.
තමාට
මිනිසකු විසින් දුන් අවර ගණයේ අර්ථකතනයට වීථියේ ගැහැනිය ඉතාම කෙටි නමුත්
ඉතාමත්ම හොද පැහැදිලි කිරීමක් කළාය. සත්‍ය වශයෙන්ම ඒ අවස්ථාවට ගැලපෙනම
පිළිතුර වූයේ ද එයයි. කෙසේ වුවත් ඒ සිදුවීමෙන් මම මහත් සේ කැළඹුනෙමි. හේතු
විරහිතවම මගේ හදවතෙහි මහත් දුකක් හටගත්තේය. ඒ වේදනාව හවස් වරුව පුරාම
හදවතේ තැනින් තැන කැරකී ඉනික්බිති මුලු හිත පුරාම පැතිරුණේය. සන්ධ්‍යාවේ
රක්ත වර්ණ ආකාශය දෙස නුවුමනාවෙන් බැලූ මම මුලුමනින්ම නිර්වස්ත්‍ර වායුමය
අවකාශය දෙස නිසොල්මනේ බලාසිටියෙමි. මද වේලාවක් ගෙවී ගියේය.
ඈත අහසේ
එකින් එක තාරුකා පායා එන්නට විය. තාරුකා ස්වරූපයෙන්ම චන්ද්‍රිකා හුවමාරු
යන්ත්රද කඩිනමින් වලාකුලු පසුකර ඇවිද යනු පෙණිනි. මෑතක සිට පොත් රාක්කයේ
ආඩම්බරයෙන් වැජඹෙන පන්සිය පනස් ජාතක පොත් වහන්සේගේ දුඹුරුපාට වාටිය කඩාගෙන
කන්නට පැමිණෙන මීයා එන තුරු මම නිහඩව සිටියෙමි. පොතට හානියක් සිද්ධ වුවද ඒ
කරස් කරස් ශබ්දයෙන්වත් මේ නිහඩතාව බිදී යනු මැනවැයි මම හිත හදාගෙන
සිටියෙමි. යළිත් වරක් වේදනාව දෑසට ගලා එන්නට විය.
දොර පියන ඇරෙන්නේ
ක්‍රීස් ගාගෙන
ඇතුළට
වොට් හතළිහේ බලුබ් එකක්
විරිතන්නේ
එල්ලී වයර් එකක
කළුවරට
ලෑම්ප් ශේඩ් මොකටෑ
මේ වගේ තැන් වලට
ඇඳි සළු උනන්නේ
ඈ
පිටිපස්ස හැරිලා
හරියට
ලැජ්ජාව රකින්නැහේ
ඩිංගිත්තකට ...
අඳුරට පෙම්කරන මිනිසුන්ට ආලෝකය අවශ්‍ය වන්නේ සංස්කෘතික වහන්තරාව උනා
මොහොතකට සැනසෙන්නට පමණි. ගැහැනියක විසින් සිය ස්වාමියා ද දරුවන්ද උදෙසා
සෙනෙහෙසින් එකතු කළ රන් භාණ්ඩ වලින් පටන් ගන්නා අහිමි කර ගැනීම අවසානයේ
නතරවන්නේ ආත්මය අහිමි කරගැනීමෙනි. නාදුනන මිනිසාට පිටු පා සළු උනන ඇයගේ
සිතෙහි පවතින වික්ෂිප්ත භාවයත් හදවත හා නොපෑහෙන මේ ශරීර ගණුදෙනුව කෙරේ ඇති
ජුපුස්සාවත් කාව්‍යෙයන් මැනවින් නිරූපණය වේ.
කවියාට ද කිසිවක් රැකගන්නට
වුවමනාවක් ඇති බවක් නොපෙනේ. ඔහු මුරණ්ඩුය . හිතුවක්කාරය.ඔහුගේ භාෂාවත් , පද
සංඝටනයත් ජීවන පරිචයත් යන ත්‍රිත්වයම පුදුමාකාර ව අනුභූතියෙහි ගැඹුර සමග
සුසංයෝජනය වේ.
ආපු එකා
සිලි මල්ල තියන්නේ
ඇඳ ලඟම
කරල් දෙකෙයි මුරුංගා
තක්කාලි ගෙඩියෙයි
වැටකොළු දෙසිය පනහෙයි
වැඩි පරිස්සමට
මේසේ උඩ
දිලිසෙන්නේ
දොඩම් ගෙඩි දෙකක්
ගෙඩියක්
පැපොල්
බලෙන් වගේ ඉදවුණු
අත ගාන්නේ ආසාවට
පොඩි එකීත්
කන්න ආසයි
දොඩම් නම්..
මට චන්ද්‍රාවතී සමග රාත්‍රියක් නමැති වේදිකා නාට්‍යය සිහිපත් විය.
කුටුම්භය නමැති පවුර දෙදරවාගෙන මිනිසුන් අන් ගැහැනුන් පතන්නේ ධන සම්පත්තිය
දරා ගන්නට බැරි නිසාද? මේ ගණුදෙණු කරුවාගේ සිලි මල්ලෙහි තියෙන්නේ ලාබ එළවලු
තුනකි. පොඩි එකාට ගෙනයන්නට පළතුරක් ගන්නට මුදල් නොතිබෙන්නට ඇත. ඒත් ස්වකීය
අවශ්‍යතාව සදහා සුලු ආයෝජනයක් කරන්නේ තමාගේ මානසික ස්ථාවරත්වය සහ කායික
සුඛල්ලිකානුයෝගය හෙට දවසේ ජීවත් වීමට අවශ්‍ය වූ නිසා විය හැකිය.නමුත් ශරීර
සන්තර්පණය පතා පැමිණි ස්ත්‍රියගේ නිවසේ මේසය මත තිබූ දොඩම් ගෙඩි දෙක සහ
පැපොල් ගෙඩිය ඔහු අතගාන්නේ ස්ත්‍රිය දෙස වත් නොබලමිනි.
කවියා විසින් ස්පර්ශ
කරන මේ අවස්ථාව, කවියේද, මනුෂ්‍යත්වයේද, උච්චම අවස්ථාව වෙයි. දරු දුක අභියස
සියලු ගිණි නිවී යන්නේය. දොඩම් , සහ පැපොල් යන සංකේත ලාභ භාෂාවෙන්
ගැහැණියගේ ඇතැම් ලිංගික අවයව හදුන්වන සංකේතයන්ය. ගෙදර බිරිදක සිටියදී
දුප්පත් වැටුපෙන් අන්‍ය ගැහැණියක මිලදී ගන්නේ, තමා තුළ පැන නැගී ඇති
අවශ්‍යතාවේ ප්රබලකම හේතුවෙනි. නමුත් ගැහැණිය මග හැරී ගොස් ඔහුට ගැහැණියගේ
මේසය උඩ තිබූ පළතුරු පිළිබද ලෝබයක් ඇතිවේ.
තැලෙයි .. පරිස්සමෙන් "
ගත්තේ
ඉස්පිරිතාලේට ගෙනියන්න හෙට
ටිකක් අමාරුයි එයාට
යන්න නම් උදේ
ලෙඩ්ඩු බලන වෙලාවට
අල්ලන්න ඕනේ
පහමාරේ බස් එක
ඉක්මන් කරමු ද
ඉතින් ....
තැලෙයි .. පරිස්සමෙන් " .. ගැහැණිය මේ අනතුරු අගවන්නේ තමා හා මෙථුන්යයට
සූදානම් වන මිනිසාටය. මේ ගණුදෙනුවෙන් පසු ස්වකීය ආත්මය තැලී පොඩිවන බැවි ඈ
නිත්‍ය වශයෙන්ම දනී. ගැහැණිය පැමිණි මාර්ගය නිවැරදි සහ පැහැදිලි එකක්
නොවුවද ඇගේ ජීවිතයේ ස්වභාවය පිළිබද කවියා තුළ ඇත්තේ උපේක්ෂාවකි. මංචපරායනව
වෙසෙන ස්වකීය සැමියා වෙනුවෙන් ස්වකීය ජීවිතය තලා නොදමන්නැයි නාඳුනන
පිරිමියාගෙන් ඈ ව්‍යංගයෙන් ආයාචනා කරයි. එහෙත් වෙළමුදල්ද උපයාගන්නේ කෙසේද?
මා මීට පෙර සඳහන් කළ චන්ද්‍රාවතී සමග රාත්‍රියක් නමැති නාට්‍යෙය් ද
අනුභූතිය මෙබදුමය. කන්තෝරුව ඇරී සවස ගෙදර යන්නට සූදානම් වී එළවලු මල්ලක්ද
රැගෙන යන සැමියකු අතරමගදී චන්ද්‍රාවතීගේ නවාතැනට ගොඩවේ. මිනිසාට අවශ්‍ය
වන්නේ ස්වකීය ශෘරීරික අවශතාවය ඉටුකරගෙන නිවසට යන්නටය. නමුත් චන්ද්‍රාවතී මේ
මිනිසාට ආදරය කරයි. අවසානයේ ඇය එම මිනිසාට යන්නට නොදී කාමරයක ලා දොරගුලු
දමයි.
නමුත් නාට්‍ය අවසන් වන්නේ ගැහැණිය විසින් හඩා වැටෙන පිරිමියාට
අනුකම්පා කර නිවසින් පිටවී යන්නට කාමරයේ යතුර ලබා දීමත් සමගය.
ගණුදෙනුකාර පිරිමියා වෙසගනගේ පාශයෙන් මිදී ස්වකීය කුටුම්භය කරා පියඹා යයි.
මෙහදී අපට පැන නගින ගැටලුව වන්නේ, මනුෂ්‍යයා බහිස්කෘතයෙන් නිදහස් ව්නනාක්
බදුව හැගීම්වලින් නිදහස් වී සංස්කෘතික බැම්ම තුළ සදාකාලිකව සිරගත වන්නට ඇප
කැප වී ඇති බැවැයි.
පිරිමියා ස්වභාවයෙන්ම ඒ මොහොතේ ආශ්දවාදයත්,
ගැහැණියක සදාකාලික සැනසීමත්, සම්බන්ධතාවක් තුළ අපේක්ෂාකරයි. ගැහැණියකට ආදරය
යනු මරණීය කාරණාවකි. ඇය ආදරය සදහා පිරිමියකු හා බැදෙන්නේ මහා තෝරා
ගැනීමකින් නොවේ. නමුදු පුරුෂයන් විසින් ස්වකීය පැවැත්ම පිළිබද කාරණයේදී
අවස්ථාවට උචිත ගැහැණිය තෝරා ගනු ලැබේ. නමුත් කාලයත් සමග ඔහුගේ ජීවන අවස්ථා
විපර්යස්ථ වෙද්දී තෝරා ගැනීම තුළ අන්‍ය විකල්පයන් සොයා යයි.. ථූපවංශයෙහි
සදහන් එක් කාරණාවක් මෙතැන්හිදී මට සිහිපත් වේ. මහාමායා දේවියගේ මරණින් පසු
සිදුහත් කුමරුවන්ට කිරි අම්මා කෙනෙකු තේරුවේ මෙබදු ලක්ෂණ සහිතවය.
සුදු නම් - කිරි රස්නෙයි
කළු නම් - කිරි සීතලයි
බෙල්ල දිග නම්- දරුවාගේ බෙල්ල ඇදෙයි
බෙල්ල කොට නම් -දරුවාගේ බෙල්ල කොටවෙයි
එබැවින් සුදුත් නැති කළුත් නැති ගෙල මනාව පිහිටන ලද ස්ත්‍රියක බැවින්
ප්‍රජාපතී ගෝතමියව ඒ කාර්යය සදහා තෝරා ගගන්නා ලදී. කෙසේ වුවත් භාවාත්මක
කාර්යයකට කමිටුවක් විසින් ස්ත්‍රියක තෝරා පත් කර ගැනීම යනු ගැහැනියකට කරු
ලබන බලවත් අසාධාරණයකි. හැගීම් යනු ඇයට ජීවිතයමය. හැගීම් අලෙවිකරන්නට
ගැහැණියකට කිසිදා නොහැකිය. ස්වකීය ස්වර්ණ පියාපත් එකින් එක දන් දී අවසානයේ
මසද දන්දෙන රන හංසියන් මම අනන්තවත් මේ දූවිලි පිරුණු නගරයේ දැක ඇත්තෙමි.
නිහඩවම උන් වෙනුවෙන් හඩා ඇත්තෙමි.
පිරිමියා ස්වකීය මොහොත හෝ ජීවන
පරි්ච්චේදයක් උදෙසා ස්ත්‍රියක පතයි. මේ කාරණාව වඩාත්ම පුලුල් ලෙස වඩාත්
විහිදුණු වපසරියක් තුළ කතිකාවට ලක් කරන්නේෙ පර්ල් එස් බක් විසිනි. ඒ සාර
භූමි ( Good Earth ) නම් වූ විශිස්ඨතම නවකතාව තුළිනි. වංලුං නමැති
දුප්පත් ගොවියා සහකාරියක සොයා යන්නේ හ්වෑං මන්දිරයටය. හ්වෑං මන්දිරය යනු
රදලයන්ගේ මැදුරයි. ඉනික්බිති රදළ මැදුරෙහි වහල් දාසියන් සියලු දෙනා වංලුන්
ඉදිරිපිට කවාකාරව පෙළ ගස්වන ලද්දේ ස්වාමි දුවගේ අණිනි. ඒ කවය දෙස පිරික්ෂූ
වංලුං ඕලෑන්ව තෝරා ගන්නේ හේතු කිහිපයක් නිසාය.
ඕ ලෑන්ට තිබුණේ පළල් වූ
විශාල දෙපාය .චීන ජාතිකයන් දියටණියක උපන් විගස දෙපා වෙළා සකසයි. ඕලෑන්ගේ
දෙපා වෙලන්නට මවක් සිටින්නට නැත. ඇය තනිව ජීවත් වීමේ ධෛර්යයකින් යුක්ත
තැනැත්තියක් විය යුතුය. අනෙක් කාරණාව නම් ඇගේ මුහුණ පුරා විසිරුණු වසූරිය
කැළැල් කිහිපයයි. වංලුන් පොහොසතකු නොවේ. ගොවියාගේ ජීවිතය අස්ථිරය. සාගත
වසංගත වලට මුහුණ දීමට යෝග්‍ය කාය ශක්තියක් ඇති ගැහැණියක ඔහුට වඩාත් යෝග්‍ය
වේ. තෙවැන්න නම් ඕලෑන් ලස්සන එකියක නොවූ නිසා මේ වන තෙක්ම තරුණියක වීමට
තිබූ ඉඩ වැඩිවීමයි.ඒ බවට වහල්හිමි කාරියද සහතික වීමෙන් පසු වංලුන් විසින්
ඕලෑන්ව තෝරා ගන්නා ලදී.
වංලුන් විසින් ස්වකීය ජීවිතයේ තවත්
ගැහැණියක ගැන තීරණයක් ගන්නේ ජීවිතයේ මැදි වියට ආසන්නවය. ඒ කාලයේදී ඔහු
හ්වෑං මන්දිරය මිලට ගෙන එහි හිමියා බවට පත්ව හිදී. ඔහු මෙවර තෝරා ගන්නේ
කෙබදු ස්ත්‍රියක්ද? ඇය නමින් පද්මාය. පුරගනක වූ ඇයව වංලුන්ට මුණ ගැහෙන්නේ
නගරයේ වූ ගණිකා නිවාසයකදීය. සුදුළූණූ ගද ඇති මේ ගොවියාට පද්මා ප්‍රිය
නොකලාය. නමුත් ඔහුගේ ධනවත් කම ප්‍රිය කළාය.
අවසානයේ
රූපය පමණක් ඇති ශරීර ශක්තියත් චරිතයත් යන දෙකම නැති පද්මාව වංලුන් විසින්
ස්වකීය මන්දිරයට රැගෙන එයි. ඕ ලෑන්ගේ මරණය සිදු බවන්නේද ඒ උදෙසා ඇති වූ
ශෝකය නිසාවෙන්මය. ගැහැණුන් මෙන්ම පිරිමන්ද වටහා නොගන්නා එක් බරපතල
කාරණාවක් තිබේ. පිරිමියා ජීවිතයේ සෘතු විපර්යාසය ප්‍රිය කරයි. ඔහු ස්වකීය
තත්වය අධ්‍යාපනය වයස සිතිවිලි කෙමෙන් පරිවර්තනය වත්ම සිය සහකාරිය තුළීන්ද
පරිවර්තනයක් අපේක්ෂා කරයි. ගැහැනිය හැම විටම ආදරයේදී ගමන් කරන්නේ සමාන්තර
රේකාවකය. ඉන් හෙම්බත්වන ස්වාමිවරු ජීවිතයේ ආලෝකය සොයා යන්නේ ද විදුලි එළි
නිවී ගිය පහන් කනු පාමුලටමය. ඒ ජීවිතයේ ස්වභාවයයි.
පුරඟනකගේ ජීවිතය පමණක්
නොව පුරඟන පතන පිරිමියා තුළද සානුකම්පාවක් දල්වන මෙම කාව්‍යෙය් මා දකින
සුවිශේෂීත්වය වන්නේ මානව සම්බන්ධතාවල පදනම ආර්ථික සහ සාමාජීය පවුරු මත හැපී
බිදෙන සහ විසිරෙන ස්වභාවය කවියා විසින් තියුණු ලෙස ස්පර්ශ කර තිබීමයි. එය
ලොව්තුරු නොවන එසේ නොවන්නේත් නොවන හිරු එළිය සහ මල් සුවද මෙන් ඉන්ද්රිය
ගෝචර ද වන කාලය හා අවකාශය මෙන් ප්‍රත්‍ය ගෝචරද නොවන කාව්‍ය නම් වූ අවයවය
භාවමය ප්රෙබා්ධයෙන්ද අනුභූතිමය ජවයෙන්ද කරුණ රසයේ අනුහසින්ද එකලෙසම පුරවා
තබයි.
- උපේක්ෂා නුවන්ශ්‍රීනි -
Anonymoushttp://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.com26