Realtime website tracking softwareRealtime website tracking software

Monday, December 5, 2016

ෆැන්ටසි කුසුම -




වසන්තය මග ඇරුණු ගසකට
හීනෙනුත් පෙනෙනවා පල වැල
කුරුල්ලෙක් වත් නොඑන අතු මත
මලක් පිපෙනා දවස විමසන
කොයිතරම් ගස් කොළං තිබුණද
හිස නමාගෙන හඩන පොළවට ..



තාරුකා එළි කියා රැවටුණ
කණ මැදිරි හුලු අතු දවාගෙන
නිම්යන්යයි කියා පසු කළ
කඳු වුණත් කොයි තරම් මිහිරිද?


පැලුනු පොලවට හිස තියාගෙන
දරුණු කලුගල් සැතපිලා ඇත
ඒ යටින් උණු ලේ නිවා ගෙන
සිහිල් දහරක් ගලා යන තැන
උණුසුම්ම ඒ පොළෝ කුහරයෙ
ක්ෂේම නිම්නයෙ පිපෙන්නට හැකි
මලක් වේ නම් ඒ නුඹම මිස
අන් කෙනෙක් නම් දුටුවෙ නැහැ මම..


උදා හිරු සේ උදැසනකදී
සොමි ගුණෙන් ඔද වෙමින් රැයකදි
හදවතේ දුක හුදකලා කොට
අනේ ඇත්තට හිනා වුණ හැටි..!!


ආදරෙයි ඕයි !!!
සුබ ගමන් ...!!!


- උපේක්ෂා නුවන්ශීනි -

16 comments:

  1. සුභ ගමන් චායා....

    ReplyDelete
  2. හරිම දුකයි...

    මේ කවිය ඒ වේදනාවත්, ජීවිතේ ගැන ගැඹුරු දහමකුත් අරන් එනවා උපේක්ෂා...

    ReplyDelete
  3. මාත් ආදරෙයි ඕයි.... :)

    ReplyDelete
  4. //කුරුල්ලෙක් වත් නොඑන අතු මත
    මලක් පිපෙනා දවස විමසන
    කොයිතරම් ගස් කොළං තිබුණද
    හිස නමාගෙන හඩන පොළවට ..//

    බොහෝ හදවත්වල පණ ගැහුණු බව අපට සිහිපත් වන්නේ ඒ හදවත්වල සියුම් ගැස්ම නිසල වී ගිය පසුව ය.

    ReplyDelete
    Replies
    1. සමහර කවි දැක්කාම මට ලීවා වගේ හිතෙනවා...

      Delete
    2. //කුරුල්ලෙක් වත් නොඑන අතු මත
      මලක් පිපෙනා දවස විමසන
      කොයිතරම් ගස් කොළං තිබුණද
      හිස නමාගෙන හඩන පොළවට ..//

      ඇඬෙනවා ලොක්කි. ඇත්තමයි.

      Delete
  5. සුබ ගමන් චායා...
    අපිත් ආදරෙයි.......

    - ච්රන්ත-

    ReplyDelete
  6. මම ඇයව අඳුන්නනේ නැහැ. එහෙත් ඇය වෙනුවෙන් කතාකළ පිරිස දැක්කාම හිතෙනවා ඇයව ආශ්‍රය කරන්න ලැබුණානම් කියලා

    ReplyDelete
  7. අගෙයි නුඹ මැවු මෙපද කවිපද කියව යද්දී එක හඬින්
    දැනෙයි හදවත නහර විනිවිද දැවි දැවී යන දුක් බවින්
    තැවෙයි පොකුරක එකට හිදිමින් වෙන්ව යන ඒ මල නමින්
    හොඳයි නවතිමි කුසුමියේ අද මමත් නුඹහට සමු දෙමින්......

    ජයවේවා!!!


    ReplyDelete
  8. වසන්තය අහිමි වූ පියාඹන්නට බැරි කුරුලල්ලන්ද මිහිපිට ඉන්නවා.. වඩා වැදගත් දේ උන්ව තේරුම් ගැනීමයි.. අදහස් දැක්වූ ඔබ සැමට තුති..

    ReplyDelete
  9. මේ ගැන පොඩි පැහැදිලිකිරීමක් කරනවද. පහුගිය දින කීපය තුළ වැඩ වැඩිවීම නිසා මගේ අප්ඩේට්වීම ටිකක් අඩුඋනා.

    ReplyDelete
    Replies
    1. ඇය චායා ද සිල්වා .ෆේස් බුක් මිතුරියක් .. ලියුකේමියා රෝගයෙන් මිය ගියා

      Delete
  10. This comment has been removed by a blog administrator.

    ReplyDelete